Friday, February 7, 2014

වෙන්දේසියේ විකිණීම...

වෙන්දේසියේදී රු 75 /= න් පටන් ගත් මල් වට්ටියක් රුපියල් 2205 /= ට වෙන්දේසියේ විකිණුන බව අසන්නට ලැබුණි !

වෙන්දේසිය ( Auction ) යනු ගිවිසුම් නීතියට ඇතුලත් අර්පණයට කරනු ලබන ආරාධනයයි ( Invitation to Treat ) එහිදී අර්පණය ( Offer ) කරනු ලබන්නේ වෙන්දේසියට සහභාගි වන පාරිභෝගිකයා නොහොත් ලංසු ඉල්ලන්නා ( Bidder ) විසිනි ! එය වෙන්දේසිකරු ( Auctioneer ) විසින් පිළිගැනීමෙන් ( Acceptance ) පසුව ගිවිසුම සම්පූර්ණ වේ ! එනම් ඈවරයි දෑවරයි තුන් ඈවරයි ලෙසින් කියා අවසන් වූ මුදල ගෙවා අදාල භාණ්ඩය මිලදී ගැනීමට බැදීම ඇතිවේ !!!

කෙසේ නමුදු වෙන්දේසිය සම්බන්ධයෙන් දක්වන්නාවූ දැන්වීමේ අඩංගු යම් භාණ්ඩයක් ලංසු ඉල්ලන්නා පැමිණීමට පෙර ඉල්ලා අස් කරගැනීමටද වෙන්දේසිකරුට හැකියාව ඇත...

එය තීන්දු වූයේ 1873 දී තීන්දු කල Harris v Nickerson (1873) නඩු තීන්දුවෙනි !

ගමේ ගොඩේ කරන්නාවූ වෙන්දේස්ය තුල ඇති නීතිමය තත්වය එයයි !

No comments:

Post a Comment