Friday, February 7, 2014

බීමත් තැනැත්තන්ගෙන් ප්‍රවේශම් වීම වැදගත්ය ...

වැසි සහිත දිනක රාත්‍රියේ දුම්‍රියෙන් මා නිවෙස බලා පැමිණෙමින් සිටියදී රාගම දුම්‍රිය ස්ථානයෙන් වැනෙමින් වැස්සටද හසුවූ අයෙකු දුම්‍රිය මැදිරියට ගොඩ වී පැමිණ වාඩි වුණි ! මා සිටියේද සිටගෙනය ! එසේ සිටිමින් මා එම තැනැත්තාගේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන්නට පටන් ගත්තෙමි !

ඔහු සිටිනා තත්වය හදුනා ගත් කිසිවෙකු ඔහු අසලට වත් නොගොස් මදක් ඈතින් සිටියහ ! ඒ අතර පන්ති ඉවර වී යන බව සිතෙන පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් කීප දෙනෙක්ද වූහ ! ඔහු ඉංග්‍රීසියෙන් කිසිවක් මුමුණනු දුටු අවට සිටි අයහට සිනා පහල විය ! පසුව ඔහු එයටද කිසිවක් ඉංග්‍රීසියෙන් මුමුණනු පෙනිනි ! පසුව ඔහු අසල සිටි ගැහැණු ළමුන් දෙස බලා ඔහු සිටි සීට් එකේ අනෙක් පසින් වාඩි වෙන්න යැයි අතින් සංඥා කලේය ! ඒ දුටු ගැහැණු ළමුන් තවත් ඔහු වෙතින් ඈත් වූහ ! පිරිමි ළමුන් බක බක ගා සිනා සෙන්නට වූහ ! පසුව එම තැනැත්තා සීට් එකේ ඇලවී සිට පසුව නැගිට ගියේය !!!

බීමත් තැනැත්තන්ගේ ක්‍රියාකාරිත්වය එබදුය ! ඔබ එවැනි අවස්ථාවන් සම්බන්ධව කල්පනා කාරි විය යුතුව ඇත... මන්ද ඔවුන් වනාහී විකෘති ආශාවන් වලින් මුසපත් වූවන් විය හැකි නිසාමය ! තම ශරීරය, දේපල අන් අයෙකුගේ ශරීරය දේපල ආරක්ෂාව කෙරේ ඇති පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ( Self Defense or Right of Private Defense ) වැදගත් වන්නේ එවැනි අවස්ථාවකදීය ! හොදම දේ ඔවුන්ගෙන් හැකිතාක් ඉවත් ව සිටීමයි ! එහෙත් එය ප්‍රමණවත් නොවී එවැන්නෙකු බලාත්කාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් කලබල නොවී එහෙත් කල්පනාවෙන් යුතුව ඔබට ඇතිවිය හැකි පීඩාවකින් ගැලවීම සදහා ඔබගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොපැකිලව භාවිතා කිරීම වැදගත් ය...

කිව යුතු තවත් දෙයක් ඇත, එනම් දුම්‍රිය ස්ථාන බීමත්ව සිටින තැනැත්තන්ට තහනම් ප්‍රදේශයක් කොට එවැන්නවුන් පැමිණ සිටී දැයි විමසිල්ලෙන් සිට පැමිණ සිටී නම් ඔවුන් දුම්‍රිය වලට නැගීම වැලක්වීම පිණිස හා දුම්‍රිය ස්ථාන වල රැදී සිටීම වලකා ලීමට දුම්‍රිය ස්ථාන වලින් ඉවත් කිරීම අවශ්ය බවයි !

No comments:

Post a Comment