Saturday, February 8, 2014

ආදරය සුන්දර වරදක් වූ පමනින් එයට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද???

ආදරය සුන්දර වරදක් යැයි ගීතයකින්ද කියවේ, ආදරය කල සිතකින් ජීවිත සුනු විසුනු කල හැකිද...? ආදරයේ ප්‍රතිඵලය එය නම් ආදරය යනු ත්‍රස්තවාදයක් විය යුතුය, නැත ඇතැම් මානසික ව්‍යාධි සහිත තැනැත්තන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා සුන්දර වූ ආදරය පිලිබදව අසුන්දර චිත්‍රයක් මවා ගත යුතු නැත, මන්ද අසුන්දර චිත්‍රයක් මැවෙන්නේ මානසික ව්‍යාධි සහිත වූ ඉතාම සුළු පිරිසක් නිසාය. තමාට අහිමි ආදරයේ වේදනාවක් දරාගැනීමට පුද්ගලයෙකුට ශක්තියක් නැත්නම් එවැන්නෙකුට ජීවිතයට මුහුණ දීමට අසමත් බියගුල්ලෙකු ලෙස හැදින්වීමේ වරදක් නොමැත.

දැන දැන වරදක් කොට එය සාධරනීකරණය කිරිමට කොතෙකුත් කරුණු පැවසුවද ඵලක් නැත. ගැටලු ඇත්නම් ඒවා නිරාකරණය කරගැනීම සදහා නිසි පරිදී සම්මත වූ ක්‍රමයක් ඇති බැවින් එය අනුගමනය කල හැක, වරදක් කලේ නම් ඊට නීතිය ඔස්සෙ දඩුවම් ලබාදීමේ හැකියාව ඇත, විවාහයක් නම් දික්කසාදයකින් කෙලවර කරගන්නාවූ තැනට යෑමට හැකියාව තිබෙන අතර විවාහ පොරොන්දු කඩ කිරිමක් වූයේ නම් එයට වන්දි ලබාගැනීමේ හැකියාවද තිබේ ! එසේ තිබියදී විශේෂයෙන් ආදරය සම්බන්ධ කාරණා වලදී පුද්ගලයින් සාහසික වී ක්‍රියාත්මක වීමෙ අවශ්‍යතාවයක් පැන නොනගී. ආදරයක් තිබුනේ යැයි පවසමින් ඒ නිසාම වෙඩි තැබුවා යැයි පැවසීමට තරම් විකෘත වූ මනසක් ඇති එවැනි මානසික ව්‍යාධි සහිත තැනැත්තන්ගේන් සමාජයේ ජීවත් වන්නාවූ අන් අයට හානි සිදුවීමට ඉඩ නොතැබිම පිනිස ඔවුන් කරන්නාවූ ක්‍රියාවේ නීතියට අනුව බරපතල බව සලකා තාවකාලිකව හෝ සදහටම සමාජයෙන් බැහැර කල යුතුව තිබේ !

වාර්තා වන සිදුවීම් අනුව බැලූ කල වැටහෙන්නේ ඇතැම් පාපිෂ්ඨයින් තම ආදරය අහිමි වීමට පිළිතුරු දෙන්නේ ගිනි අවි/පිහිය භාවිතා කොට තමා ආදරය කරනා බව පවසන තරුණිය හෝ ඇයද ඇතුලුව ඇයගේ පවුල පිටින්ම ඝාතනයට ලක් කිරිමට ප්‍රයත්න දැරීමෙන් බවය ! , ඇතැමුන් සිය විවාහයේ මතුවන ප්‍රශ්න වෙනුවෙන්ද පිළිතුරු සොයන්නේ ගිනි අවියෙන් හෝ පිහියෙනි ! මෙවැනි පිරිමින් රටක කුමන තනතුරක් දැරුවද එම තනතුරට අපහාසයක් එක් කිරීමෙන් නොනැවතී සමස්ථ පිරිමි සංහතියටම එක් කරන්නෙ මහත්වූ කැළලකි. කුමන තනතුරු දැරුවද එවන්වූ පාපිෂ්ඨයින් තවත් සිටිය හැකි බැවින් ආදරය කිරීමෙදී ඔබ ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රවේශම් වීම වැදගත්ය, ඔබගේ වටිනා ජීවිතයත්, ඇතැම් විට ඔබ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතද තවත් අයෙකු විසින් ආදරයට මුවාවී බිලිගැනීමට ලක්වීමෙ අවධානම සමීපයේ ඔබ සිටින නිසා ඔබ ඒ පිලිබදව වඩාත් කල්පනාකාරී විය යුතුවේ...

පුරුශයන්ට පමනක් නොව කාන්තාවන්ටද අදාලව ගත් කල ඔබට යම් ප්‍රශ්නයක් යම් හේතුවක් උඩ විශේෂයෙන් ආදරය කිරීමේදී, හෝ පවුල් ජීවිතයෙදී යම් අයෙකු සමග ඇතිවිය හැක. එහෙත් එය ඔබගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතියට [ඔබගේ ජීවිතය, ඔබගේ දේපළ, වෙනත් කෙනෙකුගේ ජීවිතයක්, හෝ වෙනත් කෙනෙකුගේ දේපළක් සම්බන්ධව] තර්ජනයක් නොවෙයි නම් ඔබට යම් පීඩාවක් තිබූ පමණින් හෝ දරාගැනීමේ නොහැකියාව මත විශේෂයෙන් ආදරයෙන් පරාජය වූ විට එයට වගකිව යුතු තැනැත්තාට හානියක් [විශේශයෙන් සාහසික ලෙස ජීවිත හානි කිරීමෙ] කිරීමේ අයිතියක් ඔබට නොමැති බව තරයේ සිතේ තබා ගැනීම වැදගත් වනු ඇත !

No comments:

Post a Comment