Wednesday, April 25, 2018

පළාත් සභා මැතිවරණය සහ රටේ ඒකීයබව

"ආණ්ඩුකරම ව්වස්ථාවේ 4 (ඉ) හි දැනට ඇති මැතිවරණ අතරට පළාත් සභා මැතිවරණද ඇතුලත් කල හොත්

- රටේ ඒකීය බව බිදවැටේද"
- පළාත් සභා පූර්ණ පරමාධිපත්යෙන් යුතු ඒකකයක් වේද ...?
- පළාත් තුල ස්වයං පාලනය / වෙන්වීම උදෙසා ජනමතවිචාරණයක් පවත්වන්නට බලය ලැබේද ... ?

යන්න සලකා බැලීම මෙහි අරමුනයි ...

* රටේ ඒකීය බව බිද වැටේද ???

ආණ්ඩුක්රම ව්වස්ථාවේ 3 වන ව්වස්ථාවේ දක්වන පරමාධිපත්ය යන්නට පාලන බලතල මුලික අයිතිවාසිකම් හා චන්ද බලය ඇතුලත්ය. 4 වන ව්වස්ථාවේ එම පරමාධිපත්ය ය යන්න ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය දක්වයි.

පරමාධිපත්යේ ප්‍රධානම අංගයක් නම් චන්ද බලයයි. 3 වන ව්වස්ථාවේ දක්වන්නේ "චන්ද බලය" ලෙසිනි. ඒ අනුව ඊට ජනතා නියෝජිතයින් මැතිවරණයකින් පත් කරගන්නාවූ මැතිවරණ සියල්ලම එනම් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ, මහා මැතිවරණ, ජනමත විචාරණ,පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණ වලදී චන්දය භාවිතා කිරීම ඇතුලත් කල හැකි වෙයි. ඒ අනුව එම සියලු චන්ද වලදී ක්රි්යාත්මක වන්නේ පරමාධිපත්යට අයත් වන චන්ද බලය ලෙස කිව හැකිය. නමුත් 4 වන වීවස්ථාවේ (ඉ) හි දක්වා ඇත්තේ නම් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණ අතරින් කීපයකි. එනම් ජනාධිපතිවරණ, මහා මැතිවරණ, සහ ජනමතවිචාරණ ය.

“ප්‍රකාශිතයෙන් අප්‍රකාෂිතය බැහැර වේ” ( expressio unius ) ලෙසින් නීති මුලධර්මයකි. එනම් යම් අවස්තාවක විශේෂයෙන් සදහන් කර ඇති දේ තුලින් අනිකුත් දේ බැහර වන බවයි. නමුත් එය අදාල කල යුත්තේ සාමාන්ය අවබෝධය (Common Sense ) සහ හේතුවක් ඇතිව ( with a reason ) අවධානයෙනි. ඒ අනුව එය හැමවිටම අදාල කල හැකි/යුතු රිතියක් ලෙසින්ද නොසැලකේ. එය 4 වන ව්වස්ථාවේ (ඉ)ට අදාල වුවාමයි සලකමු, එහෙත් එහිදී 4 වන ව්වස්ථාවේ (ඉ) ට අදාලව එයින් අදහස් කරන්නේ කුමක්ද ?

3 වන ව්වස්ථාවේ දැක්වූ පරමාධිපත්යට අයත් චන්ද බලය පළාත් සභා වලට අදාල චන්ද වලදී අදහස් නොවන බවද ?

මාගේ මතය නම් නැත යන්නය.

මන්ද එසේ නම් 3 වන ව්වස්ථාවේ පරමාධිපත්යයේ අංගයක් ලෙසින් චන්ද බලය දැක්විමෙ හරයක් නැති නිසාවෙනි. එක් අතකින් දුන් දෙයක් අනිත් අතින් ඉවත් කර ඇත්නම් එහි ප්‍රයෝජනයක් නොමැති නිසාවෙනි. එය හරියටම මුලික අයිතිවාසිකම් එක් අතකින් ලබා දී අනෙක් අතින් සිමා කිරීම් හරහා පුර්ණ ලෙසම ඉවත් කරනවා බදු තත්වයකි. “නීතිය ලේඛන වල අර්ථ විග්‍රහ කරන්නේ අයුක්තියක් සිදුනොවෙන ලෙසටය” එසේම ව්වස්ථාවක් අර්ථ විරහිත නොකල යුතුය”යන මූලධර්ම ද සැලකූ කල්හි 4 (ඉ) හි සදහන් නොවන නිසාම එම අනිකුත් මැතිවරණ වලදී ක්රිියාත්මක කරන්නේ පරමාධිපත්යට අයත් වන චන්ද බලය නොවෙන බව කිව හැකිද ? නැත! මන්ද ඒ ක්රියාත්මක කරන්නේද 3 වන වීවස්ථාවේ දක්වන පරමාධිපත්යයේ යටතේ එන "චන්ද බලය" ම නිසාවෙනි.

එසේ නම් එසේ මැතිවරණ වලින් කොටසක් පමණක් 4 (ඉ) හි දක්වා ඇත්තේ මන්ද ?එසේ වෙන් කොට තිබීමෙන් බැහැර කර ඇත්තේ චන්ද බලය නොවේ නම් සහ expressio unius සිද්ධාන්තය ද අදාල වේ නම් එයින් බැහැර කර ඇත්තේ චන්ද බලය යන කාරණය නොවන වෙනත් කාරණයකි. එය අන් කුමක් විය හැකි වුවත් 3 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති චන්ද බලය නොවෙන බව පෙනේ.

එහි ව්‍යංගාර්ථය සරලව දැක්වුව හොත් 4(ඉ) හි සදහන් නොවුනද අනිකුත් මැතිවරණ වලදී ක්රියාත්මක කරන්නේ ද පරමාධිපත්යයට අයත් වන චන්ද බලය වන බවයි.

පළාත් සභා මැතිවරණ 4 (ඉ) හි දක්වා නැතත් පළාත් සභා මැතිවරණ සම්බන්ධව යම් කාරණයකදී එය මුලික අයිතිවාසිකම් කඩවීමක් බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇත්තේද එනිසාම විය යුතුය.

Karunathilaka And Another V. Dayananda Dissanayake, Commissioner and Others.

Fundamental rights - Provincial Councils Election - Date of the poll - S. 22 (1) of
the Provincial Councils Elections Act - Cancellation of the date by Emergency Regulation - Articles 12 (1) and 14 (1) (a) of the Constitution.
The period of office of the Central, Uva, North-Central, Western and Sabaragamuwa Provincial Councils came to an end in June, 1998. The Commissioner of Elections (the 1st respondent) fixed the nomination period in terms ofsection 10 of the Provincial Councils Elections Act, No. 2 of 1988. After the receipt of nominations which concluded on 15.07.1998 each returning officer fixed 28.8.98 as the date of the poll by a notice under section 22 (1) of the Act.
The issue of postal ballot papers in terms of section 24 of the Act read with Regulation 10 of the second schedule to the Act was fixed for 4.8.98. But by telegram dated 3.8.98, the respective returning officers suspended the postalvoting without adducing any reason therefore. The very next day on 4.8.98 the President issued a Proclamation under section 2 of the Public Security Ordinance (PSO) bringing the provisions of Part If of the Ordinance intooperation throughout Sri Lanka and made an Emergency Regulation under section 5 which had the legal effect of cancelling the date of the poll. Thereafter, the 1st respondent took no steps to fix a fresh date for the poll in terms of section 22 (6) of the Act, even after 28.8.98. In the meantime the term of office of the North-Western Provincial Council came to an end and the date of the poll for that Council was fixed for 25.1. 99.
// 5. The respondents also infringed the petitioner's rights under Article 14 (1) (a) of the Constitution. The freedom of 'speech and expression' guaranteed by that Article should be broadly construed to include the exercise of the right of an elector to vote at the election //

ඒ අනුව පළාත් සභාව පාර්ලිමේන්තුවට වඩා බලතල අතින් පහලින් ඇති / උප ආයතනයක් වූ නිසාම පාර්ලිමේන්තු මැතිවරණයකට සමාන තත්වයක් බුක්ති විදිය යුතු නැත යන පදනම සත්ය වුවත් 4 (ඉ) හි සදහන් නොවන නිසාම පළාත් සභා මැතිවරණ වලදී ජනතාව විසින් ක්රියාත්මක කරන “චන්ද බලය” යන්න පහතට නොවැටේ / 3 වන ව්වස්ථාවේ දක්වන පරමාධිපත්යයේ දක්වන චන්ද බලයට අයත් නැතැයි යයි කිව නොහැකි ය.

ඒ අනුව චන්ද බලය යන්න ආණ්ඩුක්රම ව්වස්ථාවේ 4 (ඉ) හි දක්වා ඇති මැතිවරණ වලට පමණක් ලඝු කල හැකි ද ? නැත. ලඝු කල යුතු ද නොවේ. මන්ද ජනාධිපතිවරණ, මහා මැතිවරණ,ජනමතවිචාරණ සේම පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ ක්රියාත්මක වන්නේද ශ්රී ලංකා භුමිය තුලය. ජනාධිපතිවරණ, මහා මැතිවරණ, ජනමතවිචාරණ වලදී මෙන් සමස්ත ශ්රී ලංකාවාසින්ම එකවිට චන්දය නොදුන්නා විය හැකි වුවත්, එක් ස්ථානයකට සභිකයින් තෝරා ගැනීමට චන්දය නොදුන්නා වුවත්, ශ්රී ලංකා ජනරජයටම බලපාන තීරණ ගැනීමට චන්දය නොදුන්නත්, විවිධ ප්රදේශ වල විවිධ බලතලවලින් යුත් ආයතන පිහිටුවනවා විය හැකි වුවත්, තෝරා ගන්නා අය සම්මත කරන්නට යන නීති අභියෝග කරනවා නම් කල යුත්තේ ඒ ඒ ප්‍රදේශ වල ජනතාව වුවත්, ශ්රී ලංකා ජනරජයේ කොටසකට පමණක් බලපාන ලෙසින් නීති පැනවීමට නියෝජිතයින් තෝරා ගන්නවා විය හැකි වුවත් ඒවාට චන්දය ලබා දෙන්නේද ශ්රී ලංකාවේම පරමාධිපත්යය හිමි ජනතාවය. ඒ අර්ථයෙන් දැනටම පළාත් පාලන ආයතන, පළාත් සභා යන උප ව්‍යුහ පුරාම චන්ද බලය යන පරමාධිපත්යයේ වැදගත් අංගය අනිවාර්යෙන්ම ඇතුලත්ව පවතින කාරණයකි.

ජනාධිපතිවරණය, මහා මැතිවරණය හිද මෙන්ම පළාත් සභා මැතිවරණ සියල්ලම එක දිනයේම පැවැත්වුවද (http://www.documents.gov.lk/files/bill/2017/8/220-2017_S.pdf) එමගින් පළාත් සභා බලතල පුළුල් වීමක් සිදුනොවෙන නිසා ජනරජයේ ඒකීය බවට හානියක් නොවෙන තැන ඇත.

"4 (ඉ) හි මැතිවරණ අතරට පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණ ඇතුලත් නොවෙන නිසා එම මැතිවරණ වලදී ජනතාව ක්රියාත්මක කරන්නේ 3 වන ව්වස්ථාවේ දක්වන ලද පරමාධිපත්යයට අයත් නොවෙන චන්ද බලයකි" ලෙසින් අර්ථ දැක්වීමක් ගත හැකිද ? ගත යුතුද ? එසේ නම් එය කොතරම් දුරට යුක්ති සහගතද ?

මාගේ මතය නම් එසේ එසේ අර්තදක්විමක් ගත නොහැකි බවය. ගත යුතද නැත, ගන්නේ නම් ඊට යුක්ති සහගත පදනමක්ද නැත.

පළාත් සභා සම්මත කලේ 2/3 චන්දයෙන් පමණක් බවත් ඒ නිසා 3 වන ව්‍යවස්ථාවේ ඇති පරමාධිපත්‍යයේ චන්ද බලය සමග 4 (ඉ) හි දක්වා නැති පළාත් සභා චන්ද බලය කියවිය නොහැකි බවට තර්කයක් මෙහිදී මතු කල හැකිය.

එයට පිළිතුරු ලෙස දැක්විය හැක්කේ 83 ව්‍යවස්ථාවේ දක්වන්නේ 2/3 ට අමතරව ජනමත විචාරනයකින්ද සම්මත කල යුතු සංශෝධනයන්‍ ය. එහි අර්ථය වන්නේ පනත් කෙටුම්පතක් 83 ව්‍යවස්ථාවේ විධිවිධාන හා ගැටේ නම් එය ජනමත විචාරනයකින්ද සම්මත කල යුතු බවයි.
3 ව්‍යවස්ථාවද 83 වන ව්‍යවස්ථාවේ සඳහන් වන නිසා ජනතා පරමාධිපත්‍යයට අයත් අංග පහේ කුමන හෝ අංගයකට පටහැනි වන පනත් කෙටුම් පතක් සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයට අමතර ව ජනමත විචාරණයකින් ය. පළාත් සභා පරිච්ඡේදය ආණ්ඩුකම ව්‍යවස්ථාවට ඇතුළත් කොට ඇත්තේ පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් පමණි. එහි අර්ථය නම් තුන් වන ව්‍යවස්ථාවේ දක්වන පරමාධිපත්‍ය අංග පහේ කිසිම අංගයක් සමග පළාත් සභා බලතල නොගැටෙන බවයි. ඒ අනුව පළාත් සභා මැතිවරණ සම්බන්ධ ඡන්ද බලය සැලකූ කල්හි එය ජනතා පරමාධිපත්‍යය යන තුන් වන ව්‍යවස්ථාවේ දක්වන කරුණු වලට අභියෝගයක් නොවෙන එනම් අනනුකුල නොවෙන / නොගැටෙන මට්ටමේ සහ එනිසාම ඇතුලත් කල හැකිද වෙන මැතිවරණයක් බව පෙනී යයි. Karunathilaka And Another V. Dayananda Dissanayake, Commissioner and Others නඩු තීන්දුව පැමිණ ඇත්තේ ඒ නිසා විය යුතු ය. එහි වරදක් මා නම් දකින්නේ නැත!

එසේම චන්ද බලය, චන්ද විමසීම් හා මැතිවරණ වලට අදාල 88 හා 89 ව්වස්ථා වල සදහන් වන්නේ ජනාධිපතිවරණ, මහා මැතිවරණ සහ ජනමතවිචාරණ පමණක් නිසා අනිකුත් මැතිවරණ වලට අදාලව ඇති චන්ද බලය යන්නට හිමි වටිනාකම පහතට වැටීමක් හෙවත් පරමාධිපත්යට ඇතුලත් නොවීමක් ලෙසින් සැලකිය නොහැක. ඒ අනුව මෙලෙස සැලකුව හොත් මරණාධාර සමිතියේ චන්දයද පරමාධිපත්යයට ඇතුලත් නොවේදැයි පැනයක් ඇතැම්විට හාස්‍ය සහගත ලෙසින් මතු කල හැකි මුත් මෙහිදී අදහස් කරන්නේ එවන් තත්වයක් නම් නොව ආණ්ඩුක්රම ව්වස්ථාව යටතේ හෝ වෙනත් නීතියක් යටතේ චන්ද අයිතිය දක්වන පළාත් පාලන ආයතන, පළාත් සභා, මහා මැතිවරණ, ජනමතවිචාරණ සහ ජනාධිපතිවරණ පමණි.

4 (ඉ) හි ප්රකාශිතව ඇත්තේ එහි දැනට දක්වන මැතිවරණ පමණක් නිසාවෙන් අනිකුත් මැතිවරණ එයට ඇතුලත් කිරීමට පාර්ලිමේන්තුවට චේතනාවක් නොතිබුණේ යැයි පනත් අර්ථ නිරූපණ රීති වල එන වචනාර්ථ රීතිය (Literal Rule) ට අනුව නම් සත්‍ය බව පෙනී යන මුත් වචනාර්ථ රීතියේ ඇති අඩුපාඩු / නොගැලපීම් / යුක්තිය ඉටු කරගැනීමට ඇතිවන බාධා (absurdity ) නිසාවෙන් ස්වර්ණමය රිතියද ( Golden Rule ) එයද ප්රමාණවත් නොවෙන තැනට පැමිණි නිසා විශේෂයෙන් බහු අර්ථ ඇති අවස්ථාවේදී (ambiguity) අනර්ථ රිතියද (Mischief Rule ) ද එහි අදාලත්වය ද යුක්තිය ඉටු කරගැනීමට ප්රමාණවත් නොවෙන තැනට පැමිණි බව අවබෝධ වූ කල පාර්ලිමේන්තුවේ චේතනාව නොව පනතක් පැනවීමේ අභිමතාර්ථය හෙවත් පරමාර්ථය සොයා යාම ( Purposive Approach ) දක්වාද එහි ක්රියාකාරීත්වයද තවත් යුක්තිමත් කරනු පිණිස, පනත් වල තිබිය හැකි හිස් තැන් නීතියේ සීමාවන් තුල හිද පුරවමින් සහ මහජන අයිතීන් නිර්මානශිලිව අර්ථදැක්වීම අරමුණු කරගෙන උපරිමාධිකරණ වලින් ලබාදෙන තීරණ වලින් බැද තබන තැනට පැමිණ ඇත. 4 (ඉ) හි ප්රකාශිතව ඇත්තේ එහි දැනට දක්වන මැතිවරණ පමණක් නිසාවෙන් අනිකුත් මැතිවරණ එයට ඇතුලත් කිරීමට පාර්ලිමේන්තුවට චේතනාවක් නොතිබුණේ යැයි වචනාර්ථ රීතියට සිමා වෙමින් කියා සිටින්නට නොහැකි තැන ඇත.

අනෙක් අතින් එලෙස එම පළාත් සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ යන ඒවා 4 (ඉ) ට ඇතුල් කරන්නට විශේෂයෙන් 1987 න් පසුව වුවද උත්සාහයක් ගන්නට නැත්තේ එලෙස නොදැම්මා කියා මැතිවරණ හැම එකකකදිම භාවිතා කරනා “චන්ද බලය” යන සාධකයට අඩු තක්සේරුවක් හෝ ඍනාත්මක බලපෑමක් ඇති නොවෙන බවට සැලකු නිසා ද වන්නට පුළුවන.

ජනතා පරමාධිපත්ය යේ එන චන්ද බලය ක්රියාත්මක කිරීම හා භුක්ති විදීම යන්න 4 (ඉ) හි දැනට දක්වා ඇති මැතිවරණ වලට පමණක්ම සිමා කල හැකි නොවේ. 93 ව්වස්ථාව සම්බන්ධව ඇත්තේද එවැනි තත්වයකි. එහි දක්වන නිදහස්, සමාන, රහස් චන්දයක් පවත්වා ගත යුත්තේ 93 ව්වස්ථාවේ දක්වන මැතිවරණ වලදී එනම් ජනාධිපතිවරණ, මහා මැතිවරණ සහ ජනමතවිචාරන වලදී පමණක්ම නොවේ. සියලු මැතිවරණ වලදී එම තත්වය පවත්වා ගත යුතුමය. මැතිවරණ පවත්වන මැතිවරණ කොමිෂන් සභාවේ බලතල කාර්යය කර්තව්‍ය යටතේ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණද දක්වා ඇත. එයින් අදහස් වන්නේ මැතිවරණයේ චන්ද බලය ගැන ඇත්තේ කුමන ස්ථානයේද එම ස්ථානයෙන් ස්වායත්තව පොදුවේ ගත්කල මැතිවරණ වලදී “චන්ද බලය” යන සාධකය සමසේ අදහස් කරනා බව ය.

“ආන්ඩුක්රම ව්වස්ථාවේ 4(ඉ) ට පලාත් සභා මැතිවරණ ඇතුලත් කල හොත් එනිසාම ජනරජයේ ඒකිය බවට තර්ජනයක් විය හැකි නිසා පලාත් සභා මැතිවරණ ඇතුලත්කර නැත/කලයුතුද නැත. ආන්ඩුක්රම ව්වස්ථාවේ 4(ඉ) ට පලාත් සභා මැතිවරණ ඇතුලත් කර නැති නිසාවෙන් පරමාධිපත්යයට අයත් චන්ද බලය කඩවිමක් වන්නෙද නැත, ඒනිසා පලාත් සභා චන්ද විමසිමකට අදාල කරුණක් අධිකරණයේ අවධානයට ගෙන ඒමට නෛතික පදනමක්ද නැත”ලෙසින් තර්කයක් නෛතික ලෙස මතුකල හැකිද? මතු කල යුතුද? එයට කිසියම් යුක්ති සහගත පදනමක් වේද, එසේනම් එය කොතරම් යුක්ති සහගතද යන්න විමසා බැලීම වටී.

එහිදී පළාත් සභාවල බලතල ගැන අවධානය යොමු කිරිම අවශ්යය, එහිදි මතුවෙන කාරණයක් නම් පළාත් සභා වලට මධ්යම ආණ්ඩුවකින් ස්වාධීනව කටයුතු කල හැකිද ? එසේ නම් ඒ කොයි තරමටද සහ එසේ නම් එයින් වන බලපෑම කුමක්ද ? ස්වාධින රාජ්ය යක් බවට පත්වේද යන්නයි.

1933 රාජ්‍ය අයිතිවාසිකම්, යුතුකම් පිළිබද මොන්ටිවිඩියෝ සම්මුතිය අනුව පුර්ණ පරමාධිපත්ය යෙන් යුතු ස්වාධින ඒකකයක් හෙවත් රාජ්යඅයක් සම්පුර්ණ වීම සදහා / එනම් රාජ්‍යයක් යයි පිලිගැනීම සදහා අවශ්යයතා කීපයක් සම්පුර්ණ විය යුතුවෙයි.

1. ස්ථිර ජනගනය.
2. නිශ්චිත දේශ සීමාව.
3. ආණ්ඩුව.
4. විදේශ සබදතා පැවැත්වීමේ හැකියාව.

* පලාත් සභා පුර්ණ පරමාධිපත්‍යයෙන් යුතු ඒකකද ???

පළාත් පාලන ආයතන හෝ මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරන්නාවූ පළාත් සභා පුර්ණ පරමාධිපත්යෙන් යුතු ස්වාධින ඒකක ලෙසින් සැලකීම සදහා එනම් වෙනම රටක් / රවටල් සදහා සියලු අංග සපුරා ඇතිදැයි සැලකු කල්හි, බැලු බැල්මට ස්ථිර ජනගහනයක් සහ නිශ්චිත දේශසිමාවක් තිබෙනවාදැයි සිතුනත් එසේ වෙන් කරගෙන නැත, නිශ්චිත නොවෙන එවන් කාරනා ජාත්‍යන්තර නිතිය අනුව පිළිගන්නේද නැති බව නියතය ( අවිනිශ්චිත දේ ශුන්‍යය ) ආණ්ඩුව යන්න සැලකීමේදී පුර්ණ ස්වාධිනත්වය සදහා අවැසි අන් කිසිදු අධිකාරියක පාලනයට ලක් නොවූ විධායක බලය, පුර්ණ ස්වාධිපත්යෙන් යුතු බව හෙවත් වෙනත් බලවත්/ඉහල ව්වස්තාදායකයක පාලනයට ලක් නොවූ ව්වස්ථාදායක බලය, ස්වදේශීය අධිකරණ බලය ආදී තිබිය යුතු වන කාරනා සැලකු කල්හි පළාත් පාලන ආයතන සහ විශේෂයෙන් සදහන් කරනා පළාත් සභා ඇත්තේ පැහැදිලිවම මධ්යම ආණ්ඩුවේ පාලනය යටතේය, මුලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ඇත්තේද මධ්යම ආණ්ඩුවේ අංගයක් ලෙසිනි ... ( පාලන අංගයක් ) එසේම මධ්‍යම ආණ්ඩුවෙන් ස්වායත්තව විදේශ සබදතා පැවැත්වීමේ හැකියාව ආදී වෙනම රාජ්යයක් සදහා අවැසි අංග පළාත් සභා, පළාත් පාලන ආයතන වෙත පැවරී නොමැති බව හොදින්ම පැහැදිලිය. ඒ අනුව චන්ද බලය යන්න පළාත් සහා සම්බන්ධව සහ පළාත් පාලන ආයතන සම්බන්ධවද පරමාධිපත්යයේ අංගයක් ලෙසින් සැලකුවද එයින් ශ්රී ලංකාවේ එකිය බවට තර්ජනයක් මතුවන තැන නැත.

ඒ අර්ථයෙන් ගත් කල්හි "පළාත් සභා මැතිවරණය ජනතා පරමාධිපත්යය ක්රි්යාත්මක කිරීම සහ භුක්ති විදීම යන්නට අයත් වන්නේ නැත" යන්න පිළිබද මත ගැටුමක් තිබිය හැකි වුවා නැතා පරමාධිපත්ය යට අයත් චන්ද බලය යන කාරණය නම් අනිකුත් මැතිවරණ වල මෙන්ම වෙනසක් නොමැතිව පළාත් පාලන මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ වලට අදාළ වන සහ අදාළ කල යුතුද වන තැන ඇත. මන්ද පළාත් සභා පුර්ණ ලෙස පරමාධිපත්යයයෙන් යුතු ඒකක ලෙස පිළිනොගත්තද ( ඒකීයබව ආරක්ෂා කිරීම සදහා එසේ පිළිනොගත යුතුද වෙයි ) පරමාධිපත්යට අයත් චන්ද බලය යන ඉතා වැදගත් සාධකය පාර්ලිමේන්තු මැතිවරණ, මහා මැතිවරණ, ජනමතවිචාරණ තුලදී මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආදී සියල්ල තුල අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු ද වන කාරණයක් නිසාවෙනි.

එයට හේතුව නම් ජනතා පරමාධිපත්ය්යේ අනිකුත් අංග ක්රි්යාත්මක කිරීමට, බලාත්මක කිරීමට මුලිකව වැදගත් වන අංගය නම් චන්ද බලය වීමයි. මන්ද ජනතාවගේ විධායක බලය, ව්වස්ථාදායක බලය ක්රියාත්මක කිරීමට නියෝජිතයන් පත්වන්නේ මැතිවරණ හරහාය, පාර්ලිමේන්තු මැතිවරණ වලදී පමණක් නොව පළාත් සභා හරහාද ජනතාවගේ විධායක හා ව්‍යවස්ථාදායක බලය ක්‍රියාවේ යෙදවේ. ගරු විනිසුරුතුමන්ලා චන්දයෙන් තෝරා පත් කර නොගත්තද අධිකරණය සැලකෙන්නේද රාජ්යන පාලන අංගයක් ලෙසිනි. මුලික අයිතිවාසිකම් ගරු කිරීම ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම වන්නේද යහපත් රාජ්ය පාලනයක් තුලය. ඒ කාරනා සියල්ලටම මුලික වන්නේ කලට වෙලාවට චන්ද බලය භාවිතා කිරීමට ඇති හැකියාවයි. ඒ අනුව එය පරමාධිපත්යේ එන වැදගත්ම අංගය යැයි කීමේ වරදක්ද නැති තරම් ය.

චන්ද බලය ක්රියාත්මක කිරීම දක්වා ඇත්තේ ආණ්ඩුක්රම ව්වස්තාවේ නොවේ වෙනත් පනතක යන්න මත එය පරමාධිපත්යයේ කොටසක් නොවේ යයි කීමට යුක්තිමත් හේතුවක් නැත. ආණ්ඩුක්රම ව්වස්ථාවේ තිබුනා හෝ වෙනත් නිතියක තිබුනා වුවද චන්ද බලයට ජනතා පරමාධිපත්යය යන්න තුල වෙනසක් ලබා දිය නොහැකිය. ලබා දිය යුතුද නැත.

ආණ්ඩුක්රම ව්වස්ථාවට එක් කල 13 වන සංශෝධනයේදී 2/3 බහුතරයට අමතරව එය ජනමත විමසුමකින් ද සම්මත කිරීමට සුදුසු යැයි එකල අමාත්ය මණ්ඩලයට අවැසි නම් තීරණය කරන්නට වුව තිබුණි. එසේ නම් එවන් තත්වයක් උදා වුවා නම් එහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත සම්බන්ධව කාර්යභාරයක් නොමැති වන්නට තිබුණි.

ඒ අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුණු තීන්දුවෙන් බලාපොරොත්තුවී ඇත්තේ පළාත් සභා සම්බන්ධව ජනතාවගේ චන්ද බලය, පරමාධිපත්යයට ඇතුලත් කරනවාද නැද්ද යන්න නොව පළාත් සභා වල නීති සම්පාදන හැකියාව පාර්ලිමේන්තුවේ එම හැකියාව සමග රටේ ඒකීය බවට හානියක් වන ලෙසින් ගැටේද නැද්ද යන්නයි.

එය එසේ නොවන බවට තීන්දු කර ඇත ... https://www.scribd.com/document/263018852/In-Re-the-Thirteenth-Amendment-to-the-Constitution-2-Slr-1987

එනම් පාර්ලිමේන්තුවේ 2/3 චන්දයෙන් අවැසි නම් පළාත් සභා පරිච්චේදයම ඉවත් කරන්නට වුව හැකි බව එදා දැක්වූ සහ අදටත් එලෙසම වලංගු නීතිමය තත්වයයි. එනම් එයින් පෙන්වන්නේ පළාත් සභා සතු ස්වාධිපත්ය බලය හෙවත් නීති සම්පාදන බලය පාර්ලිමේන්තුවට තර්ජනයක් නොවෙන මට්ටමට පහලින් ඇති බවයි. අවැසි නම් ඒ හැකියාව තවත් ඉහළ නැංවිමට කටයුතු කිරිමෙන් ජනරජයේ ඒකියබව තවත් ශක්තිමත් කරගත හැකිවනු ඇත.

ඒ අනුව අවශ්යතාවය මතුවන ආකාරයට රටේ ඒකීය බවට තර්ජනයක් වන ක්රියාමාර්ගයක් පළාත් සභා අනුගමනය කරන්නට පටන් ගත හොත් පළාත් සභා පරිච්චේදයම ඉවත් කරන තැනට නොගොස් වුවද පාර්ලිමේන්තුව හරහා පළාත් සභා බලතල ක්රියාත්මක කරවීම හෝ එතනිනුත් ඉදිරියට ගොස් අවැසි නම් විධායක ජනාධිපතිවරයා මගින් පළාත් සභා විසුරුවා හැරිය හැකි තැන ඇත. අවැසි නම් එම හැකියාව තවත් වර්ධනය කල හැකි ය.

පළාත් සභා චන්ද බලය යන්න ආණ්ඩුක්රම ව්වස්ථාවේ 4 (ඉ) ට ඇතුල් කිරීම මගින් සිදුවන්නේ එම මැතිවරණය ට අදාළ වෙනත් පනතක් යටතේ නෛතික අයිතියක් ලෙස දැනටම පිළිගෙන ඇති එම මැතිවරණ වලට අදාළ චන්ද බලය යන්නට ආණ්ඩුක්රම ව්වස්ථාව අනුව උත්තරීතර නිතිය තුල පිළිගැනීමක් ලැබීම පමණක් බව මිසක එසේ ඇතුලත් කල නිසාම පළාත් සභා පරමාධිපත්යෙන් යුතු ශක්තිමත් ඒකකයක් බවට පත් කිරීම නොවේ.

ඒ අනුව පළාත් සභා චන්ද බලය යන්න ආණ්ඩුක්රම ව්වස්ථාවේ 4 (ඉ) ට ඇතුල් කිරීම මගින් පළාත් සභාවක් ශ්‍රී ලංකාව බදු වූ පරමාධිපත්යෙන් බලවත් වූ ඒකකයක් දක්වා උසස් වීමක් වේ යයි සැලකිය නොහැකිය. මන්ද පරමාධිපත්යෙන් උසස් වීමක් වනවා නම් එය වීය යුත්තේ චන්ද බලය උත්තරීතර නිතිය තුල දැක්වීමෙන් නොව පළාත් සභාවකට ඇති පාලන බලතල ඉහල යාමක් සිදුවුවහොත්ය, එනම් විධායක ව්වස්ථාදායක හා අධිකරණ යන අංග වලිනි. දැනට ඒ සියල්ල ඇත්තේ මධ්යම ආණ්ඩුවේ පාලනයට යටත්වය. මුලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලයක් පළාත් සභාවලට කොහෙත්ම නැත.

පළාත් සභාවකට පාර්ලිමේන්තුවේ මැදිහත්වීමකින් තොරව කොයි තාක් දුරට නීති සැදිය යන්න එනම් බලවන්ත ස්වාධිපත්යෙන් යුතු ඒකකයක් වන්නේද ඒ අනුව පරමාධිපත්යෙන් ද යුතු පුර්ණ ඒකක බවට පත්වන්නේද යන්න තීරණය කරන්නේ පළාත් සභා ලැයිස්තුව, සමගාමී ලැයිස්තුව සහ සංවෘත ලැයිස්තුව යන ලැයිස්තුවලට ඇතුලත් වන බලතල ප්රමාණය අනුව සහ පළාත් සභා පාලනයට මධ්යම ආණ්ඩුවේ දායකත්වය කොතරම්ද යන්න දැක්වීම අනුවය.

4 (ඉ) ව්වස්ථාවට දැනට නැති පළාත් සභා මැතිවරණද යම් හෙයකින් ඇතුල් කල හොත් එය ජනරජයේ ඒකීයබවට තර්ජනයක් වනු ඇතැයි කිව නොහැක්කේ සහ 4(ඉ) ව්වස්ථාවේ පලාත්සභා මැතිවරණ නොමැති වුවත් පලාත් සභා මැතිවරණයකදී ක්රියාත්මක කරනා චන්ද බලය 3 වන ව්වස්ථාවේ දක්වන පරමාධිපත්ය්යට අයත් එකක් ලෙස සැලකීය හැක්කේ සහ එසේ සැලකීමෙද වරදක් නැත්තේ ඔය කරුණු කාරනා මතය.

දැනට ආණ්ඩුක්රම ව්වස්ථාවේ ඇති ඒකීයබව ආරක්ෂා කිරීමට ඇති විධිවිධාන, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ පළාත් සභා සම්බන්ධ විධායක බලය එලෙසම පවත්වා ගත යුතුය යන්න, අනෙක් අතින් 6 වන ආණ්ඩුක්රම ව්වස්ථා සංශෝධනය ලෙසින් එක් කල දේශපුර්ණ ඒකීයභාවය කඩ කිරීමද තහනම් වේ යන්න එනම් ශ්රී ලංකා ජනරජය තුල වෙනම රජයක් පිහිටුවීම තහනම්ය යන්න වැදගත් තැනක් ගනී. ඒ අනුව බෙදුම්වාදයට එරෙහි එම ව්වස්ථාව, විධායක ජනපතිවරයාගේ භූමිකාව, පළාත් සභා සතු ස්වාධිපත්යය හෙවත් නීති සැදීමේ බලය අභිබවා යන පාර්ලිමේන්තුවේ ස්වාධිපත්ය ය එනම් පළාත් සභා බලතල සංශෝධනය කරනා ලෙසින් පාර්ලිමෙන්තුවට නීති සැදීමේ හැකියාව ආදී මේ කාරනා සියල්ලේ සමස්ථ ප්රථිපලය ලෙස ජනරජයේ ඒකීය බව මනාව ආරක්ෂා වී ඇත. එවන් තත්වයක් තුලදී පළාත් සභා චන්ද බලය යන්න ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 4 (ඉ) ට ඇතුල් කලද එමගින් සිදුවන්නේ එම මැතිවරණය ට අදාළ චන්ද බලය යන්නට ආණ්ඩුක්රම ව්වස්ථාව උත්තරිතර නිතිය තුල හුදු පිළිගැනීමක් ලැබීම පමණක් වේ යන්න පැහැදිලිව සිද්ධාන්තමය ( එනම් පොතට අනුව ) සහ ප්රායෝගිකවද ගත හැකි නිගමනය බව පෙනී යන නිසා ආන්ඩුක්රම ව්යවස්ථාවේ 4(ඉ) ට පලාත් සභා මැතිවරණ ඇතුලත් කල හොත් එනිසාම ජනරජයේ ඒකිය බවට තර්ජනයක් විය හැකිය යන්නට යුක්තිමත් පදනමක් නැත.

ජනතාවගේ පරමාධිපත්‍යය යනු හුදෙක් චන්ද බලය පමණක් නොව එයට තවත් කාරනා 4 ක්ද ඇතුලත් ය. 3 වන ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍ය යනු පාලන බලතල ( එනම් ජනතාවගේ විධායක බලය, ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය ) මුලික අයිතිවාසිකම් හා චන්ද බලය යන සියලු කාරණායි. පළාත් සභාවකට පරමාධිපත්‍යය හිමිවන්නට නම් ඔය කාරනා 5 ම කිසිදු ගැටලුවකින් තොරව සම්පුර්ණ විය යුතුය. එවැන් තත්වයක් මේ වෙද්දී දකින්නට නැත...

ඒ කෙසේද යත් ,,,

1. පළාත් සභා විධායක බලයේ අවසන් පාලනය විධායක ජනාධිපතිවරයා සතුය.

2. පළාත් සභා ව්‍යවස්ථාදායක බලයේ අවසන් පාලනය පාර්ලිමේන්තුව සතුය.

3. පළාත් සභාවක කටයුතු සම්බන්ධ අධිකරණ බලය පළාත් සභාවෙන් සිමා නොවේ. අවසන් අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යා හැකිය.

4. පළාත් සභාවකට මුලික අයිතිවාසිකම් තීරණය කරන්නට බලයක් නැත.

* පළාත් තුල ස්වයං පාලනය / වෙන්වීම උදෙසා ජනමතවිචාරණයක් පවත්වන්නට බලය ලැබේද ... ?

කාරනා 4 කින් පැහැදිලිවම පළාත් සභා ස්වයං පාලනයකට අදාළ එනම් උතුරු හා නැගෙනහිර පළාත්වල ජිවත් වන දෙමල ජනතාවට අවශ්‍ය වන්නේ එක රටක ජීවත් වීමටද නැතහොත් වෙන්ව යාමටදැයි තීරණය කිරීමට තරම් පරමාධිපත්‍යය බලය දරන්නේ නැත!

උතුරු නැගෙනහිර ජනතාවද ජිවත් වන්නේ එකම ශ්‍රී ලංකාවේ ය ... ඒ අනුව වෙන්ව යාම" සැලකු කල්හි ඒ සදහා උක්ත කාරනා 4 පැහැදිලිවම නෛතික බාධාවන්ය. එයත් සමග ශ්‍රී ලංකාවේ දේශපුර්ණත්වය කඩ කිරීම එනම් වෙනම ශ්‍රී ලංකා දේශය තුල වෙනම රජයක් පිහිටුවීම තහනම්ය යන්න නෛතික බාධාවකි ( හයවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 157 අ ) ඔය සියල්ල සැලකු කල්හි "වෙන්ව යාමට" නෛතික පදනමක්/අවස්තාවක්/ඉඩක් ගත නොහැකි තැන ඇත.

අනෙක් අතින් එසේ "වෙන්ව යාම" ක් සදහා උත්සාහයක් ගන්නට ඒ බවට නෛතික අයිතියක් ඇතැයි නීතියේ කොහේ හෝ දක්වා තිබේද යන ප්‍රශ්නයට ඔව් කියන්නේ නම් එය සිදුවන ආකාරයත් එවැන්නක වලංගුතාවයත් එවැනි මතයක් දරන්නෙකු වේ නම් හෙතෙම පැහැදිලි කල යුත්තකි.

5. චන්ද බලය:

එනම් සැලකිය යුතු එකම ප්‍රශ්නය නම් පළාත් සභා මැතිවරණය 3 වන ව්‍යවස්ථාවේ චන්ද බලය යන්නට ඇතුල් වීම පළාත් සභා වලට පරාමාධිපත්‍ය භුක්ති විදීමේ අවස්තාව උදා වීමක්ද නැද්ද යන කාරණයයි.

එය සැලකීමේදී පරමාධිපත්‍යය බලය යනු හුදෙක් "චන්ද බලය" පමණක්ම නොවේ සහ අනිකුත් කාරනා 4 ත් සමග සැලකිය යුතු දෙයක් බව යන්න අමතක නොකළ යුතු ය.

පළාත් සභා මැතිවරණ වලදී "චන්ද බලය" හිමිව්ම මේ වෙද්දී පිළිගෙන ඇත. නමුත් එහිදී පළාත් සභා පරමාධිපත්‍යය භුක්ති විදීමක් සිදුවේද යන්න සැලකීමේදී සරල පිළිතුර "නැත" යන්නයි.

මන්ද පරමාධිපත්‍ය භුක්ති විදීම යන්න හුදෙක් චන්ද බලය මතම තීරණය කල හැකි කාරණයක් නොවෙන නිසාය. ඊට තවත් කාරනා 4 ක් පැහැදිලි ලෙසම සම්පුර්ණ විය යුතුය. 3 වන ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය බලයක් ලැබෙන්නේ එවිට ය.

ඒ අනුව ඉහතින්ද දැක්වූ ලෙසින් පළාත් සභාවකට "පරමාධිපත්‍යය" හිමිවන්නට නම් 3 වන ව්‍යවස්ථාවේ දක්වන කාරනා 5 ම සම්පුර්ණ විය යුතු ය යන්න මාගේ ස්ථාවරයයි. එහෙත් එසේ වූ පමණින්ම වෙන්ව යාමක් සම්පුර්ණ වේද ? නැත. ඊට අන්තර්ජාතික නීතියේ සියලු අවශ්‍යතා ද තෘප්ත කල යුතු ය.

4 (ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ පැවැත්වීම ඇතුලත් වීමෙන් අදහස් වන්නේ පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් වන "චන්ද බලය" යන්න පමණි. එය ජනමතවිචාරණයක් කරා ව්‍යාප්ත කල හැක්කේ කවර නෛතික විධිවිධානයක් මතද? එවැන්නක් දකින්නට නැත. ඔය කියනා ලෙසින් පලාතක් තුල ජනමත ව්චාරණයක් පවත්වනවා නම් එය කරන්නේ ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන කවර නීතිමය තත්වයන් මතද ? එවැන්නක් කරන්නට වත්මන් නිතිය තුල ඉඩක් දකින්නට නැත.

චන්දය ට පරමාධිපත්‍යයේ ඇති චන්ද බලය හිමිවීම අනෙක් සියලු බලය හිමිකර ගැනීමේ ආරම්භය බවත් වෙනම රටවල් බිහිවන්නේ චන්දයෙන් බවත් ලෙසින් කරුණක් ඉදිරිපත් කළහොත් එයට පිළිතුරු ලෙසින් දැක්විය හැක්කේ වෙනම රටක් ලෝකයේ කොහේ හෝ බිහිවිමට අදාළ අන්තර්ජාතික නීතියේ ඇති රාජ්‍යයක් බිහිවීමට අවැසි කාරනා සියල්ල ඉටු කරන තුරු වෙනම රටක් බිහි නොවේ යන්න ඉතා පැහැදිලි කාරණයක් බවයි. ඒ අනුව පළාත් සභාවකට අදාලව චන්ද බලය මුලික අයිතිවාසිකමක් ලෙසින් පිළිගත් නිසාම හෝ පළාත් සභා චන්ද බලය 3 වන ව්‍යවස්ථාවට නඩු තීරණයක්/තීරණ මගින් ඇතුළු වූ නිසාම එමගින් වෙනම රටක් බිහිවන්නේ යැයි කියන්නේ නම් එය පිළිගත නොහැකි තැන ඇති කාරණයක් බවය!

Sunday, April 22, 2018

නීතියේ ආධිපත්‍යය රැකිය යුතුය. එහිදී ???

අදහස් කියන්න අයිතිය ඇතැයි කියා ඒ අදහස් අතරට "මේ රටේ නීතියක් නෑ ... " , "නීතිඥයින් මෙහෙමයි" ...... ලෙසින් නිතර නිතර දක්වන්නට ගියහොත් එය සාමාන්‍ය මතයක් බවට පත්ව සියලු දෙනා කෙරේ එසේ සිතන්නට පෙළඹෙන්නට බෙහෙවින් ඉඩ ඇති බව එසේ විවේචනයට උනන්දු අය විශේෂයෙන් සහෝදර වෘත්තිකයන් මදක් සිතා බැලිය යුතු කාරණයකි ...

එවැනි දෑ සමාජ ගත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ වංචාව දුෂණයට එරෙහිවීම විය හැකි ය ... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික යුතුකම් අනුව බැලු කල එය විය යුතුම දෙයකි.

එහෙත් ,,,

එම බලාපොරොත්තුව ඉටු කරගැනීමට ගොස් වෘත්තියට සහ සමස්ත වෘත්තිකයන් සම්බන්ධව මතු නොවිය යුතු චිත්‍රයක් මතු වෙන මට්ටමට නම් ඒ විවේචනය එබදු ලෙසින් නොකළ යුතුද වේ ... එලෙස වග බලා ගන්නා ලෙසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා සිටි ...

මන්ද එසේ නොවුන හොත් ඒ කුලකයට නොවැටෙන තමාගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගෙන ක්‍රියාත්මක වන්නාවූ වෘත්තිකයන්ට, එබදු විනිසුරුවරුන් ගැනද මතුවිය හැකි සමාජ මතයත්, ඒ නිසාම එවන් අය පත්විය හැකි අපහසුතාවය ද සුළු පටු නොවිය හැකිය ... යම් හෙයකින් එනිසාම ඔවුන්ද සිය මාවත වෙනස් කල හොත් ???

"මේ රටේ නීතියක් නෑ ... " , "නීතිඥයින් මෙහෙමයි" ...... ලෙසින් නිතර නිතර දෙසවනට වැකෙන කල්හි, දකින්නට ඇති කල්හි ...

* දැනට වෘත්තියේ නිරත වන යම් කලෙකදී එයින් ඉහලට ගොස් නිතිපති දෙපාර්තුමේන්තුව / අනිකුත් වැදගත් ආයතන වලට යන්නට සිතා සිටිනා අයහට සිතෙනු ඇත්තේ මොනවද ???

* දැනට වෘත්තියේ නිරත වන යම් කලෙකදී විනිසුරුවරයෙකු වන්නට බලාපොරොත්තු වන්නෙකුට සිතෙනු ඇත්තේ මොනවද ???

* දැනට නිතිඥ වෘත්තියට ප්‍රවේශ වීමට බලාපොරොත්තුවන නීති සිසුන්ට සිතෙනු ඇත්තේ මොනවාද ???

* අනාගත බලාපොරොත්තුවක් ලෙසින් වෘත්තියට ප්‍රවේශ වීමට සිටිනා අයහට සිතෙනු ඇත්තේ මොනවාද ???

* සාමාන්‍ය ජනතාව සිය ගැටළු උසාවිය වෙත ගෙන ආවද වැඩක් නැතැයි සිතා තම තමන් විසින්ම නීතියට පිටින් විසදා ගන්නට උනන්දු වන්නට ඉඩ නැතිද ???
ඔවැනි තත්වයක් මතුවන්නේ නම් ඔය කියනා නීතියේ ආධිපත්‍යයට ( RULE OF LAW ) වනු ඇත්තේ කුමක්ද ???

වැරදි ඇත්නම් ඒවා පවත්නා පද්ධතිය බිද වැටෙන්නට ඉඩ නොදී නිවැරදි කරගත යුත්තේ එබැවිනි ...
කිහිප දෙනෙක්ද අදහස් දක්වා තිබෙනා ලෙසින් ඔය අඩුපාඩු ඇතැයි කියනා සියලු දෙනාද ඔබ අප වැනි මනුෂ්‍යයන් ය ... ධර්මයට අනුව බැලුවොතින් මනුෂ්‍ය වී ඉපිද සිටියද ලෝභ ද්වේශ, මෝහ අප කා තුලත් ඇත. එනම් වැරදි සිදුවන මුලයන්/හේතු අප සැම සතුව ඇත.

වෙනස වන්නේ ඔවුන්ගේ අඩුපාඩු වැඩියෙන් තිබීම ය ... එය බොහෝ ප්‍රවේශමින් විවේචනයට බදුන් වීමේ වරදක් නැත ...

වරදක් කලේ නම් සමාවක් දෙන්නටම නොහැකි මට්ටමේ නම් දඩුවමක් දීමේ කිසිදු වරදක් නැත. එසේ කල යුතුද වෙයි ... එයට විරුද්ධ වන්නට සාමාන්‍ය සිහි බුද්ධිය ඇති කිසිවකුට කිසිදු යුක්ති සහගත පදනමක් තිබිය නොහැකිය ...

එහෙත් එය කල යුත්තේ කාගේත් තත්වය හැකිතාක් ආරක්ෂා කරගෙන එය කල යුතු යැයි සම්මත හොදම විදියට ය ...

එසේ දඩුවමක් දුන් පසුව / නිසි බලධාරයකුගේ අවධානයට ලක් කොට විසදුමක් ලැබුණු පසුව නම් එය හෙළි කලාට කම් නැත ... ( එතැනදීද නීතියේ සිමා සලකමින් ) මන්ද එවිට සිදුවන්නේ

- වැඩක ප්‍රතිපල පෙන්වමින් කියනා දෙයක් නිසා එයට වැඩි වටිනාකමක් එකතු වීමය ...
- පහර වැදුනත් වදින්නේ වැදිය යුතු නියම තැනැත්තාට පමණකි ...
- එවැන්නක් මාධ්‍යයක හොට් නිවුස් ලෙසින් ප්‍රචාරය වුවත් එයින් වනු ඇත්තේ යහපතක්ම පමණි ...

අදහස් පල කිරීමේ අයිතිය ඇත. එහෙත් ???

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළබද විශ්ව ප්‍රකාශනයේද මානව හිමිකම් ලෙසින් දක්වා ඇති අයිතිවාසිකම් අතරේ ඇති අප රටේ මුලික අයිතිවාසිකම් යටතට ගැනෙන භාෂණය, ප්‍රකාශනය හෙවත් සරලව ගත් කල්හි අදහස් පළකිරීමට නෛතික අයිතිය ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙනි. ඒ 14 (1) (අ) මගිනි.
එසේම පෙර දැක්වූ අයිතියත් සමග ක්‍රියාත්මක කල හැකි සාමකාමිව රැස්වීම, හා සමාගමයේ නිදහසද පුරවැසියන්ට ඇත.

එහෙත් අමතක නොකළ යුත්තේ එම අයිතිය/අයිතීන් පරම අයිතියක් නම් නොවෙන බවය. එනම් සිමා සහිත අයිතියකි. එය භාවිතා කල යුත්තේ නීතියේ දක්වා ඇති සීමාවන් තුලය. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (2), (3), (4), 15 (7) සහ (8) මගින් දක්වා ඇති සිමා තුල ය ...

ඔය සිමා අතර පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීම, අපහාස කිරීම, අන් අයගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගනිම ආදිය ඇතුලත් බව සහ එහි අවසාන අර්ථ නිරුපණය ඇත්තේද අධිකරණය සතුව බව අමතක නොකළ යුත්තකි ...

ඒ අනුව අදහස් පල කිරීම යන්න ක්‍රියාත්මක කල යුත්තේ ඒ පිලිබදව නීතියෙන් දක්වා ඇති සිමා වලට යටත්ව ඒ තුල සිටින බවට වග බලා ගනිමි නි ...

වැරදි පෙන්වාදීම කල යුතුය. එහෙත් ???

යම් අයෙකු තමාට කිසියම් නෛතික ගැටළුවක් ආ කල්හි සේවය ලබා ගැනීමට පැමිණෙන්නේ නීතිඥ වෘත්තිකයෙකු ලගට වන බැවින් සහ අධිකරණයෙන් මෙහා විසදාගන්නට නොහැකි වුවහොත් ඉන්පසුව යන්නේ අධිකරණයක් වෙත වන බැවින් එම සේවාදායකයාට තමාගේ ආරවුල නීතිඥ මහතා / මහත්මිය ගේ ස්වාධින මැදිහත්වීමෙන් අපක්ෂපාතී අධිකරණයක විභාග වන්නේදැයි දැනගැනීමට අයිතියක් ඇත. පොතේ හැටියට කිවහොත් පරමාධිපත්‍ය දරණ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීමට, දැන ගැනීමට අයිතියක් මහජනතාවට ඇත. එසේ අයිතියක් තිබිය යුතු ද වෙයි.

දක්වා ඇති විශේෂ අවස්ථා කිපයකදී හැර අනිත් හැම අවස්තාවකදීම අධිකරණයේ නඩු විභාග කිරීම් විවෘතව සිදු කරන්නේද එම අයිතිය තහවුරු කිරීමට ය.

නීතිඥවරියක් ලෙසින් වෘත්තීය කටයුතු වල නිරත වෙද්දී ලැබුණු අත්දැකීම් සම්බන්ධව අදහස් බෙදා ගැනීම සදහා තිබුණු පැයක් පමණ වූ එතුමියගේ විඩියෝව යු ටියුබ් හි තිබී නැරඹුවෙමි.
ඒ අනුව ජනමාධ්‍ය එම කරුණු එලේසින්ම වාර්තා කරන්නේ නම් එවැනි කරුනු හෙළි කිරීම තුලින් නීතිඥ වෘත්තීයේ ගෞරවය ආරක්ෂා කරගැනීමට හේතු වනු ඇතැයි මාගේ විශ්වාසයයි. මන්ද බැහැර කල යුතු දෑ බැහැර කරන කල්හි ඉතිරි වන්නේ යහපත දේ වන නිසා ය.

වෘත්තියක නිරත වෙද්දී ලබන ඔවැනි අත්දැකීම් බෙදා ගන්නට උනන්දු වන එහෙමත් ටික දෙනා අතරට කාන්තාවකුත් දකින්නට ලැබීම සතුටට කාරණයකි. ඇය නිර්භයව සිය අත්දැකීම් බෙදා ගන්නා ආකාරය දැකීමද සතුටට කාරණයකි. නීතිඥ වෘත්තියේ නිරත වන වෘත්තිකයන්ට පොදුවේ අසන්නට ලැබෙන ඒ නාමයට හේතුවන්නේ ඒ වෘත්තියේ නිරත වන ඇතැම් සාමාජිකයන්ගේම ක්‍රියාකාරිත්වය නිසාවෙන් යන්න බැහැර කල නොහැකි මට්ටමේ සත්‍යයකි.

නමුත් ඒ නාමය හැමදෙනාටම අදාළ වන්නේද නැත. ඒ අනුව එම තත්වයෙන් නීතිඥ වෘත්තීය සහ එබදු වෘත්තිකයන් ගලවා ගෙන නීතිඥ වෘත්තියට සහ එහි ගෞරවාන්විතව නිරත වන වෘත්තිකයන්ට සමාජයේ ලැබිය යුතු නිසි තැන ලබා දෙන්නට එතුමිය ඇතුළු ඒ වෙනුවෙන් සක්‍රියව කැපවෙන සියලු දෙනාට සුභ පැතුම් එක් කල යුතුම ය.

එහෙත් එහිදී අමතක නොකළ යුතු කාරනා කීපයක් ද වෙයි!

* සුදුසුම හා ආරක්ෂකාරිම ආකාරයෙන් වැරදි පෙන්වා දීම:-

ප්‍රසිද්ධ මාධ්‍යයකට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවකදී වරදක් පෙන්වා දීම ඉතාම සැලකිලිමත්ව කල යුතුය. විවේචනය කිරීමේ වරදක් නැතත් එහිදී යොදා ගන්නා භාෂා විලාශය, කරුණු ඉදිරිපත් කරනා ආකාරය මගින් අදහස් කරන්නට යන දේට වඩා එහා දෙයක් බලා සිටිනා අය හට හැගී යන්නට ඉඩ ඇත. එවැන්නක් වන්නේ නම් එය නුසුදුසු වන්නට වඩාත් ඉඩ ඇත. එසේම යුක්තිය, එය ඉටු කරනා අය, එය පෙන්වා දෙන්නට යන, ඒ වෙනුවෙන් කතා කරන අය හා නිතරම ගැටෙන්නට ඉඩ ඇති අයුක්තියෙන් හානියක් නොවන්නටද ඒ අය වග බලා ගත යුතුය. එහිදී මාගේ මතය නම් හැකි තාක් උත්සාහ කල යුත්තේ කිසිවකුත් ( සහෝදර වෘත්තිකයන්, කාර්යාල සේවකයින් ආදිය ) අමනාප කරගන්නේ නොමැති මට්ටමින් ක්‍රියාත්මක වෙමින් කිසියම් වරදක් වේ නම් එයද නිවැරදි කරගන්නට ගත හැකි ලෙස දක්වා ඇති ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම හොදම ආකාරය බවයි.

* දක්වන ලද කරුණු වලට විවේචනය සිමා වන බව:-

මෙහිදී විශේෂයෙන් දැක්විය යුතු කාරණයක් නම් ඒ නීතිඥතුමිය හෙලි කර ඇත්තේ අධිකරණ කටයුතුවල දී තමාට අසන්නට දකින්නට ලැබුණු නීතියට පටහැනි මට්ටමේ ක්‍රියාවන් කීපයක් බවත් ඒ දේවල් එවැනි තත්වයන් ට පමණක් සීමා වෙන බවයි. සරලව කිව හොත් දුෂිත / නීතියට පටහැනි ලෙසින් ක්‍රියාත්මක විය හැකි ටික දෙනෙක් නිසාවෙන් සමස්ත වෘත්තියට, වෘත්තිකයන්ට, අධිකරණයට, විනිසුරුවරුන්ට එකම හැන්දෙන් බෙදිය යුතු නම් නොවේ. එසේ කරන්නේ නම් එය පැහැදිලිවම වැරදි ය. එබැවින් එසේ නොකළ යුතු ය.

* විවේචනය කිරීමේදී සැලකිලිමත් වීම:-

ආන්ඩු සම්බන්ධ කටයුතු මෙන් නොව අධිකරණ හා සම්බන්ධ කටයුතු පිලිබද අදහස් දැක්විම, විශේෂයෙන් චෝදනාත්මකව යම් අදහසක් කියන්නේ නම් එය යුක්ති සහගතව නීතියේ සීමා තුල සිට කල යුතු ය, එනම් අර්ථ සාධනීය විවේචනයේ පමණක් යෙදිය හැකි ය/යෙදිය යුතු ය.
මන්ද නො එසේ නම් අධිකරණයට අපහාස කිරීමක් විය හැකි ලෙසට සලකා එය පිලිබදව එසේ කියනා අයගෙන් ප්‍රශ්න කරන්නට අධිකරණයට බලය ඇති නිසා ය ... කලෙකට ඉහතදී එක්තරා ඇමතිවරයකුට එරෙහිව තිබු නඩුවක් සහ වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති එවැනි එක් නඩුවක් ගැන කවුරුත් වාගේ දන්නවා ඇත.

මාළුවා නහින්නේ කට නිසා යැයි පුරාණ කියමනකි. බුකියට සහ අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි වලට අදාලව නම් කට යන්න අත ලෙස වෙනස් විය යුතුය. එහෙත් ඔය දෙකෙන්ම එකම ප්‍රථිපලය උදාවිය හැකි ය.

විවේචනය ගැන මනා අවබෝධයක් වෘත්තිකයන්ට නම් ඇති බවත් ඒ අනුව සිමා මායිම් හදුනාගෙන විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීති තුල සිට සහ අනිකුත් නීති රීති තුල සිට එය ප්‍රායෝගික කරනු ඇතැයි යන්නද විශ්වාස මුත් කිව යුත්තේ පුවතක් මුදා හැරි පසුව ඒවා බලනා ජනතාව, තමන් අදහස් කලදේට එහා දෙයක් අදහස් කරගන්නේ නැති බවට වග බලා ගත යුතු බවයි. එසේම එසේ මුදා හරින පුවතක් කිසියම් මාධ්‍යයක් වීසින් තවත් හොට් නිවුස් එකක් පමණක් කරගන්නට ගොස් එයින් තමන් අදහස් කරනා ලද දේ විකෘති නොවන්නට වග බලා ගත යුතුද වෙයි. එසේම මහජනතාව වෙත අවධානය යොමු කල විටදී නීතියට / අධිකරණයට / නීතිඥ වෘත්තියට / විනිසුරුවරුන්ට සම්බන්ධව මහජනයා වශයෙන් අදහස් දක්වන්නේ නම් එය ද වගකීම ගෙන කල යුත්තක් බව සිහියේ තබා ගැනීම ඉතාමත් වටි!

මාධ්‍ය වෙත මුදා හරින ලද, විශේෂයෙන් දේශපාලනමය නොවෙන නීතියට අදාල වීඩියෝවක් හෝ හඬ පටයක් සම්බන්ධව මාධ්‍ය වල තිබිය යුතු වගකීම නම් දක්වන්නට අදහස් කල දේ පමණක් දක්වමින් හොට් නිවුස් එකක් කරගන්නේ නැතිව වාර්තා කිරීම යි!

එසේ නොමැතිව කිසියම්ම අයකු විසින් නීතිඥ වෘත්තීය, වෘත්තිකයන්, අධිකරණය, විනිසුරුවරුන් ගැන අර්තසාධනිය විවේචනයෙන් ඔබ්බට ගොස් හිතට එන අදහස් ඔහේ කියමින් විශේෂයෙන් බුකියේ සිට වීරයකු වන්නට උත්සාහ කරන්නේ නම් ඒ වීරකම් බුකියේම/වෙනයම් ස්ථානයක තබා උසාවි එන්නට ඒ ඇත්තන්ට සිදු විය හැකි ය!

එවැනි යුක්තිමත් අවස්ථා වේ නම් එවැනි අයව උසාවි රැගෙන ඒමද විය යුත්තකි ... මන්ද යත් නීතිඥ වෘත්තීය, වෘත්තිකයන්, අධිකරණය, විනිසුරුවරුන් ගැන කරන්නාවූ කිසියම්ම විවේචනයක අවසාන අභිප්‍රාය විය යුත්තේ අන් කිසිවක් නොව පරමාධිපත්‍යය දරණ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාවේ යොදවන අධිකරණ සම්බන්ධව වූ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමත් වැඩි වර්ධනය කිරීමත් පමණක් විය යුතු වන නිසා ය.

Wednesday, April 11, 2018

වැඩි පරික්ෂාවේ ප්‍රයෝජනය!



මා සකස් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් කියවීමෙන් පසුව අන් කිසි වරදක් නැති නමුත් සිද්ධි ප්‍රකාශකගේ තත්වය ජේෂ්ඨ නීතිඥතුමා මදක් සිනා සෙමින් මා හට පැවසු පසුව හපොයි කියා සිතුනි ...

මන් ද යත් ඒ සිද්ධි ප්‍රකාශක ජිවතුන් අතර නැති නිසාවෙනි ... ඒ අනුව ඔහුගේ අත්සන ගැනීමට නම් හෙතෙම මිය යාමෙන් පසුව දැන් සිටිනා ලෝකය කොහිදැයි සොයාගෙන එහි යා යුතුය ... Signed before me at ....... යන්නට එම ලෝකයේ යම් ස්ථානයක් ඇතුලත් කල යුතුද වෙයි ...

මිය ගිය අය වෙනුවෙන් ආදේශිත මෙලොව තාම ජිවතුන් අතර සිටිනා අයගේ අත්සන් ගැනීම ඊට වඩා ලෙහෙසි නිසා එලෙස සකස් කළෙමි.

ජේෂ්ඨ නිතිඥතුමා එය මට වඩා විමසිල්ලෙන් බැලු නිසා හොද ය ...

මා එය කලබලයට සැදු ලේඛණයක් ද නොවේ. අනෙක් අතින් ඕවෑන්නක් ලෙහෙසියෙන් මා හට මගහැරෙන්නේ නැතත් මෙහිදී අවාසනාවට වාගේ එසේ සිදුව ඇත ...

මෙහිදී යම් හෙයකින් ජේෂ්ඨ නිතිඥතුමා ද එය එලේසින්ම අනුමත කොට උසාවියට එය ඉදිරිපත් කළා නම් සහ උසාවියෙන් හා හෝ විරුද්ධ පාර්ශවයෙන් විරෝධතා මතු කිරීම මත තාක්ෂණික දෝෂයක් යන්න මත ඇතැම්විට එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප වන්නටද තිබුණි ...

මා හට මා කොතරම් විශ්වාස වුවත් සාදන සරල ලේඛණයක් පවා "සර් ත් බලලම දාමු" ලෙසින් යෝජනා කිරීමේ පුරුද්දක් මා ඇති නිසා වෙන්, ලේඛණය කෙටුම්පත් කරන්නේද උපදෙස් මත නිසාවෙන් සහ අවසාන වශයෙන් පරික්ෂා කිරීමට යොමු කරවීම නිසා සහ වෘත්තීය පළපුරුද්ද අනුව අවසාන ප්‍රථිපලයේ දෝශයක් තිබුණහොත් එහි වැඩි වගකීම ජේෂ්ඨ නිතිඥතුමාට නිතැතින්ම ලැබෙනු ඇත.

වැඩි වගකීම හෝ අඩු වගකීම කෙසේ වෙතත් මෙහිදී වැදගත් කොට සැලකිය යුතු කාරණය නම් ඔවැනි දෑ ද සිදුවිය හැකි බවත් ඒ අනුව ලේඛණය උසාවියට ඉදිරිපත් කරන්නට පෙර වඩ වඩා කිහිප වරක්ම හැකි නම් වඩා විමසිල්ලෙන් බැලීම / බලවා ගැනීම වටි ...

ලේඛණ සාදන්නේ කල්පනාවෙන් !



"මල්ලි මොකද උනේ ?"

මාගේ මිතුරු අයියා සහ කීපදෙනෙක්ගේ නඩුව අවසන් වූ පසුව නඩුවට පෙනී සිටි නීතිඥ මහතාගෙන් විස්තර විමසනවාට පළමුව නඩුව නිරීක්ෂණය කල ඔහු හොදින් දන්නා කියනා මාගෙන් හෙතෙම එය අසනවා නියත බව දැන සිටියෙමි.

ඇයි එහෙම උනේ ?

පවත්නා අධිකරණ කටයුත්තක් නිසාවෙන් නඩුවේ විස්තර ඉදිරිපත් කල නොහැකි මුත් නඩුවක වැදගත්ම කාරණයක් වෙන ලේඛණ කෙටුම්පත් කිරීම / සැකසීමේදී ( Drafting ) "නිතිය සුළු දේ නොතකයි" යන නීති මුලධර්මයේ පිහිට පැතීමට හැකි යැයි නොසිතා සුළු අඩුවක් හෝ නොමැති වන ලේඛණ කෙටුම්පත් කිරීම / සැකසීම යන්න කෙරේ අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් බවත්, කනිෂ්ඨ නීතිඥවරයෙකු නඩුවක ලේඛණ සැකසීම සිදු කරන්නේ නම් හෙතෙම එය උසාවියට ඉදිරිපත් කිරීමට පළමුව සිය ජේෂ්ඨ නීතිඥවරයා ලවා හොදින් පරික්ෂා කරවා ගැනීමේ ඉතාම වැදගත් බව පමණක් ලියා තබ මි.