Friday, February 7, 2014

රිය පදවන, රියක ගමන් කරන ඔබ මේවාද සිතන්න ...

කහ ඉරෙන් පාර මාරුවීමට පිරිසක් රැස්ව සිටියදී පොලිස් කාන්තාව බස් රථයේ රියදුරුට නවතින ලෙස අතින් සංඥා කිරීමෙදී එය කමකට නොගෙන බස් රථය ඉදිරියට ඇදුනි !!! ගත වූයේ සුළු මොහොතකි ! මෝටර් බයිසිකලයකින් පැමිණි පොළිස් නිළධාරියෙකු සිය බයිසිකලය බස් රථය ඉදිරියෙන් නවතා බස් රථයේ රියදුරාට බිමට බැස තමන් අසලට එන ලෙස අතින් සංඥා කරනු දක්නට ලැබුණි !!!

නැවතීමට යැයි පොලිස් නිලධාරියෙකුගෙන් සංඥාවක් ලැබුණු කල එයට අනුකූලව ක්‍රියා කල යුතුය ! මන්ද පොලිස් අණ යනු එම අවස්ථාවේ නීතිය වන නිසා එයට අනුකූලව කටයුතු කිරීමට ජනතාව වශයෙන් අප බැදී සිටින නිසාය ! එය කඩ කිරීම යනු එම අවස්ථාවට අදාලව නීතිය කඩ කිරීමකි ! පොලිස් අණ හමුවේ පලා යෑම යනු එය එවැන්නෙනු වෙනත් වරදක් හෝ වරදවල් කීපයක් කර පලා යන්නෙකු බව පූර්ව නිගමනය කරගැනීමට පොලීසියට ඉඩ සැලසීමක් වෙයි !

ඇතැම් බස් රථ රියදුරන් නිසා සිදුවන මාර්ග අනතුරු සම්බන්ධව වාර්තා වෙ. ඒ ඔවැනි නීතිය ගරු නොකරනාවූ තැනැත්තන් නිසා යන්න පැහැදිලි කාරණයකි ! එබැවින් එවැන්නවුන්ට නීතියෙන් දඩුවම් කල යුතුය ! වාහනයක් මාර්ග නීති හා ඒ හා බැදුනු තිබිය හැකි අනිකුත් නීතී වලට අනුව ධවනය නොකරයි නම් ඉන් ගම්ය වන්නේ එකී රියදුරා මාර්ගයේ වාහන ධාවනයට සුදුසු නොවන්නෙකු බවයි ! ඒ අනුව එකී උපරිම තත්වය තමන් විසින් එක් වරම හෝ ක්‍රමානුකූලව ඔහු විසින්ම නීතිය ඉදිරියේ පිළිගැනීමට ලක් කරන අවස්ථා සටහන් කරගැනීම වැදගත්ය !!!

ඒ අනුව ඔවුන්ට දඩුවම් කිරීමටද අවශ්යය !!! පොලීසිය හැරුණු කල ජනතාව වශයෙන් අප බස් රථ රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ ක්‍රිරාකාර්ත්වයක නුසුදුසුභාවය හදුනා ගැනීමේ ලා පෙරමුණේ සිටින අය වේ ! ඒ අනුව මාර්ග නීති කඩ කිරීමක් වේ නම් එම අවස්ථා අදාල බලධාර්න්ගේ අවධානයට යොමු කරමින් අපගේ ආරක්ෂාව සහතික කරගැනීම පිණිස කටයුතු කිරිමද අවශ්යය !!!

ඔබ නීතිය හදාරන අයෙකු වූවද නොවූවද බස් රථයක පැමිණෙන විටදී එය මාර්ග නීති උල්ලංඝණය කරමින් නොසැලකිලිමත් හෝ අපරික්ෂාකාරි ලෙස මාර්ගයේ ධාවනය කරමින් තිබේ නම් හෝ වෙනත් කිසියම් වූ හෝ නීති විරෝධී ක්‍රියාකාරකමක නිරත වේ නම් ඒ පිළිබදව බලධාරින් දැනුවත් කිරීමේ යුතුකමින් බැදී සිටින බව අමතක නොකල යුතු කාරණයකි ! ඔබ නීතිය හදාරන අයෙකු නම් එම බැදීම තවත් වැඩි එකකි !

අදාල අවස්ථාවේ සිදුවූ සිදුවීම, මාර්ග අංකය, වේලාව, බස් රථයේ අංකය, ලබාදුන් ටිකට පතක් වේ නම් එයද ඇතුලත්ව සිදුවීම දුරකථන මාර්ගයෙන් හෝ ලිවීම මගින් දැනුම් දිම කල හැකිය !

No comments:

Post a Comment