Friday, February 7, 2014

මේ ස්ටිකරය වැදගත් ...

ඔබට මේ ස්ටිකරය මතකද ...? මේ ස්ටිකරය දැන් දකින්නට නැති තරම්ය ... මේත් සමග තිබූ ගමන් වාරයට ගත කල යුතු කාලය දැක්වෙන ස්ටිකරයද දකින්නට නැති තරම්ය !

එසේ වන්නේ ඇයි ...?

තමුන් නීතියට අනුව කටයුතු කරන්නේ ඒ බව පළමුව තමන්ට ප්‍රතියක්ෂ නම් මහජනතාවටද ඒ බව අවබෝධ වන්නට ඉඩ හැරීමට කිසිදු බාධාවක් නැත !!! මේ ස්ටිකරයට ඔතරම් බය වන්නේ නම් ඒ තමුන් නීතියට අනුව කටයුතු කරනා බවට පළමුව තමුන්ට විශ්වාසයක් නැතිවීමත් ජනතාවට ඒ බව අවබෝධ වුන පසුව ඒ බව අදාල ආයතනය වෙත දැන්වීම වැලැක්වීම පිණිසත්ය !!!

එහෙත් බස් රථ එලවන ඩ්‍රයිවර මහතුන් හා කොන්දොස්තර මහතුන් දැන ගත යුත්තේ තමන් ගේ බස් රථයේ ඇති අලවා තිබූ මෙම ස්ටිකරය ගලවා දැම්මද අන්තර්ජාලය තුලින් අවශ්ය ඕනෑම කාරණයක් හොයා ගත හැකිව තිබෙන අද කාලයේ තමුන්ගේ විෂම ක්‍රියකාරිත්වයක් වේ නම් එය දන්වා තමුන් වැන්නවුන්ට නීතියෙන් පාඩමක් උගන්වන්නට ජනතාවට හැකියාව පෙරටත් වඩා ඇති බවය !!!

එවැනි අවස්ථා වැඩි වැඩියෙන් දැන් දැන් අසන්නට ලැබෙන බව පෙනේ !!! ඒ අනුව ස්ටිකරය නැතිවූවා කියා තමන්ගේ ලකුණු කැපීයෑම අවම නොවෙන බව බස් රථ එලවන ඩ්‍රයිවර මහතුන් හා කොන්දොස්තර මහතුන් පොදුවේ සිතේ තබා ගෙන නීතියට අනුවම කටයුතු කිරීමට සිතාගත යුතුව ඇත !!!

No comments:

Post a Comment