Friday, February 7, 2014

දරුවන් කෙරේ සංවේදීව සිතන්නේ නම් ...

ක්‍රීඩා උළෙල අවසන්ව නිවෙස වෙත රෑ බෝවී පැමිණීමේදී සිය පියා සම්බන්ධ කරගැනීම පිණිස ජංගම දුරකථනය ගෙනැවිත් තිබීම යන හේතුව පැහැදිලිව පෙනෙන්නට තිබියදී එහෙත් එය වරදක් යැයි කියූ පසුව ඒ වෙනුවෙන් සමාවද ගැනීමට මව සමග පසුවදා පාසැලට පැමිණ තිබියදී එයට අවධානය යොමු නොකොට දුරකථනයක් ලග තබා ගෙන සිටීම යන ක්‍රියාවට පාසැල් සිසුවියට විදුහල්පතිනිය විසින් දැක්වූ "සති දෙකක්‌ පංති තහනම්, වෙන පාසලක්‌ සොයා ගන්න" ලෙසින් කියා සිටි බවට වර්තා කොට ඇති ප්‍රතික්‍රියාව කිසිසේත් සමපාත කල නොහැක !

ඒ අනුව විදුහල්පතිනිය ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන දරදඩු ආකාරය නිසා සිත් තැවුලට පත්ව මෙවන් අවාසනාවන්ත සිදුවීමක් සිදුවී ඇති බව මනාව පැහැදිලිය ! සුළු සිදුවීමක් යැයි බැලු බැල්මට ඇතැමෙකුට පෙනීයාහැකි වුවද මෙයට අගතියට පත් දරුවාට දොස් තබා ඵලක් නැත, මන්ද ඇය එවන් තත්වයට ඇද දැමීමට මනස සකස් කිරීම වෙනුවෙන් සිය වචන මෙහෙයවමින් කටයුතු කල පාර්ශවයේ එනම් විදුහල්පතිනියගේ අති විශාල ක්‍රියාකරිත්වය මෙහිදී අන් සියල්ල පරදා පැහැදිලිව ප්‍රකට වන නිසාය !

දරුවන් තුල දරාගැනීමේ හැකියාව විවිධ විය හැක ! කුඩා වේදනාවකට පවා ඔවුන් බෙහෙවින් සංවේදී විය හැකිය ! එයට වරදක් කිව නොහැක ! එබැවින් කල යුතු හොදම දේ නම් තම දරුවා ඇතුළුව සමස්ථ දරුවන් විශයෙහි වඩා සංවේදී වෙමින් වරදක් වුව පෙන්වා දීමයි ! එය වැඩිහිටියන් සම්බන්ධව ඇති වගකීමක් වේ ! මෙ සිදුවීම සැලකූ විට කාරුණික වචන වලින් කතා කොට වරදක් කලේ නම් එයද පෙන්වා දී සමාව දෙන්නට හොදටම අවකාශය තිබිණ ! මන්ද මෙවැන්නක් කෙසේ වත් සමාව දිය නොහැකි කාරණයක් නොවෙන නිසාය ! එහෙත් එවැන්නකට සිතේ තෙතක් තිබී නැත !

පන්ති තහනමක් කලේ නම් එසේ කරන්නට කියා එසේ අසාධාරණ ලෙස ක්‍රියාකීරීම සම්බන්ධව විදුහල්පතිනියට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉඩ තිබිණ. ඒ අනුව එසේ වූයේ නම් සිසුවියගේ ජීවිතයට අනතුරක් නොවී හුදෙක් සිදුවීම වාර්ථා වී ඒ තුලින් හෝ දරුවන් පිළිබදව වන කාරණා වලදී වඩා සංවේදී විය යුතු බව දක්වන්නට තිබිණ ! එය ගැන කතා කිරීමට දැන් ප්‍රමාද වැඩිය ! අනාගතය බාර ගන්නට සිටි වටිනා තරුණ ජීවිතයක් අහිමි වී අවසානය ! එහෙත් එය හුදෙක් අවාසනාවට හෝ කරුමයට ලඝු කල යුතු නැත ! කෙසේ නමුත් එකී කාරණය පිළිබදව මෙලෙස පුවත්පතින් කරුණු හෙලිවී තිබෙන්නේ හැංගි හැංගි වෙස් බැන්දත් නටන්නට වන්නේ එලිපිටය යන කියමන පරිද්දෙනි ! එසේ වර්තා වීම මෙවැනි තවත් සිදුවීමක් වලක්වා ගැනීමටත්, දරුවන්ගේ පැත්තෙන් සැලකූ කල වැඩිහිටියන්ගෙන් තමන් වෙත එල්ල විය හැකි දරදඩු වචන පවා දරාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීම පිණිස වැඩිදුර සිතීමටත්, වැදගත්ම කරුණ වශයෙන් දරුවන්ගේ වැරදි පෙන්වාදීම සම්බන්ධව වඩා සංවේදීව කටයුතු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බව සිතන්නට වැඩිහිටියන්ට බල කර සිටි !

දරුවෙකු සම්බන්ධව සංවේදී විය යුතු තැනකදී එසේ නොකොට ක්‍රියාත්මක වූ බව පෙනී යන්නාවූ විදුහල්පතිනියටද හෘද සාක්ෂියක් තිබිය හැක, තමා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබදව සිතෙන විට ඇයගේ හෘද සාක්ෂිය ඇයට දොස් නගනවාද නැද්ද යන්න කියන්නට අප දන්නේ නැත, සමාජයක් වශයෙන් අපට එය වැදගත්ද නැත ! කෙසේ වුවද නිළයේ භූමිකාවේ කටයුතු කීරිමේදී දරුවෙකුගේ මානසික තත්වය පිළිබදව නියමිත අවධානය යොමු නොකොට කටයුතු කිරීම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට මෙවැනි සිදුවීමක් යළි සිදුනොවීම පිණිස කටයුතු කල යුතුව තිබේ !

http://www.divaina.com/2013/02/24/feature09.html

No comments:

Post a Comment