Wednesday, June 11, 2014

නීතියට අනුව සමාජයෙන් සදහටම බැහැර කල යුත්තා බැහැර කල යුතු මට්ටමේ අයකු බැහැර කරන්නට පෙර ...

බන්ධනාගාර බස් රථවල සිටිනා ඇතැම් අය එලියේ සිටිනා අප දෙස බලන්නේ පුදුමාකාර කේන්තියකිනි !!! ඒත් සමගම මතක් වූයේ පළමු වසරේ අප කල බන්ධනාගාර සංචාරයේදී මැදිරිතුල රදවා සිටි ඇතැම් තැනැත්තන් කේන්තිය පිරුණු දෑසින් අප දෙස ඔරවා බැලූ ආකාරයයි...

සාමාන්ය පුද්ගලයකු දෙස බලනවාට වඩා වෛරී ඇසක් නීති සිසුන් වන අප වෙත යොමු වනවා නියතය. මන්ද ඔවුන්ට එවැනි තත්වයක් අද වන විට උරුමව ඇත්තේ අන් කිසිවෙකු නිසා නොව කලකදී දැන් අප සිටිනා තැන සිටි පසුව කලු ලෝගුවක් දමාගෙන උසාවියේ ඔවුන්ට විරුද්ධව තර්ක කරමින් කතා කල නීතිඥවරුන් / වරියන් නිසා බව ඔවුන් සක්සුදක් සේ දන්නා නිසාය.

අප නිදහසේ එහා මෙහා යනු දකින විට එසේ කරන්නට නොහැකිව දෑතට විලංගු වැටි සිටින / බන්ධනාගාරයක රදවා ඇති / බන්ධනාගාර බස් රථයක යන ඔවුන්ට කේන්ති එනවා ඇත ! නමුත් ඔවුන්ගේ නිදහස සීමා කරගෙන ඇත්තේද ඔවුන් විසිනි ! එයට විපාක ඔවුන් නීතියට අනුව විදීමින් සිටීම සම්බන්ධව අපට කරන්නට දෙයක් නැත !

සරලවම කිව හොත් ඔවුන් කර කී දෑට අපි පලි නැති බවයි!

ඇතැමුන් සිතනවා ඇත්තේ මරණීය දණ්ඩනය යනු සමාජ විරෝධය දැක්වීමේ උපරිමම ක්‍රමය බවයි !

මාද කාලයකට පෙර නම් සිතා සිටියේ එසේය ! නමුත් දැන් "නැත" යන්න පැහැදිලිවම කිව හැකිය.

මරණීය දණ්ඩනය නොව බන්ධනාගාරගත කිරීම යනු සමාජ විරෝධය දැක්වීමේ උපරිමම ක්‍රමය ( ලුණු ඇඹුල්ද එකතු කොට තේරෙන භාෂාවෙන් කිව හොත් පිරිපහදු කරනා ලද පළිගැනීමේ උපරිමම ක්‍රමය ) යැයි කීම කොතරම් නිවැරදිදැයි අවබෝධ කරගැනීමට ඔය නිරීක්ෂණම ප්‍රමාණවත්ය !

ඒ අර්ථයෙන් ගත් කල නම් අපරාධ කරුවන්ට දිය හැකි හොදම දඩුවම නම් ඔවුන්ව සිරගත කොට කල වරදට හූල්ලමින් සිටීමට ඉඩ හැරීම බවද කිව හැකිය. ඔවුන් සිරගත කොට සාමාන්ය සමාජයෙන් අත හැර තිබෙන තත්වයක සිටියදී එලියේ නිදහසේ ඇවිදින අය දකිනවා තරම් වෙනත් වේදනාවක් ඔවුන්ට ඇති නොවෙනු ඇත...

නමුත් අවශ්ය අවස්ථාවලදී ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත නොකොට මරණිය දණ්ඩනය හරහාම සමාජයෙන් සදහටම බැහැර කල යුත්තා බැහැර කල යුතු බව කියන්නට මා නම් උනන්දු වන්නේ එකක් එසේ පුද්ගලයින් ජීවිතාන්තය දක්වා වැනි දීර්ඝ කාලීනව රදවා තැබීම බදු පලි ගැනීමේ චේතනාවක් ඍජුව නැති යැයි තර්ක කල හැකි වුවත් ව්‍යංගයෙන් අදහස් වනවා බදු ක්‍රියාවක් අනුමත කිරීමට අවශ්ය නැතැයි සිතන නිසාය !

අනෙක් කාරණය නම් ඔවුන් සිටිනා මානසික තත්වය නිසාම ඔවුන් නිසා නැවත වරක් සමාජය අවධානම් තත්වයට වැටීම වැලැක්වීම 100% ක්ම සහතික කල යුතුවන නිසාය !!!

" මරණීය දණ්ඩනය නැවත රැගෙන ආ යුතුද ? " මාතෘකාවට ලියා ගෙන එන්නට කියූ රචනයේදී නීතියට අනුව සමාජයෙන් බැහැර කල යුත්තාව එසේ කල යුතු බව අවධාරණය කල මුත් වඩාත් මානුෂිකව බැලිම පැත්තෙන් සිතා හා මරණීය දණ්ඩනය නියම වූවෙකුට වුව සිය පණට ඇති ආශාව පැත්තෙන් සිතා වියතිරේකී අවස්ථාවක් යටතේ සමාජයේ පුරවැසියන්ගේ එකගතාවයද මත පණ නල ආරක්ෂා කරගැනීමට එක් අවස්ථාවක්ද යෝජනා කිරිම ගැන දැන් මා බෙහෙවින් සතුටට පත්වෙමි !

එය, කාලීන අවශ්යතාවය නිසාම මරණීය දණ්ඩනය ලබා දිමට පක්ෂ මාගේ මෙන්ම මරණීය දණ්ඩනය ලැබීමට සුදුසු බවට අධිකරණය ඉදිරියේ තර්ක කරමින් කරුණු ඉදිරිපත් කරනා නීතිඥවරුන් / වරියන් හා මරණීය දණ්ඩනය නියම කරනා ගරු විනිසුරුතුමන්ලාගේ හා ඊට යම් ආකාරයකින් අවශ්ය පහසුකම් ලබා දෙන හා එය ක්‍රියාත්මක කරනා ආදී මේ සැමගේම පරලොව යහපතටද නියත වශයෙන්ම හේතු වනවා ඇත !

Sunday, May 25, 2014

දණ්ඩනයේ පැහැදිලි අවශ්යතාවය මතුවේ ...

කිසියම් වූ ඝාතනයක් ගැන වාර්තා නොවෙන දිනක් වේ නම් ඒ කලාතුරකින් බවත් එය දැන් සාමාන්ය දෙයක් බවට පත්ව ඇතැයි සිතේ !

දඩුවම් දීම සදාචාර නැතැයි කියා බණෙන්ම සමාජයට යහමගට ගන්නට කතා කරනා ඇත්තන්ට අනුව නම් අපරාධයක් වන්නේ කරුමය පලදීමක් නිසාය !!! එපමණකි ! බක පණ්ඩිතයන්ට අනුව එපමණකි ! සියල්ල අහවරය !!! හරිම සිම්පල් ප්ලෑන් එකක්ය... එහෙම උන්දැලා ගැන කතා කිරිමේ ඵලක් නැත!
එකම ආකාරයේ දඩුවමක් සියලුම වැරදි සදහා ප්‍රමාණවත් නම් දණ්ඩ නීති සංග්‍රහයේ / වෙනත් නීතියක එක දඩුවමක් පමණක් දක්වන්නට තිබුණි !!!

නැත ! දඩ හෝ සිරදඩුවමින් පමණක්ම හැම අපාරාධයම පාලනය කල නොහැකි ය... තව දඩුවම් වර්ග 3 ක් ඇත්තේ එබැවිනි !!! හරි නම් තව එකතු කල යුතු යැයි සිතෙන තරම් ය...

හෙට දින මෙලෙස කඩ විමේ අවධානමට ඔබගේ හෝ මගේ මානව අයිතීන් නතුවී නොමැති බව නිසැක ලෙස කිව හැකිද ? පැහැදිලිව නොහැකිය... ඊට ප්‍රාධාන ලෙසට හදුනා ගත හැකි හේතුවකි.
මන්ද යත්, මානව හිමිකම් ලේබලය බබලවන්නට යැයි කියා ප්‍රසිද්ධියේ මතක හිටින්නට කස පාරක් හෝ නොදී එසේම ලැබිය යුතු දඩුවම නියම වූ පසුව එය ක්‍රියාත්මක කොට සමාජයෙන් සදහටම බැහැර විය යුතු තැනැත්තන් එසේ සමාජයෙන් සදහටම බැහැර නොකොට ජීවිත දානය දී තිබීමයි! ඒ අනුව එයින් අයුතු ප්‍රයෝජන ලබමින් සමාජයේ පුරවැසියන්ගේ මානව අයිතීන් මෙසේ කඩ කිරිමට ඇතැමුන් ඉඩ විවර කරගෙන තිබීමේ තවත් බිල්ලක් යැයි කිව හැකි තත්වයකි මේ ! මෙය දැන් හෝ පාලනය කිරීම ඇරඹිය යුතුව ඇත !!!

එමගින් අවසානයේ සිර මැදිරි වල "සිරකරුවෝද මනුශ්යයෝය" යන ලේබලය යටතේ රදවා ඇති සමාජයෙන් සදහටම බැහැර විය යුතු තැනැත්තන් පමණක්ම ඉතිරි වීම වලක්වා ගත හැකි වනු ඇත ...
නො එසේ නම් අන් අයගේ මානව අයිතීන් කඩනා තැනැත්තන් නිසා නිර්දෝශී පුද්ගලයින් සමාජයෙන් වැඩි වශයෙන් බැහැර වෙමින් ඊට වග කිව යුතු යැයි තීන්දු උන අන් අයගේ මානව අයිතීන් කැඩු පිරිස් "සිරකරුවෝද මනුශ්යයෝය" යන ලේබලය යටතේ වැඩි වැඩියෙන් බන්ධනාගාර කරා එකතු විය හැකිය ...

http://nethfm.com/article/13944

Friday, February 14, 2014

සමාජ අවශ්යතාවය හදුනා ගැනීමේ වැදගත්කම.

අපේ රටේ නම් හැදෙනා කෙනෙක්ට හැදෙන්නට ඕනැ තරම් අවකාශය ඇතැයි කිව හැක්කේ උදේ දවල් හවස රාත්‍රී බණ අහන්නට හැකි රටක් නිසාය. දැන් "අම්මී ..... තාත්තා .........." ලෙසින් කවිබණද අසන්නට ඇත... කවුරුත් වාගේ අසන බව නම් සිතේ ... හැදෙන අයත් ඇතුවාට සැක නැත, එසේම ඒ කනෙන් අසා මේ කනෙන් පිටකරනා හැදෙන්නේ නැති ඇත්තන්ද ඇති බව දකින්නට ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් හරහාය...

හැදෙන්නේ නැති ඇත්තන් නිසා අන් අය පීඩාවට ලක් විය යුතු නැත ...

අද දිලික්ත නීතිය යටතේ ඉගෙනීමට ඇති කිසිවෙකු කිසිවකුට කරදර නොකර සිටිය යුතුය යන කාරණය මා දැන ගත්තේ මා 7 වසරේ පමණ සිටියදීය, එනම් අදින් වසර 18 කට පමණ පෙරාතුවයි. ඒ මාගේ පියාගෙනි !

අයෙකුට නීතියෙන් තවත් පුද්ගලයකුට එරෙහිව බලය ක්‍රියාත්මක කරන්නට ඉඩ දී ඇති අවස්ථාවක් වන ආත්මාරක්ෂවේ අයිතිය භාවිතා කිරීම වැනි අවස්ථාවක මිස අන් අවස්ථාවක කිසිවකුට හානියක් කිරීමට නීතියෙන් ඉඩ දී නැත. එසේ තිබියදී එය අනුව කටයුතු නොකොට ක්‍රියාත්මක වන්නේ නම් අවස්ථානුකූලව වින්දිතයා හෝ ඔහු වෙනුවෙන් රජය නීතියට අනුව ක්‍රියාත්මක වීම තුලින් ශිෂ්ඨ සම්පන්න අන් අයගේ මානව හිමිකම් ගරු කරනා පවත්නා නීතියට අනුව කටයුතු කිරීම / බලය භාවිතා කිරීමට යොමු වන්නාවු ජනතාව ආරක්ෂා කල යුතුය. සමාජයේ පුරවැසියන්ගේ යහ පැවැත්ම පිළිබදව කටයුතු කරද්දි එයට ආගමේ මැදිහත්විමක් ඇත. එහෙත් එයින් පමණක්ම එය කල නොහැක බණ දහම් අසන්නේ නැති ඇත්තෙකු නිසා අන් අය පීඩාවට පත්වීම වැලැක්වීම සහතික කිරීමේ කාර්යය නීතිය මතද පැවරී ඇත. යම් සබදතාවයක් තිබෙන බව දක්නට ඇතිමුත් නීතියේ එම කාර්භාරයට ආගම අනිසි ලෙස මැදිහත් විය යුතු නැත.

සමාජයෙන් බැහැර කල යුත්තා බැහැර කිරීම මගින් හදන්නට බැරි ඊටත් වඩා නිවැරදිව කිව හොත් හැදෙන්නේ නැති ඇත්තකු හෝ ඇත්තවුන් නිසා අනිකුත් පුද්ගලයින්ගේ මානව හිමිකම් අවධානමට ලක්වීම පැහැදිලිවම වැලැක්විය යුතුය. සවුදියේදී බැරිවීමකික් තබා ගිය ( අමතක වී ගිය ) ආභරණ පාර්සලයක් කිසිදු අඩුවක් නැතිව එතැනම තිබී සොයා ගත් කතාවක් මා කලකට ඉහතදී ඇසුවෙමි. ඒ අන් කිසිවක හාස්කමක් නොව නීතියේ බලමහිමයත් එයට පිටු පෑවිට ලැබෙන දඩුවමත් ගැන හොද අවබෝධයක් ඇති ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරයකි. අපගේ රටේ නම් විටෙක මේ පැත්ත බලා අනික් පැත්ත බලන කල වැටුණු රුපියලකට වෙච්ච දේ පවා හිතා ගන්නට නොහැකි තරම් යැයි සිතේ ...

කෙසේ නමුදු සුලු නොව කවර වරදකට පවා අත් පා කැපීම වැනි පුද්ගලයකුව බාගෙට කාලට මරා ඉතිරි කරන දඩුවමකට නම් මාද එකග නැත. වරදක් කිරීමට දඩුවමක් ලෙසින් අත පය කපා දමා ඉතිරි දිවිය පුරාම නොමරා විදවන්නට ඉඩ සලසනවාට වඩා මරණීය දණ්ඩනයට යටත් කිරීම දාහෙන් සම්පතකි. නමුත් එයද ගල් ගැසීම වැනි වේදනාත්මක ලෙසින් නොව එක්වරම ලබා දෙන්නේ නම් එය කෲර අමානුෂික අන්දමේ එකක් යැයි හදුනා ගැනීම වලකිනු ඇත ...

රිසානාට අත් වූ ඉරනම සැලකූ කල ලොවම ඇයට සමාව දෙන ලෙස ඉල්ලා සිටියද ඇය විසින් ඝාතනය කලැයි චෝදනා ලැබූ දරුවාගේ පියා සමාව දුන්නද දරුවාගේ මව ඇයට සමාව නොදී තිබුණි... එය එක්තරා අන්තගාමි තත්වයක් යැයි කිව හැකි උවත් ලෝකයා කවරක් කීවද එවැන්නකින් පවා පෙන්වා දෙන්නේ තමන්ට වූ අගතිය වෙනුවෙන් ජීවත් වන අයකු වශයෙන් හිතට සහනයක් ලබා ගැනීමේ දැඩි අවශ්යතාවයම මිස අන් කිසිවක් නොවේ ... එම අවශ්යතාවය කොයි මිනිසා/හැගැණිය තුලත් අඩු වැඩි වශයෙන් ඇති එකකි...

වරදට දඩුවම ක්‍රියාත්මක කිරීමේ අවශ්යතාවය අවධාරණය වන තත්වයක් ඇති බව අපට පෙනෙන්නේ මිනිසුන් තමන්ට වූ අගතියට ප්‍රතිකර්ම සොයන ආකාරයෙනි, අනතුරක් සිදු කල රියදුරෙකුට පහර කෑමට ලක් වන්නට සිදුවන තත්වයකි, චීන්දිතයන්වත් නොවූ හුදු සැකකරුවන්ගේ ගෙවල් ගිනි තැබීම් ආදියද වේ. මෙවැනි දෑ තුලින් කියා පාන්නේ තමන්ට වූ අසාධාරණයකට යුක්තිය ඉල්ලා සිටින්නාවූ මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයයි ... අවස්ථාවක් ලද හොත් සිය ප්‍රාණයට අන්තරායක් පැමිණි කල්හි මහා ලොකුවට මානව හිමිකම් යන්න ඉදිරියට දමා අත් දෙකම ඔසවා 'මරණීය දණ්ඩනය එපා එපා' කියමින් තමුන් තරම් මානව හිමිකම් කෙරේ සංවේදී ඇත්තෙකු මේ විශ්වයේම නැතැයි කියා සිටින්නට උත්සාහ කරන්නන් වේ නම් ඔවුන් කෙසේ හැසිරෙනු ඇත්දැයි දැන ගැනීමට හැකි වනු ඇත...

ඉහත දක්වා ඇති පරිද්දෙන් නීතියේ සීමාවෙන් ඔබ්බට ගොස් අයථා ක්‍රම මගින් යුක්තිය සොයා යෑමද පැහැදිලි ලෙසම ශිෂ්ඨ සම්පන්න සමාජයට ඔබින්නේ නැත ... එය කැලෑ නීතිය රජ කරවීමක් ලෙසින්ද විටෙක සමහර අය නම් කරනු ලැබෙන්නකි ... තවත් නිවැරදිව කිව හොත් අතීතයේදී අගතියට යුක්තිය සොයා ගිය මිනිසාගේ තත්වයට නැවත ගමන් කිරීමක් බදු එකකි ... එය මිනිසා නැවත වනචාරි වීමකි. එය නැවතිය යුතුය. එය කල හැක්කේ නීතියටයි. නීතියෙන් අගතියට පත්වූ පාර්ශවයන්ට සාධාරණයක් හා ඉන් ඔබ්බට ගොස් සමාජයට පණිවිඩයක් දෙමින් සාධාරණයක් ඉටු කිරීම සිදු විය යුතුය.

අතීතයේ ශ්‍රි ලංකාව තුල කාන්තාවකට නිල් මැණිකක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වුව තනිවම ගමන් කල හැකි කාලයක් තිබූ බවට කථාවක් සමාන්‍ය සමාජයේ තිබෙන්නෙකි. එය කොතෙක් දුරට සත්‍යක් දැයි මා නිශ්චිතවම නොදන්නා මුත් 'මෙය සත්‍යක් නම්' එය නීතිය ක්‍රියාත්මක වීම හා වරදට පුද්ගලයින් යොමු වීම වැලකීම යන යාන්ත්‍රණ දෙකේම මනා දායකත්වය නිසාම සිදුවූවක් බව සැක නැතිවම කිව හැකිය, වරදට දඩුවම් තිබුණද පුද්ගලයින් වරදට යොමුවීම අවම කිරීමේ යාන්ත්‍රණයේ ඇති දුබල කමක් නිසා දණ්ඩනය එතරම් වැදගත් දෙයක් නොවෙන වග ඇතැමුන් වරදවා වටහා ගෙන ඇත ...

රැල්ලට මෙන් 'මානව හිමිකම්' මානව හිමිකම්' යැයි අතන මෙතන කතා කරනා හා ඒවා කඩ වෙනවා යැයි කිඹුල් කදුලු හෙලනා ඇතැමුන්ට වඩා නීතිය හදාරන මා මානව හිමිකම් ගැන දැනුවත් බවත් එවැන්නවුන්ට වඩා දැනටද මා හට හැකි අයුරින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අකුරක් හෝ අර්ථවත්ව ලියන්නට හැකි තැනක ඉන්නා බ්වත් එසේ ලියා ඇති බවත් ඉදිරියටද ලිවීමට උනන්දු බවද කියන්නට කැමැතිය. ඔය ඇතැමුන් කියනා බටහිර ජාතීන්ද ගරු කරනා බව කියනා ශිෂ්ඨ සම්පන්න කම් ගැන මා හට උගන්වන්නට පැමිණීමට පෙර කරුණාකර තම තමුන් ඒ පිළිබදව පළමුව හැදෑරීමක් කරන්නේ නම් වටිනු ඇතැයි මා සිතන කාරණයකි.

ඇතැමුන් කටින් ඉටු කරනවා මිස සැබෑවටම මෙතෙක් ඵල නොදැරූ අභියෝගයක්ව අතිරි වී ඇති කරුණකි ! ඉස්‌ලාම් නීතිය බල පවත්වන රටවල හැර දියුණු යෑයි සම්මත බටහිර ජාතීන්ද ගරු කරනා ශිෂ්ඨ සම්පන්න මානව හිමිකම් ගරු කරනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මනුෂ්යත්වය රජයන තත්වයට සමාජය උසස් කරගැනීමයි. නමුත් ඔය මානව හිමිකම් කතා කියමින් සිටි අය ඒ කතා තුලින් කාලය ගත කලා මිස කල වෙන ඉටි ගෙඩියක් දකින්නට නැත...

දැකිය හැක්කේ දැනටම ප්‍රමාදව ඇති බවකි. අනිත් කාරණය නම් අපට ඒ තාක් හෝ අනවශ්ය අවධානමක් ගැනීමට අවශ්ය නැති බවයි. කෙසේ නමුදු පොදුවේ ඔවුන්ට කියා සිටින්නේ හැකිනම් ඔවුන් කියනා සමාජයක් හැකි තාක් ඉක්මනින් අප වෙත නිර්මාණය කර පෙන්වා දෙන ලෙසයි. අපිද කැමැත්තෙමු ! ඉන් පසුව මාද අකමැති නමුත් අවශ්ය තාවය නිසාම ක්‍රියාත්මක කල යුතු බව කියනා 'මරණීය දණ්ඩනය ඉතින් තවත් අවශ්ය නැතැයි සිතේ 'වැනි වදන් පෙලක් මා අතින්ද ලියවෙනු ඇත ... නමුත් ඒ තාක් ලියන්නට වන්නේ සමාජ අවශ්යතාවය මත ලිවිය යුත්තයි.

විනය කඩ වීම හා අපහාස වීම

ඇතැමුන් විනය කඩ වීම් අපහාස වීම් වනවා යැයි හුදු ප්‍රකාශ වලින් දක්වනවා මිස එසේ දක්වා සිටින්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලිව දක්වන්නේ නැත... මේ එවැනි කාරණා 3 කි.

* පාසැල් කාලයේ ආදර සබදතා තබා ගැනීම පාසැලට අපහාසයක් යැයි අගවන බව පෙනේ.

එසේ නීතියක් නම් කොහේවත් නැත. ආණ්ඩුක්‍රම විවස්ථාව අනුවම සබදතා ඇති කරගනිමින් කැමති පුද්ගලයින් ඇසුරු කිරීම මූලික අයිතිවාසිකමක් බව දක්වා ඇති කාරණයකි, දී ඇති එවන් අයිතිවාසිකම් යම් පමණකට සීමා කිරීමක් වේ නම් එය නීතියට අනුව සාධාරණ හේතු මත, තවත් පැහැදිලිව කිව හොත් ගත් තිරණයක් සමග එම තීරණය ගැනීමට පදනම ලෙස ඉදිරිපත් කරන කරුණු සාධාරණ ලෙසින් ගැලපිය යුතු තත්වයක් විය යුතුය ! ඒ මිස හිතූ හිතූ ලෙසින් අයිතිවාසිකම් සීමා කිරීම නොකල යුතුය...

මිතුරු සබදතා ඇති කරගැනීමත් ඒවා ඉදිරියට රැගෙන යෑම විදුහලක විදුහල්පතිවරයාට, ගුරුවරුන්ට, ටියුෂන් පන්තියක ටියුෂන් සර්ට තබා අම්මා තාත්තාටද වුව නැවැත්විය හැකි කාරණයක් නොවේ. කල හැක්කේ වරදක් ඇත්නම් එය පෙන්වාදීමය. තවද වරදකට පෙල්ඹීම වැලැක්වීම හා වරදක් කලේ නම් නීතිය තුල සිට දඩුවමක් ලබාදීමට යොමු වීමත් පමණි. එයද කල යුත්තේ ඔහු / ඇය තවම "ළමයෙකි" ලෙසින් කල්පනාවේ තබාගෙන මිස වැඩිහිටියකු ලෙසින් කල්පනා කරගෙන නොවේ ... විශේෂයෙන් ළමයා කිසියම් වූ වෙනත් ප්‍රශ්න වලින් පෙලෙන්නේ නම් එයද මනාකොට සැලකීමට ලක් කර තිබිය යුතුය.

* පාසැල් වයසේ ළමුන් එම වයසේදී චිත්‍රපටියක් බැලීමට යෑම පාසැලට සම්බන්ධව විනය කඩ වීමක් යැයි අගවන බව පෙනේ.

සමාගමයේ නිදහස භුක්ති විදීමට ළමුන්ටද නිදහස ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව ඇත... මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ගරු කිරිම හා ප්‍රවර්ධනය කිරීම සියළු පාලන ආයතන වලින් සිදුවිය යුතුව තිබියදී හුදෙක් 'විනය හා අපහාසය' යන සාධකය සෑම විටම ඉදිරියට ගෙන එම නිදහස පාසැල් ළමුන් සම්බන්ධව අයථා ලෙස සීමා කරන්නේ නම් එය මූලික අයිතිවාසිකම් වලට පහර ගැසීමක් ලෙසට නම් කල හැකි කාරණයක් වනු ඇත...

කෙසේ නමුදු අමතක නොකල යුත්තේ විශ්ව විද්යාල මට්ටමේ වයස අවුරුදු 18 ද පසු කල, වරදකට නිතිමය වගකීමක් පැවරීමට බාධාවක් නැති අය මෙන් නොව පාසැල් මට්ටමේ ළමුන් යනු බාලවයස්කාරයින් බවයි. ඔවුන්ට නීතියෙන්ම විශේෂ ආරක්ෂාවක් ඇත්තේ ඔවුන්ගේ බාල අවධියේදී ඔවුන්ගෙන් සිදුවිය හැකි වැරදි වලදී ඔවුන්ව වයස්පූර්ණත්වයට පත්වූ අය මෙන් නොව වරදකට ලැබෙන දණ්ඩනයෙන් යම් තාක් දුරට ආරක්ෂා කරගැනීමටය... ඒ ඔවුන්ගේම යහපත පිණිස බැවින් ඒ අනුව සිතා බලා කටයුතු කිරීමේ වගකීමක් වැඩිහිටියන්ට පැවැරේ ...

චිත්‍රපටිය වැඩිහිටියන්ට පමණක් නොවෙන එකක් නම් එවැන්නක් නැරඹීමට බාධාවක් බාලවයස්කරුවකුට නැත... 'වැඩිහිටියන්ට පමණයි' චිත්‍රපටියක් නම් එවැනි අවස්ථාවක බාලවයස්කරුවෙකුව එවැන්නක් නැරඹීමට යෑමට රැගෙන යෑම වැඩිහිටියෙකු විසින් නම් නොකල යුතුය ! නමුත් ළමුන් එක්වී එවැනි දෑකට දැනුවත්ව හෝ නොදැනුවත්ව එවැනි චිත්‍රපටියක් බැලීමට පැමිණිය හොත් වයස 21 න් පහළ අයට සිගරට් දීමෙන් වැලකෙන ආකාරයෙන් එවැන්නවුන් හරවා යැවීමේ යුතුකමක් වැඩිහිටියන් වශයෙන් අදාල චිත්‍රපටි ශාලාව භාරව සිටින තැනැත්තන්ට තිබේ ... එය කඩ වූයේ නම් මුලින්ම වගකීම පැවැරිය යුත්තේ ඔවුන්ටය. ළමයාට කල වරද පිළිබදව පැහැදිලි කර දීම විය යුතු මුත් එය කල යුත්තේ ළමයාට සවන් දීමෙන්, ළමයාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් අවස්ථාවක් දී ළමයාගේ මානසික මට්ටම සලකා බලා ඒ අනුව ය.

* ගැහැණු ළමයකු පාසල් නිල ඇඳුමෙන් පිරිමි ළමයකු හා ඡායාරූපයක් ගත් පමණින් එය ෆේස්බුක් හී පලවීමක් වූ පමණින්ම එය කිසියම් වූ පාසැලකට අපහාසයක් වන්නේ යැයි අගවන බව පෙනේ.

සරලව කියන්නේ නම් කිසියම් ඡායාරූපයකින් යම් ආයතනයකට අපහාසයක් වන්නේද යන්න තමන් හිතාගෙන බලන කෝණයෙන් නොව සාමාන්ය සිහිබුද්ධිය ඇති තැනැත්තන් පොදුවේ දකින ඇසින් විමසා බැලිය යුතු කාරණයකි... එහිදී ළමයා වරදක් කර ඇත්නම් ඒ පිළිබදව පැහැදිලි කර දීම විය යුතු මුත් එය කල යුත්තේ ළමයාට සවන් දීමෙන්, ළමයාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් අවස්ථාවක් දී ළමයාගේ මානසික මට්ටම සලකා බලා ඒ අනුව ය.

දෙයක් කියන සේම ඉල්ලන විදියක්ද ඇත. එසේ නොමැති නම් හැකියාවක් තිබුණද දෙන්නට නොහිතනු ඇත... ඒ අනුව වචන හැසිරවීම ප්‍රවේශමින් කල යුත්තේ එමගින් අන් අයට හානිවීම සේම තමන්ට ලැබෙන්නට ඇති දෙයක් පවා නොලැබී යන්නට ඉඩ ඇති නිසාය. සිදුවීම් දෙකක් මතකයට නැගේ ...

ආසනයක් තිබුණු නිසා වාඩි වී සිටියදී වෙහෙසක් තිබූ නිසාම මදක් ඇහැ පියාගෙන සිටියෙමි. යම් කාලයක් ගත වූ පසුව ඇස් ඇර බැලූ විට වෙහෙස දුරුවී මා යන ගමනින්ද සෑහෙන දුරක් පැමිණ තිබූණි. මද වේලාවකින් කවුදෝ කාන්තාවක් මා හට 'පුතේ' කියා අමතා ඇයගේ දියණියට ආසනය මදක් දෙන්න පුළුවන්දැයි ඇසූ කල මා නැගිට ආසනය දුන්නෙමි... ටික වේලාවක් වාඩි වී බෑගය මත සිය හිස තබාගෙන සිටි ඇය නැගිට මා හට කතා කොට නැවත වාඩි වෙන්න යැයි කීවද කමක් නෑ ඔයා ඉන්න යැයි ඇගවූ කල ඇය මද වේලාවක් වාඩි වී සිට එම ආසනය අර කාන්තාවට ( ඇයගේ අම්මා විය හැක ) වාඩි වෙන්නට දුන්නාය...

එහෙම අය අතරේ වෙනස්ම අයද සිටී ...

තවත් කාරණා එක්ක අද හැදෙන තැරුණ පරම්පරාව ඔක්කොම එකය ලෙසින් අවසානයට කාන්තාවක විසින් ඇයට ආසනයක් නොලැබී තිබීම මත තවත් අයෙකු වසමග කී ද්වේශ සහගත මට්ටමේ ප්‍රකාශය ඇසුණු විටදී මුලදී ටික දුරක් ගොස් ඇයට ආසනය දුන්නා නම් හොදය ඇය සිටගෙන ඉන්නවා නේ කියා තිබුණු සිතිවිල්ල ඇයගේ වචන හමුවේ බිදී ගොස් "උන්දෑ හිටගෙනම හිටපුවාවේ" කියා සිතෙන තැනට පත්ව ආසනය නොදී දිගටම වාඩිවී සිටිමට මා තීරණය කලා මතකය. බාලවයස් කරවෙකු නොවුනද මා හට එම කාන්තාවගේ අදහස් එසේ සිතට දැනුනා නම් බාලවයස්කරුවකු ඔවැනි වචන හමුවේ කොතරම් සංවේදී වී දරදඩු වනු ඇති දැයි සිතා ගන්නට සාමාන්ය සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනෙක්ට හැකි වනවාට කිසිදු සැකයක් නැත.

අමතක නොකල යුත්තක් වන්නේ ළමුන් සම්බන්ධව වන සිදුවීමකදී ක්‍රියාත්මක වූ ආකාරයක් නිසා ළමයාට කිසියම් හානියක් වුවහොත් එයට ඇගිල්ල වැඩි වශයෙන් යොමු වන්නේ වැඩිහිටියන් වෙත බවයි... එහි සාමාන්ය දෙයකි. මන්ද වයසින් වැඩි පුද්ගලයා වගකීමෙන් ක්‍රියාත්මක වීම සම්බන්ධවත් වැඩියෙන් සැලකිලිමත් විය යුතු වන බැවිණි ! සැබැවින්ම එය එසේම විය යුතුද වේ !

එහිදීද ඇගිල්ල දික්වන්නේ යම් සිදුවීමක්දී ආසන්නම හේතුව වෙතය. එයද සාධාරණය. මන්ද අන් කවර බාහිර හේතු තිබුණද යම් සිදුවීමදී ආසන්න හේතුව ඉතා තීරණාත්මක විය හැකි බැවිනි !!! ඒ අනුව එය ගැන අවධානය යොමු කල යුතුමය...

කියවීමට අදාලව නිවැරදි වීමේ ප්‍රමානයේ වැදගත්කම සුලු කොට නොතැකිය යුතුය....

ලියා ඇති කරුනු සද්භාවයෙන් යුතුව කියවනු ලබන තැනත්තෙකු විසින් අවබෝධ කරගතහැකි ප්‍රමානයකට නිරවදියතාවයකට එලඹිය හැකි වීමම ප්‍රමානවත් නොවේ... අව්ශ්ය වන්නේ හැකිනම් අසද්භාවයෙන් කියවනු ලබන තැනත්තෙකු විසින්ද එම කරුනු සාවද්ය ලෙස වටහා ගැනීමකට නොඑලබියහැකි ප්‍රමානයකට නිවැරදි වීමයි...

ඒ අනුව සිතේ ඇති ගැගීම්, අදහස් ලිවිම මගින් ප්‍රකාශ කිරීම යනු ඉතා ප්‍රවෙශමින් කලයුතු කාරියක්ම වෙයි... මන්ද යත් එය කෙලින්ම තවත් පුද්ගලයෙක්ගේ/පුද්ගයයින්ගේ හැගීම් ඉලක්ක කරගතහැකිවීමෙන් ඔවුන් ඒ අනුව ක්‍රියාකාරි වියහැකි නිසාවේ...

ආගම්ක වශයෙන්, සදාචාරාත්මක වශයෙන්, නීතිමය වශයෙන් කෙනෙක් දරන්නේ පිලිගත නොහැකි මතයක්/අදහසක් නම් ඒ මතය/අදහස දරන තැනත්තා එයින් නිවැරදි තැනට ගැනිම වෙනුන්වෙන් මහත්වූ උවමනාවෙන් අර්තසාධක ලෙස ඔහුව/ඇයව විවෙචනය කිරිම වරදක් නොවේ... එය දේශපාලනයෙදි පමනක් නොව සියලු අවස්තා වලදි සිදුවිය යුතුය... නමුත් යම් පුද්ගලයෙක්ගේ යම් දෝශ සහගත අදහසක් උඩ සියල්ලන්ටම චොදනා කිරිම නුසුදුසුය... විශේෂයෙන්ම ආගම, ජාතිය වැනි ස්වභාවයෙන්ම මිනිසා ඉතාමත් සන්වෙදි වන කරුනු හමුවේ එය නොකල යුතුය... එසේ කලහොත් එයින් වන්නේ දිගින් දිගටම ඇදී යන ප්‍රස්නයක් නිර්මානය විමයි... වෙනස් කලයුත්තේ අදාල අවස්තාවට අදාලව අදහස හෝ සිදුවීම පමනි... බුද්ධිමත් සමාජයක් විසින් කලයුත්තේ සමාජයේ ප්‍රස්න අවම කරගැනිමින් අන් අයගේ යහපත උදෙසාද තම දැනුම අවබෝධය යොදා ගනිමින් කට්යුතු කිරීමමයි... මන්ද යහපත උදාවන්නේ එයින් වීමය... පිලිගත නොහැකි මතය/අදහස දෝශ සහිත වේයි නම් එය නීතිය, ආගම, සදාචාරය මත පිහිටා බලා නිවැරදි කිරිමයි එවැන්නක් කල්හැකි අන් අයගේ යුතුකම... ඒ බව අවබෝධ කරගත හැක්කේ තම මතය වැරදි බව අදාල තැනැත්තා පසුවහෝ තේරුම් ගන්නේ නම් පමනි... එසේ වන්නේ නම් එවනි තැනක ඇති වන්නේ හරවත් සාකච්චාවක්මයි... එසේ නොවුන කල හරවත් සාකච්චා කෙසේ වෙතත් අදහස් පලකිරිම් සුලග හමුවේ ඉතා දරුනු අන්දමින් ඇවිලී යන ගින්න මෙන් පාලනය කල නොහැකිව සියලු දෙනාගේ සිත් දවාලනු ඇත... එසේ නොවීමට වග බලා ගැනීම වගකිවයුතු පුරවැසියන් වන සියලු දෙනාම විසින් කලයුත්තක්...

ආක්‍රමන හා අපි...

ඉන්දීය/දකුනු ඉන්දීය ආක්‍රමන අපිට අලුත් දේවල් නෙමේ... රජ කාලය සැලකුවාම ප්‍රධාන වශයෙන් අපේ ලන්කාවේ තිබ්බ දේශපාලන අස්ථාවරභාවය හෙතුවෙන් ඒ දේ අවස්ථාවක් කරගෙන දකුනු ඉන්දීයාවේ චෝල අධිරාජ්ය රාජෙන්ද්‍ර ලන්කාවේ අනුරධපුර රාජධානිය අල්ල ගත්තා... ඒ වගේම පොලොන්නරු රාජධානිය සැලකුවම කාලින්ග මාඝ ආක්‍රමනය සදහන් කරන්න පුලුවන්... අපේ රට සිවිල්, දේශපාලන, ආර්තික, සමාජිය, සන්ස්කෘතික වශයෙන් ඉතා ඉහල මට්ටමක් තියාගන්න පුලුවන් උන කිසි අවස්තාවක අපේ රට යටත් විජිතයක්/යටත් විජිතයක කොටසක් විදියට අපිව යටත් කරගන්න බැරි උනා... ඒ නිසා ශක්තිමත් රාජ්යක් වශයෙන් සිටිමයි වැදගත් වෙන්නේ... අතීතයේ තිබ්බ ආක්‍රමන ඒ කාලෙත් එක්ක යටපත් වෙල යනව කියන්න බෑ.. රටක් විදියට අපිට විරුද්ධව අතීතයේ තිබ්බ් වගේම වර්තමානයෙදිත් විවිධ මුහුනුවරයන්ගෙන් ආක්‍රමන මතු වෙන්න පුලුවන් බව හොදින් මතක තියා ගත යුතුයි... එක එක මිනිස්සු අර දේ කරනවා, මේක කරනව කියල වියරුවෙන් වගේ කෑ ගැහිම කියන්නෙත් ඒ එක පැතිකඩක්...දේශිය වශයෙන් වගේම, ජාත්යන්තර නීතියේ මූලධර්ම ගනනාවක් මත රටක් විදියට අපිට ආරක්ශාව තියෙනව. ඒ අනුව රටක් විදියට අපිට තියෙන ආරක්ශාව ගැන අවබොධ කරගෙන ඒ ගැන ඉතා සැලකිලිමත් වෙමින් රටක් විදියට සක්තිමත්ව නැගී සිටිමයි අවශය වෙන්නේ... ඒ තුලින් දේශයට එරෙහි සතුරු ආක්‍රමන මැඩ පැවත්විය හැකියි..

අපේ ජාතික කොඩියට නිසි ගෞරවය ලබාදිම ඉතා වැදහත්...

අපේ රටේදි වෙනත් කොඩි සමග ඔසවනවනම් එ කොඩි අතරේ අපේ ජාතික කොඩිය ඉහලටම ඔසවා නිසි ගෞරවය ලබාදිම ඉතා වැදහත්...

මරදාන දුම්රිය පලට ඇතුලුවන ගේට්ටුව ඉදිරිපසින් දකින්නට තියෙන සහිරා විදුහලේ මොකක් හරි උත්සවයක් තියෙනව මෙ දවස්වල... පකිස්තානයෙ ජාතික කොඩි ගනනාවක් දාලා තියෙනව මම දක්කා... ඒ අතරෙ අපේ ජාතික කොඩි නම් එකයි තිබ්බෙ... ඒ කොඩ්යත් පකිස්තානයෙ ජාතික කොඩි එක්ක සම මට්ටමේ තියල තිබ්බෙ... අපේ රටේදි තියෙන, අපේ ජාතික කොඩිය භවිතා කරන කුමන හෝ උත්සවයකදි ඔසවනවට ඔසවල තියන්නෙ නැතුව අපේ ජාතික කොඩියට හිමිවිය යුතු නිසි තැන ලබාදෙමින් එය නිවැරදිව ඔසවා තැබිමයි වැදගත්...

ජාතික සoකේත වලින් රටක අභිමානයයි පෙන්නුම් කරන්නෙ... එ වගෙ වැදගත් ජාතික සoකේත ගනනාවක් අපේ රටෙත් තියෙනවා... අපේ රටේ ජාතික කොඩියත් එ අතරින් ඉතාම වැදගත්ම එකක්.. අපේ රටේ ජාතික කොඩියෙන් අපේ රටේ අභිමානයයි ලොවටම පෙන්නුම් කරන්නෙ... ඒක අපේ රටට ගෞරවයක්...

බලය අනුව රටවල් වලට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න පුලුවන් කම රටකින් රටකට වෙනස් වියහැකි උවත් ජාත්යන්තර නීතිය යටතේ සියලු රාජ්යන් සමතනක තියෙනවා. ඒ බව ඇත්ත. ඒක වෙනම කතාවක්... ඒත් එ දේ රටක ජාතික කොඩියකින් නිරුපනය කරන්න ඔනද...? එහෙම උනොත් කොහොමද වෙනත් රටකදි කෙසේවෙතත් අපේ රටේදිවත් රට නියොජනය කරන ජාතික සoකේත වලට මුල්තැන දෙමින් නිසි ගෞරවය රටක් වශයෙන් අපි අපේ රටට ලබල දෙන්නෙ...?

අනිත් රටවල ජාතික කොඩි/කොඩියක් අතරේ අපේ රටේදි අපේ ජාතික කොඩිය ඉහලට ඔසවල තිබ්බයි කියන එකෙන් අදහස් කරන්නෙ අපේ රටේ දේශසීමාව තුලදි ආන්ඩුක්‍රම විවස්තාවතාවෙ 6 වන විවස්තාවේ කියවෙන පරිදි දෙවන උපලෙඛනයෙ තියෙන සිoහ කොඩියෙන් පෙන්නුම් කරල තියෙන පරිදි අපෙ රටේ අභිමානය ඉහලින් පෙන්නුම් කිරිමක් මිස එකෙන් අනිත් රට/රටක් අපේ රටතුලදි කොහෙත්ම පහලට ඇද දැමිමක් නෙමේ. පනත් අර්තනිරුපනය මිසක් විමර්ශනය කරල වෙනස් කිරිමේ හැකියව අපේ ඉහලම උසාවියටත් නැති එකේ ආන්ඩුක්‍රම විවස්තාවතාවෙනුත් පෙන්නුම් කරල තියෙන පරිදි එ අභිමානය හිමිවිම ගැන ප්‍රශ්න කරන්න කාටවත් ඉඩකුත් නැ. ඒ බව පැහදිලිව තේරුම් අරගෙන අභිමානයෙන් යුතුව කව්රුත් අපේ දේට නිසි තැන දි නිසි ගරුත්වය ලබා දිමට කටයුතු කරනවනම් ඉතා වටිනවා...

එ වටිනකම් හදුන ගන්න අසමත් වෙනවනම් එ උනත් එ දෙවල් දිගින් දිගටම අඛන්ඩව ආරක්ශා කිරිම අතිශය අවශය නිසා, නිසි ගෞවරවය ලබා නොදිමට කටයුතු කිරිම දඩුවම් ලැබිය යුතු වරදක් ලෙස දක්වල ඒ වරද කරන්නන්ට තරාතිරම නොබලා නීතියෙන් දඩුවම් ලබා දීමෙන් හෝ නිසි ගෞවරවය ලබා දීමට අවශය පියවර ගැනීම වැදගත්...

එක්සත් ජාතින්ගේ සන්විධානයේ අධිකරන බලය...

1. එක්සත් ජාතින්ගේ ජාත්යන්තර අධිකරනය...

ලෝක අධිකරනය ලෙසද හදුන්වන මෙය 1945 දි පිහිටුවන ලදී.. එක්සත් ජාතින්ගේ ප්‍රධාන අධිකරනය වෙයි... එහි විනිසුරු වරුන් 15 දෙනෙකු වන අතර එක් අයෙකුගේ ධුර කාලය වසර 9 කි. එක්සත් ජාතින්ගේ ආරක්ශක මන්ඩලය හා මහා මන්ඩලය [එක්සත් ජාතින්ගේ පාර්ලිමෙන්තුව] විසින් සමගාමිව හා ස්වාධිනව දෙනු ලබන ඡන්දයෙන් පත් කරගනු ලබයි.. අධිකරන බලය ආකර 2 කින් ක්‍රියාවේ යොදවනු දකිය හැකිය... රට රටවල් අතර ඇති ආරවුල් එම රටවල ස්වෙච්චා සහභාගිත්වයෙන් විසදන අතර එසේ ලබාදෙන තීන්දු පිලිපදීමට අදාල රටවල් බැදී සිටී.. එක්සත් ජාතින්ට හා එහි නියොජිත ආයතන වලට උපදේශාත්මක මත ප්‍රකාශ කිරීම සිදු කරයි... එහි තීරනයකට එලබිමෙදි විනිසුරුවරු 15 දෙනාගෙන් 9 දෙනෙකුගේ අනුමැතිය ලැබිය යුතුවෙයි..

2. ජාත්යන්තර අපරාධ අධිකරනය...

1998 දි ජාත්යන්තර අපරාධ අධිකරනයක් පිහිටුවීම සදහා ආන්ඩු එකගත්වයට පැමිනීම මත ජාත්යන්තර අපරාධ අධිකරනය රෝම ප්‍රකාශනය යටතේ පිහිටුවා 2002.07.01 දින සිට බලාත්මක කරන ලදී... කරන ලද අපරාධ දඩුවම් නොමැතිව අමතක වි යනු ඇත යන උපකල්පනයට එලබීමට පාපිෂ්ඨ දාමරික වරදකරුවන්ට තව දුරටත් ඉඩ තැබීම වැලැක්වීමට හැකිවෙයැයි බලාපොරොත්තු විය...

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටුවා ඇති මෙහි පරමාර්ථ 2 කි.. මහා පරිමාන මානව හිමිකම් උල්ලන්ගනයන් පිලිබදව වගකීම පැවැරීමට යාන්ත්‍රනයක් ඇති කරගැනීම හා වර්ග ඝාතනය සිදු කරන්නන්ට දඩුවම් පැමිනවීමේ හා මනුශ්ය වර්ගයාට එරෙහි වැරදි සදහා දඩුවම් පැමිනවීමෙ ක්‍රියාමාර්ගයක් සදහා ඉඩ කඩ සැලසීම වෙයි...

මෙහි විෂය ක්ශේෂ්ත්‍රයට අයත් වන්නේ
1. වර්ග ඝාතනය සම්බ්න්ද වැරදි..

2. මනුශ්ය වර්ගයාට විරුද්ධ වැරදි..

3. මහා පරිමාන මානව හිමිකම් උල්ලන්ඝනය කිරීම, හා 4. යුධ අපරාධ වෙයි...

දඩුවම තුල පුද්ගලයෙකු මානසිකව හා කායිකව හැඩගැස්වීම

වරද කියන එක යම් මානසික සුවපත්කිරීමක් පමනක්මයි, එ තුල ඉන් එහා දඩුවම් නොලබා නොතැකිය හැකියි කියන චෙතනාව සමාජයේ පුද්ගලයින් තුල ඇතිවීම සුදුසු වෙන්නේ නෑ කොහෙත්ම.. ඇත්තටම දඩුවම තුල ඊට වඩා පුලුල් අර්තයක් තියෙනවා. වරදක් කියන එක දඩුවම් නොලබා නොතැකිය හැකි යන්න අර්තවත් වෙන ප්‍රකාශ කිරිම නුසුදුසු වෙන්නේ ඒ තුල පුද්ගලයින් වරදට යොමු වීමේ මග පෙන්වීමක් වක්‍රව ගැබ් වීමේ අවධානමෙන් මිදෙන්න බැරි නිසා... අපරාධයට සම්බන්ද පුද්ගලයගේ යහපත විතරක්ම බලල හරි යන්නේ නෑ එ වගේ පුද්ගලයින්ගෙන් සමාජෙට වෙන්න පුලුවන් අගතියෙන් සමාජය මුදව ගන්නත් ඕන.. ඒ ගැනත් හිතලයි පුද්ගලයෙක්ට දඩුවම් දෙන්නේ..

අවදානය වැඩියෙන් යොමු කරන්නේ වරදකාරය පිලිබදව මානුශික වීමම නම් එය එය ඉතාම නිවැරදිම නොවේ. ශ්‍රී ලන්කා දන්ඩ නීති සන්ග්‍රහයේ තියෙන/වෙනත් පනත් වලින් නියම කරන දඩුවම් නැතුව නිය පිටින් පහරක් නොගහා උපදේශනයම එය කිරීම සාර්තකම වෙනවා නම් අපෙ රටේට් තිබ්බ් එල් ටි ටි ප්‍රස්නයත් ඉවර කරගන්න තිබ්බ.. එහෙම බැරි නිසා තමයි නීතිය තුලින් එ දේවල් කරගත්තේ...

මම එකේන් අදහස් කලේ නෑ හැම වැරද්දටම වරදකරුවන් වන අයට ශාරීරික දඩුවම් දීමක් ගැන.. නමුත් එය පුනරුත්තාපනයෙදි, මානසික අන්ගය වගේම වැදගත්... අදාල කරගතයුතු වෙලාවලදි අදාල කිරීම කල්යුතුයි... කෙනෙක් හිරෙට ආවට පස්සෙ වගේම එන්න කලිනුත්...

මිනිස්සු හුගක් වැරදි වලින් වැලකි ඉන්නේ දඩුවමක ලැබෙන පසුතැවීම, දුක වගේ තනිකරම සදාචාරය තුල වැරද්දකදි අදාල වෙන මානසික අන්ගය නිසා නෙමෙයි.. වැරද්දට අදාලව නීතියෙන් ලැබෙන කායික දන්ඩනයට බිය වීම නිසා, එ තුලින් එන ප්‍රස්න නිසා... මානසික පැත්තෙන් හිතලා "මම මෙක කලොත් මෙකෙයි වෙන්නේ කියල" හිතල මිනිස්සු වැරදි වලින් වලකිනවනම් හොදයි, කොච්චර හොදයිද එහෙම වෙනවනම්, එත් එහෙම නෑ... ඕන දෙයක් කරල බඩ පුරව ගන්න හිතුනත් මෙහෙම කලොත් හිරේ ගිහිල්ල මෙකයි වෙන්නේ කියන දේ මතක් උනත් ඒ වැරැද්ද කරන්න කලින් හරි ආයෙම හරි හිතනවා.. එහෙමත් බැරි අය තමයි නීතිය හමුවේ අමාරුවේ වැටෙන්නේ... පොඩි ලමයෙක්ට උනත් අම්මලා තාත්තාල, ගුරුවරු කටින් දෙයක් කියනවා වගේම තරවටු කිරීමත් කරන්නේ යහමගට ගන්න..

දඩුවමක කායික අන්ගයට අඩු තක්සෙරුවක් දෙනව නම් ඒ දේ සුදුසු වෙන්නේ නෑ.. ඒකෙන් වෙන්නේ කායික දඩුවමක් නැතයි කියල මිනිස්සු තමන්ගේ මානසික ක්‍රියාවන් හිතු හිතු මනාපෙට කරන්න ගන්න එක... කාටද ප්‍රස්නේ අපිටමයි... මානසික අන්ගය තුලින් පුනරුත්තාපනය දෙන්න වෙන්නේ වරදක් කරල හිරේ වැටුනොත්... ඒ දේ හරියට කරගන්න එක වෙනම දෙයක්... ඒකට තියෙන ප්‍රතිකර්ම ප්‍රමානවත් නැත්නම් වෙනම වැඩ පිලිවෙලක් කරගන්න එක වෙනම දෙයක්... හැබැයි හිරේ නොවැටි ඉන්න සමාජය යොමු කරනවා නම් එක නෙමේද ප්‍රමුකස්තානය දීල කරන්න ඔනදේ...?

තව ප්‍රදාන කාරනයක් තමයි, නීතිය කියන දේ එක්ක බුදු දහම පුලුල්ව සම්බන්ද කරල නීතියේ තැන අහිමි නොකලයුතු බව... යම් අවස්තාවල අතිපිහිත වෙන කරනු තිබ්බත් [මනුශ්ය ඝාතනය හා සොරකම බුදු දහම අනුවත් නීතිය අනුවත් නොකලයුතු දෙවල් වීම]බුදු දහම නීතිය පැහදිලිවම දෙකක්.. බුදු දහම අනුව යන්න බැරුව අනිත් අයට සිවිල්/අපරාධ කියන වැරදි කලොත් අන්න ඒ අයටයි එරෙහිවයි නීතිය තියෙන්නේ...

මානසික යහපත් භාවයෙන් ප්‍රස්න විසද ගන්න මොනතරම් රජයයන් සාම සාකච්චා ගැහුවද..? ජේ ආර්, ප්‍රෙමදාස චන්ද්‍රිකා, රනිල් විතරක් නෙමෙයි මහින්ද එක්කත් සාකච්චා තිබ්බ, එකක්වත් හරි ගියෙ නෑ.. ගිවිසුම් කඩ කර කර උන් අපිටම ගැහුවා.. එ නිසා එ දේ යුද්දෙන්ම ඉවර කරන්න උනා... මනසික යහපත්භාවයෙන් කරන්න කියල එ දේ එක පාර්ශවයක් කරල හරි යන්නේ නෑ.. දෙපැත්තෙන්ම තියෙන්න ඕන.. මම එකේන් කියන්නෙ කොයි පැත්තෙනුත් සමබර තාවයක් තියෙන්න ඕන කියන එක...

උදාහරනත් එක්ක පුනරුත්තාපනය කියන දේ මානසික අන්ගය පුලුල් අර්තනිරූපනයට ලක් කිරීම සමාජයෙ ආරක්ශාව පැත්තෙන් අහිතකර වෙන්න පුලුවන් කියන එක පැහදිලිව තෙරුම් ගත යුතු වෙනවා.. කෙනෙක්ගේ අයිතිවාසිකම් එහෙම ගෙඩි පිටින්ම රැක ගන්න ඕන නම් එයා වැරදි නොකර පාඩුවේ ඉන්න ඕන.. ඇයි බන දහම් අනුව හිතලා කෙනෙක්ට වැරදි නොකර ඉන්න බැරිද..? එහෙම බැරි අයට තමයි නීතියෙන් දඩුවම් තියෙන්නේ... එහෙම වැරදි කරල අනිත් අයගේ අයිතිවාසිකම් කඩනව නම් ඒ දේට අදාලව තමන්ගේත් යම් යම් අයිතිවාසිකම් අහිම් වෙන්න පුලුවන් බව මිනිස්සු අව්බෝධ කරගෙන ඉන්න ඕන...

දුම්රිය හා බස් රථ තුල සිගමන් යැදීම තහනම් කිරිම සැබැවින්ම යතාර්ථයක් කරගැනීමට නම්...

දුම්රිය හා බස් රථ තුල සිගමන් යැදීම තහනම් කිරිම කියන එක ගත්තාම ඒ දේ දෙපැත්තක් තියෙනවා, දුම්රිය හා බස් රථ වල ගමන් කරන අයගේ පැත්තෙන් ගත්තාම ඒ දේ ඔවුන්ගේ පහසුව හා ආරක්ශාව තහවුරු කරගන්න පැහැදිලිවම රුකුලක් වෙනවා... ඒ දේ ඉතාම වැදගත්...

අපිරිසිදු වෙච්ච ඇදුම් ඇදන් මිනිස්සු අතරේ කෑ ගහමින් යන එහෙම අය නිසා දුම්රිය හා බස් රථ තුල යන ජනතාව අපහසුවට පත්වීම වලක්වන්න දුම්රිය හා බස් රථ තුල සිගමන් යැදීම තහනම් කිරිම පැහැදිලිවම හේතුවක් වෙනවා.. ඒ වගේම සිගන්නන්ගේ වෙස් අරන් විවිධ මට්ටමේ සොරකම් හෝ වෙනත් ක්‍රියාවකට කෙනෙක්ට තියෙන අවස්තාව වලකන්නත් දුම්රිය හා බස් රථ තුල සිගමන් යැදීම තහනම් කිරිම හෙතුවක් වෙනවා...

ගමන් කරන මගීන්ගේ පැත්තෙන් හරි... ඒ විතරක්ම ප්‍රමානවත්ද..? කෙනෙක් තමන්ට දෙයක් තිබිලත්, හැකියාවක් තිබිලත්, තනිකරම බොරුවට සිගමනේ යෙදෙනව වෙන්න පුලුවන්... එහෙම නැතුව මොනව හරි සාධාරන හෙතු උඩ, පෙර කර්මයක් නිසා, තමන්ගේ වරදින් හරි, වෙනත් කෙනෙක්ගේ වරදින් හරි ඇත්තටම කර කියා ගන්න දෙයක් නැතුව ජීවිතේ ගැටගහගන්න ඕන කමටම වෙනත් අයගෙන් යැපිලා ඉන්නවා වෙන්න පුලුවන්...

මොන අරමුන ඇතිව සිගමන කලත් ඒ අයත් මිනිස්සු ඒ අයටත් ජීවත් වෙන්න අඩුම ගානේ අවම පහසුකම්වත් සපයා ගැනීමට අවස්තාවක් තියෙන්න ඕන...ඒ අවස්ථාව අහිමි වෙන එක වලක්වන්න දුම්රිය හා බස් රථ තුල සිගමන් යැදීම තහනම් කිරිමට සමගාමිව යමින් ක්‍රම ක්‍රමයෙන් හරි ඒ අයගේත් අභිවෘධියට වෙනත් වැඩ පිලිවෙලක හරි අවශ්යතාවයට අවධානය යොමු වෙන්න ඕන... නීතිය තුලින් සාධාරන හා යුක්ති සහගත ප්‍රතිඵලයක් ගන්න අවස්ථාව කාටත් ලැබෙන්නේ එතකොටයි...

17 වැනි ආන්ඩුක්‍රම විවස්ථා සංශෝධනය...

මෙය ඇති කිරීමේ අරමුන වන්නේ ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි සිදු කලහැකිව තිබු පත්කීරීම් සමහරක් සීමා කරමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම වෙයි.. එහෙත් මෙහෙදි ජනාදිපතිවරයා ක්‍රියාත්කමක වන ආකාරය බැලු විට ජනාධිපතිවරයා සතු නම් කල යම් ආකාරයක පත්කිරිමේ බලතල සම්පුර්නයෙන්ම වෙනත් ආයතනයක් මගින් ලබාගෙන එකී පත්කිරිම් සම්බන්දව ජනාධිපතිවරයා බල රහිත තත්වයටම පත්කර තිබේ යන්නද එක් අතකින් අසත්යක් නොවේයි...

ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සදහා පිහිටවු ආයතනය වන්නේ ආන්ඩුක්‍රම විව්ස්ථා සභාව වේ.. රාජ්ය සේවයේ නම් කල ප්‍රධාන තනතුරු සදහා, අධිකරන සේවයේ , උපරිමාධිකරන නිලයන්ට අදාලව පුද්ගලයින් පත්කරගැනීමෙදි හා කොමිශන් සභා වලට පුද්ගලයින් පත්කරගැනීමෙදි ඒ සදහා ජනාධීපතිවරයාට තිබු තනි හා පුලුල් අභිමතය සීමා කර එමගින් සඵල කාර්යක්ශම, අපක්ශපාති, අවන්ක රාජ්ය සේවයක් ස්ථාපිත කරගැනීමත්, අධිකරනයේ ස්වාධීනත්වය තව දුරටත් ආරක්ශා කරගැනීමත් අරමුනු විය...

එ සදහා 10 දෙනෙකුගෙන් සම්න්විත ආන්ඩුක්‍රම විව්ස්ථා සභාව භාවිතා කිරීම අපෙක්ශාව විය... නිලබලයෙන් පත්වන අගමැති, කතානායක හා විපක්ශ නායක ට අමතරව අගමැති හා විපක්ශ නායක නාම යොජනා කිරීමෙන් ජනාධිපතිවරයා විසින් 5 දෙනෙක් පත්කරනු ලබයි. ජනාධිපති විසින් එක් අයෙක්ද, පාර්ලිමෙන්තුවේ සුළුතර පක්ශ මගින් එක් අයෙකුත් පත්කරනු ලබයි... පත් කරනු ලබන 7 දෙනා විශිෂ්ටත්වයෙන් හා අවන්ක භාවයෙන් යුතු, පොදුජන ජීවිතයෙදී කිර්තිය ලත් කිසිදු දේශපාලන පක්ශයක සාමජිකයින් නොවන අය වියයුතු යයි බලාපොරොත්තු විය... මෙහි ඝන පූරනය 6 ක් වෙයි... සභාපති කථානායක වෙයි, ඔහු නොමැතිවිට, අගමැතිද, ඔහුද නොමැතිවිට විපක්ෂ නායකද සභාපති ධුරය හොබවයි, ඔහුත් නොමැතිවිට සභාවේ අයෙකු සභාපති ලෙස තෝරා ගනී, තීරන ඒකමතික වීම වැද්ගත්ය, නැතහොත් බහුතර මතය සලකයි, එහිදි, සාමාජිකයින් 5 කට නොඅඩුව ඡන්දය සලකයි, සභාපතිගේ ඡන්දය තීරක ඡන්දය විය හැක...

1. මැතිවරන කොමිශන් සභාව
2. රාජ්ය සේවා කොමිශන් සභාව
3. ජාතික පොලිස් කොමිශන් සභාව
4. ශ්‍රී ලන්කා මානව හිමිකම් කොමිශන් සභාව
5. අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිශන් සභාව
6. මුදල් කොමිශන් සභාව
7. සීමා නිර්නය කොමිශන් සභාව

ආන්ඩුක්‍රම විවස්ථා සභාව මගින් නිර්දේශ කලහොත් මිස ඉහත නම් කල කොමිශන් සභා 7 සදහා සභාපතිවරු හා සාමජිකයින් පත්කිරිමට ජනාධිපතිවරයාට තම අභිමතයටම පෙරදි මෙන් නොහැකි විය...

එසේම අගවිනුසුරුවරයා හා අනිකුත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන්, අභියාචනාධිකරන සභාපතිවරයා හා සෙසු විනිසුරුවරුන්, අධිකරන සේවා කොමිශන් සභාවේ සභාපති හැර සෙසු සාමාජිකයින්, නීතිපතිවරයා, විගනකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමෙන්තු කොමසරිස්වරයා සම්බන්ද පත්කිරීම වලදි ජනාධිපතිවරයා විසින් කරන නිර්දේශ ආන්ඩුක්‍රම විවස්තා සභාව අනුමත කරන්නේ නම් පමනක් ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම් සිදු කල හැක... නමුත් හමුදාපතිවරු, අමාත්ය මන්ඩලයේ ලේඛම් වරයා, අමාත්යන්ශ ලේඛම්වරු පත්කිරිම් පෙරදි මෙන් සිය අභිමතයටම කලහැකි විය...එසේම කොමිෂන් සභාවලට පත්කල තැනැත්තන්ව සිය අභිමතයට ඉවත් කිරීම ජනාධිපතිවරයාට කල නොහැකිය වේ.. යම් නීතියකට අනුව/ආන්ඩුක්‍රම විවස්ථා සභාවෙ ඉවත්කිරිමේ අනුමැතිය මත පමනක් ජනාධිපතිවරයා විසින් කලහැකි විය...

2001 දි සිදු කල 17 වන සන්ශෝධනය මත පිහිටවු ආන්ඩුක්‍රම විවස්තා සභාවෙන් බලාපොරොත්තුවු අරමුනු ඉතා විශිෂ්ට ඒවා බව නොරහසකි...එහෙත් ඒවා ඒ අයුරින්ම ඉෂ්ට කරගැනිමට යාමෙදි ප්‍රායෝගික දුෂ්කරතා මතුවීම නොවැලැක්විය හැකිවිය... ආන්ඩුක්‍රම විවස්තා සභාවේ සන්යුතිය අනුව ජනාධිපතුවරයා බලය දරන පක්ශයම පාර්ලිමෙන්තු බලය නොදරන අවස්තාවක ජනාධිපතිවරයා වෙත ආන්ඩුක්‍රම විවස්තාවෙන් ලබාදී ඇති ජනතාවගේ විධායක බලයට අදාලව ඔහු විසින් සිදු කරනු ලබන පත්කිරිමේ බලය වැඩි වශයෙන් ආන්ඩුක්‍රම විවස්තා සභාව මගින් උදුරා ගැනිමක් පැහැදිලිව නිරූපනය කරයි...

එනම් ජනාධිපතිවරයා ව්සින් ආන්ඩුක්‍රම විව්ස්තා සභාවට කරනු ලබන යම් නිර්දේශකිරීමකට අදාලව එහි අනුමැතිය ලබාගැනීමෙදි අදාල සභාවේ අනුමත කිරීම, හා අදාල සභාව විසින් නිර්දේශ කර ජනාධිපතිවරයා විසින් පත්කිරීට යොමු කිරීමෙදිත් පාර්ලිමේන්තු බලය දරන පක්ශය වෙනස් වීම මත ජනතා බලය හෙවත් පරමාධිපත්යට ඉදුරාම පටහැනි ක්‍රියාවක් වන විපක්ශය විසින් විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ පත්කිරීම් සියතට ගැනීමෙ හැකියාවක් පෙන්නුම් කරයි...

විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ පක්ෂයම පාර්ලිමෙන්තු බලයම දරන අවස්තාවකදි කතානාකයවරයා ස්වාධීන යයි උපකල්පනය කලවිට නිල සාමාජිකයින් අතරින් අගමැති ආන්ඩුවේ වෙයි.. විපක්ශනායක වරයාගේ මනාපය අගමැතිගේ නාම යොජනා කිරීමට පක්ශව නොලැබීමට බොහෝදුරට ඉඩ ඇත.. එතනදි පත්කිරීම් සම්බන්ද ජනාදිපතිවරයා සතු විධායක බලය තීරනය කිරීමෙ 50% ක හැකියාවක් විපක්ශය සතුව ඇත... එසේම කතානායකවරයා හා විපක්ශනායක වරයා යන දෙදෙනාම එකග වන යොජනා කිරිමකට රජයේ පාර්ශවයෙන් අගමැති විරොධය පලකලත් එතැනදි විධායක බලය දරන ආන්ඩුවට විපක්ශව 2/3 ක වැඩි බලයක් නිල සාමාජිකයින් අතර, විධායක බලය හා පාර්ලිමෙන්තු බලය යන දෙකම දරන රජයේ පත්කිරිමකට එරෙහිව තිබේ... එය ආන්ඩුක්‍රම විවස්තාවට පටහැනිය...විධායක බලය හා පාර්ලිමෙන්තු බලය යන දෙකම දරන රජය අදාලව කල පත්කීරිමක් ලෙස සැලකිය හැක්කේ නිල සාමජිකයින් 3 ගෙන් විපක්ශනායක හැර අනිත් දෙදෙනාගේම එකගත්වයෙන් යම් නාම යොජනාවක් ඉදිරිපත් වුවිට පමනි... එවැන්නක් සිදුවීම බහුලව අපෙක්ශා කලහැකි මුත් එසේ නොවීමේ හැකියාවක්ද පවති...

පාර්ලිමෙන්තු බලය විපක්ශය සතුව ඇති අවස්තාවකදි තත්වය කලින් අවස්තාවලදිටත් වඩා ජනාධිපතිවරයා සතු විධායක බලය උදුරා ගැනීමක් පැහදිලිව පෙන්නුම් කරයි.. එවනි අවස්තාවලදි විධායක බලය දරන ජනාධිපතිවරයා නියොජනය කරමින් සභාවේ ඇත්තේ විපක්ශනායකවරයා වේ... ඒ අනුව විධායක බලය දරන ජනාධිපතිවරයා නියොජනය කරන ඔහුගේ නාම යොජනා කිරීමකට සභාව තුල 1/3 ක අවකාශයක් පමනක් හිමිවීමට අතිශයෙන්ම ඉඩ තිබේ මන්ද පාර්ලිමෙන්තුවේ සිටින කතානායක හා අහමැති යන දෙදෙනාම එක් පසකට අයත් වියහැකි බැවිනි... එවැනි අවස්තාවකදිද ජනාදිපතිවරයා සතු පත්කිරීමේ බලයෙන් වැඩි කොටසක් තීරනය කරන්නේ විධායක බලය දරන පක්ශයට විපක්ශව සිටින අය විසිනි... එය ජනතා පරමාදිපත්යට පටහැනිවෙයි... මන්ද ජනතාව විසින් ක්‍රියාවෙ යෙදවිය යුතු විධායක බලය දි ඇත්තේ ජනාධිපතිවරයාට පමනක් නිසාවේ..

පත්කරනු ලබන 7 දෙනාම කිසිදු දේශපාලන පක්ශයකට අයත් නැති අය විය යුතු යැයි ලෙස සලකයි.. එහෙත් එවැනි තැනත්තත් ප්‍රයොගිකව සොයාගත හැකිද යන්න බරපතල ගැටලුවකි... අනිත් අතට ආදාල විවස්තා සභාවේ එම 7 දෙනාම කිසිදු දේශපාලන පක්ශයකට අයත් නොවෙන අය යැයි සැලකෙන නිසා ආන්ඩුක්‍රම විවස්තාවෙන් ජනාධිපතිවරයා වෙත ලබා දෙන ජනතාවගේ විධායක බලය ක්‍රියාවෙ යෙදවීමට මැදිහත්වීමට දේශපාලන පක්ශයකටවත් අයත් නැති පොදු ජන කීර්තිය ඇති, විශිෂ්ටතයෙන් හා අවන්ක භාවයෙන් යුතු සාමාන්ය පුරවැසියන් 7 දෙනෙකු මගින් තීරනය කිරීමට ඉඩ හැර ඇත... අදාල තනතුරු වලට නම් යොජනා කිරිමේ අවස්තාවක් ජනතාවට එයින් ලැබුනද එය කොතරම් වගකීමෙන්, සාර්තකව ඉස්ට කලහැකිද යන්න ගැටලුවකි... සාර්තක වීමටත්, අසාර්තක වීමටත් එක හා සමාන අවකාශය දීමක් සිදුවි ඇති බව දකින්නට තිබේ... එයින් ස්වාධීනත්වයකට වඩා නුසුදුසු ආකාරයේ යොජනාකිරීම් වැඩිපුර අපෙක්ශා කල හැකිය...

අනිත් අතට එම 7 දෙනා යම් කරුනක් සම්බන්දව ප්‍රභල මතයක් දරන්නේද එය කුමක් උවත් එවැන්නක් නිල බලය මගින් පරාජය කලනොහැකි තත්වයකට පත්වේ... මන්ද 10 න් 7 ක් යන්න 10 න් 3 ට වඩා විශාල බැවිනි... අගමැති හා විපක්ශ නායක නාම යොජනා කොට පත්කරනු ලැබු 5 දෙනාගෙන් 3 දෙනෙක් හෝ අගමැතිවරයාගේ යම් නාමයොජනාවකට කැමති වුවහොත්, ජනාධිපතිවරයා තනිවම පත්කරනු ලැබු තැනැත්තාද එකග වි අනිත් තැනත්තන් එකහ නොවුනහොත් 5 ට 5 ලෙස නාම යොජනාවට, තීරනයට පක්ශ විපක්ශ කන්ඩායම් ඇතිවේ...එනම් එකගතාවයන් ඇතිකරගැනීම බෙහෙවින් අසීරු වෙයි.. භාගයක් යම් අයට කැමත්ත පලකරද්දි අනිකුත් පිරිස ඔවුන්ට අකමැති වී වෙනත් අය යොජනා කර සිටි... ඒ අනුව ආන්ඩුක්‍රම විවස්තා සභාව යන්න ජනාධිපතිවරයා සතු පත්කිරීමේ විධායක බලය 10 දෙනෙකුගෙන් යුතු සභාවක් අතර දෝලනය වීමට ඉඩ හැරීමක් වේ..

පාර්ලිමෙන්තු බලය යම් පක්ශයකට ලැබීම, එම පක්ශයෙන්ම ජනාධ්පතිවරයා පත්වී සිටිම හෝ එසේ නොවීම මත නිල සාමාජිකයින්ගෙන් හා අනිකුත් පත්කරනු ලබන සාමාජිකයින්ගෙන් යුතු සභාවෙන් ලැබෙන අනුමත කිරීම අවස්තාවන් දෙකේදි එක හා සමාන නොවේයි.. එය ජනාදිපතිවරයා විසින් සිය අභිමතයටම කරන පත්කිරීමක් තරමටම භයානක නොවිය හැකි මුත් එහිද යම් මට්ටමකට හො අවදානමක් ගැබ්ව පවති.. එනම් එවැනි අවස්තාවකදි බලාපොරොත්තු වන තරමටම අපක්ශපාතිබවක් අපේක්ශා කල නොහැකිවෙයි... එමෙන්ම ඒ කවර අවස්තාවකදි වුවත් සභාව තුල තීරනයක් ගැනීමේ විෂමතා ඇති විමේ ඉඩකඩක් ඉතිරි වී තිබේ... නීතියනුකූලව සම්මත කරගැනීම්ක් උවත් එවැනි පදනමක සිට ගන්නාවූ නිර්දේශ, යෝජනා කිරීම් වල ස්වාධීනත්වය කෙතරම් දුරට නීතිය තුලදි අපෙක්ශාකල මට්ටමෙන් ප්‍රයොගිකව ඉස්ට වේද යන්න සැක සහිතය...

ආන්ඩුක්‍රම විවස්තා සභාව හරහා කිරීමට බලාපොරොත්තු වු රටේ නම් කල ඉහල තනතුරු සදහා වඩා විනිවිද භාවයෙන් හා පුලුල් එකගත්වයෙන් යුතුව තැනැත්තත් තෝරා ගැනීම යන්න සාර්තකම වේ යනුවෙන් සහතිකයක් මෙවැනි පරිසරය්ක් තුලදි තියෙද යන්න සැක සහිත වේ...

ඒ අනුව අභිමතාථ යහපත් උවත් ඒවා ප්‍රායොගිකව ඉශ්ට කරගැනීමේ ආන්ඩුක්‍රම විවස්තාදායක සභා ක්‍රියාවලිය වියවුල් විය හැකි බව පෙනේ... එබැවින් එවැන්නක් ප්‍රායොගිකව සාර්තක වනවාට වඩා අසාර්තක වීමේ අවදානමට නතුව ඇති බව පැවසීම යුක්ති සහගතය...

දං කඩපු ළමයි මගේ අතටම අහු උනා....

පාර ලගම තියෙන අපේ දං ගහෙන් ගෙඩි කඩන්න ලැස්ති වෙලා හිටියා ලමයි කිපදෙනෙක්..... මල්ලිලා විතරක් නෙමෙයි නංගිලත් වැටෙන් රින්ගලා වත්ත ඇතුලට හිමින් ඇවිල්ලා වට පිට බල බල දං කඩනවා මම දැක්කා. අහන්නේ කරන්නේ නෑ... එහෙම දං කඩද්දි මම ඒ හරියට හිමින් ඇවිදගෙන ගියා.. මාව දැක්ක විතරයි ඒ අය කලබල වෙලා දුවන්න ලෑස්ති උනා.. පස්සේ මම කිව්වා ඒ අය කඩපු දං වලින් ටිකක් මටත් දෙන්න කියලා.. පස්සේ මටත් දුන්නා, ඊට පස්සේ මම කිව්ව දං කඩාගන්න හැබයි අහල කඩන එක තමයි හොද කියලා... එහෙම කියලා මම එන්න ආවා... ඊට පස්සේ නොකියා දං කඩනවා මම දැක්කේ නෑ...

දවසක් මම දැක්කා මල්ලිලා කිපදෙනෙක් අපේ දං ගහෙන් හිමින් සැරේ ගෙඩි කඩනවා... මම වෙලාවයි කවුද කියලා නෝට් කරගත්තා.. මම හිතුව කලින් වගේ වචනයෙන් දෙකෙන් කතාව ඉවර නොකර අඩුම ගානෙ එක්ක්නෙක් අල්ලගෙන පොඩ්ඩක් ප්‍රශ්න කරන්නත් ඕන කියලා... නැත්නම් ඕක වැරද්දක් කියලා තෙරුම් යන්නේ නෑ.. එහෙම වෙන තාක් කල් ඔය වැඩේ වෙනවා.. හැබයි මේ කලින් අය නෙමෙයි වෙන කිපදෙනෙක්... පස්සේ පහුවදා මම හැන්ගිලා ඉදලා ඊලග ගහෙන් දං කඩන්න ලැස්ති වෙනකොටම ගියා...

ඒ වෙලේ අනිත් මල්ලිලා දෙතුන්දෙනා ගියා, එක්කෙන්ක්ව අතින්ම අල්ල ගත්තා... ඒ මල්ලි අපේ ඉස්කොලේ කෙනෙක්... පස්සේ ඒ මල්ලිගේ කුඩේ අතට ගත්තා... අරන් ඇහුවා මල්ලි මොක්ද කරන්න ගියේ කියලා... කිව්වා දං කඩන්න ගියේ කියලා.. පස්සේ මම ඇහුව ඇයි කඩන්නේ කියලා... කන්න කිව්වා...ඇයි කන්නේ කියලා මම ඇහුවාම ආසාවට කිව්වා...

දං තියෙන්නේ කොහෙද...? ඇහුවාම දං තියෙන්නේ දං ගහේ කිව්වා.. ඔයා දං කඩන්න හදපු දං ගහ තියෙන්නේ කොහෙද කියලා ඇහුවාම කිව්ව මෙහේ කියලා... මේක කාගේ වත්තද...? කියලා මම ඇහුවාම ඒ මල්ලි කිව්වා මෙක ඔයාලැ වත්ත කියලා... ඒ පාර මම කිව්වා මමත් ආසයි දං කන්න හොදයි මම ඔයාලැ ගෙදර ඇවිත් ඔයාලට නොකියා ඔයාලැ වත්තේ ගහකින් දං කඩනවට ඔයා කැමතිද කියලා.. නෑ කිව්වා, ඒ පාර මමත් කිව්වා ඒ වගේම තමයි මල්ලි අපිත් කැමති නෑ අපිට නොකියා අපේ ගහෙන් දං කඩනවාට කියලා...

ඒ එක්කම මම කිව්වා ප්‍රින්සිපල් සර් දැනගත්තොත් මොනව වෙයිද සර්ගේ ඉස්කොලේ ලමයි හොරෙන් වතුවලට පැනලා දං කඩනවා කියලා ඇහුවා... උත්තර නෑ.. ඒ පාර මම කිව්ව සර් ට කියන්න ඕන ඉස්කොලෙ ලමයින්ගේ හැටි කියලා... පස්සෙ ඒ මල්ලි කිව්වා අනේ අය්යේ එපා අදට සමාව දෙන්න කියලා.. ඒ පාර මම ඇහුවා ආයෙම මෙහෙම දෙයක් වෙයිද කියලා, ඒ පාර ඒ මල්ලි කිව්වා නෑ නෑ අය්යේ ආයෙ වෙන්නෙ නැ කියලා... පස්සේ මම කිව්වා මම ඔයාට මෙ දෙවල් කිව්වෙ ඔයා මේ වරදින් වලක්වන්නයි, එ දේ ඔයාට පස්සේ තෙරෙයි.. අහල දං කඩන්න කමක් නෑ කියලා... පස්සේ මම ඇහුවා මාත් එක්ක තරහද කියලා, නෑ කිව්වා... පස්සේ මම කුඩෙත් දුන්නා.. ඒ මල්ලි යන්නම් කියලා ගියා.. ඊට පස්සේ දං කඩනවා දැක්කේ නෑ කිපදෙනෙක් අහල කැඩුවා.. පස්සේ දවසක ඒ මල්ලිව මට ටවුන් එකෙදි හම්බ උනා... මම ඇහුවා මල්ලි කොහොමද එදා සිද්දියට මාත් එක්ක තරහ නෑනේ...? කියලා, ඒ මල්ලි කිව්වා අනේ නෑ තරහක් නෑ.. අය්යා කලේ හොද වැඩක් මට ඒ දේවල් තෙරුනා කියලා...

මමත් පොඩි කාලෙ ඉදන්ම දං වලට කැමති, අදටත් මම කනවා... මට අමතක නෑ ලමා කාලේ මම ආස කලා වගෙම තමයි ඒ වයසේ අනිත් අයත්...හැමොම කඩන ඉස්කොලේ ගහකින්, ගෙදර ගහෙන් කඩා ගත්තා මිසක් එහෙම වතු වලට පැනල කඩන්න ගිහිල්ල නෑ මම. ලමයෙක් දං ගෙඩියක් කඩා ගත්තා කියලා ඕක ප්‍රශ්නයක් කරගෙන කතා කරන්න ගියා නෙමෙයි... එත් ඒ දං ගෙඩිය පොඩි උනත් ඒ වැඩේ අහු වෙන්නේ සොරකමට. දං ගෙඩිය තියෙන තැන වෙන දෙයක් තිබ්බත් වෙන්නේ හොරකම... දං ගෙඩියක් හොරෙන් ගත්තට කිසිම දෙයක් නොවෙන්න පුලුවන්, එත් දං ගෙඩිය වෙනුවට වෙන දෙයක් තිබ්බ නම් දං ගෙඩිය ගත්ත පුරුද්දට ඒ දේත් ග්ත්තනම් දඩුවම සමහරවිට අවුරුදු ගානක් හිරෙ සිටීමක් වෙන්නත් පුලුවන්... පොඩි දෙයින් තමයි ලොකු දෙවල් වලටත් මග පෑදෙන්නේ. එ නිසා වැරැද්ද පොඩි උනත් ඒ දේ වෙන්න තියෙන ඉඩ වලක්වල ඒ දේවලින් ලමයිව ඉවත් කිරීම අපේ වගකීම වෙන්න ඕන...

අමු අමුවේ මානව අයිතිවාසිකම් කඩ කල ත්‍රස්තයෝ.....

අපේ රටේ මිනිස්සුන්ගේ මානව හිමිකම් කැඩුවේ එල් ටි ටි ත්‍රස්තවාදීන් කියන්න ප්‍රභල එක සාක්ෂියක් තමයි නිරායුධ සිවිල් වැසියන් පැමිනි බස් රථ ඉලක්කගත කරගෙන සිංහල අලුත් අවුරුදු සමයෙදි [1987.04.17 වැනිදා] එල් ටි ටි ත්‍රස්තවාදීන් විසින් අළුත්.ඔය-හබරණ දි සිදුකරපු මහා ම්ලෙච්ඡ ඝාතනය...

උතුරේ අහිංසක පාසැල් යන වයසේ ලමයි යුද්දයට බදවා ගනිමින් යුද පුහුනුව දීලා ලමා මානසික තත්වේ විකෘති කරලා ම්නිස් බෝම්බ බවට හරවලා තැන තැන පුපුරවා හරිමින් කොටි ම්ලෙච්ඡයෝ ලමා මානව අයිතිවාසිකමුත් විනාශ කලා...

2007.11.28 නුගේගොඩ දි පුපුරවා හැරුනු බෝම්බය, 2008.02.03 වැනිදා කොලඹ කොටුවෙදි පුපුරවපු මරාගෙන මැරෙන බෝම්බයෙන් අහිමි උනෙත් හෙට දවසේ අනාගතේ බාර ගන්න හිටපු දරුවන් කීප දෙනෙක්ගේ ජීවිත...

අපිට අමතක නෑ.. බුත්තල ඔක්කම්පිටියෙදි බස් රථයකට එල්ල කරපු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වෙච්ච අය අතරෙ දරුවෙක්ගෙ තාත්තා කෙනෙක් ඒ දුක හිතේ තද කරගෙන කතා කරපු විදිය...ඒ වගේම ත්‍රස්තවාදින් විසින් කැබිතිගොල්ලෑවෙ බස් බොම්බයෙනුත් මරා දැම්මෙ නිරායුද සිවිල් ජනතාව… මැරුනු තමන්ගෙ දරුව අතින් අරන් අඩපු තාත්ත කෙනෙකුත් එතනදිත් හිට්යා… අරන්තලාවේ භික්ශු ඝාතනය ත්‍රස්තවාදින්ගේ තවත් එක් මහා ම්ලෙච්ඡ ඝාතනයක්....

සාමන්ය ජනතාවගේ ජල පහසුකම් අවහිර කරල වගා කටයුතු පාලු කරලා මිනිස්සුන්ව හාමතේ මරන්න, ජල පහසුකම් අවහිර කරල මිනිස්සු සා පිපාසාවෙන් මරා දමන්න මාවිල්ආරු සොරොව්ව වහපු කොටි ත්‍රස්තවාදීන්ගෙන් සිවිල් ජනතාව බේර ගන්න අපේ ආරක්ශක හමුදාවෝ එදා මානුශික මෙහෙයුම පටන් ගත්තේ... පියවරෙන් පියවර ගමන් කරලා තෝරාගත් ඒ ටි ටි ඊ යුධ ඉලක්ක වලට පහර දෙමින් සිවිල් ජනතාවත් ආරක්ශා කරගන්න ගමන් ඒ අයට ආහාර ද්‍රව්ය ඇතුලු පහසුකම් දෙන ගමන්, යුධ මුක්ත කලාපයෙදි එල් ටි ටි එකෙන් මිනිස් පලිහක් විදියට යොදා ගත්ත සාමන්ය ජනතාවත් බේර ගනිමින් ඒ මානුශික මෙහෙයුම අපේ විරුවෝ කලේ...

සටන් විරාම කියලා මොනව තිබ්බත්, සාම සාකච්චා වට තියල තියලා ඒ දේවල් සත 5 කට ගනන් ගත්තේ නැති මේ ත්‍රස්තවාදින් කරපු සැහැසිකම් වල, මානව අයිතිවාසිකම් වල ජීවත් වීම කියන අයිතිවාසිකමම කඩ කරපු අවස්තා කිපයකට උදාහරන කීපයක් විතරයි, මෙ දෙවල් වලට මූන දුන්න අයට, කොටි ප්‍රහාර වලින් තමන්ගේ කෙනෙක් අහිමි උන කෙනෙක්ට මෙ දෙවල් අමතක වෙන්නේ නැ… එහෙම කෙනෙක්ට දුකක් ඇතිවෙන්න පුලුවන් අතීතයෙ උන මෙ දෙවල් මතක් වීම… එත් සමජයෙ ඇතම් උදවියට මෙ දෙවල් අපේ රටෙ උනාද, මෙහෙම අදුරු යුගයක අපි හිටියද කියලවත් මතකයක් නැති උදවියට ඒ දේවල් මතක් කරල දෙන්න වෙනවා… ඒ අපේම යහපතට…

දේශපාලන අරමුනු නිසා හෝ එහෙම නොවීම නිසා හෝමෙහෙව් ත්‍රස්ත ක්‍රියා කරපු ත්‍රස්තවාදීන් ට සහය දෙන විදියට අකුරු ලියන, වචන අමුනල කියමින් භයානක මතවාදයන් නිර්මානය කරල පතුරුවන උදවිය ගත්තාම හදුන්වන්න පුලුවන් වෙන්නෙ තුවක්කුවෙන්, බොම්බයෙන් සටන් කරපු ත්‍රස්තවාදින්ටත් වඩා අතිශය භයානක ත්‍රස්තවාදීන් විදියටයි...

තීරණ ගැනීමෙදි හදවතත් බුද්ධියත් දෙකම ඕනි...

හදවත ඉල්ලන දේ සොයා වෙහෙසෙන්න කලින් බුද්ධිය ඉල්ලන දේ ගැන සැලකිලිමත් වෙන්න කියලායි කතාවට කියන්නේ... ඒ කියන්නේ ප්‍රමුඛස්ථානේ දෙන්න කියන්නේ බුද්ධියට... අන්තගාමී නොවී ඒ අදහස ක්‍රියාවේ යොදවනව නම් ඒක බොහොම වටිනවා කියන අදහසයි ගන්න සුදුසු...

බුද්ධිය ඉල්ලන්නෙත් හදවත ඉල්ලන දේම නම්...? එක අතකට ප්‍රශ්නයක් නෑ, මොකද එතනදි බුද්ධිමත් තීරණයට හදවතත් එකසේ සහභාගි වෙලා හින්ද.. හැබයි බැරි වෙලා හරි බුද්ධිය මොකුත් ඉල්ලනේ නැතුව හදවත විතරක් දෙයක් ඉල්ලනවනම්... ඒ වගේ තීරණයකදි නොමග යන්න උනත් ඉඩ තියෙනවා... එහෙමත් නැත්නම් දෙකම උදාසීන උනොත්...හරිහමන් තීරණයක් කෙලින් ගන්න බැරිව ලතවෙන්න වෙයි කියලා සාධාරනව හිතන්න පුලුවන්...

බුද්ධියෙන් තීරණ ගන්න ඕන වෙලාවට අන්තගාමි වෙලා හදවතිනුත්, හදවතින් හිතන්න ඕන වෙලාවකදි එහෙම නොකරන්නත් සමජෙ සමහරු උනන්දුයි, හෙතුව එක්කෝ පුරුද්දක් විදියට ගැඹුරින් කරුනු කාරනා හිතන්නේ නෑ, එහෙම හිතන්න හිතන්න බැරිකමක් වෙන්නත් පුලුවන්, එහෙම නැත්නම් ඉතින් තමන්ගේ වාසියට ඕනකමින් හිතන්නේ නෑ... එහෙම වෙලාවකදි ලැබෙන ප්‍රතිඵල භයානක වෙන්න උනත් බැරි නෑ.. එහෙම ප්‍රවෘත්ති කියවන්න ලැබිලා තියෙනවා... මිනිස්සු මෙ දේවල් හිතන තැනට ටිකෙන් ටික හෝ එන්න ඕන...

මුදලේ වටිනකම යහපතට නැඹුරු කිරීම...

මුදලට සෑහෙන තරමේ වට්නකමක් තියෙන මේ වගේ කාලෙක, මුදල්ම හොයාගෙන යන්න නැඹුරු වෙලා තියෙන සමාජයක නරකද මුදල කියන එක හෝ මුදලින් තක්සේරු කරන්න පුලුවන් දව්‍යය වල වටිනකම කියන් දේ හැකි උපරිම මට්ටමකට යහපතට යොදාගත්තොත්...

දැන දැන වැරදි කරලා නීතියෙන් බේරිලා යන්න පගාව හෝ ඊට සමාන අනුග්‍රහයක් පාවිච්චි කරන්න සමාජයක කෙනෙක් යොමුවෙනවා නම් ඒ වෙන්නේ වැරදි වසාගෙන, ප්‍රශ්න කියන එව්වාගෙන් ලෙසියෙන් ගැලවිලා ඒවා මුදලකට යට කරලා ඒ මාර්ගෙන් පහසුවෙන් යන්න පුලුවන් හින්දා, අනිත් අතට ඒ අනුග්‍රහයන් ලැබීම කියන්නේ කෙනෙක්ට තමන්ගේ ඩියුටි එකට අමතරව අමතර ආදායම් මාර්ගයක් වෙන්නත් පුලුවන් නිසා, ඒ වගේම තවත් අතකට නිවැරදිව කටයුතු කලා කියලා විශේෂ අනුග්‍රහයක් හෝ සැලකිල්ලක් නොලැබෙන හින්දා...

ඔය ක්‍රමය අමාරුවෙන් හරි මාරු කලොත්... සමාජයේ ලොකු විපර්යාසයක් වෙන බව සහතිකයි...

අයතා ක්‍රම වලින් නීතියෙන් ගැලවෙන අයටයි, ගැලවෙන්න උදව් කරන අයටයි එ වෙනුවෙන් අනුග්‍රහ දැක්වීම් කරන්න තියෙන ඉඩ නැති කරමින් ඒ හිඩැස් වලට නීතිය ගෙනල්ල දැඩි දඩුවම් දෙමින් නීතිය හරියට ක්‍රියාත්මක කරන හා නීත්‍යනූකූලව කටයුතු කරන අයගෙන් කොටසක් යම් ක්‍රමයකට තෝරගෙන ඔවුන්ගේ නීත්‍යනූකූලව කටයුතු කිරිම හෙතුවෙන් ඒ දේ දිරිමත් කරන්න යම් අනුග්‍රහයක් දැක්කුවොත් අඩුම ගානේ සෑහෙන දෙනෙක් ඒ අනුග්‍රහය ගන්න හරි දැනට වඩා නීතියට අනුව වැඩ කරයි කියලා සැකයෙන් තොරවම බලාපොරොත්තු වෙන්න පුලුවන්...

වැඩ කිරිම හා වැඩ කිරීමට මග පෙන්වීම මගින් වැඩ කීරීම

විවෙචනය කියන එකත් අමාරුවෙන් හරි හරියට කරනව නම් වටිනවා, හැබයි වැඩක් කරනවට වඩා ලෙසියෙන් විවෙචනයක් කරන්න පුලුවන් බව නම් පැහදිලි ඇත්තක්... ඊටත් වඩා ලෙසි හිතට එන දේවල් ඔහේ කියන එක ලියන එක.. අපේ රටේ වැඩ කරන අය බෝහොම ඉන්න බව පේනවා... ඒත් ඒ අයගෙන් වැඩි කොටසක් වැඩ කරන්නේත් අපූරු විදියකට බවත් පේනවා.. ඒ තමයි තව කෙනෙක් කරන්නේ මොනවද ඒ දේ එහෙම නෙමෙයි මෙහෙමයි කරන්න ඕන, එහෙම කරලා හරියන්නේ නෑ මොන මෝඩ කමක්ද ඕක... වගේ උපදේශනාත්මක මත මගින් වැඩ කිරීමට මග පෙන්වීම... හැබයි ඊට එහා දෙයක් ඇති බවක් දකින්නත් නෑ.. අනිත් පුදුම කරනේ වැඩ කරන අනිත් අයගේ අදහස් සුදුසු නෑ කියමින්, විරෝධතා දක්වමින් ඒ වෙනුවට ඉදිරිපත් කරන එහෙව් වැදගත් යැයි කියන අදහස් සමාජයේ ක්‍රියාතමක වෙන බව දකින්නත් නොලැබීම...

සමාජය යහපත් කිරීමට සමාජයේ සෑම තැනැත්තෙකුගේම දායකත්වය අත්යාවශ්යයි...

සමාජයේ හැම පුද්ගලයෙක්ම සුවිශේෂි සමාජයට වැඩදායි යහපත් තැනකට එන්න ඕන තමන්ගේ විතරක්ම නෙමෙයි සමාජයේත් අභිවෘර්ධිය වෙනුවෙන්...

මේ සමාජයට කෙනෙක් ජනිත වෙන්නේ හුදෙක් එයාගේම කටයුතු ඉෂ්ඨ කරගන්න විතරක්ම නොවෙයි. ප්‍රායොගිකව ඒ දේ කරන්නත් බැහැ.. පුද්ගලිකව වෙර වීරිය යොදන අතරේ දියුණුව කියන එක පොදුවේ සලසා ගැනීමයි වඩා ඵලදායි වගේම පහසු වෙන්නෙත්..

යහපත් අරමුණු උදෙසා යහපත් අන්තර් සම්බන්ධතා පවත්ව ගනිමින් යහපත ඔස්සේ නිවැරදි දැක්මකින් ඉදිරියටම යන්න ඕන කියන සිතිවිල්ල හිතේ තියාගනිමින් එ දේ ප්‍රායෝගික යථාර්තයක් කරන්න උත්සාහ කීරිම අපේ යුතුකමක් වෙන්න ඕන...

1972 පලමු ජනරජ විවස්ථාව

1972 පලමු ජනරජ විවස්ථාව සම්පාදනය කිරීම ඉතාම වැදගත් මොකද බ්‍රිතාන්ය පාලනයත් එක්ක එතෙක් සොල්බරි විවස්ථාව අනුව තිබ්බ සියලුම බැදීම් ඉවත් කරලා ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත්කරගත්තු ජනතා නියොජිතයින්ගෙන් සැදුම් ලත් සාමාජික මණ්ඩලයක් හරහා දේශීය සම්භවයක් සහිතව ඇති උන පලමු විවස්ථාව... ශ්‍රී ල0කාව නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් කලේ කලේ ගරු සිරිමාවෝ මැතිනියගේ සමගි පෙරමුණ රජය...

හැබයි ඒ විවස්ථාව බ්‍රිතාන්ය පාර්ලිමෙන්තු සම්ප්‍රදායෙම කොපියක් විදියට අරන් බලතල බෙදිමේ ස0කල්පය පිලි අරන් තිබ්බෙ නෑ... සියලු බලතල ජාතික රාජ්ය සභාවට ඒකරාශී කරලා තිබ්බා... හරියටම සි0හල රජ කාලේට ගිහිල්ලා වගේ. පාර්ලිමෙන්තුවේ විවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට සීමවාන් නෑ. හරිම භයානකයි... බලතල ඒකරාශී කිරීම, එකම මන්ඩලයක් විසින් ක්‍රියාත්මක කිරීම ඒකාධිපතිත්වයට තුඩු දීමක් වියහැකි කියන ප්‍ර0ශ ජාතික මොන්ටෙස්කිව් ගේ බලතල පිලිබද නූතන න්යාය බැහැර කරලා තියෙනවා... විවස්ථාදායකය පත්කරගත්තට පස්සෙ ජනතවට විවස්ථාදායක කාර්යට සහභාගි වෙන්න කිසිම ඉඩක් නෑ.. නියොජිත ප්‍රජාතන්ත්‍රවාදයට පමනයි ඉඩ දීල තිබ්බෙ...

මූලික අයිතිවාසිකම් හදුන්වලා දීලා නැවතුනා බලාතමක කිරිමක් නෑ. හරියට අසනීප වලට බෙත් දෙන්න කියලා ඉස්පිටිතාලයක් හදලා තියෙනවා අසනීපයක් වෙලා ගිහිල්ල බලද්දි බේත් නෑ වගේ... පාර්ලිමෙතුව විසුරුවා ගියොත් අන්තිම අසරණයි.. ඒ දුර්වලතා පැහැදිලිව සාර්ථකව මග හැරලා තියෙනවා 1978 දෙවන ජනරජ ආන්ඩුක්‍රම වවස්ථාව තුල...

පොරොන්දු කඩවීම හා ඉවසීම...

පොරොන්දු කඩ වෙන එකත් එක්ක ඉවසීමේ තියෙන බැදීම ගැන හරියට තේරුම් ගන්න බැරි උනොත් මොනවා වෙයිද...?

විවිධ හේතු උඩ වෙච්ච පොරොන්දු කැඩෙන්න පුළුවන්... විහිලුවට දෙයක් පොරොන්දු වෙලා ඒ දේ නොකර ඉන්නවා වෙන්න පුළුවන්... පොරොන්දු ගැන වැඩිය නොහිතන නිසා කඩ වෙනවා වෙන්න පුළුවන්... පොරොන්දුවක් වෙලා පස්සේ ඒ දේ කරන්න බැරි හේතුවක් උදා උනා වෙන්න පුළුවන්... කොහොම උනත් කෙනෙක් ඕන කමින් පොරොන්දුවක් කඩනවා නොවෙන්න පුළුවන්... ඒත් අපිට කෙනෙක් වෙච්ච පොරොන්දුවක් එයා අතින් කඩ වෙනවාට අපි කැමති නෑ...

කඩ වෙච්ච පොරොන්දුවෙන් අපිට ඇතිවෙච්ච පාඩුව/දුක ලතැවීම දැනෙන විදියට අපි එයාට ප්‍රතිචාර දක්වනවා... ඒ දේ එයා ඉන්න මානසිකත්වෙත් එක්කයි එයා තේරුම් ගන්නේ... අපිට හැබෑවටම එයාට කියන්න ඕන උන දේ උනත් එයා වැරදියට තේරුම් අරගෙන අපිට පෙරලා ප්‍රතිචාර දක්වන්න පුලුවන්... ඒකට ආයේම අපි ප්‍රතිචාර දක්වන්න පුලුවන් අපේ පැත්තෙන් වැඩිපුර හිතලා... එහෙම උනාම ඒ ගැන තවත් හිතලා එයා වෙනමම දෙයක් කියන්නත් ඉඩයි... අවස්ථාවන් 3-4ක් ඔහොම ගියාම අන්තිමට පොඩි ප්‍රශ්නයක් කෙලවර වෙන්න පුලුවන් එතෙක් ඒ අය අතරෙ තිබ්බ බැදීම් සියල්ලම උනත් අවසන් වෙන තැනට ඇවිල්ල වෙන්න පුළුවන්...

එහෙම වෙලා වටිනා සම්බන්ධතා අහිමි කරගන්න එකෙන් දෙගොල්ලන්ගෙම පැත්තෙන් ඵලක් ඇති දෙයක් නොවෙයි... පොරොන්දු කඩවීමකදි ඉවසීම කියන එකෙ වැදගත්කම මුලින්ම ඉස්මතු කරන්න පුලුවන් වෙන්නෙ හානියට පත්වෙච්ච කෙනාගෙ පැත්තෙන්... අනිත් පැත්තෙන් පොරොන්දුව කඩ වෙච්ච එකට හෙතු කියද්දි ඒවා ඉවසීමෙන් අහන් ඉන්න එක වටිනවා... ඒ දේවල් කා අතිනුත් වෙන්න පුලුවන් සාධාරන අතපසුවීම් නම් ඉවසීමෙන් බලලා සුළු දේවල් නම් ඒ දේ අමතක කරලා දාන එක වටිනවා... එහෙම නොවෙන ගැඹුරු දෙයක් නම් ඉවසීමෙන් කරුණු හොයලා බලලා ඒ ගැන සාකච්ඡාවක් කරලා සුහදව තීරණයකට එන එක වටිනවා...

අන්සතු වස්තුවක් ගැනීම සොරකමට හසු නොවෙන අවස්ථාවක්...

ප්‍රායෝගික ජීවිතයට වැදගත් විය හැකි මාතෘකාවක් ඔස්සේ කරුණු සාකච්ඡා කීරීමට තවත් එක් අවස්ථාවකි මේ... කිසිවෙකුගේ ස්වාමීත්වයෙහි නොව මහ පාරේ වැටී තිබියදි මුද්දක් ඔබට හමුවුවහොත් ඔබ එය අහුලා ගත්තොත් එම ක්‍රියාව නිසා ඔබ සොරකමට හසුවේද...? නැද්ද...?

සොරාගැනීමේ චේතනාව තිබ්බ පලියටම සොරකම සම්පූර්ණ වෙන්න ඕන කරන කාරණා සියල්ල සම්පූර්ණ වෙන්නේ නැ, සොරාගැනීමේ චේතනාව කාරනා එකක් පමණයි... මුද්ද කාගේ හරි ස්වාමීත්වයෙන් යුතු එකක් උනත් ඒ කාගෙද කියලා හරියටම දන්නෙ නෑ, එහෙම බෑ හරියටම දැනන් ඉන්න ඕන අහවලාගෙමයි කියලා, අනික් අතට එයාගේ කැමැත්ත නොවිමසා ගැනීම කියන එක සම්පූර්ණ වෙන්නේ නෑ ස්වාමීත්වය ගැන හරියට දන්නේ නැති නිසා, බුදු දහම පැත්තෙන් නම් වරදක් කලා වෙනවා චේතනාව කර්මය වේ කියන එක අනුව... ඒත් නීතියට අනුව සාවද්‍ය චේතනාවක් හා සාවද්‍ය ක්‍රියාවක් තිබ්බ පමණින්ම වරද සම්පූර්ණ වෙන්න ඕනයි කියමින් දක්වන අදාල කරුණු සියල්ල තෘප්ත නොකිරීම හේතුවෙන් නීතිය පැත්තෙන් වරද සම්පූර්ණ වෙන්නෙ නෑ, එ අනුව සොරකම කියන වරදට වැරදිකාරයෙක් කියලා ගන්න බෑ...

හැබයි ඒ අතින් නොවුනට වෙනත් අතකින් නීතිය පැත්තෙන් වරදක් වෙන තැනට යන්න පුළුවන්... ඒ කෙනෙක්ට අයිති දේපලක් සාවද්‍ය පරිහරණය කිරීම පැත්තෙන් වරදක් විදියට ගන්න පුළුවන්... එතනදිත් ඒ මුද්ද අයිතිකරු සොයා දීමේ අරමුණින් අරගෙන තියාගෙන සාධාරන උපක්‍රම යොදමින් අයිතිකරුව හොයන්න මහන්සි නොවී, හෝ පස්සෙ අයිතිකරුව දැනගෙන නොදී ඉදිමින්ම මට ලැබුන එකනෙ කාට්වත් දෙන්නෙ මොටද එයාට පෙනි පෙනි ගත්තා හො එයාගෙන් වැටෙනවා බලන් ඉදලා පස්සෙ ඇහිදගත්ත නොවෙයිනේ කියලා තමන්ගෙ පරිහරණයටම ගන්නවා නම් දේපලක් සාවද්‍ය පරිහරණය කිරීමට භාවිතා කිරීම කියන වරදට හසු වෙනවා... හැබයි එ මුද්ද පාවිච්චි කරලා එහෙමම ආයෙම එතනින් ගෙනල්ල තිබ්බොත් ඒ මොහොතෙ ඉදන් දේපලක් සාවද්‍ය පරිහරණය කිරීම කියන වරද කරලා තිබ්බනම් ඒක අවසන් වෙනවා...

මුද්දක් වගෙ දෙයක්නෙ කවුද ඕවගෙ එකක් වෙනුවෙන් සටන් කරන්නෙ කියලා හිතුනට හැබෑ අයිතිකාරය මැදිහත් වෙලා ඒ ගැන හොයන්න අරන් ඒ නිසා කෙනෙක් දේපලක් සාවද්‍ය පරිහරණය කිරීම කියන වරදට හසු වෙන්න පුළුවන් සොරකමට හසු නොවුනත්... සොරකම් නොකලත් සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට ඇතුලත් විය හැකි බඩු ලග තබා ගැනීම වරදක්... සාවද්‍ය පරිහරණය කිරීමට හෝ හොරකමින් ලබා ගත් එහෙම දෙයක් බව නොදැන/නොකිය තියෙද්දි කෙනෙක් විසින් තව කෙනෙක් දුන්න දෙයක් ලග තබා ගැනීම සොර බඩු ලග තබා ගැනීමට හසු වෙන්නේ නෑ ඒ දෙ සොර බඩුවක් උනත්...

කතාවක් තියෙනවා වඩාත් පරිස්සන් වෙන්න ඕන ඈත ඉන්න සතුරට වඩ ලග ඉන්න මිතුරගෙන් කියලත්... කෝකටත් හොදයි කෙනෙක් දෙයක් තියාගන්න කියලා දුන්නොත් ඒ දේ ගන්න කලින් ඒ ගැන විස්තර ටිකක් අහන එක... විශේෂයෙන් තමන් නොදන්න කෙනෙක් දෙයක් තියා ගන්න කියලා දුන්නොත් ඒවා බාර නොගෙන ඉන්න එක තවත් හොදයි විශේෂයෙන් මුද්දක් වගෙ පොඩි දෙයක් උනත්...

නිසි වයස් සම්පූර්ණ වූ පසු නීත්යානුකූලව විවාහවීමේ වැදගත්කම...

විවාහ වීමට වයස් සීමාවක් නැති වීමත් වල0ගු විවාහයට වයස ඇතුලත් වීමත් යන්න දෙකක් වේ... 18 ට අඩු නිසා වයස් පූර්ණය නොවීම උඩ වයස 18 අට අඩු වුවහොත් x හා y යන දෙදෙනෙකු සැලකු විට ඔවුන් අතර විවාහය සාමාන්ය විවාහ නීතියට අනුව වල0ගු විවාහයක් යන අර්ථයට හසු නොවෙයි... x , z නම් වූ තවත් කෙනෙක් සමග කරන විවාහය එක්ස් ට 18 ට සම්පූර්ණ වී z ටත් 18 සම්පූර්න වී ඇත් නම් නීතියානුකූල වේ... x විසින් ද්වී විවාහය කලා යැයි පවසා x ට y චෝදනා එල්ල කලද x ඒම චෝදනාවට හසු නොවෙන්නේ x, y අතර විවාහයට වයස් පුර්ණ නොවීම මත ඔවුන් අතර නීත්යානුකූල විවාහයක් නොතිබුණු නිසා වේ...

මෙවැනි කාරණේකදි y අසරණ වෙ... එහෙත් y එවැනි තත්වෙකට පවත්න්නෙ නම් ඒ ඔහුගේම වරදිනි, මන්ද ඔහු මුලදිම පවතින නීතියට අනුව ක්‍රියාත්මක නොවී කටයුතු කල නිසා වේ...

ඇතැම් අය විසින් විවිධ කාරණා මත සාධාරනීකරණය කිරීමට උත්සාහ කලද 16 ට අඩු දැරියක් ඇයගේ පූර්ණ කැමැත්ත ඇතිව වුවද ලි0ගික ස0සර්ගය තුලින් වරද කරුවෙකු නිර්මාණය වීම ඉතාම සාධාරන වේ... ඒය විශේෂයෙන්ම වයස 16ක් වත් නොමැති දැරියන්ගෙ ආරක්ෂාවට ඉතා අවශ්ය වේ...

අවම වශයෙන් අවුරුදු 16 ක් වනතුරු හෝ තමන්ගෙ පාඩුවෙ ගැහැනු ලමයෙක් හට ඉගෙන ගැනීමට, ජීවිතේ සුන්දරත්වෙ පාඩුවේ විදීමට, ළමා කාලය ගත කෙලිදෙලෙන් අනෙකුත් මිතුරු මිතුරියන් හා ගත කිරීමට ආදරය පිලිබදව අත්දැකීම් වර්ධනය කරගැනීමට, ඉගෙනීම තුලින් ජීවිතේ අවබෝධය ලබාගැනීමට ඉඩක් තිබිය යුතුය, ඒම අයිතීන් නීතිමය ප්‍රතිපාදනයන් හරහා ඇය පුද්ගලයින්ගෙ අනවශ්ය ආශාවන් වල ගොදුරක් වීමට ඇති ඉඩ නීතියෙන් වලක්වා තිබීමෙන් ආරක්ෂා වේ...

කලලයක් සාර්ථකව දැරීමට දැරියක් ලි0ගිකව පරිනත වීම පමණක් ප්‍රමානවත් නැත.. ඇයගේ ශරීරය මෙන්ම මනසද නිවැරදිව සකස් වෙන්න වී තිබිය යුතු වේ ... එසේ නොමැති අවස්ථවලදි කලලයක් ඇති වුවහොත් ඒය මවගෙ පැත්තෙන් මෙන්ම දරුවගෙ පැත්තෙන්ද හානිකර විය හැක... ලාබාල වයසේ මවක් වුවහොත් ඇයද දැරියක් වන නිසාවෙන් මවට සිය දරුවා ගැන හරිහැටි හැගීමක් ඇති විය නොහැක... පුවත් පත් වාර්ථාවලද දැක්වෙන පරිදි ලාබාල වයසින් මාතෘ පදවිය ලැබූ දැරියන් විසින් තමන්ට ලැබුනු දරුවා රැකබලා නොගෙන ඉවත් කිරීමෙ තත්වයන් දැකිය හැකිවේ, එසේම එවැනි ලාබාල මවකට උපදින දරුවන් විවිධ ජානමය රෝගාඹාධ ඇතුව ඉපදීමේ හැකියාවද වැඩි විය හැක මන්ද මවගෙ හෝමෝන ක්‍රියාවලින්ද ක්‍රමවත් වෙමින් පවතින අවදියක ඇය මාතෘත්වය ලැබීම වේ...

ඒ අනුව හැම පැත්තෙන්ම වගෙ සිතා බලා වැරැදි සිදු වී විපතක් වීම වලක්වන්නට නීතියෙන් ආරක්ෂාවක් දී ඇත්තේ ලි0ගික ස0සර්ගයට අවුරුදු 16 වත් වෙනකල් නොසිටීම නීති විරොධී කොට දඩුවම් නියම කර තිබීමෙනි... එය තවත් ශක්තිමත් කිරීමක් ලෙස වල0ගු විවාහයට වයස 18 සම්පූර්ණ වීම අවශ්ය වීම යන්න දැක්විය හැක...

ලිංගික සංසර්ගය ස්දුවන්නේ 16 ට අඩු දරුවන් දෙන්නෙක් අතර නම් එතනදිත් වැඩි වශයෙන් අගතියට පත්වෙන්නේ දැරිය වේ... එවැනි අවස්ථාවකදී දැරියගේ කැමැත්තෙන් හවුල් වුවත් වරදක් වේ යන කාරනය ගෙන ඇත්තෙ පිරිමි දරුවා යන තැනැත්තාගෙ තනි උවමනාවට එය සිදුකොට තමන් කිසිවත් දන්නෙ නෑත යන්න හා, චේතනාවක් තිබ්බෙ නෑ ඒය දැරියගේ කැමැත්ත තිබ්බ නිසාම සිදු උන බව පවසා සිටිය හැකි නිසාය... එහෙත් එවැනි අවස්ථාවකදීද පිරිමි දරුවා වරදකරු වේ... මන්ද ඔහු නියමිත වයස සම්පූර්ණ කොට අවස්ථාවක් එනතුරු සිට එවැනි අනවශ්ය සම්බන්ධතා වලට නොගොස් දැරියන් අගතියට පත් නොකලයුතුයි කියවෙන නීතියට පිටින් කටයුතු කල නිසාවේ... [එය තෙරුම් ගැනීමට නීතිය දැනගෙන සිටීමම අවශ්ය නැත.. නිසි වයස් එනතුරු අනවශ්ය සම්බන්ධතා වලට යොමු නොවී සිටිය යුතුයි යන්න දරුවෙක්ට තෙරුම් ගැනීමට බැරි කමක් නෑත... අවුරුදු 8-9 වනවිට ලමයෙක්ට වයසට අදාල කලයුතු නොකලයුතු දේ තෙරුම් ගත හැකි වේ, එසේ නැත්නම් ඒක අසාමාන්ය තත්වයක් වේ... වැරදි කලහොත් දඩුවම් සමග නිසි මානසික උපදේශනයකට යොමු කල යුතු වේ... ළමයෙකු එසේ අනවශ්ය දේට යොමු වනවානම් ඒයට වෙනත් හෙතු තිබීමට පුළුවන, ඒහෙත් ඒම කාර්නා එහෙම පිටින්ම සාධාරණීකරනය කිරීමට ගියහොත් එතනදීද පැහැදිලිවම අගතියට පත්වූ දැරියගේ පැත්තෙන් මෙන්ම එවැනි අගතීන් තවත් අයට කිරීමට වක්‍රව සහය දැක්වීමක් ද වේ, එය නොවිය යුත්තකි... කෙසේ වුවද එවැනි අවස්ථාවක අදාල කරුණුත් සලකා බලා සාධාරනව කටයුතු කලයුතු වේ] ඒ අනුව සාවද්ය චේතනා මුල්කරගෙන කරන සාවද්ය ක්‍රියාව නිසා ඔහු වරදකරු වේ...

කාම ආශාවෙන් මුසපත් වී ක්‍රියාත්මක වෙන පුරුෂ පාර්ශවයෙන් [එතනදි අර්ථවත් වන්නේ ඒ ක්‍රියාවන්ට යොමු වන පිරිමි ළමයි හෝ වැඩිහිටි පුරුශයන් පමණි, ඒවැනි ක්‍රියාවන් ඔස්සෙ දැරියන්/කාන්තාවන් හි0සනයට පත්කිරීමට උනන්දු අයගෙන් දැරියන් ආරක්ෂා කලයුතු වෙ... මෙහිදි සමස්ථ පුරුශ පාඑශවයම කිසිසෙත් අර්ථවත් නොවේ... ආශාව මුල්කරගත් අනවශ්ය ක්‍රියකාරකම් වල නොයෙදෙන තමන්ගෙ පාඩුවෙ සිටිනා අයට ප්‍රශ්නයක් වන්නෙ නෑත] නිසා කාන්තාව හි0සනයට පත් වෙ, කුඩා දරුවගේ සිට වයස් භේදයක් නොමැතිව කායික/මානසිකව මෙන්ම ඇතැම්විට මානසිකවද හි0සා වලට ලක්වෙ... ඒ වැනි අවස්ථාවලදි අගතියට පත්වෙන පාර්ශවයේ ආරක්ෂාවට ඇති නීතියේ වැදගත්කම අතිමහත්ය...

16 ට අඩු දෙදෙනෙක් අඹු සැමියන් ලෙස ජීවත් වීමට සිය කැමැත්තෙන්ම ලෑස්ති නම් එවැනි වෙලාවකදි පවතින නීතිය ඒ වෙනුවෙන් බාධාවක් වී ඒ අයගේ ජීවිත විසුරුවන්න පුළුවන් නිසා යම් සහනයක් නීතියෙන් අවශ්යයි යන තර්කය පැහැදිලිවම බැහැර කිරීමට සිදුවේ... එවැනි තර්කයක් හදුන්වන්නට වන්නේ වැරදි කිරීමට ඇති අවශ්යතාවය සගවා වැරැද්ද සාධාරණීකරණය කරන මුවාවෙන් වරදකට අවකාශය ලබාගැනීමක් ලෙසටය...

එවැනි තත්වයක් සැලකු විට පැහදිලිවම වන්නේ සෙතකට වඩා ඇතැම් කූට පුද්ගලයින් විසින් එය අනවශ්ය පරිදි වාසියක් කරගැනීම පමණි... විවාහ වීමට පෙර කාම ආශාවන් මුසපත් කරගැනීමට එවැනි සාධරණීකරනයක් තුල අවකාශය පුළුල් වේ එබැවින් එවැනි දෑ වැඩි වැඩියෙන් සිදුවිය හැකිවනවා මිස අවම නොවෙයි...

කාම ආශාවන් මුසපත් කොට හරි හැටි අවබෝධයක් දැනුමක් පවා නොමැතිව ලාබාල වයස් වලදි හිතුමනාපයට ක්‍රියාත්මක කරන ලි0ගික සම්බන්ධතා පවත්වන අය, එක් සහකරුවෙක් සහකාරියකගෙන් සෑහීමට පත්නොවෙන තැතැන්ත්තන් නිසා එඩ්ස් වැනි භයානක තත්ව පවා පැතිරෙ... ඒ අතින් බැලූ කල එවැනි උදවිය කරනුයේ සිය ආශාවන් මුදුන් පත් කරගැනීමෙ මුවාවෙන් සමස්ථ සමාජයටම පැහැදිලිවම හානියකි... එවැනි උදවියගෙ ක්‍රියකාරකම් වලට අවකාශය පුළුල් කලහොත් එය නරියාට කුකුල්ලු බාර දුන්නට නොදෙවිනි තත්වයක් ඇති කරවනු නියතයි...

නිසි පරිදී වයස් එලබෙන තෙක් සිට විවාහ වී පවුල් ජීවිත ගත කිරීම ආරම්භ කිරීමට වයස් පූර්නය වීම තෙක් ඉවසා සිටීමට නොහැකි වීමට හෙතුවක් නොමැත... නීතිය කටයුතු කල යුත්තෙ පැහැදිලිව සමාජයේ පුද්ගලයින් අනවශ්ය අයුරින් විෂම හැසිරීම් දක්වා කටයුතු කිරීමට එරෙහිව එම ක්‍රිය මතුවීම වැලැක්වීමට ඇති සියලු ඉඩ ප්‍රස්ථා ඇසීරීම මිස අනවශ්ය ප්‍රශ්න මතු කරන/කුමන හේතු උඩ හෝ අනවශ්ය විදියට ප්‍රශ්න මතු කරගත් අවස්ථාවලදි ඒවා අනුමත කිරීමට යාමට නොවෙයි...

16 ට අඩු දෙදෙනෙක් අඹු සැමියන් ලෙස ජීවත් වීමට සිය කැමැත්තෙන්ම ලෑස්ති නම් එවැනි වෙලාවකදි පවතින නීතිය ඒ වෙනුවෙන් බාධාවක් වී ඒ අයගේ ජීවිත විසුරුවන්න පුළුවන් නිසා යම් සහනයක් නීතියෙන් අවශ්යයි යන තර්කයෙන් මතු කරන කාරනය සැලකූ විටදී 18 වන තුරු සිට නියමිත පරිදිම විවාහ වන්නෙ නම් කිසිදු ගැටලුවක් ඇති නොවෙ... සමාජීය වශයෙන්, වෛද්ය විද්‍යත්මක වශයෙන් ආරක්ෂාව පැත්තෙත්ද සුදුසු යැයි අනුමත කර ඇති පරිදි කටයුතු කරන්නෙ නම් අනවශ්ය ප්‍රශ මතු නොවේ... මතුවන තරමක් ප්‍රශ්න මතුවන්නෙ එසෙ නොවී සම්මතයෙන් පිට පැනි අයටම වේ... [පාරෙහි කහ ඉරි තිබෙන තැන් වලින් පාර පනින්න යැයි කියන්නෙ/එහෙම නොකලොත් දඩ ගසන්නෙ ප්‍රධාන වශයෙන්ම පාර පනින අයගෙම ආරක්ෂාව ගැන සිතීම නිසා මෙන්ම පාරෙහි වාහන වලින් යන අයගෙ පැත්තෙන්ද සිතා වේ.. මිනිසුන් කලයුත්තේ ඒ අනුව වැඩ කිරීම මිස "පාර තියෙන්නෙ අපිට යන්නනෙ කොහෙන් කොහොම ගියාම කාටවත් මොකද" යන අයුරින් වැඩ කිරීම නොවෙයි... එසෙ හිතුමනාපෙට වැඩ කිරීමට ගොස් කෙනෙක් අමාරුවෙ වැටුනහොත් ඒයට වග කිව යුත්තේද ඔහුම වේ... සත්ය වන්නෙ එලෙස සිත වැඩ කරන්නවූ ටික දෙනෙකු නිසා පාරෙහි නීතියට අනුව ගමන් කරන බහුතරයක් දෙනාද අපහසුවට පත්වීමයි] අසම්මතයට වැඩ කලහොත් මතුවිය හැකි අනවශ්ය ප්‍රශ්න මුලින් නොසිතා කටයුතු කිරීමට ලැබූ විපාක ලෙස සිතීමට සිදුවනු ඇත...

එසේ වූවිට ඒවා සාධාරනීකරණය කොට උත්තර සෙවීමට යෑමෙ තෙරුමක් නෑත... ඒවැනි දෑ වලකා සෑම දෙනාටම එකම තත්වයක් නීත්යානුකූල විවාහය තුල රැගෙන ඒමට විවාහ ලියාපදි0චි කිරීමේ ආඥ පනත යන පොදු නීතියක් පනවා ඇත... ඒයට අනුව කටයුතු කලයුත්තෙ එබැවිනි... ඒබැවින් අනවශ්ය තත්ව වලට නොගොස් නිසි පරිදි කටයුතු කලයුතුය යන කාරනය ගැන අවබෝධය සමාජයට ලබා දිමත් එය සමාජයේ පුරවැසියන් විසින් නිවැරදිව ග්‍රහණය කරගෙන සිත්හි තබාගෙන කටයුතු කිරීමත් අවශ්ය වේ...

වැඩ කිරීමට යාමෙදී විරෝධතා පැමිණීම සාමාන්‍ය කාරනයකි

වැඩ කිරීමට යාමෙදී විරෝධතා පැමිණීම සාමාන්‍ය කාරනයකි. . . අද කාලය සැලකූ විටදී විරෝධතා නොලැබෙන ක්ශේත්‍රයක් නොමැති තරම්ය. . . ඒ අතරින් සාධාරන හේතු මත එලිදැක්වෙන විරෝධතා අතේ ඇගිලි ගනනටත් අඩු වන්නෙ න පුදුමයක් නොවෙයි. . . යහපත් අරමුණක් ඔස්සේ කරගෙන යන කාර්යකට අදාලව සාධාරන හේතු නැතුව එන විරෝධතා එම යහපත් අරමුණු යටපත් කොට කඩා දැමීමේ අරමුණින් එන විරෝධතා ලෙස සැලකීමට සිදුවේ... එහි වරදක්ද නැත...

දෙමළ පක්ෂ 6 ක් එක්ව වව්නියාවේ කල උපවාසයකදී රජය කරුණු 3ක් පිළිබද සැලකිය යුතු බව වාර්තා විය... මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය නම් ප්‍රාදේශීය සභාවක් ඇතිකොට එහි සිංහල ජනතාව පදිංචි කිරීමට ඔවුන් විරෝධය දක්වා ඇත... එහි ඇති සාධාරනත්වය කුමක්ද යන්න හා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිංහල ජනතාවගෙන් නිදහස් ප්‍රදේශයක් කොට දෙමළ ජනතාව පමණක් ඒකරාශී කිරීමට ඔවුන් උත්සාහය කරනුයේ කුමක් නිසා දැයි විමසිය යුතුව ඇත...

උතුරු නැගෙනහිර පළාත් වල සියලුම ඉඩම් රජය විසින් ලියපදිංචි කිරීමට එරෙහිවද සිය විරෝධය පලකර ඇත... හේතුව ලෙස ඔවුන් වාර්ථා කරනුයේ යුධ සමයේ අදලා ඉඩම් වල ලිපි ගොනු විනාශ වී තිබිමය... යුධ සමයේ අදලා ඉඩම් වල සිටි තැනැත්තන්ගෙ අයිතිය නීත්‍යනුකූලව යළි සනාථ කොට ලියපදිංචි කිරීමෙ කටයුතු කිරීම සිදු කොට එම ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම කලයුත්තෙද ඔවුන් විරෝධය පල කිරීමට හේතුව කරගත් කාරණය නිසාමය...

මන්ද ත්‍රස්තවාදීන් කල සුවිශාල මට්ටමෙ විනාශ වලදී මිනිස් ජීවිත දෙපල මෙන්ම ඉඩකඩම් වලට අදාල ලිපිගොනුද විනාශ වී යෑම අරුමයක් නොවේ... එවැනි තත්වයකදී එම ජනතාවගේ ඉඩම් වල අයිතිය නීත්‍යනුකූලව යළි සනාථ කොට ලියපදිංචි කිරීමෙ කටයුතු කිරීම සිදුවීම අවශ්‍ය වේ... කලයුත්තෙ එයට විරුද්ධ වීම නොව සහය දැක්වීමය...

උතුර් නැගෙනහිර රජයේ යුධ හමුදා ගම්මාන ඉදි කිරීමට කටයුතු යොදා තිබෙන බවත් ඒවාට ඉඩම් කුඹුරු ලබාදී ඇති බවත් එය අසාධාරන බවත් ඔවුන් ප්‍රකාශ කොට ඇත... එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් ක්‍රියාකාරකම් නිසා විනාශ වී තිබූ ජන ජීවිතය යලි නගා සිටුවීමට කටයුතු කරමින්, එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් පුනරුත්තාපනය කොට යලි සමාජ ගත කරමින්, සිංහල දෙමළ ජනතාව අතර සුහදත්වය වර්ධනය කොට ඔවුන් අතරෙ බැදිම ශක්තිමත් කිරීමෙ පියවරක් ලෙස සිංහල ජනතාවද දෙමළ ජනතාවට සමීප කරවමින්, ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා විනාශ වූ ප්‍රදෙශ ආරක්ෂක හමුදාවෙ කැපවීම මත යථා තත්වයට පත්කරමින් යලි ගොඩ නගමින්, උතුර් නැගෙනහිර ප්‍රදේශද සහලින් ස්වයංපෝෂිත කිරීමට කැපවෙමින්, ජනතාවට එම ඉඩම් වල අයිතිය ලබදෙමින් රජය වැඩ කටයුතු කරගෙන යෑමින් තිබේ... එ සියල්ලෙන් යහපතක් වන්නෙ එම ප්‍රදේශවල ජනතාවට නිසා කලයුතුව ඇත්තෙ එයට විරෝධය දැක්වීම නොව සහය පලකිරීමය...

විරෝධතා මතුවන්නෙ විධිමත් දැනුවත් කිරීමක් නොමැති නිසා හෝ දූශමාන ආරංචි පැතිරගොස් තිබීම නිසා විය හැකිය... එබැවින් ඒ සම්බන්ධව සොයා බලා දැනුවත් කිරීම්ද සමග විරෝධතා ඔස්සෙ මතුවිය හැකි සාධාරන ලෙස සවන්දිය යුතු අවස්ථාවන්ද හදුනා ගනිමින් යහපත් අරමුණු අඛන්ඩව ඉදිරියට ගෙන යෑමට රජය උත්සාහ දැරීම ප්‍රයෝජනවත් වේ...

විශේෂ නීති තුල විශේෂ වරප්‍රසාද තිබීම...

සමාන්ය නීති තත්වය යටතෙ පුරවැසියෝ සියලුදෙනාටම යම් වරප්‍රසාදයක් හිමිවෙනවා කිව්වොත් එ දේ විශේෂ නීති වලටත් අයත් අයටත්, එහෙම නොවෙන අයටත් ලැබෙනවා, ඒ නිසා වරප්‍රසාද යටතේ සැලකිය යුත්තේ විශේෂ නීති අවස්ථාවන් ගැන...

විශේෂ නීති තුල ඒවායින් පාලනය වන අයට විශේෂ වරප්‍රසාද තිබීම අරුමයක් නොවෙයි... ඒත් සාධාරනව බැලුවොත් අපේ රටෙ තියෙන විශේෂ නීති වර්ග 3න් අඩුම වරප්‍රසාද හිමිවෙලා තියෙන්නෙ සි0හලයන්ට [1815 ඉදලා උඩරට පලාත් වල ජීවත් වෙන්නන්ගෙන් පැවතගෙන එන්නන්ට - උඩරට සි0හල] අදාල උඩරට නීතියට... [උඩරට සි0හල විස්තරය අනෞව පුද්ගල නීතියක් වගේ පෙනුනත් උඩරට පළාත සීමා කිරිම් වලට යටත්ව ප්‍රාදේශීය ලෙස සීමා වී තියෙන බවකුයි දකින්න තියෙන්නේ] ඒ යටතේ දේපල, විවාහයට අදාලව වැනි කරාණා වලට පමනයි...

ඊලගට වැඩි වරප්‍රසාද තියෙන්නෙ යාපනයේ ස්ථිරව පදි0චි ද්‍රවිඩ ජාතිකයින්ට අදාල තේසවලාමේ නීතියට [ද්‍රවිඩ ජාතිකයන්ට අදාල වුවත් මෙයද ප්‍රාදේශීය ලෙස සීමා වී තියෙනවා, ඔවුන්ද අයත් වෙන්නෙ සාම්න්ය නීතිය යටතේ විවාහයට, ඊට අමතරව දේපළ වල අයිතිය ලැබීම ඉඩම් අයිතියට අදාලයි]

තේසවලාමේ නීතිය අපේ රටෙ උපන්න එකක් විදියට නොවෙයි සලකන්නේ, ඒක ඉන්දියාවේ මර්බාර් [කදුකර] පෙදෙස්වල [වර්තමානයේ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අයත් භූමි භාගය අර්ථවත් වෙනවා] සිට මෙහේ ආව ද්‍රවිඩයන් අරන් ආව ඔවුන්ගේ චාරිත්‍ර ඇසුරින්, දකුණු ඉන්දීය සම්භවයක් සහිතව ඔවුන්ගේ අවශ්යතා සපුර ගන්න මෙහේදී සම්මත කරගත්ත නීති ස0ග්‍රහයක් විදියටයි සලකන්නේ... හින්දු, මුස්ලිම්, රෝම ලන්දේසි ඉ0ග්‍රීසි නීතිවල ආභාෂයත් තේසවලාමේ නීතියට ලැබිලා තියෙනවා...

1708 දි පමණ ලන්දේසි ආන්ඩුකාරවරයා විසින් නීතියෙ බලය ලබාදීලා 1806 අ0ක 18 රෙගුලාසිය යටතේ බ්‍රිතාන්‍ය පාලකයෝ මේ නීතී ස0ග්‍රහය පිළි අරගෙන තියෙනවා... විවස්ථා සාමාන්‍ය මූලධර්ම, නීතී ස0ග්‍රහය ඇසුරින් උසාවී නඩු තීන්දු මූලාශ්‍ර විදියට සලකනවා...

පුද්ගලයෙකුගේ ජාතිය ආගම කුමක් උනත් තේසවලාමේ බලපාන ප්‍රදේශයේ සමහර නිශ්චල දේපල වලට, පරවශ්යතා, උගස් දේපල වලටත් තේසවලාමේ නීතිය බලපාන බව කියවෙනව... ප්‍රාදේශීය නීතියක් විදියට ල0කාවේ උතුරු පලාතට අයත් සියලුම ඉඩම් වලට බලපානවා.. අඹු සැමියන්ට අදාලව යාපනය පලාතෙන් පිටත තියෙන දේපළ වලට තේසවලාමේ නීතිය බලපාන බවත් පිලිඅරන් තියෙනවා...

ඊලගට වැඩිම වරප්‍රසාද තියෙන්නේ වාසය කරන ප්‍රදේශය කුමක් උවත් ඉස්ලාම් ආගම වැලදගැනීමෙන් හෝ උපතින් මුස්ලිම් වන මුස්ලිම් ජාතිකයින්ට අදාල වෙන පුදගල නීතියක් වෙන මුස්ලිම් නීතියට බව පේන්න තියෙනවා...

විශේෂ නීති තුල වරප්‍රසාද හිමිවීම කියන කාරණේ පැත්තෙන් නොබැලුවත් වරප්‍රසාද බෙදී ගිහිල්ලා තියෙන ආකාරය කියන එක අනුව මේ තත්වයේ යම් අසාධාරන බවක් තියෙන බවයි මගේ හැගීම... උඩරට, තේසවලාමේ කියන්නෙ ප්‍රාදේශීය නීති එතන්දි යම් වරප්‍රසාද හිමිවෙනවා නම් ඒ දේ ප්‍රදේශයට අදාලව නිසා සීම සහිතයි... ඒත් මුස්ලිම් නීතිය පුද්ගල නීතියක්... ඒක අනිකුත් විශේෂ නීති එක්ක බලද්දි මුස්ලිම් ජාතිකයින්ට හිමිවෙන විශාල වරප්‍රසාදයක්... ඒ අය ශ්‍රී ල0කා දේශය තුල ඉන්න ස්ථානයෙන් ස්වායත්තව මුස්ලිම් නීතිය අදාලයි, ඒ අනුව නීතිය තුල හිමිවෙන යම් හිමික වෙ නම් ඒව ලැබෙනවා, අනිකුත් නීති වර්ග දෙකට එහෙම වෙන්නෙ නෑ. . .

ඒත් එක්කම විවාහ වීම සම්බන්ධ තත්වෙදි විවාහයේ පාරිශුද්ධතාවය අවධාරණය කරන්න හෙතු වෙන ඒක විවාහය ඉක්මවමින් බහු විවාහයට මුස්ලිම් නීතිය තුල ඉඩ විවර කරලා තිබීමෙ තත්වය සලකන්න පුළුවන්... මුස්ලිම් නීතිය ශ්‍රී ල0කාවෙදී බලපාන්නෙ විවාහය දික්කසාදය, උරුමය, ළමයින් දරුකමට හදා ගැනීම නඩත්තුව වගේ ක්ශෙත්‍රවලදි උනත් [මුස්ලිම් දණ්ඩන නීතින් ඇතුලත්ව නැත...]අනිකුත් විශේෂ නීති එක්ක බලද්දි මුස්ලිම් නීතිය සිය ප්‍රභලත්වය රදවගන්න සමත්වෙලා තියෙන බව දකින්න තියෙන්නෙ විවාහයට ඇති විශේෂ වරප්‍රසාද තත්වයත්, පුද්ගල නීතියක් විදියට ක්‍රියාකාරීවීමෙ හකියාවත් ඉස්ලාම් ආගම එක්ක මුස්ලිම් නීතියෙ තියෙන දැඩි බැදියාව [ආගම හා නීතිය සමීපව සම්බන්ධ වීම - රටක ආගම ඒ රටේ නීතිය වීම උදා: සෞදි අරාබිය, ඉරානය, ඇෆ්ගනිස්ථානය] නිසා කියල මම හිතනවා...

සුන්නි ෂාරියා කියලා ප්‍රධන නිකාය දෙකකට බෙදෙන මුස්ලිම් වරුන් අයත් වෙන සුන්නි නිකාය තව්ත් කොටස් 4 කට බෙදිලා ඒකෙන් එකක් වෙන ෂාෆීය නිකායට අපේ රටෙ මුස්ලිම් ජනතාව අයත් වෙනවා නීතියට අනුව... ලන්දේසි පාලන සමයෙදී ක්‍රි ව 1806 දී පමණ සම්මතකරගෙන තියෙන මුස්ලිම් නීති ස0ග්‍රහයකට අනුව වගේම ඒ ඔස්සෙ පැනවුන තවත් ප්‍රඥප්ති අනුව අපේ රටෙ මුස්ලිම් නීතිය පාලනය වෙන බවයි කියවෙන්නෙ...

මුස්ලිම් තැනැත්තන්ට ස්වකැමැත්තට සාමන්ය නීතිය යටතේ හෝ උපතින් හෝ උපතට පස්සේ ඉස්ලාම් ආගම වැලද ගැනීමෙන් මුස්ලිම් ජාතිකයෙකු වීමෙන් අදාල වෙන 1955 අ0ක 22 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පණතට අනුව විවාහය, දික්කසාදය ක්‍රියාත්මකයි... ඒත් ඔවුන්ට විවාහය තුල ලැබෙන විශේෂ තත්වය යටතේ ප්‍රායෝගිකව ඔවුන් සාමන්ය නීතිය වෙනුවට මුස්ලිම් නීතියෙන් වන විවාහය අදාල කරගනීවි කියන්න පුළුවන්... මුස්ලිම් කාන්තාවකට විවාහ කරගැනීමේ හැකියාව තියෙන්නේ එක මුස්ලිම් පුරුෂයෙක් පමණයි, ඒත් මුස්ලිම් පුර්ෂයෙක්ට කාන්තාවන් 4 දෙනෙක් විවාහ කරගැනීමේ අවස්ථාව තියෙනවා...

ඒත් පළමු භාර්යාව ජීවත් වෙලා සිටියදී හෝ ඇය දික්කසාද කර නොමැතිව දෙවැනි වරට විවාහ වීමට යම් කෙනෙක් ඉස්ලාම් ආගම වැලදගත්තොත් ඔහු ද්වී විවාහයට වරදකරු විය හැකියි... (අප දණ්ඩ නීති ස0ග්‍රහයේ 362 [ආ]), මුස්ලිම් නීතිය යටතේ විවාහ වෙන්න වයස් සීමවක් නැතිබවයි කියවෙන්නෙ, ඒත් මුස්ලිම්වරයෙක්ට අවුරුදු 16 ට අඩු දැරියක්ව ඇයගේ කැමැත්ත ඇතිව පවා විවාහ කරගැනීමේ හැකියාව නෑති වෙන්නෙ ස්ත්‍රී දුෂණය කිරීමෙ වරදට හසුවන නිසා... මුස්ලිම් පුරුශයෙක්ට කාන්තාවන් 4 දෙනෙක් විවාහ කරගැනීම සාමන්ය විවාහ නීතියට [1907 අංක 17 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතට] පටහැනිද නැද්ද කියන කාරණෙ සලකද්දි ඒ ගැන එ0ගලන්තයේ රාජාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා...

ඒ අනුව කියවෙන්නේ ශ්‍රී ල0කාව වැනි විවිධ ජාතීන් ආගමිකයන් ඇති රටක පදි0චිකරුවන්ට ඔවුන්ගේ ආගම පෞද්ගලික නීතිය වෙනස් කිරිමේන් වල0ගු බහුභාර්යා විවාහ සිදුකිරීමට නෛසර්ගික අයිතියක් ඇති බව... එවැනි දේයක් වෙනස් කිරීමට අවශ්ය නම් ඒ දේ දේශීයව පනවන විවස්ථා හරහා සිදුකලයුතු බව කියවෙනවා... ඒ අනුව කාලයට අවශ්ය පරිදි සාධාරන අවසන් ඵලයක් කරා එලබීමට උත්සාහ දරමින් විවිධ දෘෂ්ඨි කෝණ වලින් බලලා ඒ වගේම හරවත් සාකච්ඡා වට ගනනාවක් තියලා නීතියක් උචිත විදියට සම්මත කරගැනීමෙ හැකියාව තියෙනවා...

විශේෂ නීතිවලට අදාලව කාලෝචිත ස0ශෝධන [විශේශයෙන් 1955 අ0ක 22 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පණතට අදාලව] නොකර රටටම පොදුවේ නීතියක් ලෙස එක් අයෙකුට/පවුලකට දරුවන් 2ක් හෝ 3ක උපරිමයක් ලෙස නීතියක් ගෙන ආවොත් දැන් තියෙන තත්වෙ හැටියට ඒකෙ අවාසිය පැහැදිලිවම වෙන්නෙ උඩරට සි0හලයින්ට විතරක් නොවෙයි රටේ සමස්ථ සි0හල ජාතිකයින්ටයි... ඒ නිසා විවාහ නීතියෙ දරු උපත් ස0බ්‍යාවට අදාලව නීතිමය බාධකයක් අරන් අරන් එනවා නම් අනිකුත් නීති ස0ග්‍රහයන්ද ඊට අනුරූපව කාලොචිතව ස0ශෝධනයට ලක් විය යුතුයි...

සමාජයේ විශේෂ අවධානයක් යොමු කලයුතු අයට ඒ තැන දෙමු.

සමාජයේ අවධානය වැඩියෙන් යොමුවෙන්න ඕන තැනැත්තන් ඉන්නවා. ඒ අයට නිසි තැන දෙන්න අපි පුරවැසියෝ විදියට කටයුතු කරන්න ඕන. එහෙම එක්කෙනෙක් තමයි ආබාධිත අය කියන්නෙ, ආබාධිත තැනැත්තෙක් සැලකුවාම උපතින් හෝ එහෙම නැත්නම් උපතට පස්සේ උන යම් සිදුවීමක් උඩ [රිය අනතුරක්, ඇද වැටීමක්..] ආබාධිත තත්වයට පත්වෙන්න පුළුවන්. ස්ථිරවම ආබාධිත තත්වෙට පත් උන අය ඉන්න පුළුවන්, තාවකාලිකව ආබාධිත තත්වෙට පත්වෙච්ච අය ඉන්න පුළුවන්. හොදට ඉන්න ඔයාගේ කකුලේ තුවාලයක් වෙලා ඇවිදින්න අමාරු තත්වයක් ආවොත් ඔයාවත් සලකන්න වෙන්නෙ යම් මට්ටමක ආබාධිත තැනැතෙක් කියලා, ඒ නිසා හොදට ඉන්න කෙනෙක් යම් මොහොතක යම් හේතුවක් උඩ යම් ආබාධිත තත්වයකට පත්වෙයිද කියන්න බෑරි බවත් මතකයේ රදවා ගන්න වටිනවා !

සමාන තත්වයේ සිටින තැනැත්තන්ට නීතිය සමාන ආකාරයට සලකන නිසා සමාජයේ අවධානය විශේෂයෙන් යොමුවිය යුතු මට්ටමෙ ඉන්න ආබාධිත තත්වයෙ අයට වගේම විශේෂ හේතුවක් උඩ සැලකීමක් දැක්විය යුතු මට්ටමෙ අයටත් [ගර්භණී කාන්තාවන්ට, පූජ්‍ය පක්ෂයට] සමාජයේ විශේෂ තැනක දෙන්න නීතිය කටයුතු යොදලා තියෙනවා, බස් එකක, දුම්රියක ආබාධිත, ගර්භණී කාන්තාවන්ට, පූජ්‍ය පක්ෂයට විශේෂයෙන් ආසන වෙන් කරලා තියෙන්නෙ ඒ හේතුව උඩ.

ඔයාට යුතුකමක් තියෙනව ඒ වගේ සමාජයේ විශේෂ අවධානයට ලක් කල යුතු තැනැත්තෙකුට [ගර්භණී කාන්තාවන්ට, පූජ්‍ය පක්ෂයට, ආබාධිත අයට] ඒ සැලකීම කරන්න ඔයා වාහනයක කොතනක වාඩි වෙලා ගියත් ඔයා ලගට එහෙම කෙනෙක් ආවොත්, ඒත් ඔයා ඒවගේ අයට වෙන් කරලා තියෙන ආසනයකම වාඩි වෙලා ඉන්නවා නම් ඒ ආසනය ඒ වගේ කෙනෙක්ට පරිත්‍යාගකිරීමට බලාපොරොත්තුවෙන් සිටිය යුතු බව අමතක කරන්න හොද නෑ...!

සමාජය යහපත්ව පවත්වාගැනීම යන එකම අරමුණ වෙත ලගාවීමේදී ආගමේ කාර්යභාරය හා නීතියේ කාර්යභාරය

සමාජය යහපත්ව පවත්වාගැනීම යන එකම අරමුණ වෙත ලගාවීමේදී ආගමේ කාර්යභාරය හා නීතියේ කාර්යභාරය යනු යම් අතිපිහිතවීම් තිබුණද, එකග නොවීම් තිබිය හැකි වුවද කාරණා දෙකක් වශයෙන් ගත යුත්තකි. ආගමික වශයෙන් සමාජය යහපත් කිරිමට නීතියද, නීතියෙන් සමාජය යහපත් කිරීමෙ කාර්යයට ආගමද යම් මැදිහත් වීමක් තිබිය හැකි වුවද අයුතු ලෙස මැදිහත් වීම නුසුදුසුය. මන්ද ආගමෙන් හා නීතියෙන් අවසාන ඵලය ලෙස ලබාගැනීමට බලාපොරොත්තු වෙන එකම කාරණය වන සමාජය යහපත්ව පවත්වාගැනීම යන එකම අරමුණ වෙත ලගාවීමේදී එක්ව මෙන්ම වෙන් වෙන්වද ගමන් කිරීමට ආගමට හා නීතියට සිදුවන බැවිනි...

එසේ ආගමට නීතියෙන් යම් මැදිහත්වීමක් ලබාදෙන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය. අයෙකු මනුශ්‍ය ඝාතන කරමින් යයි නම් එය ඔහු තමාගේ සසර ගමන දිගු කරගැනීමට කරගන්නවූ අකුසල කර්මයකැයි ද ඔහු නිසා මරනයට පත්වන්නන් පෙර ආත්ම භවයන්හිදී අකුසල කර්ම කර තිබී ඒවාට විපාක මේ භවයෙදී ලබන බව පවසා එම විශම ක්‍රියකාර්ත්වය ආගමට අයත් දෙයකැයි පවසා කරබා සිටිය නොහැකිය... එයට නීතිය මැදිහත්ව විශම ක්‍රියාකාරිත්වයක් මෙහෙයවන පුද්ගලයාට දඩුවම් දිමෙන් සමාජයෙ අනිකුත් තැනැත්තන් පෙරකී පුද්ගලයා නිසා අගතියට පත්වීම වැලැක්විය යුතුවෙ...

පන්සලකට යන විට සුදු ඇදුම් ඇදගෙන යෑම සිරිතක් වශයෙන් පවතී. එහෙත් එය නීතියෙන් බලාත්මක කර පන්සලකට යන විට සුදු ඇදුම් ඇදගෙන නොයනා තැනැත්තන් යම් ආකාරයක දැඩි දන්ඩනයට ලක් කිරීමක් කරයි නම් එමගින් වනු ඇත්තෙ සියල්ලන්ම සුදු ඇදගෙන පන්සල් වෙත පැමිණීමට වඩා රාජකාරි කටයුතු/පුද්ගලික වැඩ කටයුතු අතරේද පන්සලක් වෙත පැමිණෙන දෙනාද එසේ නොපැමිනීමය... එබැවින් එය නීතිය ආගම වෙත අයුතු කඩා වැදිමක් ලෙස දැක්වීමට සිදුවේ.

යම් වරදකට වැරදි කරුවන් වී යම් කාලයක් සිරගතව සිට ඒ අතරතුර පුනරුත්තාපනයට නිසි ලෙස ලක්වී යහපත් කල් ක්‍රියාවෙ නියුතු වන තැනත්තන්ව නීතියෙ ප්‍රතිපාදන තුලින්ම සමාව ලබාදීම හරහා නිදහස් කිරීම සැලකූ විට ආගමික පසුබිමකදී ඔවුන් යහපත් කිරීම හා සම්බන්ධ වන නිසා එය ආගම නීතියට අයුතු ලෙස කඩා වැදීමක් ලෙස දැක්විය නොහැකිය.

එහෙත් නීතිය මගින් වරදකරුවන් කල තැනැත්තන්ව සිරගත කිරිම හෝ ඔවුන් මරණීය දණ්ඩනය වැනි දඩුවම් වලට ලක් කිරීම බුදු දහමට පටහැනි වන බවද ඒසෙ නොකොට කොන්දේසි විරහිතව සිරගතවීමෙන් හෝ වෙනත් දණ්ඩනයන්ගෙන් නිදහස් කොට ඔවුන් පූර්ණ වශයෙන්ම ආගමානුකූලව යහපත් කිරීමට සමාජයට යොමු කරවන ලෙස පැවසුවහොත් එය පැහැදිලිවම නීතියෙ කාර්යභාරයට ආගම අයුතු මැදිහත් වීමකි.

ආගමට කෙසේවත් සම්බන්ධ නැති ඇතැම් දෑ කිරීම පුද්ගලයාගෙ ආරක්ෂාව උදෙසා කල යුතු බව දක්වා ඇති බව පෙනේ. එවැන්නක් නම් මෝටර් සයිකලයක් පදවන විට හිස් වැසුම් පැලැදීම වේ.

එසේම පන්සිල් රැකීම සැලකූවිට එම සිල් පද පහෙන් කඩ කිරීමෙන් අන් අයට හානි සිදුවන අවස්ථාවන් ලෙස නීතිගත කර ඇති සිදුවීම් පමණක් සලකා ඒවාට වැරදි කරුවන් වන තැනැත්තන් දණ්ඩනයට ලක් කිරීම විනා සමස්ථයක් ලෙස පන්සිල් පද පහ එසේම රැකිය යුතු බව නීතිය නොදක්වයි. එහෙත් නීතියෙන් බේරීමට පමණක් නොසිතා පූර්ණ වශයෙන් පන්සිල් පද පහ අනුව ජීවත් වීම යනු කෙනෙක්ගෙ චරිතය හා බැදුනු දෙයකි.

නීතිය මගින් ආගමික රීතිද ශක්තිමත් කරවිය හැකි වුවද, එය යම් තාක් දුරකට අවශ්ය වුවද ආගම මගින් නීතියට අයුතු ලෙස මැදිහත් වීමද, නීතිය මගින් ආගමට අයුතු ලෙස මැදිහත් වීමද යන දෙකම සමාජය පැත්තෙන් හානිදායක අන්තයන් වේ. එබැවින් ඒවා බැහැර කල යුතුය. සුදුසු වන්නෙ කාලීන අවශ්යතාවයද සලකමින් ආගමික පසුබිමක් තුල නීතියද උපරිමව බලාත්මක කොට පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරිමට ක්‍රියා කිරීමය. එතැනදි වැඩි කාර්යභාරයන් නිතැතින්ම නීතියට හිමිවෙනු ඇත. මන්ද ආගමානුකූලව සිතීමට යොමු නොවෙන තැනැත්තන් සිටී නම් ඔවුන්ද වරදකට නීතියෙන් ලැබෙන්නාවූ දණ්ඩනය හේතුවෙන්ම පාලනය වනු ඇති නිසා වේ.

වරදට දඩුවම් ලෙස අතීත රජ දවස ලබාදුන් දෙතිස් වධයන් හි තිබුණු ශ්‍රී ලංකා දණ්ඩ නීතී සංග්‍රහයට ඇතුලත් කර තිබූ එකම දණ්ඩන ආකාරය වූ කස පහර දීම ඉන් ඉවත් කලද ඒ වෙනුවට ආදේශකයක් ඇතුලත් නොකිරීම අඩුවකි. අධිකරනයෙන් නියම වුවද ඉන් පසුව විධායකයේ ක්‍රියාකාරිත්වයෙන් මරණීය දණ්ඩනයද ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවෙන තත්වයක් තුල වර්තමානයේ වරදට දඩුවම් ලෙස ලබාදෙන සිරදඩුවම්, දඩ හෝ ඊට පහල දඩුවම් වන ප්‍රජා සේවා නියෝග, වැඩ තහනම් කිරීම්, සේවය අත් හිටුවීම් වැනි දෑ ප්‍රමාණවත් නොවෙන බව සමාජයේ ඇතැමුන්ගේ විෂම ක්‍රියාකාර්ත්වයන් ප්‍රායෝගික වෙමින් යන පරිසරය තුල පෙනේ. එබැවින් එවැන්නන්ගෙන් සමාජයට වන හානීය වැලැක්වීමට නීතිය දැඩි වෙමින් පුද්ගලයාට දැනෙන මට්ටමට දැඩිව දඩුවම් දීමට යොමු විය යුතුය.
http://lankacnews.com/sinhala/news/37976/

ඉවසීමෙන් ඔබට ලැබෙන්නේ කුමක්ද යන්න ඔබගේ ප්‍රතිචාරය අනුව තීරණය වේ

"ඉවසීමෙන් සැනසීම ලැබේ" යන්න කවුරුත් පාහේ දන්නාවූ පැරැණි කියමනකි. යම් ගැටලුකාරී අවස්ථාවකදී/අවස්ථාවන්හිදී හැකිතාක් දුරට ඉවසීම ඔස්සේ එම අවස්ථාවන්හිදී සහනයක් ලබාගැනීමට හැකියාව ලැබෙන බව යන අදහස ඉන් ජනිත වේ, එය පැහැදිලිවම සැබෑවකි. තිබෙන ප්‍රශ්නයක් වැඩි දුර යෑම හා අමතර ප්‍රශ්න මතුවීමට යම් අවස්ථවකදී ඉවසීම මගින් ප්‍රශ්න වෙත යොමුවීම ප්‍රයෝජනවත් විය හැකි වන නමුත් එසේ ඉවසීම "සැනසීම" වෙනුවට "වැනසීම" වුවද ලබා දීම සදහා පුළුල් විය හැකි බැවින් එසේ "වැනසීමක්" නොලැබෙන තැනට අන් අයෙකුගේ ක්‍රියාවන් යොමු නොවෙන ආකරයෙන් කටයුතු කිරීම තම තමා විසින් අවස්ථානුකූලව කල යුත්තකි.

එය "ගහන්න ගහන්න වදින කෙනාත් වදින්න වදින්න කෙනාත් දෙන්නම මෝඩයෝ" යන තවත් පැරැණි කියමනක් මගින් සනාථ කරවයි. කෙනෙකුහට දෙයක් පැහැදිලිව කියමින් විරෝධය පලකිරීමකදී වුවද ඔහු එය තුට්ටුවකට මායිම් නොකර කෲරත්වයෙන් යුතුව අමානුෂිකව ක්‍රියාත්මක වන්නේ නම් එවැනි මානසික ව්‍යාධින්ගෙන් යුතු තැනැත්තන්ගේ ක්‍රියාකාරකම් කෙරේ තව දුරටත් බලාසිටීම පැහැදිලිව විපතක් ලගා කරවිමක් මිස නුවනැති කාර්යයක් නොවෙන බව සිත්හි තබාගෙන කටයුතු කිරීම ඉතා යෝග්‍ය වේ...

කිසිදු පුරවැසියෙක්ට තවත් පුරවැසියෙක් වෙනුවෙන් ශාරීරීක පීඩා හෝ මානසික පීඩා ඇතිකිරීමට නීතියෙන් අවකාශ නොමැත... එසේ නම් ඔබව යම් අයෙකු විසින් අනවශ්ය පරිදී පීඩාවට ලක් කිරීමට උත්සාහ කරයි නම් [අනවශ්ය විහිලු වලින් පවා] එයට පැහැදිලිව එරෙහිවීමට හා ක්‍රියාත්මක වීමට ඔබට අයිතියක් ඇත. එනම් ඔබගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කිරීමට හැක...

මේ පිලිබදව කිසිවෙකු වැඩිදුර නොදැන සිටිය හැකි මුත් සරලව ගත් කල තමාට කල පහර දීමකදි එයට පෙරලා පහර දීම යනු තම ශරීරය ආරක්ෂා කරගැනීමට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කිරීමකි. එහෙත් එය සුදුසුම හා ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කල යුතුම අවස්ථාවෙ භාවිත කිරීමට වගබලා ගනීමට ඔබට සිදුවේ.. ඔබ යම් ආයතනයකට සම්බන්ධ නම් එම ආයතනයේ නිසි බලය ඇති තැනැත්තෙකුගේ/ආයතනයේ නීති වලට හැර වෙනත් කිසිවෙකුගේ පුද්ගලික නීතීන් "අණ" ට අනුව යා යුතු නැත.

මෙය විශේෂයෙන් අදාල වන්නෙ සරසවි වල ජෙෂ්ඨ යයි කියාගන්නාවූ ඇතැම්
මානසික ව්‍යාධි සහිත තැනැත්තන් විසින් එම සරසවි වල නවකයින් හට සලකන ආකාරය සම්බන්ධව කෘර අමනුෂික ආකරයේ ක්‍රියාත්මකවීම් හෙලිකරන පුවත් පත් වාර්තා සැලකූ විටය... නවකයින් මෙසේ සැරසී පැමිණිය යුතු බව සිට ඔවුන්ගෙ අත පය කැඩි, ආබාධිත වී රෝහල් ගතව කාලය ගෙවීමට සිදුවන මට්ටම දක්වා ජෙෂ්ඨ යයි කියාගන්නාවූ ඇතැම්
මානසික ව්‍යාධි සහිත තැනැත්තන්ගේ "අණ" ක්‍රියාත්මකවීම් පිලිබදව පුවත්පත් සක්ෂි දරයි.

ඔබ නවකයෙකු නම් එවැන්නකට ඇතැම් විට ඔබට මුහුන දීමට සිදුවිය හැක, එසේ නම් ඔබගේ ඉවසීමේ ප්‍රතිඵලය ලෙස සැනසීම නොව ඔබගේ වැනසීම සදහා හේතු විය හැකි බැවින් ගහන්න ගහන්න වදින තැනට නොවටී වැඩි දුර යෑමට ප්‍රථම ප්‍රාථමික අවස්ථාවේදීම වහාම ඔබට මානසික හෝ කායික පීඩාවන් කල තැනැතන් පිලිබදව සියල්ල සාක්ෂි සහිතව හෙලිකොට [ඔබහට එය තනිවම කිරීම අසීරු නම් ඔබගේ දෙමාපියන් හෝ අදාල ආයතනයේ ආචාර්යවරයෙකු මගින් යොමු වීම සුදුසුය] ඔවුන් නීතියට කොටු කර ඔවුන්ට නීතියෙ දැඩි දඩුවම් ලබාදීමට යොමු කිරීම ඔබ සතු යුතුකමක් වන අතර එය ඔබගේ මෙන්ම තවත් බොහෝ පිරිසකගේ හිත සුව පිණිස හේතු වනු ඇත..!

මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණාවක් නම් ඔබ තරුණියක් නම් ඔබව නීතියෙන් වඩාත් ආරක්ෂා කර ඇති බවය.. එනම් යම් තරුණයෙකු විහිලුවෙන් බැහරව යමින් සිත මතා වේදනා ගෙන දෙන ලෙස ඔබ වෙත පවසන යම් අශිෂ්ඨ වචනයක සිට ඔබ වෙත හෙලන යම් අශිෂ්ඨ බැල්මකට පවා ඔබ ක්‍රියත්මකව එවැන්නන්ට එරෙහිව නීතියෙන් දඩුවම් කල හැකි බවය !

ඉවසීම භාවිතා කල යුත්තේ ඉහල මානසික හැකියාවන් සහිත තැනත්තන් අතර ඇතිවෙන යම් ආකාරයක ගැටලු වලදී විසදුම් සෙවීමෙදී මිස උසස් මානසික හැකියාවන්ගෙන් බැහැරව යන, මනස නිවැරදිව මෙහෙයවිය නොහැකි ලෙස ක්‍රියාත්මක වෙන මානසික විකෘතිතාවයන්ගෙන් යුතු තැනැත්තන් වෙනුවෙන් නොවෙන බව සිත්හි තබාගෙන කටයුතු කිරීමෙන් ඉවසීමෙන් වැනසීම නොලබා සැනසීමම ලබා ගත හැකිවනු ඇත...!

අසම්මත කෲර මට්ටමේ දඩුවම් ඉගැන්වීම් මානුෂීය නිදහස අගයන ඊට ගරු කරන නූතන සමාජයේදී බැහැර විය යුතුය..

යම් පුද්ගලයෙකු කෙතරම් දුරකට ක්‍රියාකාරී වීමට හැකි විභවයක් සහිතව සිටියද ඔහුට ක්‍රියාත්මක වීමට ඇති පරිසරයේ ස්වභාවය තුල ඔහු කෙතරම් දුරට ක්‍රියාකාරී වේදැයි තීරණය වේ.. කුඩා පිරිසකට වුවද යම් මට්ටමක දරුණු ඝනයේ බලතල තිබුනහොත් එය අති විශාල පිරිසකට එරෙහිව වුවද භාවිත කිරීමේ හැකියාව ඔවුන්ට ඇත...

උදාහරණයක් ලෙස ඒ නම් ජාතිකයින් 100 දෙනෙක් සිටින බවත් ඒ අයහට නීතියට අනුව වෙනත් කිසිම ජාතිකයෙකුට සාමන්ය තත්ව යටතේ ක්‍රියාකාරී වෙමින් දැඩි දඩුවම් දීමට නොහැකි බවත්, වෙනත් බී නම් ජාතිකයින් 10 දෙනෙක් හට සාමන්ය තත්ව යටතේ නීතියෙන්ම යම් කාරනයකදී වෙනත් අයට එරෙහිව දැඩිව කටයුතු කිරිමට [නොයෙක් ආකාරයේ වූ හි0සා පීඩාවන්] බවත් සලකමු... එසේ වූ විට අති බහුතර ඒ ජාතිකයින් 100 දෙනාට වුවද ප්‍රභල හානියක් කිරීමේ හැකියාව බී ජාතිකයින් 10 දෙනා සතුව පවතී..

එහෙත් විශේෂ බලයක් නීතියෙන් ලබා නොදී මුලින් කී ඒ ජාතිකයින් 100 දෙනා හා අනිත් බී ජාතිකයින් 50 දෙනෙක් හෝ 75 දෙනෙක් සිටී යැයි සැලකූ විටදී ඔවුන්ට අනිකුත් ඒ ජාතිකයින් 100 දෙනා හට හානියක් කිරිමෙ හැකියාව පෙර අවස්ථාවට සාපේෂව බී ජාතිකයින් ප්‍රමාණය වැඩි වුවද හානියේ ස්වභාවය බෙහෙවින් අවම තැනක් ගන්නා බව පැහැදිලි වේ මන්ද ජාතීන් දෙකම එකම නීතියෙන් පාලනය වන නිසාවේ...

කුරානයේ කියවී ඇති පරිද්දෙන් ඉස්ලාම් ඉගැන්වීම් අනුවම ක්‍රියාකරී වන තැනැත්තන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීම ඔවුන්ගේ ඉගැන්වීමෙන් බැහැරව සිටින බෞද්ධයා ඇතුලු අනිකුත් ජාතීන්හි යහපත් පැවැත්ම පැත්තෙන් ප්‍රශ්නයක් ඇති කරවන බව සැබෑවක්ය, මන්ද ඔවුන්ගේ කුරානයේ කියවෙන තත්වයන් නීතිය තුලින් ප්‍රායෝගික භාවිතයට යොමු කරගැනිමෙ සම්භාවිතාවය වැඩි වෙන නිසා වේ... ඒහෙත් එම අසම්මත කෲර මට්ටමේ දඩුවම් නීතින් කීපයක් හෝ දැනටත් මෙරට නීති පොතේ තිබුණි නම් කුරානයේ කියවී ඇති පරිද්දෙන් ඉස්ලාම් ඉගැන්වීම් අනුවම ක්‍රියාකරී වන තැනැත්තන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීමටත් වඩා අතිශය බලපෑමක් මුස්ලිම් නොවෙන තැනැත්තන්ගේ යහපැවැත්මට [විශේෂයෙන් බෞද්ධයන්ගේ] කිරීමට ඉඩ තිබුණි... යම් ඉගැන්වීම් කුරානේ තබුණු නිසා මුස්ලිම් ජාතිකයින්ට අදාල වූවාටම ප්‍රමාණවත් වන්නේ නැත එය බලාත්මක වීමට නම් විවස්ථාදායකය හරහා රටේ සම්මත නීතියට ඇතුල්ව තිබිය යුතුය...

මුස්ලිම්වරුන් බහුතර ජනගහනය වූ අවස්ථාවකදී නීතියෙ වෙනසකුත් ඔවුන්ට සාපෙක්ෂව අපේක්ෂා කිරීමට හැකි වන නිසා කුරානයේ කියවී ඇති පරිද්දෙන් ඉස්ලාම් ඉගැන්වීම් අනුවම ක්‍රියාකරී වන තැනැත්තන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීම මුස්ලිම් නොවෙන තැනැත්තන්ගේ යහපැවැත්මට [විශේෂයෙන් බෞද්ධයන්ගේ] යහපත් පැවැත්ම පැත්තෙන් ප්‍රශ්නයක් යන්න කෙසේවත් බැහැර කල නොහැක්කකි. නීතියට සියල්ලම පාලනය කිරිමෙ හැකියාව තිබේ... [http://quran.com/9/5]

මුස්ලිම් රටවල් සැලකූ විටදී ඉස්ලාම් ආගම නීතියට දැඩිව බද්ධ කර ඇතිව ක්‍රියාත්මක කරන නිසා ඔවුන් වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව පෙනේ... ඇමරිකාවේ බැරැක් ඔබාමා ජනාධිපතිවරයාගේ ඩෝන යාත්‍රාව ආපිට ඉල්ලීම ඉරානයේ අහමඩ් නිජාඩ් ජනධිපතිවරයා විසින් හාස්යෙන් බැහැර කරනු ලැබූ ස්වරූපය දැක ගත හැකි වූයේ "ඔබාම එයාගෙ සෙල්ලම් ගුවන් යානයක් එවලා ඒක ආපහු ඉල්ලනවා" ලෙසිනි... "අපිට අත තිබ්බොත් ඇමරිකාවට යුද්ධ කරන හැටි උගන්වනවා, සියලුම ඉරාන වැසියන් මාතුභූමියෙ නාමයෙන් සටන් වදිනවා " ලෙස ඔවුන් පැවසූ බව වාර්තා විය.. පැහැදිලි වන්නෙ පුද්ගල බලයක් නොව [පුද්ගල පෞරුෂය වැදගත්ය] ඒ සියල්ල කරනුයේ සිය ආගම දැඩිව නීතියට බද්ධ කල බලයෙන් බවය...

ක්ෂණිකව දැඩිව වචන තුලින් විරෝධය පලකිරීමට වඩා අව්බෝධයෙන් යුතුව කරුණු සාකච්ඡාව ප්‍රයෝජනවත් වේ, වැරදි අවබෝධයන් ඇත් නම් ඒවා මතකයේ කල් පවතින ආකාරයෙන් පෙන්වා දීමට එය යෝග්ය වෙ... රබර් බෝලයක් අත තද කොට වතුර යට තබාගත හකි මුත් අත බුරුලු වූ කල නැවත උඩට මතුවීම සිදුවේ...එහෙත් අවබෝධයෙන් කරුණු සාකච්ඡාවට යොමු වීම යුද්ධෙට නැති කඩුව කොස් කොටන්න දැයි ඇසීමට සිදුවෙනතුරු සිටිය නොයුතු වන අතරම ගහන්න ගහන්න වදින මිනිසාත් වදින්න වදින්න ගගන මිනිසාගෙ තත්වයට පත් විය යුතු නැති බවත් සිතා ගැනීම යහපත පිණිස පවතිණු ඇත...

මුස්ලිම්වරුන් බහුතර ජනගහනය වූ අවස්ථාවකදී ඔවුන්ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන කුරානයේ කියවෙන ආගමික ක්‍රියා රටේ නීතිය ලෙසට සමීපව සම්බන්ධ වීම තුල සුළුතරය බවට පත්ව ඇති තැනැත්තන් සම්බන්ධව කතා කිරීමට කිසිත් ඉතිරි නොවිය හැකිය.. [http://quran.com/8/12] ඒබැවින් නීතියට සම්බන්ධ වීමට ඉඩ ඇති බරපතල ඉගැන්වීම් වලට පැහැදිලිවම මෙන්ම අර්තසාධකවත් විරෝධය පලකිරීම තුලින් එ දේවල් හි අයෝග්‍යභාවය ගැන ජනතාව දැනුවත් කිරිම ඉතා වැදගත් වේ...

ඕනෑම දෙයක් දෙස ඕනෑම අයෙක්ට ඕනෑම ඇසකින් බැලිය හැකිවේ. එය භාෂනයේ හා ප්‍රකාෂනයේ අයිතිය යැයිද තර්ක කර හැක, එහෙත් සෑම විටම එසේ වන්නෙ නැත මන්ද අන්යන්ගේ අයහපතට හේතුවන්නාවූ මට්ටමේ යැයි තීරනය කරනු ලැබිය හකි භාෂණයට හා ප්‍රකාෂනයේ සීමා පැනවිය හැකි බැවිනි. ජාති ආගම් බේදයෙන් තොරවම මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් දේශීය මට්ටමින් කොතෙකුත් අවධානය යොමු කරන්නාවූද, අන්තර්ජාතික වශයෙන්ද එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය [http://www.un.org/en/documents/udhr/] වැනි දෑ සමගද ඍජුව ගැටෙන මට්ටමේ වන මානුෂිකත්වයට එරෙහිවන අසම්මත කෲර මට්ටමේ දඩුවම් ක්‍රම කුරාණයේ ඇතුලත්ව තිබීමට එරෙහිව පමණක් මෙසේ ඉදිරිපත් කරන ලද කරුණු සමුදායද දෙසද අයෙක්ට වැරදි ඇසකින් බැලීමට හැකිනම් එයද පුදුමයකට කරුණක් නොවෙනු ඇත, එහෙත් විය යුත්තේ එය නොව පොදුවේ වරදකට ඵලදායිව විරෝධය පලකොට මානුෂිකත්වයට එරෙහිවන අසම්මත කෲර මට්ටමේ දඩුවම් ක්‍රම ඉවතලා දඩුවම තුලින් පුද්ගලයා යහපත් කිරීම වෙනුවෙන් වඩාත් යොමු වෙන පරිදි කරුණු සකස් කරගැනීමය...!

ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගත ආරක්ෂාව උදෙසා වඩාත් ශක්තිමත් කරගත යුතු ආණ්ඩුක්‍රම විවස්ථාව

මෙරට ක්‍රියාත්මක වෙමින් තිබූ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට අවියෙන් තොරව දේශපාලනමය වශයෙන් ගෙන ආ බලය විමධ්‍යගත කිරීම හදුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය වේ... ඔවුන් එකල බෙදුම්වාදී ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරගැනීමට අසමත් වූවාක් මෙන්ම ඔවුන් දේශපාලනමය වශයෙන් ගෙන ආ බලය විමධ්‍යගත කිරීමද බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට සාර්ථක විසදුමක් නොවුනි !

පැහැදිලිව කිවහොත් ඔවුන් නිත්‍යානුකූලව යුධමය වශයෙන් හෝ දේශපාලනමය වශයෙන් බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ ලා අපොහොසත් විය ! එබැවින් එය තව දුරටත් ඇදීයාමට හේතු විය. හානිකර තත්වය වන්නේ එය පමණක්ම නොව ඔවුන් ආණ්ඩුක්‍රම විවස්ථානුකූලව බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව ඇති කල වෙනස්කම් බෙදුම්වාදී ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය වී ඇති අවධියක අද දින වන විට නැවත බලතල ඉල්ලීම් ලෙසින් ඉස්මතුවීමට පටන් ගැනීමයි ! යුධමය වශයෙන් බෙදුම්වාදය තුලින් ත්‍රස්තවාදීන් උත්සාහ කරමින් සිටියේද බලතල උදුරා ගැනීම නිසා ආණ්ඩුක්‍රම විවස්ථානුකූලව බලය විමධ්‍යගත කිරීමක් ගැන ඉල්ලීමක් විද්‍යාමාන නොවුනි ! එහෙත් මානුෂීය මෙහෙයුම හරහා බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය වූ පසුව පෙරකී බලය විමධ්‍යගත කිරීම ගැන සාකච්ඡා නැවත කරලියට පැමිණ තිබෙන බව පෙනේ !

බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව මෙරට ආරක්ෂා කිරීමට දුර දිග බලා දැඩි නීතී සම්මත කර ඇති නායකයෙකු ලෙස පිළිගත හැකි බලය විමධ්‍යගත කිරීම හදුන්වා දුන් අවධියේ මෙරට ජනපති වු ජේ ආර් ජයවර්ධන මහතා අතින් ද යම් අතපසුවීමක් සිදුවී ඇති බව පෙනේ ! එසේ නොවන්නට එතුමාගේ ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වීමට හැකියාව තිබුණා මෙන්ම ඉන් පසුවද කිසිදු ගැටලුවකට ඉඩක් නොතිබිය යුතු විණි !!! එහෙත් බලය විමධ්‍යගත කිරීමේ එතුමාගේ ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධය බෙදුම්වාදී ත්‍රස්තවාදයට දේශපාලනමය විසදුමක් නොවුනා මෙන්ම බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය වී ඇහි කල්හි නැවත ප්‍රශ්නයක් මතුකර ඇති බව පෙනේ !

පරිනත දේශපාලඥයෙකු හා නීතීඥවරයෙකුද වූ ජේ ආර් ජයවර්ධන මහතාද මනුෂ්‍යයෙකි. එබැවින් ඔහු අතින්ද වැරදි සිදුවිය හැකිය. එයට ඔහුට දොස් නගා ඵලක් වන්නේද නැත ! වැරදී වීම් හැකිතාක් පාලනය කරගැනීම මෙන්ම වරදක් සිදුව ඇති අවස්ථාවකදී නම් එය අවස්ථානුකූලව නිවැරදි කිරීමටද සමර්ථ විය යුතුය ! එබැවින් අවශ්‍ය වන්නේ වර්ථමානයේ ඇතිවී ඇති පදනමක් නොමැති බලතල ඉල්ලීම් බදු තත්වයන් වෙත හෝ අනාගතයේදී යා නොහැකි පරිදි විවස්ථානුකූලව වත්මන් ආණ්ඩුක්‍රම විවස්ථාව තවත් ශක්තිමත් කිරීමය !

බලය අධික ලෙස විමධ්‍යගත කිරීමකින් විසදා ගැනීමට බලාපොරොත්තුවන්නේ කුමක්ද?

රජයේ බලය පළාත් මටමින් විමධ්‍යගත කිරීමක් ගැන සාකච්ඡාවන් නැවත කරළියට පැමිණ ඇත. දෙමළ දේශපාලකයින් යැයි කියා ගන්නාවූ කිහිපදෙනෙකු විසින් ඒ පිළිබදව අධික ලෙස උනන්දුව ඇත ! එහෙත් බෙදුම්වාදී ත්‍රස්තවාදයට පිළියමක් ලෙස යම් ස්වයං පාලන අයිතින් හිමිවන ලෙස පළාත් මටමින් රජයේ බලය විමධ්‍යගත කිරීමක් රැගෙන ආ 1987 අවධියේදී විසදාගැනීමට නොහැකි වූ යුධමය වශයෙන් පරාජය කිරීමකින්ම කෙලවර කිරීමට සිදුවූ බෙදුම්වාදී ත්‍රස්තවාදය හෝ අද වන විට නැති අවධියකදී බලය අධික ලෙස විමධ්‍යගත කිරීමක් ඔස්සේ විසදාගැනීමට ඉතිරී වී ඇති ගැටලුවක්ද නැත.

ඉල්ලීම් ඕනෑම කෙනෙකුට ඕනෑම අයුරකින් ඉල්ලා සිටිය හැක, එහෙත් එසේ ඉල්ලූ ඉල්ලීම් ලබාදිය හැකි ප්‍රායෝගික හැකියාවද, විශේෂයෙන් සුදුසු නුසුදුසු භාවයන්ද එහිදී දැඩිව සැලකීමට ලක් කල යුතුව තිබේ ! එය කල හැක්කේ ඉල්ලීම් ඉල්ලන දෙමල ජාතික සංධානයේ පාර්ශවයට නොව ඒ පිළිබදව විමසා බලා කටයුතු කරන පාර්ශවය වන රජයේ පාර්ශවයටය ! බලයක් ලබා ගැනීමෙ අපේක්ෂාවෙන් බලය විමධ්‍යගත කිරීමේ දේශපාලන විසදුමක් ඉල්ලා සිටින්නේද දෙමල ජාතික සංධානයේ පාර්ශවය පමණි ! ඒ අනුව අවශ්‍යතාවය ඇත්තේ ඔවුන්ට නම් ඔවුන් එයට ප්‍රමුඛතාවය ගත යුතු වේ... එහෙත් එවැන්නක් සිදුවී නොමැත ! එහෙත් නොයෙක් හේතු පවසමින් දෙමළ ජාතික සංධානය එය මග හරිමින් සිටින බව පෙනේ !

එසේම දෙමළ දේශපාලකයින් සැබැවින්ම නිරූපණය කරන්නේ දෙමළ ජනතාවමදැයි පැහැදිලි නැත, මන්ද එසේ ඉල්ලීම් කිරීම් දෙමළ දේශපාලකයින් කීපදෙනෙක්ට සීමා වී ඇති නිසාමය ! එහෙත් ඔවුන් නියෝජනය කරන්නේ දෙමළ ජනතාවය යන පදනමේ සිට රජය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනමතය විමසා බලා ක්‍රියා කිරීමක් වන පාර්ලිමේන්තුවට ප්‍රමුඛතාවය දෙමින් සාකච්ඡා කිරීමට ඉදිරිපත්ව තිබේ... එම ප්‍රගතිශීලී පියවර දෙමළ ජාතික සංධානය විසින් ගෞරවාන්විතව පිළිගත යුතුව තිබේ ! එසේ සිදුවී ඇති බවක්ද පෙනෙන්නට නැත !

සිංහල දෙමළ මුස්ලිම් යනාදි සියලුම ජනයාගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බලය දරමින් ආණ්ඩු කිරීමේදී සමස්ථ රට පැත්තෙන් සිතා බලා තීන්දු තීරණ ගත යුතුව තිබේ. හුදෙක් යම් පක්ෂයක් කරන්නාවූ ඉල්ලීම් නිසා ඔවුන් සතුටු කිරීම කල නොහැකි බවද දෙමළ ජාතික සංධානය විශේෂයෙන් තේරුම් ගත යුතුව තිබේ ! ඒ මත පිහිටා රජයේ ස්ථාවරයන්ට ගරු කරමින් සාකච්ඡා කරන්නෙ නම් එසේ සාකච්ඡා කල යුතුව තිබේ ! එසේ නොමැතිව විවිධ හේතු මත සාකච්ඡා මග අරිමින් කටයුතු කරන්නේ නම් එක්කෝ ඉන් ඔවුන්ට සැබෑවටම විසදා ගැනීමට ගැටලුවක් නොතිබිය යුතු බව හෝ ඉල්ලීම් තුල ඔවුන්ට ඉෂ්ඨ කරගැනීමට වෙනත් අරමුණක් ඇති බව හෝ ඇරෙන්නට වෙනත් යමක් අර්ථවත් නොවෙනු ඇත !

හැගීම් දැනීම් නැති යන්ත්‍ර හා මනුෂ්‍යයින්

කිරීමට ඇති/කරන ක්‍රියාව යහපතක්ද නැද්ද යන්න කිසිත් නොවිමසා බලා හුදෙක් කියන්නාවූ දෙයක් එසේම කරගැනීමට නම් තෝරගත යුත්තේ මනුෂ්‍ය හැගීම් දැනීම් නොහදුනන යන්ත්‍රයන්ය... එබදු යන්ත්‍ර ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන්නේ නම් එසේ වනවාටත් වඩා එබදු යන්ත්‍ර යම් හෙයකින් මනුෂ්‍ය පෙණුමකට පමණක් සීමාවී සැබැවින්ම මනුෂ්‍ය හැගීම් දැනීම් කිසිත් නොමැති මට්ටමේ අයගේ පාලනයට පත්වුවහොත් ඇතිවන තත්වය අතිශය භයානක විය හැකිය !

ඇතැම් විට ඇතැම් මනුෂ්‍යයින් හා සැසදීමේදී යන්ත්‍ර හොද බව සිතේ ! එසේ වන්නේ පෙනුමින් මනුෂ්‍ය වුවද ඔවුන් ක්‍රියාත්මක වන්නේ හැගීම් දැනීම් නැති හෝ යම් අරමුණක් ඉටු කිරීමට යොමු කල යන්ත්‍ර වලටත් වඩා අන්ත ලෙස බැවිනි ! හැගීම් දැනීම් නැති යන්ත්‍රයක් වුවද යම් අවස්ථාවකදී ප්‍රයෝජනවත් විය හැකි බව අමතක නොකල යුතුවේ. මිනිසාට ප්‍රායෝගිකව කරගත නොහැකි බොහෝ දෑ යන්ත්‍ර සූත්‍ර මගින් ඉතා පහසුවෙන් කරගත හැකිවනවා සේම හැගීම් දැනීම් නොමැති ලෙස ක්‍රියාත්මක වන තැනැත්තන් සිටී නම් ඔවුන් හා ක්‍රියාත්මක විමට සුදුසුම වන්නේද එබදු යන්ත්‍ර වන නිසාය !

පෙනුමෙන් මනුෂ්‍ය පෙණුමකට පමණක් සීමා නොවි ඉන් ඔබ්බට ගොස් සැබැවින්ම මනුෂ්‍ය හැගීම් දැනීම් මැනැවින් ඇති අයගේ පාලනයට යටත්ව යන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ නම් හැගීම් දැනීම් නැති යන්ත්‍ර සූත්‍ර වලින් වුවද මනුෂ්‍යයාට හානියක් නොවනු ඇත !

කිරීමට ඇති/කරන ක්‍රියාව යහපතක්ද නැද්ද යන්න විමසා බලා කටයුතු කරන්නාවූ මනුෂ්‍ය හැගීම් දැනීම් ඇති අය හා මනුෂ්‍යයෙක් ලෙසත් එසේ හැගීම් දැනීම් නැති යන්ත්‍ර මෙන් ක්‍රියාත්මක වන අය ඇත්නම් ඔවුන් හා අනවශ්‍ය ලෙස ගැටීමට ගොස් තම මානුෂික තත්වය ඔවුන් නිසා පහත හෙලා නොගෙන කටයුතු කිරීමට උත්සාහ වන්ත වන තරමට මනුෂ්‍යයන් වශයෙන් මුහුණ දෙන්නට වන ගැටළුලට විසදුම් එහිම තිබෙනු ඇත !

කණගාටුදායක සිදුවීම් වලක්වා ගැනීමට නම් ...

දුම්රියෙන් බහින්න හැදු තරුණයෙක් පාපුවරුව කඩා වැටී දුම්රියට හසුවී මරුට - සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ දුම්රියේ වේගය අඩුවෙමින් තිබියදී පා පුවරුවට ආ තරුණයා පා පුවරුව කඩා වැටීමෙන් දුම්රියත් වේදිකාවත් අතරට වැටුනු බවයි ... අනතුරින් මේ තරුණයාගේ පාද වෙන්වී තිබුණු අතර තමන්ගේ දෙපා කැඩී ඇත්දැයි එතනට රැස්වූ පිරිසගෙන් ව්මසූ බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති ...

මීරිගම උපහාර තොරණක් කඩා වැටී හතර දෙනෙක් රෝහලේ - සිවු මසකට වැඩි කලක් තිස්සේ මීරිගම නගරයේ පර හරහා සවි කා තිබූ පෙරේදා (17) පස්වරුවේ කඩා වැටීමේදී ඊට යටවී අත් පා බිදී බරපතළ ලෙස තුවාල ලද ළමයින් තිදෙනෙකු හා කන්තාවක කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර තුවල කරුවන් මුදා ගැනීමට උත්සාහ කිරීමේදී තුවාල ලැබූ පුද්ගලයෙකුද මීරිගම රෝහලෙන් ප්‍රතිකර ලබා පිටව ගියේය...

අද ලංකාදීප පත්‍රයේ පලව තිබූ අතිශය කණගාටුදායක සිදුවීම් දෙකකි ! මෙවැනි දෑ වලක්වා ගත හැකිව තිබූ දේ යැයි සිතෙන්නෙ එකී සිදුවීම් දෙස බැලීමෙනි ! මුල් සිදුවීම ගත් කල එය පොදු ප්‍රවාහන සේවයක තිබූ දුර්වලතාවයක් නිසා වූ බවක් දක්නට තිබේ ! දුම්රිය වල ක්‍රියා විරහිත විදුලි ප0කා, විදුලි බල්බ මෙන්ම කැඩී ඇති දොරවල්, ක්‍රියාත්මක නොවෙන එමෙන්ම බිදී ඇති වීදුරු සහිත ජනේල, ඔසවා තැබූ විට මොහොතකින් කඩා වැටෙන ජනේල ආදී නොයෙකුත් අදු පාඩු දක්නට තිබීම රහසක් නොවේ ! හුදෙක් "පා පුවරුවේ ගමන් කිරීම තහනම්" යැයි දැන්වීමට සීමා නොවී මුදල් ගෙවා පොදු ප්‍රවාහන සේවයන් භුක්ති විදින ජනතාවට මීට වඩා ආරක්ෂාකාරීව හා පහසුදායක ලෙස සම්පත් යෙදවීමත්/අලුත්වැඩියා කටයුතු සිදුවිය යුතුදැයි වගකීමෙන් කලින් කලට සොයා බලා ඒ අවශ්ය කටයුතු කලට වේලාවට නොපමාව කල යුතුව තිබේ ! එසේ වීමෙන් මෙවැනි දෑ මතුවට සිදුවීම වලක්වා යුතුව තිබේ !!!

දෙවෙනි සිදුවීමද වලක්වා ගත හැකිව තිබූ එකක් බව පැවසිය හැක, අලංකාරය උදෙසා හෝ වෙනත් හෙතුවක් නිසා ඉදිකරනු ලැබූ එවැන්නක් එක්කෝ ඒ අදාල කාර්යය අවසන් වූ පසුව ඉවත් කල යුතුව තිබේ ! නැත්නම් ස්ථිරව කාලයක් මුලුල්ලේ පවතින ලෙස සකස් කරන්නෙ නම් එය සුලු කලකදී දිරාපත් නොවෙන ආකාරයෙන් ශක්තිමත්ව සකසා තිබිය යුතුවේ ! නිසියාකරව කරුණු සැලකිල්ලට ලක් නොකර අදාල තොරණ සැකසීමට කිහිපදෙනෙකුට වන්දි ගෙවීමට සිදුවී තිබෙන්නෙ හොදින් තිබූ සිය අත් පා එකී තොරණ නිසා බිදගැනීමකට සිදුවී රෝගී වී රෝහල් ගතව වීමෙනි !!! සරල සිදුවීම් ලෙස බැහැර නොකරමින් ජනතාවගේ හිස මත යලිදු දිනයක මෙවැනි විපත් කඩා නොවැටීමට මෙය පාඩමක් කොට මෙතැන් පටන් හෝ ක්‍රියාත්මක විය යුතුව තිබේ !!!

බලාපොරොත්තු කඩවීම දරාගැනීම පිළිබදව ළමා ආකල්ප නිසි පරිදි සැකසීය යුතුව තිබේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සිතූ පරිදි නොතිබුණැයි සිත් තැවුලට පත්ව දිවි නසා ගැනීමට යොමුවුව වේදනාශක බිව් සිසුවියක් ගැන ප්‍රවෘත්තියක් විකාශය විය ! අදාල සිසුවිය රෝහල් ගත කොට සුවය ලබමින් සිටින බවද කියවිණි !! විභාග ප්‍රතිඵල මත ඉදිරි අනාගතය සැලසුම් කිරීම සිදුකිරීම කලද බලාපොරොත්තු වූ විභාග ප්‍රතිඵල නොලැබීම වැනි කාරණයක් ඉදිරි දිවියේ ඉරණම තීන්දු කිරීමේ සාධකය කරගන්නේ නම් එය පැහැදිලිවම අඥාණ ක්‍රියාවක්ම වේ ... එවැන්නකට වගකිව යුත්තෝ කවරහුද???

බලාපොරොත්තු වන ප්‍රතිඵලම නොලැබීමද විය හැකි දෙයකි... සෑම විටම එක් වරම සමර්ථ වීමද සිහිනයක් විය හැකිය !!! බලාපොරොත්තු කඩවීම දරාගැනීම පිළිබදව ළමා ආකල්ප නිසි පරිදි සැකසී නැති බව මෙවැනි පුවත් මගින් පෙනී යන කාරණය වේ !!! උදයේ සිට රෑ බෝ වෙන තුරුම අධ්යාපනයම මිස මුහුණ දීමට සිදුවිය හැකි ප්‍රායෝගික යථාර්තයන් හා ඒවාට මුහුණ දිය යුතු අන්දම ගැන ළමුන් නිසි පරිදි දැනුවත් වී ඇති බවක් පෙනෙන්නට නැත ! එය ඛේදනීය තත්වයකි !!! බලාපොරොත්තු කඩ වීම දරා ගත යුතු තත්වයක් බව ළමයාටද තෙරුම් ගැනීමෙ යම් හැකියාවක් තිබිය යුතුය, අනිත් අතින් දරුවන් බුදු දහමට යොමු කරමින් අටලෝ දහම ගැන හෝ අවබෝධය වර්ධනය කොට ඉක්මන් තීරණ නොගොස් බලාපොරොත්තු කඩවීමද දරා ගැනීම හුරු කරවිය යුතුව තිබේ, ඒ වගකීම දෙමාපියන් හා ගුරුවරුන් ඉටු කල යුතුව තිබේ !!!

ගබ්සා නීතිය පුලුල් කල යුතුද නැද්ද ...?

ආගමික පසුබිමක් තුලින් යම් ක්‍රියාවක් නිසා සමාජයට අගතියක් වෙලා ඒ දේ නවත්වන්නම බැරි නම් ඒකට විකල්පයක් තියෙන්නත් ඕන... නීතිය සමාජයේ කාලින ගැටලුව වලට පිළියම් සොයමින් යා යුතුයි ! මේ කාලිනව මතුවෙච්ච ගැටලුවකට ඒ වගේ විසදුමක් සෙව්ව අවස්ථාවක් කියල සරලව ගන්න පුළුවන් ! ඒ ප්‍රමාණවත්ද කියලා හිතල බලන්න ඕන. මේක දෙපැත්තකට කරුණු සාකච්ඡා කරන්න පුළුවන් ඒ වගේම බොහොම සංවේදී මාතෘකාවක් සරලව ගත්තම ගබ්සා නීතිය පුලුල් කිරීම සුදුසුද නැද්ද? වගේ...

හැබයි ඔතන නීතී විරෝධී ක්‍රියා පාලනය කරන්න ආගමික පසුබිමෙන් නොහැකීවීමම නම් නොවෙයි නීතිය වෙනස් වීමට හේතුවක් වෙන්න ඕන ! නීතිය තිබ්බටම බෑ ඒක ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙනවද කඩවෙනවද බලල අවශ්ය ක්‍රියාමාර්ග ගැනීම වඩාත් ශක්තිමත් වෙන්න ඕන, එහෙම උනාම නීතියේ කාර්යභාරය වඩාත් ශක්තිමත් වෙනවා ! අන්න ඒකේ අඩුවක් මම දකිනවා ! නීතිය ක්‍රියාත්මක වීමෙ ආවේණික දෝශයක් විදියට විශේෂයෙන් අපේ වගේ ස0වර්ධනය වෙමින් පවතින රටක ! හැකිතාක් ඒක අවම කරගෙන නීතියේ වෙනසක් කරන්න ඕන බැරිම තැන වගේම අවශ්යම තැන පමණයි ! ඒකත් විවිධ දෘෂ්ඨිකෝණවලින් බලල සාකච්ඡාවට ගනනාවක ප්‍රතිඵල ඇසුරින් ආව ඵලයක් විදියට !

ව්‍යභිචාරය, අතවර කිරීම් වලට බදුන් වෙච්ච නිසා ඇතිවෙන කලල සැලකුවාම ඒවත් ජීවී කලල, අනිත් අතට යම් යම් විකෘති වලට බදුන් වෙච්ච කලලත් [මන්ද බුද්දික දරුවන්] ජීවී කලල. ජීවයක් තිබෙන මේවගේ කලල ගබ්සා කිරීම කියන්නෙ [විකෘති කලල ස්වභාවිකවම ගබ්සා වෙන එක නොවෙයි] ඒ උපදින දරුවන්ගේ පැත්තෙන් කරන අසාධාරනයක්, එයාලගේ මූලික අයිතිවාසිකමක් වෙන ජීවත් වීමේ අයිතිය උදුරගැනීමක් කියන්න පුළුවන්, ගබ්සා නීතිය පුලුල් කිරීම කියන්නෙ සදාචාරය විනාශවීමකට අනුබල දීමක් කියන්න පුළුවන්, මොකද ඔය හේතුව නිසා අනිසි ලි0ගික සබදතා වලට රුකුලක් වෙනවා කියලා ගන්න පුළුවන්. ඒ අනුව නීතිය තියෙන්න ඕන සමාජ ආරක්ෂාවට කියන දේට යම් ආකාරයකට පටහැනි කියන්නත් පුළුවන් !

ඇත්තටම සමහර උදවිය බලන්නෙම තියෙන දේ වාසියක් කරගෙන කොහෙන් හරි රි0ගල යන්නනේ, ඒ නිසා යහපත වෙනුවෙන් දෙයක් කලත් ඒ දේ වරදට යොදා ගන්න අවධානමත් තියෙනවා ! අනිත් අතට දරුවෙක් ලබාගන්නවද නැද්ද කියන එක ස්ත්‍රියකට අයිති වැඩක්ය, ගබ්සාවට වෛද්‍යවරු සම්බන්ධ නිසා නිකරුනේ ගබ්සා වලට කාන්තාවන් යොමුවෙන එකක් නෑ කියන්න පුළුවන්, ගබ්සාව නීති විරෝධී උනත් ඒක කරගන්න අය වෙනත් ක්‍රම ඔස්සෙ අප්‍රසිද්ධියෙන් ඒ දේ කරගන්නව කියන්න පුළුවන්, දැන් ඔය කියන කාරනේ නිසා ඒ කිව්වේ ව්‍යාභිඡාරය මත,ස්ත්‍රි දූෂන සිදුවීම් මත සහ මන්ද බුද්දික දරුවන් ඉපදීමට යන අවස්ථාවන් වලදී හෝ ගබ්සා කිරීමක් කරගන්න තිබ්බ නම් ඒ දේ වැදගත් වෙන්න පුළුවන් කියන්න පුළුවන් කාන්තාවගේ එහෙම නැත්නම් අර හේතු උඩ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මගේ පැත්තෙන්!

කාන්තාවගේ පැත්තෙන් එයා මානසිකව වගේම කායිකවත් හරිම අපහසුවකට පත්වෙනවා ව්‍යභිචාරය, අතවර කිරීම් වලට බදුන් උනාම කලලයක් ඇතිවෙන අවස්ථාවලදී වගේම කුසේ තියෙන කලලය නිරෝගි නොවී විකෘති වෙන්න පුළුවන් කියලා දැනගත්තම. ඒත් එක්කම මොන හේතුව නිසා ඇති උනත් දරුවෙක්ය, විකෘති උනත් දරුවෙක්ය කියන හැගීමත් එක්ක ගැටෙන්න උනාම කාන්තාව තවත් පීඩාවට පත්වෙනවා ! දැනට තියෙන නීතිය අනුව මවගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් සත්භාවයෙන් කරපු ගබ්සා කිරීමක් මිස වෙන කිසිම විදියක ගබ්සා කිරීමක් සැලකුවාම ඒවා නීති විරෝධී ! ඒ අනුව නීතිය බොහොම තදයි ! ඉ0ග්‍රීසින්ගෙන් ලැබිච්ච නීතියයි තාමත් එහෙමම තියෙන්නෙ !

නීතියේ සුළු වෙනසක් කියන්නෙ සමාජයේත් ඊට අනුරූපව වෙනසක් වෙනවාමයි ! ඒකයි නීතියයි සමාජයයි අතරෙ සම්බන්ධය ! ඒ අනුව දැනට තියෙන ගබ්සා නීතිය නීතිය යම් වෙනසක් කලොත් ඒ කියන්නෙ කාන්තාවට ඉතාම සාධාරන හේතු උඩ අවශ්ය නම් විකල්පයක් විදියට ව්‍යභිචාරය, අතවර කිරීම් වලට බදුන් වෙච්ච නිසා ඇතිවෙන කලල, හා විකෘති කලල ඉවත් කරගන්න ගබ්සාව තෝරගන්න තරමට පමණක් නීතිය ලිහිල් වීමක් වගේ ඒ අනුවත් සමාජය හැඩගැසෙවි ! එතනදි ගබ්සා නීතිය එහෙම පුලුල් කිරීමෙන් බලාපොරොත්තු වෙච්ච දේට වඩා වෙනත් දේවල් නම් සමාජයේ වෙන්නෙ නැවත ඒ නීතිය පෙර තිබූ තැනම තියන්න උනත් සිද්ධ වෙන්න පුළුවන් !

කාන්තාවගේ පැත්තෙන් යම් සහනයක් ගන්න දැනට වඩා නීතියෙන් ඇයට කුඩා අවස්ථාවක් හෝ දෙනවානම් ඒක වැදගත් වෙවි කියලා මම හිතනවා, විශේෂයෙන් බලහත්කාරය මත ඇයට සිද්ධ වෙන අතවර නිසා දරු උපත් ඇතිවීමෙදී කාන්තාවන් පත්වෙන අපහසුතාවය ගැන හිතලා ! ඒත් එක්ක්ම ව්‍යභිචාරය, අතවර කිරීම් වලට ලබාදෙන දඩුවම් වැඩි කිරීම මගින් ගබ්සා නීතිය පුලුල් වීමක් උනොත් ව්‍යභිචාරය, අතවර කිරීම් වගේ ඒවාට පුද්ගලයින් යොමු වෙන්න තියෙන ඉඩ තවත් සීමා කිරීමත් වෙන්න ඕන ! මේ දේවල් එක්කම කුතුහලයට හේතු වෙන ලි0ගික අධ්යාපනය ගැන නිවැරදිව සමාජයට දැනුම ලබාදීම, ඒ දේවල් කලයුතු නියමිත කාලයක් වයසක් ඇති බව දැක්වීම වගේම, බුදු දහමට වඩ වඩාත් පුරවැසියන් යොමු කිරීමත් වෙන්න ඕන ! මොකද ආගමානුකූල පරිසරය වඩාත් ඇතිකිරීම පැත්තෙනුත් මෙ වැරදි ක්‍රියාවලට පුද්ගලයෝ යොමුවීම පාලනය කිරීම කරන්න පුළුවන් නිසා ! නීතියේ භූමිකාව වගේම, නිවැරදි අධ්යාපනයේ භූමිකාව වගේම, ධර්මයේ භූමිකාවත් අතිවිශාලයි වැරදි ක්‍රියාවලට මිනිස්සු යොමු වීම වලක්වා ගැනීමෙදි !

කොහොම උනත් මේක පුළුල්ව සාකච්ඡා තුලින් වගේම අති බහුතර එකගතාව මත [සම්මත කරන්න ඡන්දය ප්‍රමාණවත්ව තිබ්බත් ඊට වඩා පුළුල්ව සාකච්ඡා විය යුතුයි කියන එකයි අර්ථවත් කලේ] කල යුත්තක් කියලා මම විශවාස කරනව ! විශේශයෙන් හොදයි මේ දේට පාර්ලිමෙන්තුවට අමතරව ජනමතයත් ඇහුවා නම් ! මොකද මේක කෙලින්ම සමාජයේ යහ පැවැතමට සම්බන්ධ කාරණයක් වන නිසා විශේශයෙන්ම කාන්තාවන්ගෙ පැත්තෙන් වඩාත් සැලකිලිමත් වෙන්න ඕන !

ගැබිනි මාතාවකට, ආබාධිත කෙනෙක්ට, පූජ්‍ය පක්ශයේ කෙනෙක්ට අසුනක් පරිත්‍යාග කිරමේ දක්නට ඇති මන්ද උත්සාහීභාවය...

ගැබිනි මාතාවක්් යනු නොබෝ දිනකින් ලෝකය දකින්නට අපේක්ෂාවෙන් සිටින දරුවෙකුට උපත ලබා දෙන්නට සිටිනා සමාජයේ රැකවරනයට ලක් විය යුතු තැනැත්තියක් බව මව්කුසකින් බිහිවූ කිසිවෙකුට අමුතුවෙන් වටහා දිය යුතු නැත ! ආබාධිත තැනැත්තෙක් යනු එක්කො උපතින්, නැත්නම් උපතට පසුව යම් හෙතුවක් උඩ තම කාර්යයන් තමා විසින්ම කරගැනීමට ස්ථිරව හෝ තාවකාලිකව අපහසු තත්වයක සිටින තැනැත්තන්.ය ! තමන් එවැනි තත්වයකට පත්වුවහොත් තමන්ට සමාජයේ යම් මට්ටමක හෝ උපකාරයක් සහිතව කටයුතු කිරීමට සිදුවන බව සිතා හෝ එවැන්නෙකුටද අසුනක් පරිත්‍යාග කීරිමට මිනිසුන් සිතිය යුතුය ! පූජ්‍ය පක්ශයේ කෙනෙක් ුයනුද සමාජයේ සුභසිද්ධිය උදෙසා සිය කාලය, ශ්‍රමය විෂේශයෙන් කැප කරන්නාවූ තැනැත්තන් වන නිසා ඒ අයටද හේදයකින් තොරව ගෞරව කල යුතු වේ ! එබැවින් අසුනක් පරිත්‍යාග කිරීමට සාමාන්‍ය ජනතාවගේ සිත යොමු විය යුතුව තිබේ !

ඔබ ගැබිනි මාතාවක් නම්/කුඩා දරුවෙකු වඩා ගෙන පැමිනෙන්නෙක් නම්, ආබාධිත [ස්ථිර හෝ තාවකාලිකව] අයෙක් නම් ඔබ දුම්රිය බස්රථ වල ගමන් ගන්නාවිට ඔබට නීතියෙන් වෙන්කල ආසනයක් තිබේ ! සිතමින් සිටීමට අවශ්‍ය නැත එය වෙත ගොස් එය ඔබට අවශ්‍ය යැයි පවසා එය එම අසුන ඔබට ලබාගැනීමේ අවස්ථාව තිබේ ! එකී ආසනය ඔබ වෙත ලබා දීමට එහි වාඩිවී සිටින සාමාන්‍ය තැනැත්තෙකු සදාචාරයට අමතරව නීතියෙන්ද බැදී සිටී ! එය දීමට එහි වාඩිවී සිටින කිසිිදු ආබාධයක් නැති සාමාන්‍ය තැනැත්තෙකු විරුද්ධ වන්නේ නම් ඊට එරෙහිව ඔබට කතා කල හැකිය/කතා කල යුතුද වෙයි ! එම ආසනයේ තවත් එවැනිම තත්වයක කෙනෙකු සිටී නම් හෝ ඒ වෙත ප්‍රවේශවීමට නොහැකි නම් ඔබට වෙනත් ඕනෑම ස්ථානයක ආසනයක් අවශ්‍ය බව පවසා සිටීමේ අයිතියක් තිබේ ! වෙන්කල ආසනයකදී මෙන් එය දීමට නීත්‍යානුකූල ලෙස බැදීමක් නැති බව කිව හැකි මුත් සදාචාරව්ත් ලෙස උපරිමයෙන් එවැනි විටකදීද ආසනයක් අවශ්‍ය තැනැත්තාට හෝ තැනැත්තියට ආසනයක් දීමට බැදී සිටී !

පූජ්‍ය පක්ශයේ කෙනෙක්ට නම් ඒ සදහාම වෙන් කොට ඇති අසුනේ ඉඩ බොහෝ විට ලැබේ ! එසේ නොවන්නේ නම් ඒ සදහාද ඉහත පරිද්දෙන්ම ක්‍රියාත්මක විය හැකිය !

මිනිසුන් වශයෙන් පිලියම් යෙදිය යුතු අප යම් ප්‍රශ්න ගනනාවක් ගැන වාඩිවී කල්පනා කරනවා වන්නට පුලුවන, සෑහෙන වේලාවක් සිටගෙන සිට අසුනක් ලැබුනා වන්නටද පුලුවන ! එහෙත් ඔබ ගැබිනි මාතා වක් නම්/කුඩා දරුවෙකු වඩා ගෙන පැමිනෙන්නෙක් නම්, ආබාධිත අයෙක් යනු අපටද වඩා යම් අපහසුවකින් සිටින තැනැත්තන්ය ! සිට ගැනීමට නොහැකි තරමේ ශරීර වෙහෙසක් නොමැති නම් එසේ අසුනක් අවශ්‍ය වන කෙනෙක්හට නීතියෙන් වෙන්කොට ඇති නියමිත අසුන නම් එය අනිවාර්යයෙන් ලබාදීමත්, වෙනත් අසුනක සිටියද එකී අසුන පරිත්‍යාග කීරිමට යුතුකමක් මිනිසුන් වශයෙන් ලෙස අපට තිබෙන බව කල්පනා කල යුතුය !

අප සතු ජනතා පරමාධිපත්‍යයට නිසි තැන ලැබිය යුතුය.

ඔබ මා ඇතුලුව සමස්ථ ජනතාව සතු විධායක, විවස්ථාදායක හා අධිකරණ බලයන් හි පරම අයිතිකරුවන් අප ය, එනම පරමාධිපත්‍යය අප සතුය ! එය නියෝජිතයන් වෙත පවරාදී තිබේ ! විධායක බලය අප සැවොම වෙනුවෙන් ජනරජයේ ජනාධිපතිවරයා ක්‍රියාවේ යොදවයි (රටේ ආරක්ෂාවද ඇතුලුව) ! ඔබ මා ඇතුලුව සමස්ථ ජනතාව සතු විවස්ථාදායක බලය හා අධිකරණ බලය ක්‍රියාවේ යොදවන්නේ පාර්ලිමේන්තුව විසිනි !

බලය බෙදීමේ අන්ත දෙකින් එකක් වන හානිදායක වන බලය පුද්ගලයෙක්ට හෝ පුද්ගල මන්ඩලයකට කෙන්ද්රගත කිරිමත්, අනෙක වන ආයතන අතර අත්‍යාවශ්‍ය අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීමට බාධා ඇති කරනන්නාවූ පූර්ණ ලෙස බලය බෙදීමත් යන අන්ත දෙකම අතහැර බොහෝ කලකට පෙර ඇරිස්ටෝටල් ප්ලෙටෝ ද සදහන් කල පරිද්දෙන් ප්‍රංශ ජාතික චාල්ස් මොන්ටෙස්කිව් පවසා ඇති නූතන බලය බෙදිමේ සිද්ධාන්තය අනුව යමින් විධායකය විවස්ථාදායකය හා අධිකරණය යන රාජ්‍යයක ආයතන ත්රිත්වය වර්තමානයේ සංවරණ හා තුලන (Checks and balanaces) ක්‍රමයෙන් බැදී පවති ! එය සෑම රාජ්‍යකම පාහේ ආන්ඩුක්‍රම විවස්ථාවන් තුල දක්නට ඇති කාරණයකි ! ඒ අනුව එක් ආයතනයක් අනෙක් ආයතනය කෙරෙහි බලපෑමක් ඇති කල හැකි වූත් අහිහවා යා නොහැකි වූත් තැන පවති ! එය රටේ පාලන බලය නිසියාකාරයෙන් පවත්වා ගැනීමේ ලා අතිශය වැදගත් වේ !

ඒ අනුව පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේ පරම බලයට යම් බලපෑමක් කල හැකි මුත් (ශ්‍රී ලංකාවේ පනත් කෙටුම්පත් අවස්ථාව පමනි) එය අහිබවා යන්නට අධිකරණයට නොහැකිය ! නීති සම්පාදනයේ පරම බලය බාධාවකින් තොරව ක්‍රියාත්මක කල හැක, ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව විසිනි ! පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ජනතා අධිකරණ බලය අධිකරණ මගින් ක්‍රියාත්මක කරනු ලබයි.. (කිසිවෙකු විසින් තව කෙනෙකු මගින් යමක් ක්‍රියාවේ යෙදවීම යන්න අවබෝධ කරගෙන නොමැති නම් මෙය නොවැටහෙනු ඇත) ඒ අනුව රටක පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය තේරුම් ගත හැකිය !!! එහෙත් පාර්ලිමේන්තුවට වුවද ඕනෑම නීතියක් සම්පාදනය කිරිමේ හැකියාවක් නැත... එය ලිකිත වූ ආන්ඩුක්‍රම විවස්ථාවේ දක්වා ඇති සීමාවන් තුල ක්‍රියාත්මක වේ ! (එහෙත් බි්‍රතාන්‍යය තුල තනි ලියවිල්ලක් සේ ගත හැකි ලිකිත ආන්ඩුක්‍රම විවස්ථාවක් නොමැති බැවින් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේ උත්තරීතරභාවය කැපී පෙනෙයි!)

එසේම පාර්ලිමේන්තුව ව්සීන් සිය විවස්ථා සම්පාදන හැකියාව යම් සීමාවන් තුල විධායකයට පවරා දිය හැකිය ! එසේම අනු නීතී සම්පාදනය කරන ආයතන වෙත පවරා දිය හැකිය ! පලාත් සභා එවැනි ආයතන වේ ! එහෙත් "අහිනියෝජිත නීති සෑදීමේ බලය'' එනම් පවරාදුන් බලතල යටතේ අනු නීතී සෑදීමේ බලය ඇති පලාත් සභාවන්ට හිමි බලතල මගින් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේ පරම බලයට බාධාවක් නොව්ය යුතුය !!!