Sunday, May 6, 2018

අපරාධ නීතියේදී විත්තිකරුවකු නිදොස් වීම / වරදකරු වීම



අපරාධ නීතියේදී විත්තිකරුවකු නිදොස් වීම / වරදකරු වීම:

- පැමිණිල්ලේ නඩුව/ස්ථාවරය "සාධාරණ සැකයෙන්" ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වීම ( පැමිණිල්ලේ නඩුවම අසාර්ථක වීම ) - විත්තිකරු නිදොස් වේ ...

- පිළිගන්නේ පැමිණිල්ලේ නඩුවද විත්තියේ නඩුවද යන්න සැකයක් මතුවීම - විත්තිකරු නිදොස් වේ ...

- පැමිණිල්ලේ නඩුව/ස්ථාවරය පුර්ණ ලෙස ප්‍රතික්ෂේප කිරීම සහ විත්තියේ නඩුව/ස්ථාවරය නිවැරදි යැයි පිළිගනිම - විත්තිකරු නිදොස් වේ...

විත්තිකරුවකු අපරාධ නිතිය යටතේ වරදකරුවකු විය හැක්කේ එකම එක අවස්ථාවකදී පමණි.

එනම්

- පැමිණිල්ලේ නඩුව සම්පුර්ණයෙන්ම පිළිගැනීම සහ විත්තියේ නඩුව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම හිදී ය.

සාධාරණ සැකය ???

විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව/චෝදනා ඔප්පු කිරීමට අවැසි සාක්ෂි තිබේදැයි හේතු ඇතිව තර්කානුකුලව සහ සාමාන්‍ය සිහි බුද්ධිය යොදවා සොයා බැලීමේදී බැලු බැල්මට විත්තිකරු වරද කල පෙනී යාම ... ( Probable Guilty / Likely Guilty )

එය ප්‍රමාණවත් නැත ... ( not sufficient ) තවම නිර්දොෂිභාවයේ සළුපිලි දරා සිටින්නට විත්තිකරුට අයිතිය ඇත ... එහෙත් විත්තිකරු සිටින්නේ සළු පිලිගැලවෙන්නට ඔන්න මෙන්න අවස්ථාවේ ය ...

ඒ අනුව තවත් මදක් ඉදිරියට යා හැකි නම් පමණක් ,,,

එනම් බැලු බැල්මට විත්තිකරු වරද කල පෙනී යාමෙන් ඔබ්බට ගොස් විත්තිකරු වරද කල බවට ඉදිරිපත්ව ඇති සාක්ෂි මත පැහැදිලිව / නියත තීරණයකට එළඹෙන්නට හැකි නම් පමණක් විත්තිකරු වරදකරු කල යුතු යැයි පිළිගැනිම වෙ යි ...

එය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීම ය ...

අපරාධ නඩුවක කරුණු ඔප්පු කිරීමේ භාරය සාධාරණ සැකයෙන් ඔබ්බට විය යුතු බවට තීරණය කරනු ලැබ ඇත්තේ Woolmington v DPP [1935] හිදී ය ...

රාජකාරි වලදී වන ප්‍රමාදය වලක්වා ගැනීමේ අවශ්‍යතාව



රාජකාරි කිරීමේදී ප්‍රමාදයන් විය හැකිය. එසේ නම් ඒවා යුක්ති සහගත ප්‍රමාදයන් විය යුතුය. එසේම ප්‍රමාදයක් වේ නම් වෙනත් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් මගින් ඊට හැකිතාක් දුරට පිලියමක් යොදන්නට උනන්දු විය යුතුය.

රජයේ සේවකයන් නම් මේ පිළිබද විශේෂ අවධානය යොමු කල යුතුය.

රජයේ සේවකයන් මෙන් අප යම් නිශ්චිත කාර්යාලයක පැය 8 ක් රාජකාරි නොකලද උසාවියේ පෙනී සිටීමට සුදානම්ව පැමිනෙද්දී එයට සහයක් වශයෙන් අවශ්‍ය කාරණයක් ලෙස දෛනික නඩු ලැයිස්තුව ( case list ) හැදින්විය හැකිය ...

එමගින් අපගේ නඩුව ඇත්තේ කවර උසාවියේද, කවර අවධියේද ( step ) නඩු කීයකට පසුව ගනු ඇතිද ආදී කාරනා පිලිබදව අවබෝධයක් ගෙන වැඩ කටයුතු සැලසුම් කරගැනීමට හැකිවේ ...

එම ලැයිස්තුව අධිකරණ කටයුතු ඇරඹෙන්නට සැලකිය යුතු වෙලාවකට කලියෙන් ප්‍රදර්ශනය කර තිබුණේ නැති නම් ඉහත කි කාරනා සැලසුම් කරගනිම්දී නීතිඥවරුන් වශයෙන් යම් අපහසුවකට පත්වේ ...

එය සිය රාජකාරි ප්‍රමාදය නිසා ඇතිවන්නේ නම් එය හැකිතාක් දුරට වළකන්නට හැකි සියලු පියවර ඊට අදාළ කාර්ය කර්තව්‍ය කරනා රජයේ සේවකයන් විසින් ගත යුතු නොවන්නේද ...

Saturday, May 5, 2018

අදහස් පල කිරීමේදී වෘත්තිකයකු වන ඔබත් එසේ නොවන ඔබත් ...

අදහස් ලියන්නට බිය විය යුතු නැත ... ඊට අයිතිය ඇත ...
එහෙත් පිළිගත හැකි පදනමක් ඇතිව ලිවිය යුතුය ...
කතා කරන්නට බිය විය යුතු නැත ... එයටද අයිතිය ඇත ...
එහෙත් පිළිගත හැකි පදනමක් ඇතිව කතා කල යුතුය ...
නීතිඥවරුන්ට එය විශේෂ ය ...

ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අධිකරණ සංවිධාන පනත බැලු කල අවබෝධ කරගත හැකි ය.
ඒ මන්ද යත් ,,,

යුක්තිය ඉටු කිරීමට සහය දෙන අධිකරණ නිලධාරින් වශයෙන් ඔවුන්ගෙන් අන් හැම තැනැත්තෙකුටම වඩා වෘත්තියමය වගකීමක් බලාපොරොත්තු වන නිසාවෙනි ...

නො එසේ නම් වනු ඇත්තේ ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට ඒ කතාවෙන් හෝ ලිවීමෙන් හානියට පත් තැනැත්තෙකුට අයිතියක් ලැබීමය ...

අධිකරණ සංවිධාන පනතේ 42 (2) ඇත්තේ ඒ වෙනුවෙනි ...

එහි අර්ථය නම් දිවා රෑ නොබලා පාඩම් කොට, ඒ ආකාරයෙන්ම වෙහෙසී විභාග වලට පෙනී සිට, තවත් මාස ගණනාවක් පුහුණු වී බොහෝ කැපකිරීම් කොට ලබා ගත් නීතිඥ වෘත්තීය / කළු ලෝගුව තාවකාලිකව හෝ සදහටම ගැලවී යාමය ...

ඒ නිසා ඔබ නීතිඥවරයෙකු නම් වෘත්තීය කාරනා වලදී / ඊට අදාලව නම් විශේෂයෙන්ම වඩ වඩාත් වගකීමක් සහිතව ක්‍රියාත්මක විය යුතු තැන ඇත ...

ඒ අනුව ඔබ කල්පනාවෙන් ...

නීතිඥ වෘත්තිකයෙකු නොවෙන ඔබද බැහැරව නැත ... ඒ අනුව ලිවීමේදී හා කතාවේදී ඔබටද වගකීමක් ඇත... ඒ තමාට හිමි අදහස් පල කිරීමේ නිදහස සීමාවන් තුල භාවිතා කිරීමය ...
නො එසේ නම් ඔබටද උසාවි එන්නට සිදුවිය හැකිය ...
කොට්ටෝරුවා හොට පටල ගන්නේ කෙසේදැයි අසා ඇතුවට සැක නැත ...
එයට එක් උදාහරණයක් කාලෙකට පෙර ඔබ දැනගන්නට ඇත.
අමතක නම් කියවා බැලිය හැකිය ...
http://www.island.lk/2004/12/08/news1.html
තවත් එක් උදාහරණයක් දැනටම ඔබ දන්නවා ඇත ... එය පවත්නා අධිකරණ කටයුත්තක් නිසා දැක්විය නොහැකිය ...

ඒ ලැයිස්තුවට ඔබත් ඇතුලත් විය හැකිය ...

ඒ නිසා ඔබත් කල්පනාවෙන් ...

අදහස් පල කිරීමේදී නීති සිසුන්ගේ වගකීම

නිති පිඨයක සිසුන් උනා නැතා ... ඔය වාර්තා උන සිදුවිම සුදුසු නැත ...

ඔවුන්ට ආතල් ගන්නට ඕනෑ නම් සරලව ඔවුන්ගේ වරිගේ එවුන්ගේම මුණු ඇදගෙන ඇස් තියා ගන්නට තිබුණි ...

ඔය ඇද ඇත්තේ ඒ ඇත්තන් නොවේ යැයි කිව්වත් සාමාන්‍ය සිහි බුද්ධිය ඇත්තෙකුට නම් එය බොලද තර්කයක්ම වනු ඇත. මහින්ද රාජපක්ෂ යනු රටේ හිටපු ජනාධිපතිවරයෙකි. මෛත්‍රීපාල සිරිසේන යනු රටේ වත්මන් ජනාධිපතිවරයා ය. ඇතැමුන් මොනවා කීවත් ඔවුන්ට ඇති ජනතා ප්‍රසාදය කෙබඳු දැයි සැකයක් නැතත්, ඒ දෙදෙනා විවේචනයට බදුන් වූවාට ද කම් නැත. එහෙත් එසේ වන්නේ නම් ඒ පදනමක් ඇතිව විය යුතුය ...

එහෙත් ඒ දෙදෙනගෙන් කිසිවකුත් හාස්‍යයට ලක් කරන්නට අවශ්‍ය නැත. මන්ද එසේ හාස්‍යයට ලක් වන්නට අවැසි තැනැත්තන් නොවෙන නිසාය. මෛත්‍රීපාල සිරිසේන මහතාද පරිණත දේශපාලනඥයෙකි. ඔය නීති සිසුන් ඇදුමේ තෙමා ගන්නා කලද විශේෂයෙන් මහින්ද රාජපක්ෂ යනු ඔවැනි නීති සිසුන්ට සාපෙක්ෂව ජෙෂ්ඨ නීතිඥවරයෙක්ද වන අයෙකි. එතුමන්ට සාපෙක්ෂව ඔය නිති සිසුන් සිටින්නේ නම් අහසට පොලව මෙන් පරතරයක පහලිනි ...

නිති පිඨයක සිසුන් නම් කොහෙත්ම ඔය වාර්තා වූ ක්‍රියාව සුදුසු නොවන්නේ අනාගත නීතිඥවරයන් වන්නට සිටිනා ඔවුන්ගෙන් අනිකුත් පුරවැසියන්ටත් වඩා යහපත් වූ කල්ක්‍රියාවක් මහජනතාව අපේක්ශා කරන නිසාය.

ඔවුන් තමන්ගේ තත්වයටත් වඩා සිය ක්‍රියාකාරිත්වයෙන් නීතිඥ වෘත්තිය, ඒ පිලිබද මහජන විශ්වාසය කඩ කරන තැනට වැඩ කරන්නේ නම් එහිදී ආරක්ෂා කල යුත්තේ කුමක්දැයි අමුතුවෙන් ලිවිය/කිව යුතු නැත.
ඒ අනුව ඊට දායක වූ සියලු දෙනාට නීතියේ ආධිපත්‍යය යනු කුමක්දැයි අවබෝධ කරගන්නට අවස්තාවක් උදා වුවහොත් එය යහපත් වනු ඇත ...

නීති සිසුන් නිසා ඒ කෙසේදැයි අමුතුවෙන් ලිවිය යුතු නැතත් අන් අයගේ දැන ගැනීම පිණිස ලියුව හොත් අධිකරණය සංවිධාන පනතේ 40(1) අනුව නීතිඥවරයෙකු ලෙස බදාවා ගැනීමට මෙවැනි ක්‍රියාකාරිත්වයන් බාධාවක් ඇති කරන්නේ ද යන්න නිතියට අනුව සොයා බැලිය යුතු යැයි මම යෝජනා කරම්!

18 වැනි සංශෝධනයේ යටතේ වුව තුන් වැනි වරට ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නට නොහැකිද ?

මහින්ද රාජපක්ෂ මහතාට 18 වැනි සංශෝධනයේ යටතේ වුව තුන් වැනි වරට ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නට නොහැකි බවට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ගෙනැවිත් තිබුණු පදනමක් විය.

 එනම් දෙවැනි වතාවට ජනතාව විසින් තෝරා පත්කළ පසුව තුන් වැනි වතාවට ඉදිරිපත් වන්නට නුසුදුසුකමක් ඇති වූ බවත් එය 18 වැනි සංශෝධනයෙන් ඉවත් කර නොමැති නිසා තුන් වැනි වරට ජනපතිවරණයක් කැදවීමට මැතිරවණ කොමිෂමට නියම කිරීමට එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බවය ...

එහෙත් ඒ බවට අධිකරණයෙන් තීන්දු වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත ...
හිටපු අගවිනිසුරුතුමන් දක්වන ලෙසින් කිසියම් නුසුදුසුකමක් තිබුනා නම් එය18 වන සංශෝධනයේ 31 (3) (අ) (අ) i අනුව ඉවත් වන බවද පෙනේ ...

2015 දී ජනාධිපතිවරණය පැවැත්වෙන්නට ඇත්තේ එනිසා ය ...

වාර සිමා රහිත විධායක ජනාධිපතිධුරයෙන් ඒකාධිපතියන් බිහිවෙයිද ?

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට ඉල්ලන්නට හැකි වාර සීමාව ඉවත් කිරීම විධායක ජනාධිපතිධුරයෙන් ඒකාධිපතියන් බිහිවීමට තුඩු දෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේද මතය වූ බව වීඩියෝවක දැක්විණි.

 එතුමන්ගේ නෛතික පදනම් අතරේ ඔය කාරණය නම් මා හට නම් එකග වන්නට නොහැකි මට්ටමේ කාරණයකි ...

ඒ හේතු ඇතිව මිස නැතිව නිකම්ම නම් නොවේ ...

3 වන ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍යය ඇත්තේ ජනතාව සතුව ය, එයිනුත් වැදගත්ම තැනක තියෙනා චන්ද බලය ( එතුමා එදා උසාවියේදී කරුණු දැක්වූ ලෙසින් සහ මාද පිළිගන්නා ලෙසින් ) යන්න ජනතාවට නිදහසේ ක්‍රියාත්මක කරන්නට ඔය කියනා වාර දෙකේ සීමාව පැහැදිලිව බලපෑමක් එල්ල කරනු ලබයි.
ඒ අනුව වාර දෙකේ සීමාවක් දැමීමෙන් සිද්ධ වන්නේ 3 වන ව්‍යවස්ථාවේ දක්වන ජනතා පරමාධිපත්‍යය 4 වන ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කිරීමේදී සිමා කිරීමක් යැයි කීමේ වරදක් නැත, මන්ද පොතට අනුව සහ ප්‍රයෝගිකව වන්නේද එය නිසාවෙනි.

එහිදී කැමැත්ත තිබුණද එයට නීතියෙන් බාධාවක් එක් කොට ඇත ...
ජනතාවට අවැසි නම් අවැසි අයකු අවැසි වාර ගණනක් තෝරා ගන්නට හා අවැසි නම් වෙනත් තේරීමක් කරන්නට අවස්තාව තිබිය යුතු නොවේද...

එයට නීතියෙන් බාධා දැමීමේ ඇති යුක්ති සහගතභාවය කීම ???
එය ඔය ඇතැමුන් කතා කරනා යහපාලනය / ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක්ද ?

නිදහස, සමානාත්මතාවය, යුක්තිය, මුලික මානව අයිතිවාසිකම්, අධිකරණයේ ස්වාධිනත්වය අශ්පර්ශනිය උරුමයන් ලෙසින් දක්වමින්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බව දක්වමින් අනර්ඝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ හිටපු ජනපති ජේ ආර් ජයවර්ධන මහතාද ජනතා පරමාධිපත්‍යයේ චන්ද බලය යන්නට බාධාවක් එක් කර තිබු බව පෙනේ ...

ඒ වාර දෙකේ සීමාව දැමීමෙනි ...

සත්‍ය අසත්‍ය බව කියන්නට මා දන්නේ නැත එහෙත් මා කියවූ ලිපියක නම් තිබුණේ 31 (2) හි ඇති ලෙසින් වාර 2 ක සීමාව එක් කලේ අහවල් ඒකාධිපතියෙකු බිහිවීම වලක්වන්නට නොව 3 වැනි වතාවටත් ජනපතිවරණයකට ඉල්ලන්නට ජේ ආර් ජයවර්ධන මහතාට වයස බාධාවක් වූ නිසා බවයි ...
3 වැනි වර චන්ද බලය උරගා බැලීමේදී තමන්ට ලැබුණු ප්‍රතිචාරය බාරගෙන මහින්ද රාජපක්ෂ මහතා නිහතමානිව පිටවීම තුල ඔය කාගේත් ඒකාධිපති තර්ක සුනු විසුනු වුවාට කිසිම සැකයක් නැත!

එයින් පසුව කිසිවෙකු ඒ ගැන කතාවක් වත් නැත්තේ එනිසා විය යුතුය.

එතැනදීද ඔප්පු වුයේ වාර සීමාවක් දක්වා නැති වුවා ජනතා පරමාධිපත්‍යයේ චන්ද බලය, පාලන බලය ලබා දීමේ හා අවැසි වෙනසක් කිරීමේ එකම සාධකය බවයි ...

ඔය දැන් අප අත් දකිමින් සිටිනා "ඔබට සතුටුයිද දැන්" ලෙසින් අසනා වෙනස බිහිවුයේ 2015.01.08 වෙද්දී අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (2) ව්‍යවස්ථාවේ බලපෑමක් ඇත්තෙම නැති තත්වයකදී ය.

4 වන ව්‍යවස්ථාවෙන් දක්වන ලෙසින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දකින්නට තිබුණු ඒ බාධාව, මහින්ද රාජපක්ෂ මහතා පරිණත දේශපාලඥයකු සහ නීතිඥවරයෙකු වශයෙන් ඉවත් කොට චන්ද බලයට හිමි නිසි තැන ලබා දුන් අතර වත්මන් යහපාලන ආණ්ඩුවෙන් කලේ එය නැවත ආපස්සට ගෙන යෑමය ...

එහි පැහැදිලි අරමුණක් වන්නට ඇත්තේ අහවල් ඒකාධිපතියෙකු බිහිවීම වලක්වන්නට නම් නොව ජනතා මනාපය තිබ්බද එනම් චන්ද බලය ක්‍රියාත්මක කරන්නට උනන්දුව තිබ්බද නැවත වතාවක් ජනපතිවරණයකට ඉල්ලන්නට මහින්ද රාජපක්ෂ මහතාට නෛතික බාධාවක් එක් කිරීමට ය ...

ජනාධිපතිධුරයේ බලතල සිමා කරන්නට අවැසි නම් පාර්ලිමේන්තුවෙන් එය කරන්නට හැකිය. එසේම අධිකරණය දැනට වඩා බලාත්මක කිරීමෙන් එය කල හැකිය ...

ඒ මිස රටට, දැයට හිතැති නම් ඒ බවට ජනතාවටද හැගේ නම් එවැනි පුද්ගලයෙකු අවැසි වාර ගණනක් පත් කරගැනීමට ජනතාවට තිබිය යුතුවන නෛතික අයිතිය යුක්තිමත් පදනමක් නොමැති ලෙසින් සිමා දමා නැති කරනා තැනට යාමට අවැසි නැත ...

අනතුරක් ? / ස්වෙච්චා හානියක් ???

බයිසිකලයක් ගත් කල සමහරක් මයි කා මයි පෙට්‍රෝල් න්‍යාය යොදා ඉගිල්ලෙති ... පුදුමේ නම් හැපිලා කුඩු නොවුනොත් ය ...

ඒ අනුව කවුරුත් විහින් කරගන්න ඒවාට අපි දුක් වෙන්නේවත් අහවල් එහෙකටද ...
මන්ද එවැන්නක් ස්වභාවික අවසන් ප්‍රථිපලය එයම විය හැකි නිසාවෙනි ...

ඒවාට අනතුරු කියන එකත් සුදුසු නැති තරං ය ... මන්ද අනතුරක් නම් එය පාලනයෙන් තොර තත්වයට පත්ව අහම්බෙන් විය යුතු දෙයක් නිසාවෙනි ...

තමා විහින් කරගන්න මට්ටමේ ඒවාට කිව යුත්තේ අනතුර නොව ස්වෙච්චා හානිය ය ...