අපට නියමිතව තිබූ බන්ධනාගාර සංචාරයේ ( Prison Visit ) මීට මාස කිහිපයකට පෙර නිරත වන විටදී දුටු දේවල් තාමත් එලෙසින්ම මතකය !
අපව දුටු විට ඈත සිර මැදිරි වල රදවා සිටින සිරකරුවන් පොරකමින් මහත් වූ විමසිල්ලෙන් බැලූහ ! හූ හඩක්ද ඇසුනු නිසා නියත වශයෙන්ම ඔවුන් අප කෙරේ යම් වෛරයින් පසු වන බව හැගුණි !
අප මේ එලි මහනේ ගත කරන්නාවූ ජීවිතය කොතරම් අගේදැයි සැබැවින්ම මා හට සිතුනේ එදායැයි කීවොත් එක අතකට වැරදි නැත !!! මිහිපිට අපාය නම් සිගමන් යදින මට්ටමේ ජීවිතයද නොව බන්ධනාගාරය බව දුටු දසුන් වලින් හැගුණි !!!
සමාජයේ ඇතැමුන්ගේ භාෂාවෙන් ගත් කල කළු කෝට් කාරයින් වන්නට නියමිත අප වැනි තැනැත්තන් නිසා අපට මෙසේ සිර මැදිරි තුල ගත කරන්නට උනා නොවේද යැයි අනන්තවත් වාර ගණනක් සිර මැදිරි වල රදවා සිටින ඔවුන්ට සිතෙනවා ඇත !
එය එසේ වුවත් එයට අපට කරන්නට දෙයක් නැත ! අහක සිටින අප එයට පලි නැත ! නීතිය ක්‍රියාත්මක කරන්නාවූ නිළධාර්න් පළි නැත ! නීතිය සම්මත කරන්නාවූ ජනතා නියෝජිතයින් පලි නැත, ඒ නීතිය භාවිතා කොට නඩු තීන්දු දෙන ගරු විනිසුරුතුමාලා පලි නැත !
සමාජයේ යම් යොමු කිරීමක් තිබුණා විය හැකිය එහෙත් ඔවුන්ට එම ඉරණම අත්වූයේ ඔවුන්ගේ වරදිනි... ඔවුන් වැරදි නොකලා නම් එවැනි තත්වය උරුම නොවන්නට තිබුණු බව සිතන්නට තිබුණි ! පෙර කර්මයද එකතු වන්නට ඇත ! ඒ අනුව බුද්ධිමත්ව සිතා වරදින් වලකින්නට නොහැකිවූවා විය හැකිය ! ඒ අනුව තමාටම මිස අන් අයෙක්ට වරද පටවා අත සෝදා ගැනීමට හිතන තරම් ලෙසි නැත !
මාගේ මතකය නිවැරදි නම් සමාජයෙන් සදහටම බැහැර කරන්නට නියමිත තැනැත්තන්ට දිනකට හිරු එලිය දකින්නට ලැබෙන්නේ පැය බාහයක් පමණි, එසේම තවත් කරුණු කියාගෙන ගියා මතකය ! ( එය ඇසූ කල නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම පිණිස දණ්ඩනයේ වැදගත් කම අවධාරණය කරනාවූ අයෙකු වන මා හටද ඒ උදවිය පව් යන හැගීම ඇතිවුනි ! කෙසේ නමුත් අපගේ සිතේ ඔවුන් සම්බන්ධව එවැනි හැගිමක් ඇතිවීමට පවා ඔවුන් ඉඩ නොදෙති !!! එහි අවාසියද ඔවුන්ටමය ) ඒ අනුව ඔවුන් තුල අප වැන්නවුන් සම්බන්ධව කොතරම් වූ වෛරයක් තිබෙන්නට ඇතිදැයි ඒ වෛරය සමග දිගටම ජීවත් වනවා නොවේදැයි මා අදටත් කල්පනා කරන දෙයකි ! මරා දමන්නට හැකි නම් එයද අනිවාර්යෙන් කරනු ඇත ... මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාට අවාසනාවන්ත ලෙස එවන් ඉරණමක් අත්වූයේ ඒ නිසාම විය යුතුය !
ඒ අනුව එවන් සිරකරුවෙකු යලි සමාජ ගත වුවතොත් සමාජයට ඔහු හෝ ඇය තුල වූ වෛරය නියත වශයෙන්ම වඩාත් ප්‍රභල ලෙසින් මුදා හරිනු ඇත... ඒ තුල සමාජය පෙරට වඩා බොහෝ දෙනෙකු අගතියට පත්වනු නියතය ! එය වලකා ලීමේ අරමුණ පෙරදැරිව හා දරුණු මට්ටමේ අපරාධයක් කලහොත් ප්‍රතිඵලය මෙය යැයි සමාජයට මනා ලෙස අවබෝධ කරගනු පිණිස බැහැර කල යුත්තා සමාජයේ සදහටම බැහැර කිරීම වැදගත් ය ! එනම් මිනිසුන් කරන්නාවූ අපරාධ සැලකූ විට දරුණු අපරාධකරුවන් වත් යළි සමාජයට එක්වී සමාජය අනතුරුදායක තත්වයට පත්වීම වැලැක්වීම වෙනුවෙන් එනම් සමාජයේ යහපත උදෙසාම සමාජයෙන් බැහැර කිරීම අවශ්‍යය යන ආකල්පයද අත හැර නොදැමිය හැකි තරමට සමීප කරගන්නට සිදුවී ඇත ! ඒ අනුව වැඩි දෙනෙකුගේ යහපත පිණිස එය කල යුතුම වේ !
එසේ වුවත් එවන් අවස්ථා හැර දණ්ඩනය තුලින් ලබාදෙන පුනරුත්තාපනය හරහා හැකිතාක් වරදකරුවන් නිවැරදි මගට ගැනීමට උත්සාහ කල යුතුය යන ආකල්පය කෙතරම් දරුණු පුද්ගල ක්‍රියාකාරිත්වයක් නිසා වුව නැති කරගත යුතුද නැත, එය දිනෙන් දින වඩාත් ශක්තිමත් කරගත යුතු එකකි ! සමබරතාවක් කොතැනත් අවශ්‍යයි !!!
සියළු වැරදි වලට හේතුව සමාජය යැයි කියා අත සෝදා ගන්නට කිසිවකුට නොහැකිය ! සමාජය තුල තනි තනි පුද්ගලයා කරන්නේ කවරාකාර වරදක්ද එයට සමානුපාතිකව දඩුවම් ලැබීම අවශ්‍යයි ! කිව යුත්තේ එයයි, ඒ මිස දණ්ඩනය ලැබ බිත්ති හතරට සිරවී සිටින සිරකරුවන්ගේ හා දණ්ඩනය ලබන්නට නියමිත වැරදි කලා යැයි චෝදනා ලබන්නවුන්ගේ සිත් වල අන් අය ගැන ඇතිවන මට්ටමේ කලකිරීම මුසු වෛරී අදහසක් නම් අප තුල නැති බව කිව යුතුය !!!
ඇත්තේ නීතිය ඒ අයුරින් ක්‍රියාත්මක වි නීතියේ ආධිපත්‍ය සුරැකුණු සමාජයක් තුල නිදහසින් යුතුව අන්‍යෝන්‍ය අයිතිවාසිකම් ගරු කරමින් සිය යුතුකම් ඉටු කරන්නාවූ බන්ධනාගාරයකට නම් කිසියම් වූ තැනැත්තෙකු හෝ නොයන්නාවූ පුරවැසියන්ගෙන් යුතු යුක්තිගරුක සමාජයක් නිර්මාණය වනු දැකීමේ බලවත් වූ හා නොනවතින ආශාව පමණි !!!

No comments:
Post a Comment