Friday, February 7, 2014

ආශාවට වුව පාලනයක් තිබිය යුතුමය, නැත්නම් ...

පුරුශයාගේ පැත්තෙන් ශාරිරික හා මානසික අවශ්‍යතාවයක් සේ දක්වමින් ඔහු තෘප්තිමත්ව තැබීමට ගණිකා වෘත්තිය නීති ගතකළ යුතු බවට අදහසක් පවති, ලිංගික ක්‍රියාවන් සදහා වූ ආශාව නොමැති පුරුශයෙකු හා කාන්තාවක සිටින්නේ යැයි පවසන්නේ නම් එය හාස්‍යයට කරුණක් වනු නියතය ! එය මුදලට ලබාගැනීමට හැකි නම් එසේ හෝ හැගීම් වලට වහල් වී කැමැත්තෙන් නො එසේ නම් බලයෙන් හෝ නීතිමය රාමුවක් ගෙන එන්නට යෝජනා කරමින් එය තුල ලබාගැනීමට ඇතැමුන් උත්සාහ කරමින් ඇත්තේ එබැවිනි !

කාන්තාවක හා පුරුශයෙකු ලිංගිකව එක් වීමෙන් උපත ලද මිනිසා උපතේ සිටම ලිංගික ක්‍රියාවන් සදහා වූ අදාල අවයවද සහිතව ඒ වෙනුවෙන් වූ ආශාවද සමගින් ඉපදී ඇත්තේ පරිණතභාවයට පත්වීමෙන් පසුව එමගින් තෘප්තියට අමතරව සිය වර්ගයාගේ අඛණ්ඩතාවයද අනිකුත් සත්වයින් සේම පවත්වා ගැනීමේ අරමුණු ඇතිවය, එබැවින් ලිංගික ක්‍රියාවන් සදහා වූ ආශාව යනු අරුම පුදුම දෙයක්ද නොවෙන මුත් එකී ආසාවන් තිබූ පමණින් පුරුශයාගේ පැත්තෙන් හෝ කාන්තාවගේ පැත්තෙන් අදාල ශාරිරික හා මානසික අවශ්‍යතාවය ඉෂ්ඨ කරගැනීමට සිතුනු විටෙක එයට ඉඩ විවර වී තිබෙන්නේ නම් එමගින් මහත් සමාජ ව්‍යයසනයක් වනු නියතය, මන්ද ආශාව ඇතිවූ විටෙක එයට නීතියෙන්ද අවකාශය ලැබෙන්නේ නම් එය එවැනි ක්‍රියා සදහා වූ ස්වයං පාලනයක් කරගත නොහැකි මට්ටමේ මානසික තත්වයේ ඇති තැනැත්තන් වඩ වඩාත් ඒ වෙනුවෙන් යොමු වීමට ඉඩකඩ ඇතිවිය හැකිවීමත් එවැන්නවුන් නිසා තවත් බොහෝ පිරිසක් සමාජය තුල සමාජ රෝගී තත්ව වලට හා වෙනත් විවිධ කායික හා මානසික ලෙස රෝගී වී අගතියට පත්විය හැකි වීම හේතුවෙනි !

ලිංගික ක්‍රියාවන් සදහා වූ ආශාව නීතියට අනුව විවාහ වීමෙන් ස්ත්‍රී හා පුරුශ දෙපාර්ශවයටම බාධාවකින් තොරව ලබා ගත හැකිය, එබැවින් සමාජයේ වැඩි පිරිසක් අගතියට පත් විය හැකි පරිද්දෙන් විවාහයට බාහිරව සිදුවන්නාවූ ලිංගික තෘප්තියක් ලබාගැනීමට ඉඩ සැලසීමට විශේෂ අවශ්‍යතාවයක් උවමනා නැත. ගණිකා වෘත්තිය පිළිබද නීතිය අනුව එය මේවන විට ශ්‍රී ලංකාව තුල එය නීති විරෝධීය !!! කල යුත්තේ ස්වයං පාලනයක් කරගත නොහැකි මට්ටමේ මානසික තත්වයේ ඇති නොහොත් අන් තැනැත්තන්ට හානි කරමින් සිය ලිංගිකතෘප්තිය ලබාගැනීමට යොමු වෙන්නාවූ පුද්ගලයින්ට කල වරදේ බරපතල මට්ටම අනුව නීතියෙන් දඩුවම් ලබාදෙන අතරේ ඔවුන්ගෙගේ මනස සමාජ හිතකාමී ලෙසට සකස් කිරීමේ වැඩ කටයුතු වඩා විධිමත් කිරීම හෙවත් පුනරුත්තාපන කටයුතු විධිමත් කිරීම මගින් ඔවුන්ද හැකිතාක් දුරට යහමගට ගැනීමට උත්සාහ කිරීමය !!!

No comments:

Post a Comment