Friday, February 7, 2014

නීතිය හා පුද්ගල අයිතීන් ආරක්ෂාව...

වරදට දඩුවම් තිබිය යුතුය... එහෙත් වරදට ලබාදෙන්නාවූ දඩුවම තුලින්ද ලොවම උත්සාහ කරමින් සිටින්නේ පුද්ගලයින්ව උපරිම උත්සාහ කොට පුනරුත්තාපනය කොට යලි සමාජගත කිරීම වෙතය ! ඒ තරමටම මානව අයිතිවාසිකම් ගැන අවධානය යොමු කර තිබේන අවධියක අප ජීවත් වේ ! ඒ අතරතුරේදී මරණීය දණ්ඩනයද එහෙමත් අවස්ථාවක ක්‍රියාත්මක කිරීම බැහැර කොට නැත්තේ එය මගින්ද මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පුනරුත්තාපනයට සමගාමීව යමින් දායක වෙන නිසාය ! එහෙත් ගෙල සිද මරා දැමීම, ගල් ගසා මරා දැමීම වැනි පහත් මෙන්ම කෲර මට්ටමේ දඩුවම මූලික හරය කරගෙන ආගම නීතිය ලෙසට නීතිය ආගම ලෙසට බද්ධව ක්‍රියාත්මක වන්නේ නම් එවැනි අවස්ථාවකදී වරදකට ඒ ආකාරයේ දඩුවමම මිස සමාවක් ලබාගැනීමට බලාපොරොත්තුවක් තබා ගැනීම අසීරුය !

රටක රාජ්‍ය නායකයාට කිසියම් පුද්ගලයෙකු අධිකරණයෙන් වරදකරු කල පසුව සමාව දීමේ බලයක් ලබාදී ඇත ! එය ශ්‍රී ල0කාව සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයා සතුව තනි අභිමතයක් සේ ඇතත් සවුදි අරාබිය සම්බන්ධව එසේ නොවෙන බව පෙනී යයි ! ශ්‍රී ල0කාවේ සිට සවුදි අරාබිය වෙත ගිය රිසානා නාෆික් දැරිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වීමට හේතුව එය බව හදුනා ගත හැකිව තිබේ ! මරණීය දණ්ඩනයට ලක් කරනු ලැබූ අයෙකුට සමාව දෙන්නට සවුදි රජතුමාට හැකිවන්නේ අගතියට පත් පාර්ශවයේ භාරකරුවන්ගෙන් සමාව ලැබෙන්නේ නම් පමණක් බව දැන ගන්නට තිබේ ! එලෙස සමාව නොලැබීමෙන් එකී අධිකරණ තීන්දුව එලෙසින්ම ක්‍රියාත්මකව තිබේ... අහෝ... නීතිය වුවද එය කෙතරම් අගතියක් ඇති කරවන්නක්ද???? නීතිය වුවද එය අන්තගාමී වීමක් නොවේද...??? එවැන්නකින් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් නීතියෙන් ආරක්ෂා වන්නේ කෙසේද??? සිතා ගන්නට නොහැක !

රට පාලනය කරන්නාවූ රාජ්‍ය නායකයාට රටේ අධිකරණය විසින් රට වැසියෙකුට මරණීය දණ්ඩනය නියම කල පසුව ඔහු වෙනුවෙන් සමාව දීමකට මැදිහත් වීමට ඍජු අවකාශ නැතිව එකී බලය හානියට පත් පාර්ශවය නොයෝජනය කරන්නාවූ පාර්ශවයේ කැමැත්ත මත තීරණය වන තැන තිබේ ! ඔවුන් කිසිදාක තමන්ගේ පාර්ශවයට වූ අගතිය නිසා එයට වගකිව යුතු තැනැත්තාට සමාව ලබාදෙනු ඇතිද...??? 99.9% ක්ම විශ්වාශයෙන් කිව හැක්කේ නැත යන්නය ! ඒ අනුව සමාව යන්න හුදු වචනයකටම සීමා වූ ප්‍රායෝගික යථාර්තයක් කල නොහැකි දෙයක් යැයි කීමේ වරදක් නැත ! (සමාව දෙනු ඇත්තේ එහෙමත් අයෙකි ! එහි ඇති නීති පද්ධතිය අනුව කාලයක් තිස්සේ පාලනය වන්නාවූ මිනිසුන් තුලින් එවැනි ධනාත්මක ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීම අසීරුය ) එනම් මෙය, ශරීරය වසා ගන්නටම සුදු ඇදුම් ඇද සිටියද සමස්ථයක් ලෙස පොදු සෑම මිනිස් සිතක් තුලම අඩු වැඩි වශයෙන් ඇති නීතියේම බන්ධනාගාර කිරීම මගින් දණ්ඩනය ලබාදීමේ එක් අරමුණක් බව කියවෙන විපාක හේතුවයි, නො එසේ නම් අන් කිසිවක් නොව තමාට කල අසාධාරණයට එරෙහිව නීතියට අනුව ක්‍රියාත්මක කල පිරිපහදුවට ලක් කල පළිගැනීමයි ! එය යම් ප්‍රමාණයකට මිනිස් සිත තුල තිබීම අපේක්ෂා කල හැකිය සාධාරණය ! එහෙත් එය අන්තගාමී වන්නේ නම් අහෝ එය කෙතරම් ඛේදනීය ජනක වනු ඇතිද...???? ස0වරණය හා තූලනය පවත්වා ගැනීමද නිරූපණය කරමින් අධිකරණය විසින් සෑම විටම නිවැරදිම තීණ්දු ලබාදීමක් නොවිය හැකි නිසාත්, සුවිශේෂී හා ආන්ඳෝලනාත්මක අවස්ථා වලදී සමාවක් දීමටද, තැනැත්තෙකුට සාධාරණත්වය මත පදනම්ව සමාවක් දීමට එවැනි හැකියාවක් රාජ්‍ය නායකයා සතුව ඇතත් එය ක්‍රියාත්මක කරගත නොහැකි නම් ඉන් ඔබ්බට කවරක් නම් කතා කරන්නද????

1989 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද්දාවූ එක්සත් ජාතීන් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සකසා ඇත්තේ ලොව පුරාම රටවල් වල ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීතිය බලාත්මක කිරීමටය ! 2004 දී රිසානා නාෆික් දැරිය විදේශ ගත වන විට ඇයගේ සැබෑ වයස 17 ක්ව තිබුණු බව කියවේ ! ඇය විසින් සැබැවින්ම වරදක් කලද 2005 දී එක්සත් ජාතීන් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව ඇය වරද කරන අවස්ථාවේදී වයස 18 ට අඩු නම් එයට ගරු කරන්නාවූ රටක් වශයෙන් නම් මරණීය දණ්ඩනයට ලක් කිරීමට අවකාශද නොමැත !

රටක ස්වාධීපත්‍යයට අපි ගරු කරන්නෙමු ! එහෙත් ඒ බලය තුලින් නිමවෙන නීති පද්ධතිය පිළිබදව ගරු කිරීමක් තිබීම තීරණය වන්නේ නීතියේ ක්‍රියාකාරිත්වය අනුවය ! පසුගියදා සවුදි අරාබියේදී රිසානා නාෆික් නම් දැරිය ගෙල සිද මරණීය දණ්ඩනයට ලක් කිරීම පිණිස ඇයට තිබූනාවූ බව කියවෙන චෝදනාව නම් මාස හතරක පමණ දරුවෙකුට කිරී පෙවීමේදී මරාදැමුවා යන්නය ! අප එය විශවාස නොකරන්නෙමු ! අත්වැරදීමකින් එසේ වූවා විය හැක ! එහෙත් එය එසේම බව ඔප්පු වී ඔවුන්ගේ නීතියේ හැටියට කිසියම් වූ වරදකට මරණීය දණ්ඩනය එලෙසින් ක්‍රියාත්මක කල යුතු යැයි තිබේ නම් එය ඔවුන්ගේ නීතිය යැයි තර්ක කල හැක ! එහෙත් මෙකී කාරණයේදී සදාචාරය පැත්තෙන් අපට නම් පිළිගැනීමට හැකි තීන්දුවක් නොවේ !

මන්ද නීතියේම කියවෙන පරිද්දෙන් එය කෲර හා අමානුෂිකව අන්තගාමීව යමින් එය පිළිගැනීම හෘදය සාක්ෂියට ඉදුරාම පටහැනි වන අවස්ථාවක තිබේ නම් එහිදී සදාචාරය මගින් නීතිය පිළිපැදීම අභිබවා යයි, එවැනි අවස්ථාව නීතිය පිළිනොපැද සිටිය යුතු බවත් සදාචාරය අනුව ක්‍රියාත්මක විය යුතු බවත් නීතියේම උගන්වයි ! එනම් මෙයින් පෙනෙන්නේ පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය බාහිරව පාලනය කරන්නාවූ නීතිය කෙතරම් සාධාරණත්වය මත පදනම් විය යුතුද යන්නයි !!! මේ මූලධර්මයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් නොමැති වුවහොත් නීතියෙන් පුද්ගල අයිතීන් ආරක්ෂාවීමක් සිදු නොවෙනු ඇත ! රිසානා නාෆික් නම් දැරියගේ මරණයෙන් පෙන්නුම් කරන්නේ එය හැර අන් කවරක්ද...???

No comments:

Post a Comment