Friday, February 7, 2014

සමාජයෙන් බැහැර කිරීම...

සමාජයේ ජීවත් වන්නාවූ අන් පුද්ගලයින්ගේ යහපත උදෙසාම නීතියට අනුව සාධාරණ පදනමක සිට බැලීමේදී නැවත සමාජ ගත කිරීමට නුසුදුසු තරම්ම භයානක වීම මත සමාජයෙන් කිසිවෙකු සදහටම බැහැර කීරිම කිරීම වඩා සුදුසුයැයි නීතියට අනුව තීන්දු වී ඒ අනුව මරණීය දණ්ඩනය නියම වීම වේ, එය එසේ විය යුතුය ! මරණීය දණ්ඩනය අධිකරණයෙන් නියම කිරීම ප්‍රමාණවත් නැත ! එය ප්‍රායෝගික කල යුතුය ! එයද ප්‍රමාණවත් නැත ! එනම් කාලීන අවශ්යතාවය මත මරණීය දණ්ඩනය ලබාදෙන්නාවූ අපරාධ සීමාවන්ද පුළුල් කල යුතුය ! ඒ අන් කිසිවක් නිසා නොව ජීවත්ව සිටින්නාවූ අපගේම යහපත පිණිසය ! එය බුද්ධිමත්ව අවබෝධ කරගත යුතු කාරණයයි ! ඒ අනුව වර්තමානයට අදාලව කොල්ලකෑම, බීමත්ව රිය පැදවීම, හා ස්ත්‍රී දූශ්ණය ඇතුලු ඒ හා බැදුනු වෙනත් අපරාධයන් ආවරණය කරනු පිණිස අනුමැතියකින් තොරව "තැනැත්තන් විසින් කාමය ස0සිදුවා ගැනීමට උත්සාහ කිරීම" බදු වරදක් හරහා එකී දණ්ඩනය ප්‍රායෝගික වීම අවශ්යය !

වේවල් පහර 400 ක් තැලීමේ දණ්ඩනය, කස පහර 500 ක් තැලීමේ දණ්ඩනය, අත් කැපීම පා කැපීමේ දණ්ඩනය, කන් කැපීමේ දණ්ඩනය, නාසය කැපීමේ දණ්ඩනය, ඉස් කබල උගුලුවා කාඩි දිය දැමීමේ දණ්ඩනය, බල්ලන් ලවා කැවීමේ දණ්ඩනය, රත් කල තෙල් ඉසීමේ දණ්ඩනය, කඩුවෙන් හිස සිදීමේ දණ්ඩනය, යටි පලු ඉරා ලුණු දැමීමෙ දණ්ඩනය වැනි දණ්ඩනයන් වරදකරුවන් සදහ්හා එකල පරමාධිපත්ය දැරූ රජ විසින් දඩුවම් ලෙස පෙර රජ දවස ක්‍රියාත්මක කල ඒවාය ! මානව හිමිකම් ප්‍රකාශන වල වර්ධනයත් සමග අද එවැනි තත්වයේ දෑ සමාජය විසින් කෲර අමානුෂික දණ්ඩනයන් සේ බැහැර කර තිබේ ! (එහෙත් මුස්ලිම් රටවල ඉහත කී ඇතැම් දණ්ඩනයන් අදටද ක්‍රියාත්මකය ) එහෙත් දණ්ඩනය යන්න කිසිසේත් බැහැර කල හැක්කක් නොවේ ! එය එකලටද අදටද සමාජයේ යහ පැවැත්ම රදවා ගැනීම පිණිස අත්යාවශ්යය ! මරණීද දණ්ඩනයද එසේමය ! වෙනස වී ඇත්තේ එකී දණ්ඩනයෙන් බලාපොරොත්තු වන්නාවූ කාරණය නම් සමාජයේ යහ පැවැත්ම තියා ගැනීම යන්න නොව දණ්ඩනයන් ලබා දෙන්නාවූ ආකාරයේය !

ආගමකින් හෝන් වෙනත් ලබ්ධියක්, විශ්වාශයක් අනුව හික්මීමක් ලබා පාලනය නොවන්නාවූ තැනැත්තන් නිසා අන් අය මානසිකව හෝ ශාරීරිකව සි0සාවන්ට පාත්‍ර විය යුතු නැත ! ධර්මය උදේ හවා අසන්නට තිබේ, එකී මාවතේ යන්නෙකුට ඒ සදහා උපරිම ලෙස අවකාශ ඇත ! එහෙත් මෙලොවක් පරලොවක් ගැන කිසිදු විශ්වාශයක් හෝ නොමැතිවා සාවද්ය චේතනා හා සාවද්ය මනස් පෙරදැරි කොට ධර්මය අත හැර ක්‍රියාත්මක වන්න්නන් නීතිය තුලින් විශේෂයෙන් පාලනය කරන්නට සිදුව තිබේ ! ඒ එවැන්නවුන්ගෙන් අන් අය ආරක්ෂා කරගැනීම පිණිසය !

අද දකින්නට ඇති බොහෝ අපරාධයන්ට ප්‍රධාන හේතුවක් ලෙස දණ්ඩනය ප්‍රායෝගික වීමේ දුර්වලතා හේතුවන බව අවබෝධ කරගැනීමට හැකිය.. දණ්ඩනය වඩාත් සාකච්ඡාවට බදුන්ව ඇත්තේද එය ලබාදීම කඩිනම් කල යුත්තේද එබැවිණි !

එහෙත් එසේ තිබියදී ධර්මය හා මානව අයිතිවාසිකම් ඇතුළු නොයෙක් තර්ක ගෙන මරණීය දණ්ඩනයට තමන් විරුද්ධ යැයි සමාජය ඉදිරියේ කියා සිටින්නාවූ කිසියම් වූ අයෙකුට තමා වෙනුවෙන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරන්නට සිදුවෙන අවස්ථාවක් නිරීක්ෂණය කරන්නට හැකි වුවහොත් එවිට එවැන්නෙකුගෙන් දිස් විය හැකි වන තමන්ගේ ක්‍රියාකාරිත්වයෙත් තමන් සමාජය ඉදිරියේ පෙන්වා සිටීමට උත්සාහ කරන්නාවූ මතය වන්නාවූ මරණීද දණ්ඩනයෙන් තොරව අපරාධ පාලනය කල හැකි බවට වන අවිහි0සාවාදී තත්වයේත් කොතරම් අපගමනයක් ඇති දැයි අපට ප්‍රායෝගිකව මෙන්ම පැහැදිලිව අවබෝධ කරගන්නට හැකි වනු ඇත ! මන්ද කිසිවෙකුට දඩුවමක් ලෙස ඔහුව මරණයට පත් කිරීම හෙවත් මරණීය දණ්ඩනය පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ විශේෂයෙන් සදහන් කලද නොකලද මනසින් උසස් වුවද මිනිස් සත්වයාටද එය පොදු කාරණයක් වන නිසාය !

No comments:

Post a Comment