Saturday, February 8, 2014

අධිකරණ වලින් පුද්ගලයින්ව බන්ධනාගාර ගත කිරීමට හේතු

අධිකරණ වලින් පුද්ගලයින්ව බන්ධනාගාර ගත කිරීමට හේතු වශයෙන් කාරණා කීපයක් ගත හැකිය. මෙහිදී සලකන්නේ අධිකරණයෙන් වරදකරු කර බන්ධනාගාර ගත කිරිමය !

(1) අපරාධකරුවන් නැවත වැරදි කිරීමෙන් වැලැක්වීමට අධිකරණ වලින් පුද්ගලයින්ව බන්ධනාගාර ගත කරයි. එහිදී අපරාධකරුවන් තමන් කල වරද ගැන බන්ධනගාරය තුලදී පසුතැවීමෙන් නැවත එවැනි වැරදි නොකිරීමට සිතා බලා යහපත් තත්වයට පත්වෙනු ඇතැයි විශ්වාස කෙරේ ... එහෙත් විටෙක යථාර්ථය ඉන් බොහෝ දුරස් විය හැක. එසේ වන්නේ බන්ධනාගාරය තුලදී යම් අපරාධකරුවෙකු විවිධ මට්ටමේ වැරදි කල තවත් අපරාධකරුවන් සමග එක්ව හැසිරීමට ලක් විය හැකි නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පෙර සිටියාටත් වඩා දරුණු ගණයේ අපරාධකරුවෙකු විය හැකි නිසාය. යම් හෙයකින් ඔවුන් රගපෑමක් කර යහපත් ලෙසින් සිට/බන්ධනාගාරගත කල අදාල කාලය අවසන්ව නිදහස් වූ විට පෙරට වඩා දරුණු ලෙස අපරාධ ක්‍රියාවල නිරත වියහැකිවනවා සේම පෙරදී මෙන් ඔවුන් පහසුවෙන් නීතියේ රැහැනට අල්ලාගැනීමටද අසීරූ වනු ඇත !!!

(2) වෙනත් අය වැරදි කිරීමෙන් වැලැක්වීමට අධිකරණ වලින් පුද්ගලයින්ව බන්ධනාගාර ගත කරයි. මෙහිදී කිසිවෙකු විසින් කරන ලද වරදකට බන්ධනාගාර ගත වීම ඇතුලුව වෙනත් දඩුවම් දකින සමාජයේ අනිකුත් පුරවැසියන් එවැනි වැරදි කලහොත් බන්ධනගාර ගත වීම ඇතුලු වෙනත් දඩුවම් ලැබීමට තමන්ටද සිදුවේ යැයි පුද්ගලයින් නුවණින් යුතුව කල් ඇතුව සිතා බලා බන්ධනාගාර ගත වීමට බියක් නිසා චේතනාවක් පහල වුවද අපරාධ කිරීමෙන් වැලකී සිටී යන්න විශ්වාශ කෙරේ, එහෙත් මෙහිදීද යථාර්ථය ඉන් දුරස් විය හැක. මන්ද අපරාධකරුවන් වන බොහෝ දෙනා ඔවුන්ගේ සමාජ වටපිටාව, ආර්ථික තත්වය අධ්යාපනය අනුව එසේ නුවණින් යුතුව සිතීමට නොහැකි ඒ මොහොතේ හැගීම් මත ක්ෂ්ණිකව ක්‍රියාත්මක වන තැනැත්තන් වීමය !!!

(3) සමාජ ආරක්ෂාව ලබාගැනීම වෙනුවෙන් අධිකරණ වලින් පුද්ගලයින්ව බන්ධනාගාර ගත කරයි ! යම් සැකකරුවෙකුට චෝදනා ගොනු කොට සාක්ෂි උපකාරයෙන් යථා පරිදී නඩු විභාග කොට අධිකරණයක් මගින් වරදකරුවෙකු කොට බන්ධනාගාර ගත කල විට එකී තැනැත්තා කල වරද ගැන පසු තැවීමකින් යුතුව යහපත් තත්වයකට පත් වීමට නොසිතූ අයෙකු වුවද, වැරදි කල විට බන්ධනාගර ගත වන්නට සිදුවේ යැයි කලින් සිතා බලා කටයුතු නොකල තැනැත්තෙකු වුවද බන්ධනාගාරය තුල සිටින තාක් කල් හෝ [ඇතැමුන් කිසි කලෙක නැවත සමාජ ගත නොවෙනු ඇත] ඔහුගෙන් සමාජයේ අනිකුත් පුරවැසියන් ආරක්ෂාව සිටී යන්න විශවාස කෙරේ !!!

(4) කල වරදට අදාල තැනැත්තාට දඩුවම් ලබාදීමක් ලෙසින් අධිකරණ වලින් පුද්ගලයින්ව බන්ධනාගාර ගත කරයි. අපරාධ කිරීම සමාජය විසින් හෙලාදකීන බවත් අපරාධ නොඉවසන බවත් පෙන්නු කරමින් එවැනි තැනැත්තන් වෙත බලව්ත් වූ විරෝධය පලකිරීමට මෙසේ සිදු කරනු ලබයි ! මෙමගින් අපරාධ වින්දිතයාගෙ පාර්ශවය වෙත ඇතිවෙන මානසික සිත් තැවුල නිසා එම තැනැත්තා විසින්ම හෝ/ඔහු වෙනුවෙන් වෙනත් තැනැත්තන් නීතිය අතට ගෙන අනුචිත ක්‍රම වලට වරද කරුවන්ට දඩුවම් ලබාදීමට යොමු වීම වැලකීමට [ප්‍රායෝගිකව ගත් කල අවම වීම යන්න වඩා නිවැරදි යැයි කීමේ වරදක් තිබිය නොහැක] හේතුවක් වේ !!!

(5) වරදකරුව යථා පරිදි පුනරුත්තාපනය කිරීම යන්න අධිකරණ වලින් පුද්ගලයින්ව බන්ධනාගාර ගතකිරීමේ වඩාත් පුළුල් පිලිගැනීමක් ඇති හේතුව ලෙස මෙය හදුනා ගත හැකිය ! එහිදී මානසික උපදේශනය, අධ්යාපනික වෘත්තීය පුහුණුව ලබාදීම, ආගමික කටයුතු වල නිරත විමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම වැනි කටයුතු මගින් ඔවුන්ගේ මනස වඩාත් යහපත් තත්වයකට යොමු කිරීමට උත්සාහ කිරීම ඉලක්ක ගහ කර තිබේ !!

No comments:

Post a Comment