Friday, February 14, 2014

තීරණ ගැනීමෙදි හදවතත් බුද්ධියත් දෙකම ඕනි...

හදවත ඉල්ලන දේ සොයා වෙහෙසෙන්න කලින් බුද්ධිය ඉල්ලන දේ ගැන සැලකිලිමත් වෙන්න කියලායි කතාවට කියන්නේ... ඒ කියන්නේ ප්‍රමුඛස්ථානේ දෙන්න කියන්නේ බුද්ධියට... අන්තගාමී නොවී ඒ අදහස ක්‍රියාවේ යොදවනව නම් ඒක බොහොම වටිනවා කියන අදහසයි ගන්න සුදුසු...

බුද්ධිය ඉල්ලන්නෙත් හදවත ඉල්ලන දේම නම්...? එක අතකට ප්‍රශ්නයක් නෑ, මොකද එතනදි බුද්ධිමත් තීරණයට හදවතත් එකසේ සහභාගි වෙලා හින්ද.. හැබයි බැරි වෙලා හරි බුද්ධිය මොකුත් ඉල්ලනේ නැතුව හදවත විතරක් දෙයක් ඉල්ලනවනම්... ඒ වගේ තීරණයකදි නොමග යන්න උනත් ඉඩ තියෙනවා... එහෙමත් නැත්නම් දෙකම උදාසීන උනොත්...හරිහමන් තීරණයක් කෙලින් ගන්න බැරිව ලතවෙන්න වෙයි කියලා සාධාරනව හිතන්න පුලුවන්...

බුද්ධියෙන් තීරණ ගන්න ඕන වෙලාවට අන්තගාමි වෙලා හදවතිනුත්, හදවතින් හිතන්න ඕන වෙලාවකදි එහෙම නොකරන්නත් සමජෙ සමහරු උනන්දුයි, හෙතුව එක්කෝ පුරුද්දක් විදියට ගැඹුරින් කරුනු කාරනා හිතන්නේ නෑ, එහෙම හිතන්න හිතන්න බැරිකමක් වෙන්නත් පුලුවන්, එහෙම නැත්නම් ඉතින් තමන්ගේ වාසියට ඕනකමින් හිතන්නේ නෑ... එහෙම වෙලාවකදි ලැබෙන ප්‍රතිඵල භයානක වෙන්න උනත් බැරි නෑ.. එහෙම ප්‍රවෘත්ති කියවන්න ලැබිලා තියෙනවා... මිනිස්සු මෙ දේවල් හිතන තැනට ටිකෙන් ටික හෝ එන්න ඕන...

No comments:

Post a Comment