Wednesday, April 11, 2018

කොයි අධිකරනයේත් වැදගත්කම ...



කොයි අධිකරණයත්, විනිශ්චය අධිකාරියත්, යුක්තිය පසිදලීමට නීතියෙන් පිහිටුවා ඇති ආයතනයක් වේ නම් ඒවා ද එකසේ වැදගත්ය ...

"එයා MC නේ වැඩ කරන්නේ " අපි නම් ........ නේ ... අපෝ මම නම් යන්නේ නෑ ...

යන එන විට මගේ කණට ද ඇසී ඇති කාරණයකි.

ඇතැම් විට දැන් දැක්කත් නොදැක්කා වාගේ යන්නේ ඉස්සර එක පන්තියේ හිටියද ඒ අය දැන් වැඩ කරන්නේ අනිත් අයට වඩා ඉහල උසාවියක යැයි සිතන නිසා වන්නටද පුළුවන.

තමන්ගේ ජේෂ්ඨ නීතිඥතුමා / තුමන්ලා වැඩ කරන ස්ථානය නිසා / තමන්ගේ කැමැත්ත මත බොහෝ විට කනිෂ්ඨ නීතිඥවරයාගේ වැඩ කරන ස්ථානයද තීරණය වේ ...

අධිකරණ ධුරාවලියේ පහල සිට ඉහලට අභියාචනා, ප්‍රතිශෝධන බලතල සහිත උසාවි තිබ්බද, ඔය කොයි උසාවියත් කරන්නේ තමා ඉදිරියට එන ආරවුල නිතියට අනුව විසදා යුක්තිය ඉටු කර දීමය.

කොහේ වැඩ කලද නීතිඥවරයකු යනු අධිකරණවලට යුක්තිය ඉටු කරදීම සදහා සහය වන අධිකරණ නිලධාරියෙකි. ඒ තත්වය ඔහුට / ඇයට දිය යුතුමය.

අනෙක් අතින් තමන්ට කිසියම් වූ අධිකරණයක් ඕන වෙන වෙලාව කියන්නට බැරිය ...

සරලව ගත හොත් සොරකමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන්නට නොහැකිය. රුපියල් මිලියන 5 කට වැඩි වාණිජ ගනුදෙනුවක් සම්බන්ධ ආරවුලක් අභියාචනාධිකරණයේ පවරන්නට නොහැකිය.

ඒ අනුව සුදුසු උසාවිය සොයා යද්දී ඒවගේ වැඩ කොට පුරුද්ද ලැබූ වෘත්තිකයන්ගේ සහය ද උවමනා වෙනු නියතය.

එය තමන් අන් අය සමග සසදා තමන්ව අසීමිතව ඉහල දමාගැනීමට පෙර කල්පනාවේ තබා ගත යුත්තකි.

No comments:

Post a Comment