Friday, February 7, 2014

නිදහස අර්ථවත්ව භාවිතා කල යුතුය, නැත්නම් ...

නිදහස භාවිතා කල යුත්තේ නීතියෙන් නියම කර ඇති / නියම කල හැකි සීමාවන් තුල සිටය ! නො එසේ නම් එය නීතියට අනුවම සීමා වෙනු ඇත !!! උදාහරණයක් ලෙස ගත් කල ඔබ සමග කතා කරන්නට අකමැති අයෙකු වේ නම් ඔහු හා බලයෙන් කතා කරන්නට පවා ඔබට හැකියාවක් නැත !!! ඒ අනුව ඉන් ඔබ්බට කිසිදු ක්‍රියාකාරකමක් නීතියට අනුව කල නොහැකිය !!! ඔබ එම සීමා ඉක්මවා යන්නේ නම් ඔබ වරදකරුවෙකු ලෙස තීන්දු කරනු ලැබීමට ඉඩ තිබේ !!!

නීතියේ ආධිපත්යය එනම් සරලව ගත් කල නීතිය විසින් පාලනය කිරීම යන්න මනාව සුරක්ෂිත කර ගැනීමට දණ්ඩනය යන්න අත්යාවශ්ය වේ !!!

දණ්ඩනය යන්නට අනිකුත් පිළිගත් ශිෂ්ඨ දණ්ඩන ක්‍රම මෙන්ම කෲර අමානුෂික අවමන් සහගත සැලකීමකට බදුන් නොකරමින් ලබා දෙන්නාවූ / දිය යුතු මරණීය දණ්ඩනයද ඇතුලත්ය ! ඒ අනුව නීතියේ ආධිපත්යය රදවා ගැනීමට නියම වන දණ්ඩනයට වරදකරු බදුන් වීම අවශ්යය !!!

බෞද්ධ ප්‍රතිපදාවට අනුව නම් මරණීය දණ්ඩනය පිළිගැනීමට නොහැකි මුත් අපරාධ කරන්නවුන් සිය චේතනා මුල් කරගෙන කර්ම රැස් කරගන්නා බවත් ඔවුන් ඒවා ඔවුන් විසින්ම ගෙවා ගනු ඇති නිසා වෙනත් පුද්ගලයින් මැදිහත්ව නීතිය භාවිතා කොට දඩුවම් කිරීම අවශ්ය නැතැයි හා අපරාධ වින්දිතයන් බවට පත් වන්නේ ඔවුන්ගේ පූරුවේ කරුමය යැයිද කියා පුද්ගලයින් වින්දිතයන් බවට පත්වන්නට ඉඩ ඇරිය නොහැක !!! එතැනදී නීතිය සිය රාජකාරිය ඉටු කල යුතුය !!! ධර්මයට හිමි නිසි තැන වුව ආරක්ෂා කර දී ඇත්තේ නීතියෙනි !!! එය වඩා ප්‍රායෝගික විය යුතු බවද කියවේ !

ධර්මයෙ ක්‍රියකාරිත්වය තුලින් හා නීතියේ ක්‍රියාකාරිත්වය තුලින් වෙන් වෙන්ව මෙන්ම හැකි තාක් දුරට එක්ව එහෙත් එකිනෙකාගේ ක්ශේතර වලට අයුතු කඩා වැඩිමක් නොකරමින් කටයුතු කොට අවසන් ප්‍රතිඵලය ලෙසට පුද්ගල ක්‍රියාකාරිත්වය අන් අයට පීඩා ඇතිනොවෙන ලෙසින් පුද්ගල නිදහසද උපරිමව පවත්වා ගැනීමට මනාකොට වග බලා ගත යුතුව ඇත !

ධර්මයෙහි නොහැසිරෙන තැනැත්තන් නීතියෙන් හෝ පාලනය විය යුතුව ඇත !!! ඒ ඔවුන්ගේ යහපත කෙසේ වෙතත් ඔවුන් සිටින සමාජය තුල සිටින්නාවූ අන් අය ඔවුන් නිසා අගතියට පත්වීම වලක්වා ගැනීම පිණිසය !!!

හැට පැන්නද වදුරා බිමින් නොයන බවට කතාවකි !!! තවකෙකුට හිරේ ගියද වගේ වගක් නැත ! හෙතෙම නැවත නැවත කරන්නේම හිරේ යන වැඩය ! ඒ අනුව උපන් ගතිය අරින්නට බැරි වීම මත එවැන්නවුන් නිසා වෙනත් තැනැත්තන් පීඩා විදිය යුතු නැනට යා යුතු නැත ...

ඉවසීමට වුව සීමාවක් තිබිය යුතුය, එසේ නැතහොත් ඉවසීමෙන් සැනසීම නොව උදාවනු ඇත්තේ වැනසීමය ! ගහන්නට ගහන්නට වදින මිනිහාත් වදින්න වදින්න ගහන මිනිහාත් මෝඩයින් ලෙස හදුන්වයි ! මන්ද යත් ගුටි කෑමෙත් ගුටි එල්ල කිරීමෙත් අවසානයක් දකින්නට නොහැකි නිසාය ! ඒ අනුව එවන් තැනකට පත් විය යුතු නැත !

'එය' තවත් කල් දැමිය යුතු නැත ... 'එය' නම් නීතියට අනුව නියම වන්නාවූ මරණීය දණ්ඩනය යන්න ප්‍රායෝගික කොට සමාජයෙන් බැහැර කල යුතු වන මට්ටමේ තැනැත්තන් විශේෂයෙන්ම කුඩා දරුවන් හා කාන්තාවන් සම්බන්ධව අතවර සිදු කොට කායික මානසික හිංසනයට පත්කොට ඔවුන්ගේ ඉදිරි අනාගතය විනාශ කරන්නවූ තැනැත්තන් සමාජයේ සදහටම බැහැර කිරීම ආරම්භ කිරීමට කාලය උදාවී ඇති බවත් එයින් තොරව දුෂ්ඨ ක්‍රියාකාරකම් පාලනය කිරිමට නොහැකි තැනට පැමිණ ඇති බවත් කීම නිවැරදිය යන්නයි...

එමගින් ඔවුන්ට නැවත සමාජය තුලට ප්‍රවිෂ්ඨ වී නීති විරෝධී ලෙසින් විශම ක්‍රියාකාරිත්වයකට ඉඩක් නොලැබෙනවා මෙන්ම තමන් සමාජය තුල නීති විරෝධී ලෙසින් විශම ක්‍රියාකාරිත්වයක් දැක්වුවහොත් තමන්ටද අත් වන ඉරණම ගැන සිතා හෝ වෙනත් පුද්ගලයින්ටද වැරදි කිරීම බෙහෙවින් පාලනය කරගැනීමට රුකුලක් වනු ඇත ...

No comments:

Post a Comment