Friday, February 7, 2014

බීමත්ව රිය පදවනවාද ????

වලක්වා ගැනීම ප්‍රතිකාර කිරීමට වඩා හොද බව කතාවටත් කියයි !!! මාර්ග අනතුරු වලින් වටිනා ජීවිත අහිමි වීම අවම කිරීමට කඩිනම් වැඩ පිළිවෙලක් අවශ්යය !!! ඒ වෙනුවෙන් නීතියට දැනට වඩා දායක විය හැකිය ! දායක වීම අවශ්යය !!! යම් සිදුවීමක් සිදුවුනු පසුව කොතරම් දුක් වුවද ඵලක් නැත !!!

මාර්ග අනතුරු වලට ප්‍රධාන හේතුවක් නම් මාර්ග නීති අනුගමනය නොකරමින් රිය ධාවන කිරීමයි ! ( රිය යන්නට පා පැදියේ සිට මාර්ගයක ධාවනය කල හැකි ඕනෑම වාහනයක් ඇතුලත් බව සැලකිය යුතුය ) ධාවනය කරන්නාවූ රිය ධාවනයට සුදුසු තත්වයේ තිබිය යුතුය ! එසේම රිය ධාවනය කරන්නාවූ තැනැත්තා එයට සුදුසු කායික හා මානසික නිරවුල්භාවයෙන් සිටිය යුතුය ! බීමත්ව රිය පැදවීම යනු එසේ කරන්නාටත් අන් අයටත් ශරීර පාඩු සිදුව මරණයද අත් විය හැකි අනතුරකට බදුන් විය හැකි ක්‍රියාවකි !!! ඒ බව නොදැන සිටීමට බීමත් තත්වයට පත්වන්නවුන් තොත්ත බබුන් නොවේ !

ඒ අනුව එවැනි ක්‍රියා සිදු කරන්නාවුන්ට සමාවක් දිය යුතු නැත ... ) ඒ අනුව රියදුරු බලපත්‍රය අහිමි වන තැනින් ඔබ්බට ගොස් ඔවුන්ව සමාජයෙන් සදහටම බැහැර කල යුතු තැනට පැමිණීම වැදගත්ය... මන්ද ඔවුන් සොරෙන් නැවත වාහනයක සුක්කානම ඇල්ලිය හැකි නිසාය. නැවත එවැනි අනතුරු කල හැකි නිසාය !!!

බීමත්ව සිට කල ක්‍රියාවේ ප්‍රතිඵලය ඉතා කුඩා එකක් වුවත් එහි ඇති සමාජමය බලපෑම සලකා අවම වශයෙන් වසර 20 ක් කාලයකට හෝ පුද්ගලයෙකු සමාන්ය සමාජයෙන් බැහැර කර තැබීම වැදගත්ය !!! බීමත්ව සිට කල ක්‍රියාවේ ප්‍රතිඵලයෙ බරපතල භාවය අනුව පුද්ගලයෙකු සමාජයෙන් සදහටම බැහැර කිරීම වැදගත්ය !!! ඒ එසේ කරන්නාවූ එක් ක්‍රමයක් වන සමාවක් නොලැබෙන ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීම හෝ පුද්ගලයෙකු සමාජයෙන් සදහටම බැහැර කිරීමේ දෙවන ක්‍රමය වන මරණීය දණ්ඩනය ලබාදීම මගිනි !!! එසේ කලාට කම් නැත ! ඒ සමාජයේ ආරක්ෂාව තහවුරු කරගැනීමේ සත්භාවයෙන් යුතුව සමාජයේ අන් තැනැත්තන්ට ආදර්ශයක්ද සපයන අරමුණිනි...!

No comments:

Post a Comment