Friday, February 14, 2014

අන්සතු වස්තුවක් ගැනීම සොරකමට හසු නොවෙන අවස්ථාවක්...

ප්‍රායෝගික ජීවිතයට වැදගත් විය හැකි මාතෘකාවක් ඔස්සේ කරුණු සාකච්ඡා කීරීමට තවත් එක් අවස්ථාවකි මේ... කිසිවෙකුගේ ස්වාමීත්වයෙහි නොව මහ පාරේ වැටී තිබියදි මුද්දක් ඔබට හමුවුවහොත් ඔබ එය අහුලා ගත්තොත් එම ක්‍රියාව නිසා ඔබ සොරකමට හසුවේද...? නැද්ද...?

සොරාගැනීමේ චේතනාව තිබ්බ පලියටම සොරකම සම්පූර්ණ වෙන්න ඕන කරන කාරණා සියල්ල සම්පූර්ණ වෙන්නේ නැ, සොරාගැනීමේ චේතනාව කාරනා එකක් පමණයි... මුද්ද කාගේ හරි ස්වාමීත්වයෙන් යුතු එකක් උනත් ඒ කාගෙද කියලා හරියටම දන්නෙ නෑ, එහෙම බෑ හරියටම දැනන් ඉන්න ඕන අහවලාගෙමයි කියලා, අනික් අතට එයාගේ කැමැත්ත නොවිමසා ගැනීම කියන එක සම්පූර්ණ වෙන්නේ නෑ ස්වාමීත්වය ගැන හරියට දන්නේ නැති නිසා, බුදු දහම පැත්තෙන් නම් වරදක් කලා වෙනවා චේතනාව කර්මය වේ කියන එක අනුව... ඒත් නීතියට අනුව සාවද්‍ය චේතනාවක් හා සාවද්‍ය ක්‍රියාවක් තිබ්බ පමණින්ම වරද සම්පූර්ණ වෙන්න ඕනයි කියමින් දක්වන අදාල කරුණු සියල්ල තෘප්ත නොකිරීම හේතුවෙන් නීතිය පැත්තෙන් වරද සම්පූර්ණ වෙන්නෙ නෑ, එ අනුව සොරකම කියන වරදට වැරදිකාරයෙක් කියලා ගන්න බෑ...

හැබයි ඒ අතින් නොවුනට වෙනත් අතකින් නීතිය පැත්තෙන් වරදක් වෙන තැනට යන්න පුළුවන්... ඒ කෙනෙක්ට අයිති දේපලක් සාවද්‍ය පරිහරණය කිරීම පැත්තෙන් වරදක් විදියට ගන්න පුළුවන්... එතනදිත් ඒ මුද්ද අයිතිකරු සොයා දීමේ අරමුණින් අරගෙන තියාගෙන සාධාරන උපක්‍රම යොදමින් අයිතිකරුව හොයන්න මහන්සි නොවී, හෝ පස්සෙ අයිතිකරුව දැනගෙන නොදී ඉදිමින්ම මට ලැබුන එකනෙ කාට්වත් දෙන්නෙ මොටද එයාට පෙනි පෙනි ගත්තා හො එයාගෙන් වැටෙනවා බලන් ඉදලා පස්සෙ ඇහිදගත්ත නොවෙයිනේ කියලා තමන්ගෙ පරිහරණයටම ගන්නවා නම් දේපලක් සාවද්‍ය පරිහරණය කිරීමට භාවිතා කිරීම කියන වරදට හසු වෙනවා... හැබයි එ මුද්ද පාවිච්චි කරලා එහෙමම ආයෙම එතනින් ගෙනල්ල තිබ්බොත් ඒ මොහොතෙ ඉදන් දේපලක් සාවද්‍ය පරිහරණය කිරීම කියන වරද කරලා තිබ්බනම් ඒක අවසන් වෙනවා...

මුද්දක් වගෙ දෙයක්නෙ කවුද ඕවගෙ එකක් වෙනුවෙන් සටන් කරන්නෙ කියලා හිතුනට හැබෑ අයිතිකාරය මැදිහත් වෙලා ඒ ගැන හොයන්න අරන් ඒ නිසා කෙනෙක් දේපලක් සාවද්‍ය පරිහරණය කිරීම කියන වරදට හසු වෙන්න පුළුවන් සොරකමට හසු නොවුනත්... සොරකම් නොකලත් සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට ඇතුලත් විය හැකි බඩු ලග තබා ගැනීම වරදක්... සාවද්‍ය පරිහරණය කිරීමට හෝ හොරකමින් ලබා ගත් එහෙම දෙයක් බව නොදැන/නොකිය තියෙද්දි කෙනෙක් විසින් තව කෙනෙක් දුන්න දෙයක් ලග තබා ගැනීම සොර බඩු ලග තබා ගැනීමට හසු වෙන්නේ නෑ ඒ දෙ සොර බඩුවක් උනත්...

කතාවක් තියෙනවා වඩාත් පරිස්සන් වෙන්න ඕන ඈත ඉන්න සතුරට වඩ ලග ඉන්න මිතුරගෙන් කියලත්... කෝකටත් හොදයි කෙනෙක් දෙයක් තියාගන්න කියලා දුන්නොත් ඒ දේ ගන්න කලින් ඒ ගැන විස්තර ටිකක් අහන එක... විශේෂයෙන් තමන් නොදන්න කෙනෙක් දෙයක් තියා ගන්න කියලා දුන්නොත් ඒවා බාර නොගෙන ඉන්න එක තවත් හොදයි විශේෂයෙන් මුද්දක් වගෙ පොඩි දෙයක් උනත්...

No comments:

Post a Comment