Friday, February 14, 2014

17 වැනි ආන්ඩුක්‍රම විවස්ථා සංශෝධනය...

මෙය ඇති කිරීමේ අරමුන වන්නේ ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි සිදු කලහැකිව තිබු පත්කීරීම් සමහරක් සීමා කරමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම වෙයි.. එහෙත් මෙහෙදි ජනාදිපතිවරයා ක්‍රියාත්කමක වන ආකාරය බැලු විට ජනාධිපතිවරයා සතු නම් කල යම් ආකාරයක පත්කිරිමේ බලතල සම්පුර්නයෙන්ම වෙනත් ආයතනයක් මගින් ලබාගෙන එකී පත්කිරිම් සම්බන්දව ජනාධිපතිවරයා බල රහිත තත්වයටම පත්කර තිබේ යන්නද එක් අතකින් අසත්යක් නොවේයි...

ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සදහා පිහිටවු ආයතනය වන්නේ ආන්ඩුක්‍රම විව්ස්ථා සභාව වේ.. රාජ්ය සේවයේ නම් කල ප්‍රධාන තනතුරු සදහා, අධිකරන සේවයේ , උපරිමාධිකරන නිලයන්ට අදාලව පුද්ගලයින් පත්කරගැනීමෙදි හා කොමිශන් සභා වලට පුද්ගලයින් පත්කරගැනීමෙදි ඒ සදහා ජනාධීපතිවරයාට තිබු තනි හා පුලුල් අභිමතය සීමා කර එමගින් සඵල කාර්යක්ශම, අපක්ශපාති, අවන්ක රාජ්ය සේවයක් ස්ථාපිත කරගැනීමත්, අධිකරනයේ ස්වාධීනත්වය තව දුරටත් ආරක්ශා කරගැනීමත් අරමුනු විය...

එ සදහා 10 දෙනෙකුගෙන් සම්න්විත ආන්ඩුක්‍රම විව්ස්ථා සභාව භාවිතා කිරීම අපෙක්ශාව විය... නිලබලයෙන් පත්වන අගමැති, කතානායක හා විපක්ශ නායක ට අමතරව අගමැති හා විපක්ශ නායක නාම යොජනා කිරීමෙන් ජනාධිපතිවරයා විසින් 5 දෙනෙක් පත්කරනු ලබයි. ජනාධිපති විසින් එක් අයෙක්ද, පාර්ලිමෙන්තුවේ සුළුතර පක්ශ මගින් එක් අයෙකුත් පත්කරනු ලබයි... පත් කරනු ලබන 7 දෙනා විශිෂ්ටත්වයෙන් හා අවන්ක භාවයෙන් යුතු, පොදුජන ජීවිතයෙදී කිර්තිය ලත් කිසිදු දේශපාලන පක්ශයක සාමජිකයින් නොවන අය වියයුතු යයි බලාපොරොත්තු විය... මෙහි ඝන පූරනය 6 ක් වෙයි... සභාපති කථානායක වෙයි, ඔහු නොමැතිවිට, අගමැතිද, ඔහුද නොමැතිවිට විපක්ෂ නායකද සභාපති ධුරය හොබවයි, ඔහුත් නොමැතිවිට සභාවේ අයෙකු සභාපති ලෙස තෝරා ගනී, තීරන ඒකමතික වීම වැද්ගත්ය, නැතහොත් බහුතර මතය සලකයි, එහිදි, සාමාජිකයින් 5 කට නොඅඩුව ඡන්දය සලකයි, සභාපතිගේ ඡන්දය තීරක ඡන්දය විය හැක...

1. මැතිවරන කොමිශන් සභාව
2. රාජ්ය සේවා කොමිශන් සභාව
3. ජාතික පොලිස් කොමිශන් සභාව
4. ශ්‍රී ලන්කා මානව හිමිකම් කොමිශන් සභාව
5. අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිශන් සභාව
6. මුදල් කොමිශන් සභාව
7. සීමා නිර්නය කොමිශන් සභාව

ආන්ඩුක්‍රම විවස්ථා සභාව මගින් නිර්දේශ කලහොත් මිස ඉහත නම් කල කොමිශන් සභා 7 සදහා සභාපතිවරු හා සාමජිකයින් පත්කිරිමට ජනාධිපතිවරයාට තම අභිමතයටම පෙරදි මෙන් නොහැකි විය...

එසේම අගවිනුසුරුවරයා හා අනිකුත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන්, අභියාචනාධිකරන සභාපතිවරයා හා සෙසු විනිසුරුවරුන්, අධිකරන සේවා කොමිශන් සභාවේ සභාපති හැර සෙසු සාමාජිකයින්, නීතිපතිවරයා, විගනකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමෙන්තු කොමසරිස්වරයා සම්බන්ද පත්කිරීම වලදි ජනාධිපතිවරයා විසින් කරන නිර්දේශ ආන්ඩුක්‍රම විවස්තා සභාව අනුමත කරන්නේ නම් පමනක් ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම් සිදු කල හැක... නමුත් හමුදාපතිවරු, අමාත්ය මන්ඩලයේ ලේඛම් වරයා, අමාත්යන්ශ ලේඛම්වරු පත්කිරිම් පෙරදි මෙන් සිය අභිමතයටම කලහැකි විය...එසේම කොමිෂන් සභාවලට පත්කල තැනැත්තන්ව සිය අභිමතයට ඉවත් කිරීම ජනාධිපතිවරයාට කල නොහැකිය වේ.. යම් නීතියකට අනුව/ආන්ඩුක්‍රම විවස්ථා සභාවෙ ඉවත්කිරිමේ අනුමැතිය මත පමනක් ජනාධිපතිවරයා විසින් කලහැකි විය...

2001 දි සිදු කල 17 වන සන්ශෝධනය මත පිහිටවු ආන්ඩුක්‍රම විවස්තා සභාවෙන් බලාපොරොත්තුවු අරමුනු ඉතා විශිෂ්ට ඒවා බව නොරහසකි...එහෙත් ඒවා ඒ අයුරින්ම ඉෂ්ට කරගැනිමට යාමෙදි ප්‍රායෝගික දුෂ්කරතා මතුවීම නොවැලැක්විය හැකිවිය... ආන්ඩුක්‍රම විවස්තා සභාවේ සන්යුතිය අනුව ජනාධිපතුවරයා බලය දරන පක්ශයම පාර්ලිමෙන්තු බලය නොදරන අවස්තාවක ජනාධිපතිවරයා වෙත ආන්ඩුක්‍රම විවස්තාවෙන් ලබාදී ඇති ජනතාවගේ විධායක බලයට අදාලව ඔහු විසින් සිදු කරනු ලබන පත්කිරිමේ බලය වැඩි වශයෙන් ආන්ඩුක්‍රම විවස්තා සභාව මගින් උදුරා ගැනිමක් පැහැදිලිව නිරූපනය කරයි...

එනම් ජනාධිපතිවරයා ව්සින් ආන්ඩුක්‍රම විව්ස්තා සභාවට කරනු ලබන යම් නිර්දේශකිරීමකට අදාලව එහි අනුමැතිය ලබාගැනීමෙදි අදාල සභාවේ අනුමත කිරීම, හා අදාල සභාව විසින් නිර්දේශ කර ජනාධිපතිවරයා විසින් පත්කිරීට යොමු කිරීමෙදිත් පාර්ලිමේන්තු බලය දරන පක්ශය වෙනස් වීම මත ජනතා බලය හෙවත් පරමාධිපත්යට ඉදුරාම පටහැනි ක්‍රියාවක් වන විපක්ශය විසින් විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ පත්කිරීම් සියතට ගැනීමෙ හැකියාවක් පෙන්නුම් කරයි...

විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ පක්ෂයම පාර්ලිමෙන්තු බලයම දරන අවස්තාවකදි කතානාකයවරයා ස්වාධීන යයි උපකල්පනය කලවිට නිල සාමාජිකයින් අතරින් අගමැති ආන්ඩුවේ වෙයි.. විපක්ශනායක වරයාගේ මනාපය අගමැතිගේ නාම යොජනා කිරීමට පක්ශව නොලැබීමට බොහෝදුරට ඉඩ ඇත.. එතනදි පත්කිරීම් සම්බන්ද ජනාදිපතිවරයා සතු විධායක බලය තීරනය කිරීමෙ 50% ක හැකියාවක් විපක්ශය සතුව ඇත... එසේම කතානායකවරයා හා විපක්ශනායක වරයා යන දෙදෙනාම එකග වන යොජනා කිරිමකට රජයේ පාර්ශවයෙන් අගමැති විරොධය පලකලත් එතැනදි විධායක බලය දරන ආන්ඩුවට විපක්ශව 2/3 ක වැඩි බලයක් නිල සාමාජිකයින් අතර, විධායක බලය හා පාර්ලිමෙන්තු බලය යන දෙකම දරන රජයේ පත්කිරිමකට එරෙහිව තිබේ... එය ආන්ඩුක්‍රම විවස්තාවට පටහැනිය...විධායක බලය හා පාර්ලිමෙන්තු බලය යන දෙකම දරන රජය අදාලව කල පත්කීරිමක් ලෙස සැලකිය හැක්කේ නිල සාමජිකයින් 3 ගෙන් විපක්ශනායක හැර අනිත් දෙදෙනාගේම එකගත්වයෙන් යම් නාම යොජනාවක් ඉදිරිපත් වුවිට පමනි... එවැන්නක් සිදුවීම බහුලව අපෙක්ශා කලහැකි මුත් එසේ නොවීමේ හැකියාවක්ද පවති...

පාර්ලිමෙන්තු බලය විපක්ශය සතුව ඇති අවස්තාවකදි තත්වය කලින් අවස්තාවලදිටත් වඩා ජනාධිපතිවරයා සතු විධායක බලය උදුරා ගැනීමක් පැහදිලිව පෙන්නුම් කරයි.. එවනි අවස්තාවලදි විධායක බලය දරන ජනාධිපතිවරයා නියොජනය කරමින් සභාවේ ඇත්තේ විපක්ශනායකවරයා වේ... ඒ අනුව විධායක බලය දරන ජනාධිපතිවරයා නියොජනය කරන ඔහුගේ නාම යොජනා කිරීමකට සභාව තුල 1/3 ක අවකාශයක් පමනක් හිමිවීමට අතිශයෙන්ම ඉඩ තිබේ මන්ද පාර්ලිමෙන්තුවේ සිටින කතානායක හා අහමැති යන දෙදෙනාම එක් පසකට අයත් වියහැකි බැවිනි... එවැනි අවස්තාවකදිද ජනාදිපතිවරයා සතු පත්කිරීමේ බලයෙන් වැඩි කොටසක් තීරනය කරන්නේ විධායක බලය දරන පක්ශයට විපක්ශව සිටින අය විසිනි... එය ජනතා පරමාදිපත්යට පටහැනිවෙයි... මන්ද ජනතාව විසින් ක්‍රියාවෙ යෙදවිය යුතු විධායක බලය දි ඇත්තේ ජනාධිපතිවරයාට පමනක් නිසාවේ..

පත්කරනු ලබන 7 දෙනාම කිසිදු දේශපාලන පක්ශයකට අයත් නැති අය විය යුතු යැයි ලෙස සලකයි.. එහෙත් එවැනි තැනත්තත් ප්‍රයොගිකව සොයාගත හැකිද යන්න බරපතල ගැටලුවකි... අනිත් අතට ආදාල විවස්තා සභාවේ එම 7 දෙනාම කිසිදු දේශපාලන පක්ශයකට අයත් නොවෙන අය යැයි සැලකෙන නිසා ආන්ඩුක්‍රම විවස්තාවෙන් ජනාධිපතිවරයා වෙත ලබා දෙන ජනතාවගේ විධායක බලය ක්‍රියාවෙ යෙදවීමට මැදිහත්වීමට දේශපාලන පක්ශයකටවත් අයත් නැති පොදු ජන කීර්තිය ඇති, විශිෂ්ටතයෙන් හා අවන්ක භාවයෙන් යුතු සාමාන්ය පුරවැසියන් 7 දෙනෙකු මගින් තීරනය කිරීමට ඉඩ හැර ඇත... අදාල තනතුරු වලට නම් යොජනා කිරිමේ අවස්තාවක් ජනතාවට එයින් ලැබුනද එය කොතරම් වගකීමෙන්, සාර්තකව ඉස්ට කලහැකිද යන්න ගැටලුවකි... සාර්තක වීමටත්, අසාර්තක වීමටත් එක හා සමාන අවකාශය දීමක් සිදුවි ඇති බව දකින්නට තිබේ... එයින් ස්වාධීනත්වයකට වඩා නුසුදුසු ආකාරයේ යොජනාකිරීම් වැඩිපුර අපෙක්ශා කල හැකිය...

අනිත් අතට එම 7 දෙනා යම් කරුනක් සම්බන්දව ප්‍රභල මතයක් දරන්නේද එය කුමක් උවත් එවැන්නක් නිල බලය මගින් පරාජය කලනොහැකි තත්වයකට පත්වේ... මන්ද 10 න් 7 ක් යන්න 10 න් 3 ට වඩා විශාල බැවිනි... අගමැති හා විපක්ශ නායක නාම යොජනා කොට පත්කරනු ලැබු 5 දෙනාගෙන් 3 දෙනෙක් හෝ අගමැතිවරයාගේ යම් නාමයොජනාවකට කැමති වුවහොත්, ජනාධිපතිවරයා තනිවම පත්කරනු ලැබු තැනැත්තාද එකග වි අනිත් තැනත්තන් එකහ නොවුනහොත් 5 ට 5 ලෙස නාම යොජනාවට, තීරනයට පක්ශ විපක්ශ කන්ඩායම් ඇතිවේ...එනම් එකගතාවයන් ඇතිකරගැනීම බෙහෙවින් අසීරු වෙයි.. භාගයක් යම් අයට කැමත්ත පලකරද්දි අනිකුත් පිරිස ඔවුන්ට අකමැති වී වෙනත් අය යොජනා කර සිටි... ඒ අනුව ආන්ඩුක්‍රම විවස්තා සභාව යන්න ජනාධිපතිවරයා සතු පත්කිරීමේ විධායක බලය 10 දෙනෙකුගෙන් යුතු සභාවක් අතර දෝලනය වීමට ඉඩ හැරීමක් වේ..

පාර්ලිමෙන්තු බලය යම් පක්ශයකට ලැබීම, එම පක්ශයෙන්ම ජනාධ්පතිවරයා පත්වී සිටිම හෝ එසේ නොවීම මත නිල සාමාජිකයින්ගෙන් හා අනිකුත් පත්කරනු ලබන සාමාජිකයින්ගෙන් යුතු සභාවෙන් ලැබෙන අනුමත කිරීම අවස්තාවන් දෙකේදි එක හා සමාන නොවේයි.. එය ජනාදිපතිවරයා විසින් සිය අභිමතයටම කරන පත්කිරීමක් තරමටම භයානක නොවිය හැකි මුත් එහිද යම් මට්ටමකට හො අවදානමක් ගැබ්ව පවති.. එනම් එවැනි අවස්තාවකදි බලාපොරොත්තු වන තරමටම අපක්ශපාතිබවක් අපේක්ශා කල නොහැකිවෙයි... එමෙන්ම ඒ කවර අවස්තාවකදි වුවත් සභාව තුල තීරනයක් ගැනීමේ විෂමතා ඇති විමේ ඉඩකඩක් ඉතිරි වී තිබේ... නීතියනුකූලව සම්මත කරගැනීම්ක් උවත් එවැනි පදනමක සිට ගන්නාවූ නිර්දේශ, යෝජනා කිරීම් වල ස්වාධීනත්වය කෙතරම් දුරට නීතිය තුලදි අපෙක්ශාකල මට්ටමෙන් ප්‍රයොගිකව ඉස්ට වේද යන්න සැක සහිතය...

ආන්ඩුක්‍රම විවස්තා සභාව හරහා කිරීමට බලාපොරොත්තු වු රටේ නම් කල ඉහල තනතුරු සදහා වඩා විනිවිද භාවයෙන් හා පුලුල් එකගත්වයෙන් යුතුව තැනැත්තත් තෝරා ගැනීම යන්න සාර්තකම වේ යනුවෙන් සහතිකයක් මෙවැනි පරිසරය්ක් තුලදි තියෙද යන්න සැක සහිත වේ...

ඒ අනුව අභිමතාථ යහපත් උවත් ඒවා ප්‍රායොගිකව ඉශ්ට කරගැනීමේ ආන්ඩුක්‍රම විවස්තාදායක සභා ක්‍රියාවලිය වියවුල් විය හැකි බව පෙනේ... එබැවින් එවැන්නක් ප්‍රායොගිකව සාර්තක වනවාට වඩා අසාර්තක වීමේ අවදානමට නතුව ඇති බව පැවසීම යුක්ති සහගතය...

No comments:

Post a Comment