Friday, February 7, 2014

අදහස් නිදහසේ ... එහෙත් නීතියට අනුව දක්වන්න...

සිතීමේ නිදහස ඇතැයි කියමින් එය භාවිතා කරමින් ඕනෑම දෙයක් සිතා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබේ යැයි කියමින් සිතෙන සිතෙන පරිද්දෙන් අදහස් ලිවීමට හා එක් රැස් වී ඔබ කැමති වුවද අයුතු ලෙස සමාගමයේ නිදහස භාවිතා කරන්නට ඔබට නීතියෙන් නිදහසක් දී නැති බව හොදින් මතක තබා ගත යුතුය !

ඔබගේ අදහස් පල කිරීම හා සමාගමයේ නිදහස යන්න ආණ්ඩුක්‍රම විව්ස්ථාවේ දැක්වෙන වාර්ගික හා ආගමික සහයෝගිතාවය ආරක්ෂා කිරීම හා ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම පිණිස නීතියෙන් නියම කල හැකි සීමාවලට යටත්ව භාවිතා කල යුතුය ! එසේම අදහස් පලකීරිමේ නිදහස යන්න පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාවලටද යටත්ව භාවිතා කල යුතුය !

මේවා පිළිබදව නොදැන සිටීම සමාවට කරුණක්ද නොවේ ! ඔබ මෙරටේ පුරවැසියෙකු නම් කොතරම් වැඩ අතරේ වුවද රටේ බලපවත්නා නීතිය පිළිබදව සොයා බලා දැන කියාගෙන තිබිය යුතුය ! එය ප්‍රමාණවත් වන්නේ නැත, ඒ අනුව ක්‍රියාත්මකද විය යුතුය !

මෙයටම ගත හැකි ඉතාම වැදගත් කාරණයක් සම්බන්ධයෙන් වර්තමානයේ අවධානය යොමු කල යුතුය, එනම් අදහස් පලකිරීමේදී "මානව හිමිකම්' කඩ නොවීමට වගබලාගැනීම වේ !

රටක් සම්බන්ධව සැලකූ විටදී මෙය වඩාත් අදාල වන්නේ ජන සංයුතියෙන් සුළුතරයක් වන ජනතාවක් වේ නම් ඔවුන් සම්බන්ධයෙනි ! එහි වරදක් නැත ! මන්ද සුළුතරයක අයිතිවාසිකම් අභියෝගයට ලක්විය හැක්කේ බහුතරයකගේ ක්‍රියාකාරකම් වලින් නිසා යන්න සාමාන්‍යයෙන් විය හැකි ප්‍රායෝගික යථාර්තය නිසාය, එහෙත් ඇතැම් විය එහි විලෝමයද විය හැක ! කෙසේ වූවද කිසියම් අවස්ථාවකදී වරදක් වී ඇත්නම් එයට පිළියම් සෙවීමේදී බුද්ධියට නිසි තැන දි ප්‍රශ්නය තවත් වණ කරනොගනිමින් විසදා ගැනීමට රටක පාලකයන් මෙන්ම පාලිතයින්ද අවධානය යොමු කල යුතුය !

හුදෙක් ආවේගය ඉදිරියට දමාගෙන අදහස් පල කරමින් වගකීම් විරහිත ලෙසින් බුද්ධිය පසෙකට ලා කටයුතු කරයි නම් තුවාලයකට නියමිත ප්‍රතිකාර කිරිම අතපසු කරමින් එය අසල කැසීමේදී තාවකාලික වින්දනයක් ලැබෙන්නක් මෙන් තාවකාලික සහනයක් මිස ස්ථිරසාර සහනයක් ලබාගැනීමට හැකි නොවෙනු ඇත !

No comments:

Post a Comment