Friday, February 7, 2014

හැගීම් පාලනයට වැදගත් වෙන නීතියේ දායකත්වය...

ලෝභ, ද්වේශය, මෝහය ආදී කෙලෙස් ඇති හිත් වල හැගීම් ඇතිවීම ස්වභාවිකය ! එහෙත් මිනිසා තිරිසන් සත්වයාගෙන් වෙන් කරන්නට පුළුවන් කාරණයක් ලෙස හැගීම් පාලනය සැලකේ ! හැගීම් පාලනය කරගැනීමට නොහැකිව මත්ද්‍රවය වැනි දේයින්ද මානසික මට්ටම තවත් පහලට වැටීම අතවර වලට ප්‍රධාන හේතුවක් වේ ! ඒ එක පැත්තකි ... ඒ අනුව ඇදුමින් ස්වායත්තව තමා විසින්ම හැගීම් පාලනය නොකරගැනීමට පුරුෂයා වග කිව යුතුය යන්න පවසන්නේ නම් එකට එකගය !

එහෙත් එය පමණක්ම නොව තවත් පැත්තක් තිබේ ! අනිත් කාරණය ගත්කල, තමන්ට කැමති ඇදුමක් ඇදගෙන යන්නට හැකිය යන කතාවත් බැලු බැල්මට සාධාරණය... හිත් වල ඇති හැගීම් පාලනය කරගන්නට පුළුවන් බව ඇත්තය, තිරිසන් සත්වයාගෙන් වෙන් වී පෙනීම නම් බුද්ධියක් තිබෙන හොද නරක වැටහෙන මිනිසා එලෙස සිය හැගීම් පාලනය කිරීමය එයද ඇත්තය ! නමුත් එහිදී කවර අයුරින් ඇය හැසිරුනද ඇයව සම්පූර්ණයෙන්ම නීර්දෝෂ කරන තැනට ඒම ප්‍රායෝගික නැත !

මිනිසා සිය රාගාදී හැගීම් පාලනය කල යුතු බව සැබෑය, එසේ වූවාට එකී කාරණය සෑම කෙනාහටම එකම ආකරයෙන් කරන්නට බැරි වෙන්න්ට පුළුවන, ඒ අනුව ගත් කල සාමාන්ය ඇදුමක් ඇදලා යන අවස්ථාවේ හැගීම් පාලනය කරගන්නට පුළුවන් කෙනෙක් ඇය කුමන ස්වරූපයෙන් ගමන් ගත්තද හැගී පාලනය කරගන්නට හැකි වන්නට පුළුවන ! එසේම එසේ නොවන්නටද පුළුවන් අමතක නොක අයුතුය ! එවැනි අවස්ථාවක් නම් වව්ඩා හොදින් හැද්න්විය හැක්කේ ඉල්ලාගෙන කෑමක් ලෙසටය ! හුදෙක් පුරුශ පාර්ශවයටම චෝදනා කරමින් කාන්තාව එහෙමම නිර්දෝෂී තැනට ඇද දැමීමත්, කාන්තාවන්ම චෝදනා කරමින් පුරුශ පාර්ශවය නිදහස් වීමත් යන අන්ත දෙකම ප්‍රායෝගික නැත !

තනි අතකින් අත්පුඩි ගසන්නට බෑ කියනවා වගේම හොදම මෙන්ම ප්‍රායෝගික විය යුත්තේ පුරුෂයන්ගේ පැත්තෙන් ගත්කල තමන්ගේ හැගීම් උපරිමයෙන් පාලනය කරගැනීමට හැකියාව වර්ධනය කරගැනීමත්, කාන්තාවන්ගේ පැත්තෙන් ගත්කල ඇදුමක් අදින්නට තිබෙන නිදහස යන්න භාවිතා කිරීමේදී හැගීම් පාලනය කිරීම ඉහල හැකියාවෙන් යුතු එකම මට්ටමේ මිනිසුන් නොවන බවද සිතේ තබා ගනිමින් පුරුශයන්ව අනවද්ය මට්ටමේ ආකාරයේ ආකර්ෂණයක් ඇති කරන්නාවූ මට්ටමට නොයමින් කටයුතු කිරීමය ! ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි කාර්යයන්ය !

එවැනි තත්වයකදිත් මානසිකව හැගීම් පාලනයක් කරගන්නට නොහැකිව උදාහරණයක් ලෙසට තමන්ගේ වයසේ සොහොයුරියක් වගේ සිටින්නාවූ හොදන් ඇදුම් ඇදගත් තරුණියකගෙන්, තමාගේ පාසැල් යන වයසේ අක්කෙක් න0ගියෙක් මෙන් සිටින්නාවූ හෝ තම දියණියක බදු සුදු ඇදුමින් සැරසුන පාසැල් ශිෂ්‍යාවකගෙන්, තමන්ගේ අම්මාගේ වයසේ වගේ කාන්තාවකගෙන්, තම අත්තම්මාගේ වයසේ සිටින්නාවූ අත්තම්මා කෙනෙක්ගෙන් සිය කාමය ස0සිදවා ගන්නට කටයුතු කරන්නාවූ පුරුශ පාර්ශවයක් සිටී නම් එවැනි තැනැත්තන් භයානකම වේ ! මොකද ඔවුන්ගේ ආශාවන් වල පදනමේ කිසිම සාධාරණත්වයක් නැති බැවිනි ! සමාජයට වඩාත් බලපෑමක් එල්ලවන්නාවු එවැනි තැනැත්තන්ගේ ක්‍රියාකාරකම් පාලනයට නීතියේ දායකත්වය වඩ වඩාත් ලැබිය යුතුය !

No comments:

Post a Comment