Friday, February 14, 2014

බලය අධික ලෙස විමධ්‍යගත කිරීමකින් විසදා ගැනීමට බලාපොරොත්තුවන්නේ කුමක්ද?

රජයේ බලය පළාත් මටමින් විමධ්‍යගත කිරීමක් ගැන සාකච්ඡාවන් නැවත කරළියට පැමිණ ඇත. දෙමළ දේශපාලකයින් යැයි කියා ගන්නාවූ කිහිපදෙනෙකු විසින් ඒ පිළිබදව අධික ලෙස උනන්දුව ඇත ! එහෙත් බෙදුම්වාදී ත්‍රස්තවාදයට පිළියමක් ලෙස යම් ස්වයං පාලන අයිතින් හිමිවන ලෙස පළාත් මටමින් රජයේ බලය විමධ්‍යගත කිරීමක් රැගෙන ආ 1987 අවධියේදී විසදාගැනීමට නොහැකි වූ යුධමය වශයෙන් පරාජය කිරීමකින්ම කෙලවර කිරීමට සිදුවූ බෙදුම්වාදී ත්‍රස්තවාදය හෝ අද වන විට නැති අවධියකදී බලය අධික ලෙස විමධ්‍යගත කිරීමක් ඔස්සේ විසදාගැනීමට ඉතිරී වී ඇති ගැටලුවක්ද නැත.

ඉල්ලීම් ඕනෑම කෙනෙකුට ඕනෑම අයුරකින් ඉල්ලා සිටිය හැක, එහෙත් එසේ ඉල්ලූ ඉල්ලීම් ලබාදිය හැකි ප්‍රායෝගික හැකියාවද, විශේෂයෙන් සුදුසු නුසුදුසු භාවයන්ද එහිදී දැඩිව සැලකීමට ලක් කල යුතුව තිබේ ! එය කල හැක්කේ ඉල්ලීම් ඉල්ලන දෙමල ජාතික සංධානයේ පාර්ශවයට නොව ඒ පිළිබදව විමසා බලා කටයුතු කරන පාර්ශවය වන රජයේ පාර්ශවයටය ! බලයක් ලබා ගැනීමෙ අපේක්ෂාවෙන් බලය විමධ්‍යගත කිරීමේ දේශපාලන විසදුමක් ඉල්ලා සිටින්නේද දෙමල ජාතික සංධානයේ පාර්ශවය පමණි ! ඒ අනුව අවශ්‍යතාවය ඇත්තේ ඔවුන්ට නම් ඔවුන් එයට ප්‍රමුඛතාවය ගත යුතු වේ... එහෙත් එවැන්නක් සිදුවී නොමැත ! එහෙත් නොයෙක් හේතු පවසමින් දෙමළ ජාතික සංධානය එය මග හරිමින් සිටින බව පෙනේ !

එසේම දෙමළ දේශපාලකයින් සැබැවින්ම නිරූපණය කරන්නේ දෙමළ ජනතාවමදැයි පැහැදිලි නැත, මන්ද එසේ ඉල්ලීම් කිරීම් දෙමළ දේශපාලකයින් කීපදෙනෙක්ට සීමා වී ඇති නිසාමය ! එහෙත් ඔවුන් නියෝජනය කරන්නේ දෙමළ ජනතාවය යන පදනමේ සිට රජය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනමතය විමසා බලා ක්‍රියා කිරීමක් වන පාර්ලිමේන්තුවට ප්‍රමුඛතාවය දෙමින් සාකච්ඡා කිරීමට ඉදිරිපත්ව තිබේ... එම ප්‍රගතිශීලී පියවර දෙමළ ජාතික සංධානය විසින් ගෞරවාන්විතව පිළිගත යුතුව තිබේ ! එසේ සිදුවී ඇති බවක්ද පෙනෙන්නට නැත !

සිංහල දෙමළ මුස්ලිම් යනාදි සියලුම ජනයාගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බලය දරමින් ආණ්ඩු කිරීමේදී සමස්ථ රට පැත්තෙන් සිතා බලා තීන්දු තීරණ ගත යුතුව තිබේ. හුදෙක් යම් පක්ෂයක් කරන්නාවූ ඉල්ලීම් නිසා ඔවුන් සතුටු කිරීම කල නොහැකි බවද දෙමළ ජාතික සංධානය විශේෂයෙන් තේරුම් ගත යුතුව තිබේ ! ඒ මත පිහිටා රජයේ ස්ථාවරයන්ට ගරු කරමින් සාකච්ඡා කරන්නෙ නම් එසේ සාකච්ඡා කල යුතුව තිබේ ! එසේ නොමැතිව විවිධ හේතු මත සාකච්ඡා මග අරිමින් කටයුතු කරන්නේ නම් එක්කෝ ඉන් ඔවුන්ට සැබෑවටම විසදා ගැනීමට ගැටලුවක් නොතිබිය යුතු බව හෝ ඉල්ලීම් තුල ඔවුන්ට ඉෂ්ඨ කරගැනීමට වෙනත් අරමුණක් ඇති බව හෝ ඇරෙන්නට වෙනත් යමක් අර්ථවත් නොවෙනු ඇත !

No comments:

Post a Comment