Friday, February 7, 2014

ගුණ නැණ දෙකෙන්ම යුතු පරපුරකුයි ඕනෑ ...

විභාග තිබෙනා කොතැනත් තරගකාරිත්වය ඇත ... මොන විභාග තිබ්බද ඒවා හේතුවක් කරනොගෙන ගුණ ධර්ම වලට නිසි තැන දෙමින් හැදෙන අනාගත පරපුරක් බිහිවීම අවශ්යමය ! නො එසේ නම් රොබෝලා වැනි කරන්නට නියම කරණු ලැබූ ( ප්‍රෝගෑම් කරනු ලැබූ ) දෙයක් පමණක් කරනා මනුශ්ය හැගීම් දැනීම් නො හදුනන පරපුරක් තැනෙනු ඇත ! ඒ විපාක මුලු මහත් සමාජයටම ලැබෙනු ඇත !

විශේෂයෙන් බාල වයස් කාරයින් වෙන ළමයින් හට තමන්ට මනාප මනාප පරිද්දෙන් තීරණ ගන්නට නොහැකිය ! භාරකරුවන් වශයෙන් දෙමාපියන් විසින් ළමයව යහමග යැවීමේ තීරණ වලින් බැදී ළමයා බැදී සිටිය යුතුය ( එය දෙමව්පියන්ගේ පැත්තෙන් නිසියාකාරව සිදු වන්නට නම් දෙමව්පියන්ද එම හැකියාවන්ගෙන් යුක්ත විය යුතුය )

ඒත් සමගම ඒ දේ දෙමාපියන් අතින් සිදු උනත් නැතත් සමාජය තුල පුද්ගලයෙක් වයස් පූර්ණත්වයට එන විට වගකීම් දැරිය හැකි ගුණයෙන් නැණයෙන් දෙකෙන්ම පොහොසත් ළමයෙකු වීම සහතික කීරිම සමාජීය වශයෙන් අවශ්යය ! ඒ වෙනුවෙන් නීතියේ දායකත්වය කාලයට සමගාමිව යමින් අවශ්ය පරිද්දෙන් ලබාගැනීම අනිවාර්යෙන්ම අවශ්ය කාරණයකි !

ඉරිදා දිනය සැලකූ කල්හි දහම් පාසැල් යෑමට ඇති අවශ්යතාවයත්, අමතර පන්තියත් යන දෙකම වැදගත් කාරණා බව සැබෑය, එහෙත් අනිකුත් දිනයන්ද අමතර පන්ති ඇතුළු වෙනත් විෂය කරුණු ඉගෙනීමට ඕනෑතරම් යොදා ගැනීමට බාධාවක් නැත ! ළමයෙකුට දහම් සිසිලද ලැබිය යුතුව තිබේ ! එය දෙමාපියන්ද, දරුවන්ද, එසේම ටියුෂන් ගුරුතුමන්ලාද අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් ඉඩ වෙන් කල යුතු තත්වයකි !

දහම් පාසැල වෙත යන්නට හා ඒ අධයාපන කටයුත්ත වෙනුවෙන් ගත කරන්නට ඇති පැය කීපයද, පොහොය දිනයද ඒ වෙනුවෙන් වෙන් කිරීම අවශ්යතාවය අනිකුත් විෂය කරුණු ඉගෙනීමත් සමග සසදා දහම් අධ්යාපනය කවදා ලබාගන්නට බැරිද වඩා වැදගත් මෙය නොවේද යැයි අර්ථවත් කරමින් ප්‍රමුඛස්ථානය ටියුෂන් පන්තිය වෙත දෙන්නට ඇතැම් දෙමාපියන්, දරුවන් හා ඇතැම් ටියුෂන් ගුරුවරුන්ද මනාප වනවා විය හැක.

නමුත් එමගින් සිදුවන්නේ දැඩි සමාජ පරිහානියකට මගක් නම් / කඩා වැටීමකට මගක් නම් මේ කාරණය සම්බන්ධ ඔවුන්ගේ මතවාදයන් කුමක් වුවත් සමාජීය වශයෙන් එය වැලැක්වීම පිණිස නීතිය සක්‍රියව මැදිහත් වීම අවශ්යය, එහි වටිනාකම මෙයට විරෝධය පල කරන්නාවූ තැනැත්තෙකු / තැනැත්තන් වේ නම් ඔවුන්ට අවබෝධ වෙන දවසක් එනු ඇත !

No comments:

Post a Comment