Friday, February 7, 2014

ඔබේ විවාහය ඔබේ මනාපයට...

පැරණි චිත්‍රපට වල බහුලවම දකින්නට ලැබුණු කාරණයක් නම් ළමයින්ගේ විවාහය සිදු විය යුත්තේම දෙමාපියන් කැමති පාර්ශ්වයන් සමග බව යන්න දැඩි ලෙස සිතා සිටින්නාවූ දෙමාපියන් එකල සිටි බවයි ... ඔවුන් කියනා ලෙසින් කටයුතු නොකල හොත් නම් එම අවස්ථාවේ සිටම පවුලෙන් ඉවත් කරනු ලබන තත්වයක් සේම තමන්ගේ දේපල කිසිවක අනාගත උරුමය ලබා නොදෙන බව කියා සිටිති ... ඒ අනුව සිය ළමයින්ට බලපෑම් කරමින් අහවලා හා විවාහ වන්නට යැයි යොමු කරති !

සැබෑවටම එය එසේ කල නොහැකිය ! විවාහයට තෝරාගත් පාර්ශවයක් නුසුදුසු නම් එය කියා දීමත් එවන් විවාහයකින් වන අනර්ථයක් වලක්වන්නට නීතිය තුල කල හැකි සියළුම දේ කිරීම වෙනම දෙයකි !!!

එක් අතකින් ගත් කල විවාහය යනු නීතියට අනුව ශක්නුතාවය හා අනිකුත් කාරණා සම්පූර්ණ කල විශේෂයෙන් පාර්ශවයන් දෙකක් විසින් කැමැත්ත ( Consent ) මත ඇති කරගත යුතු ගිවිසුමක් මිස දෙමව්පියන් නිසා විරුද්ධ වීමට නොහැකි වීම යන කාරණය මත යටත් වීම ( submission ) මත නිදහස් කැමැත්ත පිළිබිඹු වන්නේ නැත ...

බලාත්කාරකම ( Duress ) හා අයතා බලපෑම ( Undue Influence ) මත නම් විවාහයකට ඇතුලත් වන්නට සිදුවූයේ එවන් විවාහයක් ශූන්ය හා බලරහිත ( Null and Void ) විවාහයක් බවට අධිකරණය හරහා ප්‍රකාශයක් නිකුත් කරවා ගත හැකිය.

අතීතයේ රෝම නීතිය අනුව නම් පියාට පීතෲ බලය යටතේ ( Patria potestas ) දරුවකුගේ මරණය තීරණය කිරීමේ බලය ඇතුලුව කැමැත්ත නොවිමසා විවාහ කරදීමේ බලයද හිමිව තිබුණි ! නමුත් වර්තමානය වන විට ශ්‍රී ලංකාවට අදාලව දෙමව්පියන්ගේ අකමැත්ත මත දරුවන්ගේ විවාහයට නීතියෙන් බලපෑම් එල්ල කරන්නට හැකියාව නැත ... 1995 අංක 18 දරණ පනතින් වලංගු විවාහයකට ඇතුලත් විය හැකි අවම වයස, වයෝපූර්ණත්ව වයස වන අවුරුදු 18 බවට පත් කර ඇති බැවින් වයෝපූර්ණත්වයට ( අවුරුදු 18 ) පත් වන්නට පෙර නීත්යානුකූල විවාහයකට ඇතුලත් වන්නට නොහැකි වනවා සේම ( GUNARATNAM Vs REGISTRAR-GENERAL නඩුවේදී ලබාදුන් තීන්දුවෙන් පසුව ) පාර්ශවයන් දෙකකට විවාහයට නීතියෙන් දක්වා ඇති අන් බාධාවන් නොමැති කල සිතැගි පරිදි විවාහ වන්නට හැකියාව ඇත ...

කෙසේ නමුදු අන්තිම කැමති පර්ත්‍රයක් මගින් දේපල බැහැර කිරීම සැලකූ කල අන්තිම කැමති පත්‍ර ආඥා පනත යටතේ දී පුද්ගලයෙකුට අන්තිම කැමති පත්‍රයක් හරහා සිය දේපල බැහැර කිරීමේ ඇති නිදහස සැලකූ කල ඇත්තේ අසීමිත නිදහසකි !!! එනම් සැබැවින්ම දේපල උරුමයක් ලැබිය යුතු මට්ටමේ පුරුශයකුගේ බිරිදට හා දරුවන්ට වුව කිසිදු දේපලක් නොලියා තබන්නට පනත ඉඩ සලසා ඇත ! එය නුසුදුසුය !

විශේශයෙන් ඉහත කී ආකාරයේ ආඥාදායක දෙමව්පියන් අදද සිටිය හැකි බැවින් ඔවුන්ට එදා මෙන් සිය දරුවන් බලපෑම තුලින් විවාහය යන කාරනය තුල හසුරුවන්නට නොහැකිව ඇති බැවින්ද එ කාරණය මත ළමයින් සමග කිසියම් උරණ වීමක් ඇතිව එය සිත තුල තබාගෙන අන්තිම කැමති පත්‍රය හරහා කිසිදු දේපළක් දරුවන්ට නොලැබෙන සේ ලියා දමන්නට එවන් දෙමව්පියනට ඇති ඉඩ නීතියෙන් සීමා කොට අන්තිම අකීකරු දරුවෙකුට වුවද කිසියම් වූ හෝ අවම දේපල ප්‍රමාණයක් ලැබෙන තත්වය ඇති කල යුතුය !!!

No comments:

Post a Comment