Friday, February 14, 2014

ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගත ආරක්ෂාව උදෙසා වඩාත් ශක්තිමත් කරගත යුතු ආණ්ඩුක්‍රම විවස්ථාව

මෙරට ක්‍රියාත්මක වෙමින් තිබූ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට අවියෙන් තොරව දේශපාලනමය වශයෙන් ගෙන ආ බලය විමධ්‍යගත කිරීම හදුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය වේ... ඔවුන් එකල බෙදුම්වාදී ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරගැනීමට අසමත් වූවාක් මෙන්ම ඔවුන් දේශපාලනමය වශයෙන් ගෙන ආ බලය විමධ්‍යගත කිරීමද බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට සාර්ථක විසදුමක් නොවුනි !

පැහැදිලිව කිවහොත් ඔවුන් නිත්‍යානුකූලව යුධමය වශයෙන් හෝ දේශපාලනමය වශයෙන් බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ ලා අපොහොසත් විය ! එබැවින් එය තව දුරටත් ඇදීයාමට හේතු විය. හානිකර තත්වය වන්නේ එය පමණක්ම නොව ඔවුන් ආණ්ඩුක්‍රම විවස්ථානුකූලව බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව ඇති කල වෙනස්කම් බෙදුම්වාදී ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය වී ඇති අවධියක අද දින වන විට නැවත බලතල ඉල්ලීම් ලෙසින් ඉස්මතුවීමට පටන් ගැනීමයි ! යුධමය වශයෙන් බෙදුම්වාදය තුලින් ත්‍රස්තවාදීන් උත්සාහ කරමින් සිටියේද බලතල උදුරා ගැනීම නිසා ආණ්ඩුක්‍රම විවස්ථානුකූලව බලය විමධ්‍යගත කිරීමක් ගැන ඉල්ලීමක් විද්‍යාමාන නොවුනි ! එහෙත් මානුෂීය මෙහෙයුම හරහා බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය වූ පසුව පෙරකී බලය විමධ්‍යගත කිරීම ගැන සාකච්ඡා නැවත කරලියට පැමිණ තිබෙන බව පෙනේ !

බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව මෙරට ආරක්ෂා කිරීමට දුර දිග බලා දැඩි නීතී සම්මත කර ඇති නායකයෙකු ලෙස පිළිගත හැකි බලය විමධ්‍යගත කිරීම හදුන්වා දුන් අවධියේ මෙරට ජනපති වු ජේ ආර් ජයවර්ධන මහතා අතින් ද යම් අතපසුවීමක් සිදුවී ඇති බව පෙනේ ! එසේ නොවන්නට එතුමාගේ ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වීමට හැකියාව තිබුණා මෙන්ම ඉන් පසුවද කිසිදු ගැටලුවකට ඉඩක් නොතිබිය යුතු විණි !!! එහෙත් බලය විමධ්‍යගත කිරීමේ එතුමාගේ ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධය බෙදුම්වාදී ත්‍රස්තවාදයට දේශපාලනමය විසදුමක් නොවුනා මෙන්ම බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය වී ඇහි කල්හි නැවත ප්‍රශ්නයක් මතුකර ඇති බව පෙනේ !

පරිනත දේශපාලඥයෙකු හා නීතීඥවරයෙකුද වූ ජේ ආර් ජයවර්ධන මහතාද මනුෂ්‍යයෙකි. එබැවින් ඔහු අතින්ද වැරදි සිදුවිය හැකිය. එයට ඔහුට දොස් නගා ඵලක් වන්නේද නැත ! වැරදී වීම් හැකිතාක් පාලනය කරගැනීම මෙන්ම වරදක් සිදුව ඇති අවස්ථාවකදී නම් එය අවස්ථානුකූලව නිවැරදි කිරීමටද සමර්ථ විය යුතුය ! එබැවින් අවශ්‍ය වන්නේ වර්ථමානයේ ඇතිවී ඇති පදනමක් නොමැති බලතල ඉල්ලීම් බදු තත්වයන් වෙත හෝ අනාගතයේදී යා නොහැකි පරිදි විවස්ථානුකූලව වත්මන් ආණ්ඩුක්‍රම විවස්ථාව තවත් ශක්තිමත් කිරීමය !

No comments:

Post a Comment