Friday, February 7, 2014

වරදට ලැබිය යුතු දඩුවම...

මාගේ මතකය නිවැරදි නම් මහා පරාක්‍රමබාහු රජ දවස (ක්‍රි ව.1155-1186) තරුණියකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිල් මැණිකක් අත තබා රාත්‍රියක ගමන් කල හැකිව තිබුණු බව කියවිණි !!! නමුත් දැන් රාත්‍රියක නිල් මැණිකක් ගෙන නොව දිවා කලෙක දරුවෙකුට නිදහසේ පාසැල් ගොස් එන්නට හැකියාව නොමැති තත්වයක් උදාවී තබේ !!! වාර්තා වෙන්නේ එබදු සිදුවීම්ය !!! එසේ වූයේ මන්ද ...?

දියුණුව ලෙස ආර්ථික දියුණුව පමණක් ලබා ගැනීමට උත්සාහ කිරීම හෝ එවැන්නක් පමණක් ලැබීම තුල ආධ්යාත්මික ගුණ වගාවට යොමු නොවීම මත සාරධර්ම පිරිහී යැමක් සිදුව ඇත ! දෙතිස් වධ වලින් අප රට රාජ යුගයේ පාලනය වී තිබුණු යුගයේද එකදු අපරාධ නොවුනේ යැයි කියන්නේ නම් එය මුසාවක් වනු ඇත !!! එහෙත් අපරාධ වලට ලැබෙන දණ්ඩනයේ ප්‍රභලතාවය නිසාම අපරාධ වලට පෙලඹීම නම් අවම මට්ටමකට පත්ව තිබුණේ යැයි කියන්නට හැකිය ! වරදකරුවා පුනරුත්තාපනය වීම කෙසේ වෙතත් නැවත වරදක් කරන්නට ඔහුට ඉඩක් නොතැබීම යන්නට වැඩි අවධානය යොමුව ඇති බව දණ්ඩනයන් දෙස බැලූ කල අවබෝධ කරගන්නට හැකිය ! දණ්ඩ නීති සංග්‍රහයේ බලාත්මකව තිබූ කස පහර ලබාදීම හා මරණීය දණ්ඩනය ලබාදීමද අද වන විට ක්‍රියාත්මක නොවෙන බැවින් අද වන විට දෙතිස් වධ ලෙසින් දුන් දඩුවම් එකක්වත් ක්‍රියාත්මක වන්නේ නැතැයි කිව හැකිය ! විවිධ දඩුවම් වර්ග ඇතැත් දණ්ඩනයේ ස්වරූපය අවබෝධ වන්නට ඒවා ප්‍රමාණවත් නැතිදෝ සිතේ !

මානව හිමිකම් පිළිබදව අදහස වර්ධනය වීමත් සමග ඇතැම් දණ්ඩන ක්‍රමයන් කෲර අමානුෂික මට්ටමේ ඒවා බැව් අවබෝධ කරගැනීමත්, දඩුවම තුලින් වරදකරුව හැකිතාක් පුනරුත්තාපනයට ලක් කිරීමේ අවශ්යතාවය අවධාරණය කිරීමේදී දෙතිස් වධ වැනි ඒවායින් බැහැරව ගොස් තිබේ. කෙසේ නමුදූ වරදට දඩුවම් යන්න අවධාරණය වීම කුමන කාලයකදීවත් බැහැර විය යුතු / දුර්වල විය යුතු කාරණයක් නොවේ !

ඒ අනුව මේවැනි සිදුවීම් සැලකීමේදී වැරදිකරුවන්ට අපහරණයට නියමිත දඩුවම පමණක් ප්‍රමාණවත් නැත, සමාජයට දැනෙන අන්දමින් ලැබෙන දණ්ඩ නීති සංග්‍රහයේ තිබූ කස පහරින් දඩුවම් කිරීම නැවත බලාත්මක කොට ලමයින් කාන්තාවන් සම්බන්ධ මෙබදු සිදුවීම් වලදී වරදකරුවන්ට ප්‍රසිද්ධියේ වරදේ බරපතල ස්වභාවය අනුව වාරගණන තීරණය කරන ලද කස පහරින් දඩුවම් කිරීම වැනි දණ්ඩනයක්ද ලබාදීම වැදගත්ය ! වරදකරුවන් පුනරුත්තාපනයට ලක් කොට යලි සමාජ ගත කිරිමට ගත හැකි හැම ප්‍රයත්නයක්ම දැරීම අවශ්යය ! එහෙත් ඒ නිසාම ඔවුන්ට ඕනෑ මනාපයට සමාජයට හානි කිරීමට ඉඩ තැබිය යුතු නැත ! එම ඉඩ දණ්ඩනය පැතිරවීම මගින් අහුරා දැමීමට නීතියට අනුව ගත හැකි හැම ක්‍රියාකරකමක්ම ගත යුතුය !

http://www.divaina.com/2013/08/31/news19.html

No comments:

Post a Comment