Friday, February 14, 2014

ඉවසීමෙන් ඔබට ලැබෙන්නේ කුමක්ද යන්න ඔබගේ ප්‍රතිචාරය අනුව තීරණය වේ

"ඉවසීමෙන් සැනසීම ලැබේ" යන්න කවුරුත් පාහේ දන්නාවූ පැරැණි කියමනකි. යම් ගැටලුකාරී අවස්ථාවකදී/අවස්ථාවන්හිදී හැකිතාක් දුරට ඉවසීම ඔස්සේ එම අවස්ථාවන්හිදී සහනයක් ලබාගැනීමට හැකියාව ලැබෙන බව යන අදහස ඉන් ජනිත වේ, එය පැහැදිලිවම සැබෑවකි. තිබෙන ප්‍රශ්නයක් වැඩි දුර යෑම හා අමතර ප්‍රශ්න මතුවීමට යම් අවස්ථවකදී ඉවසීම මගින් ප්‍රශ්න වෙත යොමුවීම ප්‍රයෝජනවත් විය හැකි වන නමුත් එසේ ඉවසීම "සැනසීම" වෙනුවට "වැනසීම" වුවද ලබා දීම සදහා පුළුල් විය හැකි බැවින් එසේ "වැනසීමක්" නොලැබෙන තැනට අන් අයෙකුගේ ක්‍රියාවන් යොමු නොවෙන ආකරයෙන් කටයුතු කිරීම තම තමා විසින් අවස්ථානුකූලව කල යුත්තකි.

එය "ගහන්න ගහන්න වදින කෙනාත් වදින්න වදින්න කෙනාත් දෙන්නම මෝඩයෝ" යන තවත් පැරැණි කියමනක් මගින් සනාථ කරවයි. කෙනෙකුහට දෙයක් පැහැදිලිව කියමින් විරෝධය පලකිරීමකදී වුවද ඔහු එය තුට්ටුවකට මායිම් නොකර කෲරත්වයෙන් යුතුව අමානුෂිකව ක්‍රියාත්මක වන්නේ නම් එවැනි මානසික ව්‍යාධින්ගෙන් යුතු තැනැත්තන්ගේ ක්‍රියාකාරකම් කෙරේ තව දුරටත් බලාසිටීම පැහැදිලිව විපතක් ලගා කරවිමක් මිස නුවනැති කාර්යයක් නොවෙන බව සිත්හි තබාගෙන කටයුතු කිරීම ඉතා යෝග්‍ය වේ...

කිසිදු පුරවැසියෙක්ට තවත් පුරවැසියෙක් වෙනුවෙන් ශාරීරීක පීඩා හෝ මානසික පීඩා ඇතිකිරීමට නීතියෙන් අවකාශ නොමැත... එසේ නම් ඔබව යම් අයෙකු විසින් අනවශ්ය පරිදී පීඩාවට ලක් කිරීමට උත්සාහ කරයි නම් [අනවශ්ය විහිලු වලින් පවා] එයට පැහැදිලිව එරෙහිවීමට හා ක්‍රියාත්මක වීමට ඔබට අයිතියක් ඇත. එනම් ඔබගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කිරීමට හැක...

මේ පිලිබදව කිසිවෙකු වැඩිදුර නොදැන සිටිය හැකි මුත් සරලව ගත් කල තමාට කල පහර දීමකදි එයට පෙරලා පහර දීම යනු තම ශරීරය ආරක්ෂා කරගැනීමට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කිරීමකි. එහෙත් එය සුදුසුම හා ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කල යුතුම අවස්ථාවෙ භාවිත කිරීමට වගබලා ගනීමට ඔබට සිදුවේ.. ඔබ යම් ආයතනයකට සම්බන්ධ නම් එම ආයතනයේ නිසි බලය ඇති තැනැත්තෙකුගේ/ආයතනයේ නීති වලට හැර වෙනත් කිසිවෙකුගේ පුද්ගලික නීතීන් "අණ" ට අනුව යා යුතු නැත.

මෙය විශේෂයෙන් අදාල වන්නෙ සරසවි වල ජෙෂ්ඨ යයි කියාගන්නාවූ ඇතැම්
මානසික ව්‍යාධි සහිත තැනැත්තන් විසින් එම සරසවි වල නවකයින් හට සලකන ආකාරය සම්බන්ධව කෘර අමනුෂික ආකරයේ ක්‍රියාත්මකවීම් හෙලිකරන පුවත් පත් වාර්තා සැලකූ විටය... නවකයින් මෙසේ සැරසී පැමිණිය යුතු බව සිට ඔවුන්ගෙ අත පය කැඩි, ආබාධිත වී රෝහල් ගතව කාලය ගෙවීමට සිදුවන මට්ටම දක්වා ජෙෂ්ඨ යයි කියාගන්නාවූ ඇතැම්
මානසික ව්‍යාධි සහිත තැනැත්තන්ගේ "අණ" ක්‍රියාත්මකවීම් පිලිබදව පුවත්පත් සක්ෂි දරයි.

ඔබ නවකයෙකු නම් එවැන්නකට ඇතැම් විට ඔබට මුහුන දීමට සිදුවිය හැක, එසේ නම් ඔබගේ ඉවසීමේ ප්‍රතිඵලය ලෙස සැනසීම නොව ඔබගේ වැනසීම සදහා හේතු විය හැකි බැවින් ගහන්න ගහන්න වදින තැනට නොවටී වැඩි දුර යෑමට ප්‍රථම ප්‍රාථමික අවස්ථාවේදීම වහාම ඔබට මානසික හෝ කායික පීඩාවන් කල තැනැතන් පිලිබදව සියල්ල සාක්ෂි සහිතව හෙලිකොට [ඔබහට එය තනිවම කිරීම අසීරු නම් ඔබගේ දෙමාපියන් හෝ අදාල ආයතනයේ ආචාර්යවරයෙකු මගින් යොමු වීම සුදුසුය] ඔවුන් නීතියට කොටු කර ඔවුන්ට නීතියෙ දැඩි දඩුවම් ලබාදීමට යොමු කිරීම ඔබ සතු යුතුකමක් වන අතර එය ඔබගේ මෙන්ම තවත් බොහෝ පිරිසකගේ හිත සුව පිණිස හේතු වනු ඇත..!

මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණාවක් නම් ඔබ තරුණියක් නම් ඔබව නීතියෙන් වඩාත් ආරක්ෂා කර ඇති බවය.. එනම් යම් තරුණයෙකු විහිලුවෙන් බැහරව යමින් සිත මතා වේදනා ගෙන දෙන ලෙස ඔබ වෙත පවසන යම් අශිෂ්ඨ වචනයක සිට ඔබ වෙත හෙලන යම් අශිෂ්ඨ බැල්මකට පවා ඔබ ක්‍රියත්මකව එවැන්නන්ට එරෙහිව නීතියෙන් දඩුවම් කල හැකි බවය !

ඉවසීම භාවිතා කල යුත්තේ ඉහල මානසික හැකියාවන් සහිත තැනත්තන් අතර ඇතිවෙන යම් ආකාරයක ගැටලු වලදී විසදුම් සෙවීමෙදී මිස උසස් මානසික හැකියාවන්ගෙන් බැහැරව යන, මනස නිවැරදිව මෙහෙයවිය නොහැකි ලෙස ක්‍රියාත්මක වෙන මානසික විකෘතිතාවයන්ගෙන් යුතු තැනැත්තන් වෙනුවෙන් නොවෙන බව සිත්හි තබාගෙන කටයුතු කිරීමෙන් ඉවසීමෙන් වැනසීම නොලබා සැනසීමම ලබා ගත හැකිවනු ඇත...!

1 comment:

  1. Very good attempt, very useful write-ups. You deserve an appreciation. Thanks,

    ReplyDelete