Friday, February 7, 2014

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය පිළිබදව නීතිවේදී මහාචාර්ය ඒ වී ඩයිසි මහතා මූලධර්මයන් තුනක් සදහන් කර තිබේ !

1. පාර්ලිමේන්තුවට ඕනෑම කාරණයක් සම්බන්ධව නීති සම්පාදනය කල හැක !

2. පාර්ලිමේන්තුව තමන්ගේ පූර්ව පාර්ලිමේන්තුව වලින් හෝ ඉදිරි පාර්ලිමේන්තු වලින් බැදී සිටිමට අවශ්ය නැත !

3. පාර්ලිමේන්තු පනතක වලංගුභාවය අහියෝගයට ලක් කල හැකි ව්‍යුහයක් නැත !!!

පලමුව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ලොවට හදුන්වාදුන් බ්‍රිතාන්‍යය දෙසට හැරුන හොත් එහි ලිඛිත ආණ්ඩුක්‍රම විවස්ථාවකින් හෝ වෙනත් පනත් මගින් විවස්ථා සම්පාදනය පිළිබදව විශේෂ සීමා කිරීම් දක්වා නොමැති බැවින් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඉහත කාරණා අංක 1 පූර්ණ වශයෙන්ම සත්‍ය බැවු කිව හැකිය ! එහෙත් නීතිමය වශයෙන් ස්වාධිපත්‍යයක් (Legal sovereignty) එසේ දැරුවද දේශපාලන ස්ථාවරත්වය (Political sovereignty) අනුව ප්‍රායෝගික වශයෙන් එසේ කිරීමේ සීමා තිබිය හැක ! අංක 2 හිද තත්වයද එසේමය ! බ්‍රිතාන්‍යය බැදී සිටින්නාවූ යුරෝපියානු නීති මූලාශ්‍ර දෙක එනම් (The law of the Europen Community and Europen Union - EC) හා මානව හිමිකම් සම්බන්ධ (European Convention on Human Rights - ECHR) සැලකූ විටදී පෙරදී සම්මත කර ඇති එකී පනත් (ECA - 1972), (HRA - 1998) වත්මන් පාර්ලිමේන්තුවට වෙනස් කල හැකි තැන නීතියට අනුව තිබුණද එය ප්‍රායෝගිකව සිදු නොවෙන තත්වයේ ඇත ! අංක 3 සැලකූ විට පෙරකී අන්තර්ජාතික නීතින් දෙකෙන් දේශීය වශයෙන් විවස්ථාදායකය බැදි සිටීම මත හා විශේෂයෙන් මානව හිමිකම් සම්බන්ධව ඇති පනත වන HRA - 1998 මගින් ඒ සම්බන්ධ අන්තර්ජාතික නීතිය වන ECHR ගේ ප්‍රතිපාදන වලට අනුකූල නොවෙන ලෙස දේසීය නීතියේ වගන්තියක් තිබේ නම් එය අන්තර්ජාතික නීතියට නොගැලපෙන බවට ප්‍රකාශයක් (Declaration of Incompatibility) කිරීමේ හැකියාවද එරට ඉහලම අධිකරණය වන සුප්‍රීම් උසාවිය දරයි ! එහෙත් මෙම අවස්ථාව ලබාදී ඇත්තේද පාර්ලිමේන්තු පනතකිනි ! එසේම ඇතැම් අවස්ථාවලදී එකම කාරණයක් සම්බන්ධව පනත් දෙකක් ඇති කල්හි අළුත් පනත පිළිගැනීම සිදුවන බව අධිකරණය ප්‍රකාශ කිරීම මගින් සැබවින් සිදු නොවෙන මුත් ව්‍යංගයෙන් මුල් පනත අහෝසිවීමක් අදහස් වේ (Implied Repeal). මෙවැනි කාරණා සැලකූ කල්හි යම් ප්‍රායෝගික සීමාවන්ට යටත්ව එහෙත් විශේෂයෙන්ම ලිඛිත ආණ්ඩුක්‍රම විවස්ථාවක් නොමැති තත්වය තුල සියල්ල පාලනය කල හැකි නීති සෑදීමේ හැකියාව බාධාවකින් තොරව පවත්වා ගැනීමේ හැකියාව නීතියට අනුව පවත්වා ගැනීම තුල, අධිකරණ තීන්දු අභිබවා යෑමට ඇති හැකියාව තුල බ්‍රිතාන්‍යය, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රදවා ගෙන තිබේ !

අප ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව ගත් කල පරමාධිපත්‍යය දරන්නාවූ ජනතාවගේ නියෝජිතයින් සිටින්නාවූ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ලිඛිත ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් දැක්වූ සීමාවන් තුල ගරු කොට එය ක්‍රියාත්මක කරවා තිබේ ! පරමාධිපත්‍යය දරන්නාවූ ජනතාවගේ විවස්ථාදායක බලය ජනතාව විසින්ම ජනමතවිචාරණයකදී ජනතාව විසින් ක්‍රියාත්මක වන අතර අන් අවස්ථා වලදී පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක වේ !

අප රට ආණ්ඩුක්‍රම විවස්ථාව සැලකූ විට අපට ඇත්තේද ඒ අනුව ඒ වී ඩයිසි මහතාගේ මූල්ධර්මයන් ත්‍රිත්වය අනුව ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවකි! පාර්ලිමේන්තු පනතක් නීතියෙන් දක්වා ඇති සීමාවන් තුල අර්ථනිරූපණය කරනු හැර කෙටුම්පත් අවස්ථාවේ මිසක නීතියක් ලෙස සම්මත කල පසුව එය පිළිබදව අධිකරණ විමර්ශණ බලය ක්‍රියාත්මක කරවීමට අප රටෙහි ඉහලම අධිකරණය වන්නාවූ ශ්‍රේෂ්ඨාධිකරණයට බලය නැත ! බ්‍රිතාන්‍යයේ මෙන්ම අධිකරණ නියෝග නීති සම්පාදන හැකියාවෙන් අහෝසි කල හැක ! එසේම පාර්ලිමේන්තුව උත්තරීතර නීති සම්පාදකයා හා නීති මූලාශ්‍ර වලද මුල් ස්ථානය දරන්නේ පාර්ලිමේන්තුවය ! ඒ අනුව පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ශ්‍රී ලංකාවේද දක්නට තිබේ !!!

No comments:

Post a Comment