Friday, March 25, 2022

වත්මන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ දැකිය හැකි ඇතැම් පුද්ගල පක්ෂ දේශපාලන ක්‍රියාකාරිත්වය සහ සැබවින්ම මේ මොහොතේ විය යුත්ත...

අපිට එරෙහිව එල්ල වුණු මානව හිමිකම් චෝදනා ඒමම පිළිගන්න මට්ටමේ තැනකට ගියත්,,,

මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන ප්‍රශ්නේ උනත්,,,

පාස්කු ප්‍රහාරය සිද්ධ වුණත්,,,

ඔය කාරණා රටේ ආර්ථිකයට ආරක්ෂාවට අතිශය තීරණාත්මක කාරණා වුණත් එවකට තිබිච්ච ආණ්ඩුව ඉල්ලා අස් වුණේ නෑ.. ජනාධිපති ඉල්ලා අස් වුණේත් නෑ..

එවකට තිබ්බ පාර්ලිමේන්තුව වත්මන් ජනාධිපතිවරයා විසින් විසුරුවා දැම්ම එකත් challenge කරලා තිබුණනෙ.. ඒ කියන්නේ මීට කලින් තිබිච්ච පාර්ලිමේන්තුව උනත් බලය අත අරින්න ලෑස්තියක් තිබුණේ නැහැ.. 

ඔය කියනවා වගේ සිදුවීම් කිසිවක් ජනාධිපති විදිහට ගෝඨාභය රාජපක්ෂ පත්වුණාට පස්සේ සිද්ධ වුණේ නෑ..

සමස්ත ලෝකයේම ආර්ථිකයට බලපෑමක් ඇතිකරන කොරෝනා වසංගත තත්ත්වය නිසාත්, ඒ වගේ ප්‍රශ්නෙකදි රටේ economy එක අද තියෙනවා වගේ down නොවී තියාගන්න මේ වෙනකල් අපේ රටේ හරිහමං වැඩපිළිවෙළක් නොතිබ්බ නිසා ඇතිවෙලා තියෙන ආර්ථික ගැටලු හැරුණාම ඔය උඩින්ම සඳහන් කලා වගේ තීරණාත්මක ගැටළු හෝ ගැටලුවක් මේ කාලේ අපිට ඇති වෙලා තියෙනවද.. නෑ...

නමුත් මේ වෙනකොට සමහර කට්ටිය මාකට් කරන්නේ ආණ්ඩුවට / ජනාධිපතිට අයින් වෙලා යන්න කියලා.. ඒ කියන කට්ටිය කවුද කියලා බැලුවොත් ෆේල් කියලා ජනතාවම ගිය election වලින් කතිරයෙන් එළවලා දාපු කට්ටිය සහ හෝ එයාල වෙනුවෙන් පෙනී ඉන්න අය..

ජනාධිපතිවරයෙක් / පාර්ලිමේන්තුවක් පත්කර ගන්නේ රටේ ජනතාව සහ ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයෝ අතරෙ තියෙන ගිවිසුමක් විදිහට.. ( social contract theory )

අපිට මතකයි පහුගිය රජය කාලේ මාස 60කින් අලුත් රටක් හදනවයි කියන ප්‍රතිපත්තිය තමයි බහුතර ජනතාව අනුමත කලේ.. ඒක කොයි තාක් දුර‍ට සාර්ථක කරගන්න ඒ පාලකයින්ට හම්බ වුණාද නැද්ද කියන එක අනුව තමයි වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වුණු සෞභාග්‍යය දැක්ම වෙනුවෙන් ජනවරමක් ලැබුණේ..

ගිවිසුම් වලට දෙපාර්ශ්වයක් එළඹුණා ට යම් හේතු මත ඒ ගිවිසුමේ කොන්දේසි ඉටු කරන්න බැරි වෙන්න පුළුවන්.. ඒ සම්බන්ධ නඩු ඕනතරම් උසාවියකට ගියොත් බලා ගන්නත් පුළුවන්.. ඒ වගේම තමයි රජය සහ ජනතාව අතර යම් කාල සීමාවකට ඇතිකරගන්න contract එකත්.. නමුත් ඒ හේතු සාධාරණ ඒවා නෙවෙයි නම් අධිකරණය ඒ වගේ අවස්ථාවලදී ගිවිසුමේ කොන්දේසි කඩ කල පාර්ශවයට වගකීම පවරනව වගේ ඒ වගේ ආණ්ඩුවක් ජනවරමට පිටින් කටයුතු කලා කියලා ඊලග ඉලෙක්ෂන් එකේදි වගකීම පවරලා බලයෙන් ඉවත් කරන්න මිනිස්සුන්ට පුළුවන්..

නමුත් සාධාරණ හේතු හෝ හේතුවක් මත නම් යම් ගිවිසුමක කොන්දේසි ඉෂ්ට කරන්න බැරි වුනේ ඒ වගේ වෙලාවලදි අධිකරණය සාධාරණව ඒ ප්‍රශ්නය දිහා බලල වගකීම පවරන්නේ නැතිව සහන කාලයක්/ කොන්දේසි ඉටු කරන්න තවත් අවස්ථාවක් දෙන්න පුළුවන්.. අන්න ඒ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක තියෙන කරුණු ඉෂ්ට කරන්න අපහසු වුණේ සාධාරණ හේතු මත නම් ජනතාව ඒ දිහා බලන්න ඕනේත් එහෙම......

පොලිටික්ස් කරන ඕනම පාටි එකක්‌ මාකටින් කරගැනීම සාමාන්‍ය දෙයක්.. (ඒකෙ වැරැද්දක් කියන්න බෑ හැබැයි කරණ විදිහේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.. ) ඒ වෙනුවෙන් යම් පිරිසකුත් ඒ ඒ පක්ෂ වලට ඉන්නවා.. කොහොම නමුත් සමස්ථයක් විදිහට යම් ආණ්ඩුවකට දුන්නු ජනවරමක් ඉෂ්ට කරලා නැද්ද එහෙනම් ඒ කොයි තාක් දුරට ද එහෙම වෙන්න සාධාරණ හේතු හෝ හේතුවක් තිබුණද කියන එක අවස්ථානුකූලව logically හිතලා මතලා ගන්න ඕන තීරණයක් මිස යම් පක්ෂ කියන කරුණු තම තමන්ගේ වාසියට මාකට් කරන විදිහ දිහා බලල ගන්න ඕන තීරණයක් නෙවෙයි..

( මේක මේ government එක විතරක් නෙමේ මොන government එකක් බලය හිටියත් එහෙමයි විය යුත්තේ )

ණය බර, සංචාරක කර්මාන්තය ඇද වැටීම, ආර්ථික වර්ධන වේගය පහළ වැටී තිබීම, රටේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු එක්ක ජනාධිපති ඇතුළු මේ ආණ්ඩුවට පහුගිය ආණ්ඩුවෙන් බාර දීපු රට තිබුණේ කොයි තැනද කියන එක මතක් කර ගත්තම අද වෙද්දි ඇතිවෙලා තියෙන යම් අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒකට 100% වග කියන්න ඕනෙ මේ ආණ්ඩුව විතරයි කියලා කෙනෙක් හිතනවා නම් ඒක සිගිති ආතල් ගැනීමක් මිස කරුණු කාරණා මුල මැද අග ගලපලා තර්කානුකූලව හිතලා ගත්ත තීරණයක් කියන්ඩ පැහැදිලිවම බෑ..

නරක වුනත් මේ වෙනකොට හොදින් establish වෙලා තියෙන සිස්ටම් එකක change එකක් කරනවා කියන්නේ step-by-step කරගෙන යන්න ඕන එකක් මිසක් එක රැයින් කරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි..

එතනදි මිනිස්සු සමහර අය විශේෂයෙන්ම පොලිටික්ස් වලට අදාළව හිතන විදිහ, positive උනේ නැත්නම් system change එකකට හරියට foundation එකවත් දාගන්න බැරි වෙනවා..

225 ට බැන්නට පාරක යන එන එකේ ඉදන් අපේ අයගේ අඩුපාඩු අනන්තයි අප්‍රමාණයි..  මිනිස්සුන්ගේ හැටියට තමයි නියෝජිතයෝ පත්වෙන්නේත්.....

යම් දීර්ඝ කාලයකට ගහපු ගිවිසුමක් යම් පාර්ශවයක් කැඩුවා ඒ නිසා ඒක අයින් කරන්ඩ ඕනේ නව ගිවිසුමක් ගහන්ඩ ඕනේ කියලා ඒක ගිවිසුම ගහලා අවුරුද්දකින් දෙකකින් වුණත් කෙනෙකුට කියන්න පුළුවන්.. නමුත් කියපු පමණින් ඒක එහෙමමයි කියලා පිලි ගන්ඩ බෑ.. 

ආණ්ඩුවක් ජනවරම කැඩුවා කියන්ඩ පුළුවන් සාධාරණ හේතුමත සාධාරණ කාලයක් ගත උනාට පස්සෙ නන්.. නමුත් අවුරුදු පහකට දුන්නු ජනවරමේ බාගයක්වත් ගෙවිලා නැතුව තියෙද්දි වත්මන් රජය සම්බන්ධව ඇතැම් පාර්ශ්ව මතුකරන විරෝධතා සම්බන්ධව කියන්න පුළුවන් වෙන්නෙත් ඒ වගේ දෙයක් තමයි.. ඒ අනුව තවම මේ ආණ්ඩුව ෆේල් කියන්න සාධාරණ පදනමක් පෙන්න නෑ ආර්ථික ප්‍රශ්නයක් තිබ්බ පමණින්ම........

◾️අබලන්ව භාවිතයෙන් ඉවත් කරලා තිබුණ බස්රථ දෙසීයක් ප්‍රතිසංස්කරණය කරලා ධාවනයට එක් කිරීමක් ගැන වාර්තා වෙලා තිබුණා..

◾️මාර්ග සංවර්ධන කටයුතු කෙරීගෙන යනවා..

◾️ ඉදිවෙමින් යන නව සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ගැන වාර්තා වෙලා තිබ්බා..

◾️ දේශීය ටින් මාළු නිෂ්පාදනය ගැන වාර්තා වෙලා තිබුණා..

◾️ පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් බිලියන 850 ක ආදායමක් ලැබුණ බව වාර්තා වෙලා තිබුණා..

◾️ වී අලෙවි මණ්ඩලය අනුරාධපුරයේ මධ්‍යස්ථාන විසිනවයක් හරහා මෙට්‍රික් ටොන් 4000 ට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන තිබුන කියල වාර්තා වෙලා තිබුණා..

◾️ ඉදිවෙමින් පවතින කිරි කර්මාන්ත ශාලා හයක් ගැන වාර්තා වෙලා තිබුණා..

◾️ එන්නත්කරණය සාර්ථකව ම කරල තිබුන..

◾️ කාබනික පෝර ව්යාපෘතිය ටිකෙන් ටික හෝ ඉදිරියට යන බව පේන්න තියෙනවා..

ප්‍රශ්න මැද මේ වගේ progress එකක් රටේ තියනවා..

හරි අපි නිකමට කියමුකෝ ඕවා මොනවා උනත් බලේ ඉන්න මේ ඉන්න කට්ටිය ඉතිරි කාලෙදී ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු ඉෂ්ට කරන එකක් නෑ කියල එහෙමනම් replacement එකක් ඕනේ/විකල්පයක් ඕනේ කියන කට්ටිය ඒ වෙනුවෙන් විකල්පයක් යෝජනා කරන්න බාදාවක් නෑ..

(ඒ වගේ දෙයක් කලින් තිබ්බ යහපාලන ආණ්ඩුව කාලයේ පොහොට්ටුවෙන් කලා.. )

ඒ අනුව විකල්පයක් ඕනේ විකල්ප ප්‍රතිපත්ති ප්‍රකාශයකුත් එක්ක.. විශේෂයෙන්ම දැන් තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන විදිහ ගැන කෙටිකාලීන වගේම දිගුකාලීන වැඩපිළිවෙළ මොකක්ද කියන එක සඳහන් කරන්න ඕනේ..

ඒ වගේම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා කෙටි කාලීනව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න පුළුවන් තමන්ගේ යෝජනාවලිය මේ ආණ්ඩුවට ඉදිරිපත් කරල ප්‍රතික්ෂේප කරා කියන එකත් පෙන්නලා දෙන්ඩ පුළුවන් නම් වඩාත් හොඳයි අපෙන් බලය ඉල්ලන්න කලින්..

එහෙම උනොත් අපිට legitimate expectations එකක් එනවා ඔය අය කියන එක තමයි මේ වෙලාවේ හැටියට වඩාත් විශ්වාසය තියන්න පුළුවන් දේ කියලා..

හරියට 2019 election කාලෙ වෙද්දි ස ගැන විශ්වාසේ තිබ්බ වගේම.. අනික් අය විපක්ෂ නායක තුමා ගැන, එහෙම නැත්තං අනුර කුමාර මැතිතුමා ගැන විශ්වාසේ තිබ්බේ වගේම...

එහෙම නැතුව මේ අවුරුදු පහකට දීපු ජනවරමේ අවුරුදු තුනක් වත් යන්න කලින් ඊළඟ ඉලෙක්ෂන් එකට මාර්කටින් පටන් අරගෙන ස ෆේල් කිව්වට, gotagohome කිව්වට, අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්නම් කියලා කිව්වට අපි ඒවා පිළිගන්න ඕනද නෑ..

කවුද විකල්පය.... මොනවද ප්‍රතිපත්ති.. විශේෂයෙන් 69 ලක්ෂයක් අනුමත කරපු ප්‍රතිපත්ති වලට වඩා අනිවාර්යෙන්ම හොද වෙන්න එපැයි... නැත්නම් වැඩක් නෑ... මොකද එහෙම වුනොත් විකල්පය අවුල් වෙනවා වත්මන් පාලනේටත් වඩා.....

නමුත් විශේෂයෙන්ම අද වෙනකොට ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුද තත්ත්වය පක්ෂ විපක්ෂ හැමෝම එකතුවෙලා විසඳ ගන්නවා වෙනුවට ඒක තමන්ගේ වාසියට හරෝගෙන එක 7 කරලා සමහරු මාකට්න් කරනව කියන එක දන්න අය දන්නවා.. තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් ගන්නත් පුළුවන්...ඔතනදි සමහරු අහවලා හොරු හොරු කියනවා.. ඕකත් මාකටින් එකක් විතරක් වෙන්නේ කට කියවනවා විතරයි කාටත් ඔප්පු කරගන්න බෑ..

ඒ ගැන අපි අදහස් කිව්වම / අපේ විශ්වාසය හැටියට පාඩුවේ පෝස්ට් එකක් ශෙයා කරහම, ෆොටෝ එකක් ශෙයා කරහම සමහර කට්ටිය පැනගෙන ඇවිල්ල ලේබල් එහෙමත් අලවල යනවා/කිසිම logical බවක් නැති මට්ටමේ මුල මැද අග ගැලපීමක් නැතුවම දැනමුතුකම් දෙනවා. ඒ මොකද ඒ.. ඒක තමයි එයාලගේ ප්ලෑන් එක. යටින් තියෙන්නේ ඒක...

හැබයි උඩින් පෙන්නන්න හදන්නේ එයාලා තරම් මේ වෙද්දි මිනිස්සු ගැන හිතන මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න වෙන කිසිම කෙනෙක් නෑ කියලා.. ඉතින් ඇත්ත තත්වය පැත්තකට කරල වුණත් ඒ වගේ අය දාන මාකටින් පෝස්ට් වලට මේ දවස් වල like comment shares එහෙමත් ටිකක් වැටෙනවා වැඩියි විශේෂයෙන්ම මොකද මිනිස්සු මේ වෙලාවේ ඉන්න pressure එකත් එක්ක..

තැටිය රත් උනාමනෙ රොටිය පුච්චන්න පුළුවන්... මේ වෙලාවේ තියෙන ඇත්ත තත්ත්වය වුණත් අරගෙන තව මොනවා හරි ටිකක් එකතු කරලා ඔක්කොම කලේ මේ ආණ්ඩුව තමයි ඒ නිසා මෙයාලා ෆේල්, මෙයාලා ඕනෙ නැහැ ඒ වෙනුවට අපිට දෙන්න කියලා මාකට් කරනවා නම් ඒක කරන්න හොඳම වෙලාවක් මේක..

කෙනෙක් පෝස්ට්එ කක් දාලා තිබ්බා පහුගිය දවසේ ජනාධිපතිතුමා ජාතිය අමතන කොට gotagohome කියලා 10 පාරක් කමෙන්ට් කරන පළමු දහ දෙනාට රුපියල් දාහ ගානේ දෙනවයි කියලා..

ඔන්න ඕකයි ඔතන හුදු මාකටින් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නෙත්.. අර 2014 වෙද්දී සමහරු මීඩියා වල රාජපක්ෂලා හොරු හොරු හොරු කිව්වා වගේම මේ පාර කියන්නේ ස ෆේල් කියල.. 

සමහර group / පේජ් හදලා තියෙන්නේ වැඩි ඉඩ වෙන් කරලා තියෙන්නෙ ඕවගේ ප්ලෑන් වලට තමයි..

මොකද ගොඩ එන්න පුළුවන් එකම විදිහ negative marketing තමයි..

ඇත්ත නේ, මේ ආණ්ඩුවට නම් එන්නත්කරණය හරි කරා කියලා කියන්න පුළුවන් උනාට, තව මොනවා හරි කරපු වැඩ ටිකක් ලිස්ට් කරල මෙන්න අපි කරපු වැඩ කියලා පෙන්නන්න පුළුවන් උනාට, කරපු වැඩක් කියලා පෙන්නන්න දේකුත් නැත්තං වැඩක් කරන අයට / අනිත් අයට මොනව හරි චෝදනාවක් බොරුවට හරි දැම්මොත් ඒක මාකට් කළොත් තමයි නෙ ඡන්ද ටිකක් කඩාගන්න පුළුවන් වෙන්නේහ්..... 

හැබැයි ඉතින් දේශපාලන මතය මොකක් උනත් කාගේ කාගේත් ඉතිහාසය හරියට කියව ගත්ත කරුණු කාරණා logically ඇනලයිස් කරල බලන ඕන කෙනෙක්ට වැඩ කරන්නේ කවුද, ඔහේ කට කියවන්නෙ කවුද කියන එක වෙන් කරලා අඳුන ගන්න අමාරු නෑ..

අපි කියන්නේ පොලිටික්ස් කරන්න එපයි කියන එක නෙවෙයි, විවේචනය කරන්න එපා කියන එක නෙවෙයි..

(positive පැත්තට desicions ගන්න පුළුවන් වෙන විදිහට කරන විවේචනය අනිවාර්යෙන්ම ඕනේ..)

මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයෙන් ගොඩ එන්න ටීම් එකක් විදිහට වැඩ කරන්න ඕන කියන එක.. මොකද ආර්ථික ප්‍රශ්නය කියන්නේ හැමෝටම බලපාන එකක් ඒ නිසා හැමෝම එකමුතු වුනොත් තමයි ප්‍රශ්න විසඳ ගන්න ලේසි වෙන්නෙත්.. (ලකුණු දාගන්න ඔන්නං ලකුණු දා ගන්න හොඳ විදිහකුත් තමයි ඒක.. ) ආණ්ඩුවට තුනෙන් දෙක තිබිච්ච පමණින්ම විසදගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේක.. මොකද බලය සම්බන්ධ හෝ නීති සම්මත කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් නොවන නිසා..

හැබැයි සමහර අයට ඕනෙ පැහැදිලිවම ඒක නෙවෙයි කියන එකත් පේන්න තියෙනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ගොඩ යන්ඩ පුලුවන්ද බලන එක..

ආර්ථික ප්‍රශ්නය නිවරදිව තර්කානුකූලව/ හාස්‍ය මුසු කරලා සමාජ ගත කරන අය ඕන තරම් ඉන්නවා ඒ අතරේ ඒක marketing කරන අයත් ඉන්නවා.. ඒ දෙගොල්ලො වෙන් කරල අඳුනගන්න අමාරුත් නෑ.. කොරෝනා අවදානම අමතක කරලා වර්ජන/ විරෝධතා  කරපු අයත් හිටියනේ.. හැබැයි පස්සේ කියනවා ලයිට් කපන හින්දා ළමයින්ගේ අධ්‍යාපනය අඩාල වෙනවා ලූ.. තව ඒ වගේ කතා ගොඩයි...

සිස්ටම් වෙනස් කරන්න නන් ලේසි වෙන එකක් නෑ ඔහොම අයත් එක්ක.. හැබැයි කතාව නං 225ම එපා කියලා..

ඔන්න ඕකයි සමහර අය කරන politics සහ දැනුම අවබෝධය ඇතිව කරන politics අතර වෙනස..

අනිත් අයට ඇඟිල්ල දික් කරන අයට එකපාර මතක් වෙන්නෙ නෑ එයාලගේ පැත්තට ඇගිලි කීයක් දික් වෙලා තියෙනවද කියලා සහ ඒ අය නියෝජනය කරන කට්ටිය කොයි වගේ තැනක ද ඉන්නේ කියලා..

පොලිටික්ස් කරාට කමක් නැහැ ටිකක් හරි නම්බුකාර විදිහට, රැල්ලට ගහගෙන යන්නේ නැතුව 🧠 න් හිතලා තීරණ ගන්න පුළුවන් විදියට..

ඕක තේරුම් ගන්න පුළුවන් කට්ටියට සහ පිළිගන්න කැමති කට්ටියට අවබෝධ කරගන්න පුලුවන් සරල දෙයක්..

මේ වගේ කාලෙක පුරවැසි ක්‍රියාකාරීත්වය සහ වගකීම මොකක්ද කියන එක තවදුරටත් සලකල බැලුවොත්...

ඕනම කෙනෙක් ලියන්නෙ තමන්ගෙ knowledge එකෙන්..

ඒ වගේම එක්ස්පීරියන්ස් එකක්‌ තියෙනවා නම් ඒකත් එකතු කරලා..

ඕනම සබ්ජෙක්ට් එකක් ගැන...

සමහරු ලියන්නෙ නැත්තෙ කොටින්ම කමෙන්ට් එකක් වත් දාන්නෙ නැත්තේ ඒ හරහා තමන් කවුද කියන එක අනිත් අය දැන ගනී සහ ඒ නිසා තමන්ව වෙනස්කමකට වෙයිද කියලා හිතන නිසා වෙන්නත් පුළුවන් විශේෂයෙන්ම පොලිටික්ස් වගේ සබ්ජෙක්ට් එකකදී..

කොහොම නමුත් කොහේ හරි තැනක ලියන පොඩි හරි අදහසකින්, පෝස්ට් එකක් ශෙයා කරන විදිහෙන්, එහෙම නැත්තං ලයික් කරන විදියෙන් හෝ සාමාන්‍යයෙන් ඇක්ටිව් නැතුව හිටපු කෙනෙක් ඇක්ටිව් වෙච්ච විදිහට හරි කෙනෙක්ගේ knowledge එක ගැන පටස් ගාල අවබෝධයක් ගන්න පුළුවන්..

 මතයක් දැරීමේ අයිතිය පැත්තෙන් වැරැද්දක් කියන්න බෑ මොකද ඒක මූලික අයිතිවාසිකමක් වෙන නිසා...

අයිතියක් උනත් පාවිච්චි කරන විදිහෙන් සමහර දේවල් තේරුම් ගන්න පුළුවන්...

ප්‍රශ්නයක් මතු වෙලා තියෙන වෙලාවෙදි ඒක handle කරන විදිහෙන් තමයි කෙනෙක් මොනවගේ කෙනෙක්ද කියන එක අඳුනගන්න පුළුවන් වෙන්නේ..

social issue එකක් මතුවෙලා තියෙන වෙලාව දි තමයි පුරවැසියන්ගේ political knowledge එක සහ ඒක හසුරුවන විදිහ ගැනත් අවබෝධයක් ගන්න පුළුවන්.. 

(1) ඉපදිලා ඉන්නෙ කන්නම තමයි එනිසා කන්න දියව් කියන mentality එක සහ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ කියලා බලන කෙනෙකුට හිතෙන විදිහට ආර්ථික අර්බුදය දැන දැනම පොලිටිකලි මාකට් කරන අය..

(අනික්‌ අයට ආණ්ඩුවට කඩේ යන්න එපා කියමින්, හොරු කියමින්, 225 එපා කියන එක සහ තව කාරණා ගණනාවක් ඕකට ඇතුලත්..... )

(2) ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක පිළිඅරගෙන ඒකට විසදුම් හොයනව වෙනුවට ආර්ථික අර්බුදය හැඟීමෙන් සමාජගත කරන අය..

(3) 1, 2 අය සමාජයේ මතු කරන සමහර කාරණා වලට උත්තර දෙමින්, ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක පිළිඅරගෙන ඒකට logically කෙටිකාලීනව සහ දිගුකාලීනව විසඳුම් හොයන්න ඕනේ ඒ වෙනුවෙන් government එකට මගපෙන්වීම කරන්න ඕනේ කියන mentality එකෙන් කටයුතු කරන අය/ව්‍යවස්ථාව අනුව පුරවැසි වගකීම හරියටම ඉටු කරන අය.....

(4) තව කට්ටියක්‌ silent..

1 සහ 2 මිශ්‍රණයක්‌ විදිහට, 2 සහ 3 මිශ්‍රණයක්‌ විදිහට තව කොටස් 2 ක්‌ ඉන්න පුළුවන් උනත් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4 කට වගේ කට්ටිය බෙදන්න පුළුවන් නිසා university එකක course එකකට අදාලව රිසර්ච් එකක් කරනවා නම් මේක නියම ටොපික් එක.. විශේෂයෙන් ම කිසිම අදහසක් කියන්නෙ නැතුව නිහඬව ඉන්නේ මොකද කියන එකත් research කරලා බලන්න වටින දෙයක් නිසා........ 

1 ට වඩා 2 හොදයි 2 ට වඩා 3 හොදයි..,.... 

මුල් අයගෙන් ඇත්තටම මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නයට උත්තර නෑ.. ලොවෙත් වැඩක් නෑ.. එයාල එක්ක කතා කරල වැඩකුත් නෑ.. 

දෙවන කට්ටිය පීඩිත පන්තිය නියෝජනය කලත් බොහෝ දුර‍ට උත්තර නෑ.. මොකද අරක නෑ මේක නෑ කියලා කියනව විතරක්‌ නිසා.. එයාලත් පෙන්වන්නේ රටේ ප්‍රශ්නයක් තියෙනව කියන එක විතරයි..

නමුත් තුන් වන අය තමයි සැබෑ ලෙසම පීඩිත පන්තිය නියෝජනය කරල වගකීමකින් ප්‍රශ්නය handle කරන්නේ.. 1, 2 කෙනෙක් වෙන්න ලේසියි.. 3 කෙනෙක් වෙන්න අමාරුයි..

කෙනෙක් මේ social issue එක හමුවේ අදහසක් පළ නොකර නිහඬවම ඉන්නවා කියන එකෙන් එක එක දේවල් හිතාගන්න පුලුවන්. අඩුගානේ නෙගටිව් අදහස් නැතුව සද්ද නැතුව ඉන්න එකත් එක අතකට හොඳයි..

තමන් අයිති වෙන්නේ කොයි කොට්ඨාසයට ද මේ වෙලාවේ වගකීමෙන් වැඩ කරන අය කවුද එහෙම නොවෙන අය කවුද කියන එක නිහඬව කියවාගැනීමේ වරදක් නෑ..

ඒ කොහොම උනත් අපේ රට මෙහෙම තව කාලයක් තිබ්බොත් පුදුම නෑ මොකද එකතු වෙලා ප්‍රශ්න විසදන්න ඕන වෙලාවකදීත් බෙදිලා, තව තව මිනිස්සු බෙදන විදියට කරුණු සමාජගත කරලා, සමාජ ප්‍රශ්න පොලිටිකලි මාකට් කරගෙන අනුන්ට බැන බැන ඉන්න සමහර අයගේ ආකල්ප, විශේෂයෙන් පොලිටික්ස් වලට අදාලව දකින්න තියෙන නිසා සහ ඒවටත් යම් පිරිසක් society එකේ වටිනාකමක් දෙන නිසා.......