Friday, February 7, 2014

රුපියල දෙකට වඩා සැලකිලිමත් විය යුතුයි මාර්ග නීති ගැන ...

නැති වේලාවට බොහෝ දෙනෙක් රුපියලක් දෙකක් අඩුවෙන්ද ගනිති ! ඒ අනුව ඉතිරි රුපියලක් දෙකක් දෙන්නට අතපසු වූවාට ( අදහස් කරන්නේ වංචා කිරීමේ අදහසින් ඕනෑකමින් අමතක කිරීමට උත්සාහ කිරීම නොවේ ) කම් නැත !

ඔවුන්ගේද ජීවනෝපාය ගැනද මදක් හෝ නොසිතා ඉන්නට තරම් අපි අකාරුණික නොවෙමු ! ඒ අනුව අන් මගීන් ගේ කාලයට අසාධාරණයක් නොකරමින් සෙනග වැඩි ප්‍රමාණයක් බ්ස් රථයට නංවා ගැනීමට මදක් උත්සාහ කලාට කම් නැත !

ඇතැම් මගීන් යන්නේම දොරේය, අල්ලා ගත් තැන ගලක් තැබුවා මෙන් සිටිති ! එවිට ඇතිවන මානසික තත්වය අපට තේරුම් ගත හැක ! ඒ අනුව වැඩ කිරීමේදී ඇතිවන පීඩනය නිසාම යම් මට්ටමකින් වේගයෙන් කතා කලාට කම් නැත ...!

එහෙත් ...........

මතක තබා ගත යුතු දෙයක් නම් ...

කවර තත්වයක් යටතේ වුව මාර්ග නීති අකුරටම අනුගමනය කිරිමත් මගීන් නැගීම බැසීම ගැන ඇතුලුව බස් රථයක් තුල මගියෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සියළුම ක්‍රියාමාර්ග ගත යුතු බවයි ...

එසේ නොවන්නේ නම් ඔවුන් සම්බන්ධව තීරණයක් ගැනීමට කඩිනමින් අදාල බලධාරින් දැනුවත් කිරීමට ජනතාව වශයෙන් අප ක්‍රියාත්මක වන්නෙමු...!!! එවිට නීතියෙන් තමන් කල සාවද්ය ක්‍රියාවට ප්‍රතිවිපාක ලැබෙනු ඇත !!!

No comments:

Post a Comment