Friday, February 14, 2014

අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් චෝදනා රහිතභාවය වැදගත්ය

කිසියම් වරදකට අදාලව සැකකරුවෙකු යනු වරදකාරයෙක් නොවේ ! කිසිවෙකුට චෝදනා එල්ල වීම යනු ඔහු වරදකරුමයැයි පූර්ව නිගමනය කිරිමක් සමාජයේ ඇතැමුන් අතින් සිදුවිය හැකිය, එහෙත් එය නීතියට අනුව සම්පූර්ණයෙන්ම වැරදිය ! නීතියට අනුව අදාල අවශ්යතා සම්පූර්ණ කරමින් චෝදනා ඔප්පු වන්නේ නම් පමණක් වරදකරු ලෙස නම් කෙරෙනු ඇත ! ඒ හැර හුදෙක් චෝදනා එල්ල වීම යනු වරදකරුවෙකු යැයි තීරණය කීරිමක් නොවේ !

එහෙත් චෝදනා එල්ල වීමක් වේ නම් ඒ කවරාකාරයේ තැනැත්තෙකුටද ඒවායේ බරපතලකම මත ඔහු/ඇය විසින් දරණ ක්සීයම් වූ තනතුරක් වේ නම් එය තවදුරටත් දැරිම සුදුසුද නැද්ද යන්න තීරණය කිරිමේ ප්‍රධාන සාධකයක් වනු ඇත !

ඒ අනුව අගවිනිසුරුධූරය යනු ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු වස් 107(1) විවස්ථාවෙන් දක්වා ඇති පරිද්දෙන් පිහිටුවන ලදුව 107(2) න් කියවෙන්නාවූ පරිද්දෙන් විශම පැවැත්ම හා අබලතාවය යටතේ ඔප්පු කල හැකි චෝදනා රහිතව පැවතිය යුතුවන ධූරයකි ! එසේ නොවුන කල්හි 107(2) අනුව ක්‍රියාත්මකව අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ස0වරණය හා තුලනය ඇතුලත් පාලන ක්‍රමය යටතේ පාර්ලිමෙන්තුවට අවස්ථාව උදාවේ ! අධ්කරණයේ ස්වාඪීනත්වය යටතේ දක්වා ඇති 107(2) උප විවස්ථාව අනුව අගවිනිසුරුධූරය හා අන් උපරිමාධිකරණ (ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය) විනිසුරුවරුන් විශම පැවැත්ම හෝ අබලතාවය අනුව සකස් උන ඔප්පු කල හැකි චෝදනා නොලැබී තිබිය යුතු ධූරයන් දැරිය යුතුය ! අගවිනිසුරු ධූරයද ඇතුලත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් හට විශම පැවැත්ම හෝ අබලතාවය අනුව චෝදනා එල්ල වන්නේ නම් නීතියෙන් නියම කර ඇත්තාවූ පරිද්දෙන් ඒවා යථා පරිද්දෙන් විභාග කොට වරදකරුද, නිවැරදිකරුද යන්න දැක්විමට ප්‍රතිපාදන නීතියේ දක්වා තිබේ ! අධ්කරණයේ ස්වාධීනත්වය යනු කුමන චෝදනා ආවද අගවිනිසුරු එම ධූරයේ රැදී සිටීමය යන්න ඇතැමුන් විසින් දැරූ අදහසක් විය, එයද සම්පූර්ණයෙන්ම වැරදිය ! අධිකරණයේ ස්වාධීනත්වය යනු අගවිනිසුරුවරයා කවර චෝදනා යටතේ වුවද ධූරයේ රැදී සිටීම යන්න ලෙසින් කිසිවක් ආණ්ඩුක්‍රම විවස්ථාවේ දක්වා නැත !

ස්වාධීනත්වය ආරක්ෂා කල හැක්කේ නීතියට අනුව ඔප්පු කල හැකි චෝදනා රහිතව අදාල ධූරයන් පැවරී ඇති බලතල සීමාවන් තුල ක්‍රියාත්මක වීමෙනි ! චෝදනාවන් නම් ඔබ හා ඇතුළුව සමාජයේ ඕනෑම පුරවැසියෙකු වෙත වෙනත් අයෙකුගෙන් එල්ල විය හැකි සාමාන්ය කාරණයකි, එහෙත් අධිකරණ ක්ශේත්‍රය සැලකූ කල්හි රජයේ අනෙක් අ0ශයන් දෙකට වඩා ඉතාමත් ඉහල මට්ටමෙ ස්වාධීනත්වයක් රදවා ගෙන තිබිය යුතු ක්ශේත්‍රයකි ! මන්ද එය වනාහී නීතියට අනුව රාජ්‍යයේ පිහිටුවා ඇත්තාවූ යුක්තිය පසිදලන්නාවූ ආයතනය වන නිසාය ! ඒ අනුව නීතියෙන් නියම කර ඇත්තාවූ කාර්යපටිපාටිය අනුව යථා පරිද්දෙන් ඔප්පු කල හැකි චෝදනා ඇත්නම් ඒවා විභාග කොට නීතියේ දැක්වෙන්නාවූ පරිද්දෙන් ඉදිරියට කටයුතු කල යුතුවේ !

එහිදී අගවිනිසුරුධූරය ඇතුලත්ව විනිශ්චයකාරවරයෙක් වෙත ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව විශම පැවැත්ම හෝ අබලතාවය යටතේ යථා පරිද්දෙන් චෝදනා එල්ල වී ඇති අවස්ථාවකදී තව දුරටත් ධූරයේ කටයුතු නොකල යුතු බව හා ඒවා ඔප්පු කර ඇති අවස්ථාවකදී ඉවත් කරනු ලැබීමට පෙර ත්මා විසින්ම ධූරයෙන් ඉවත් විය යුතුය ලෙස මෙතෙක් නීතියේ කිසිවක් දක්වා නැත ! එය නීතියේ දක්වා නොතිබුණද සම්ප්‍රදායක් වශයෙන් ගෙන එසේ කිරීම වැදගත් තැනක තිබේ යැයි කීම අයුක්තිසහගත නැත ! මන්ද කිසියම් වූ විනිශ්චයකාරවරයෙක් වෙත ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව විශම පැවැත්ම හෝ අබලතාවය අනුව චෝදනා එල්ලවී ඒවා විභාග කොට වැරදි කරු යැයි තීරණයද නිකුත්ව ඇත්නම් නීතියට අනුව එකී විනිශ්චයකාරවරයා විනිශ්චයකාරවරයෙකු ලෙස ක්‍රියාත්මක වන්නේ නම් එවිට යුක්තිය ඉෂ්ඨ වීම හා ඒ බව පෙනී යෑම සහතික කරගන්නේ කෙසේ දැයි අධිකරණයෙන් යුක්තිය ඉෂ්ඨ කරවාගැනීමට බලාපොරොත්තුවන්නාවූ ජනතාවට ඇතිවිය හැකි සාධරණවූ ගැටලුවට ඉන් විසදුමක් ලැබෙන්නාවූ බැවිණි !

No comments:

Post a Comment