Wednesday, April 11, 2018

ඔබ අවට සම්බන්ධව කල්පනාවෙන් ද ...



කතා කරමින් සිටි දෙදෙනෙකුගේ කතාවේ එක්තරා සන්ධියකදී කොල්ලා කෙල්ලට ඇගිල්ලෙන් අනින්නට, ඇගිලි වලින් පහර එල්ල කරන්නට පටන් ගත් අතර කෙල්ල කොල්ලාට ඇගිලි වලින් අනිමින් දත් වලින් කොල්ලාගේ අත සපා කන්නට උත්සාහ කරමින් එයට ප්‍රතිචාර දක්වනු දැකීමෙන් එම සිද්ධිය ට අදාලව මා ඇතුළු කිහිප දෙනෙක්ටම ඇසි දුටු සාක්ෂි කරුවන් විය.

එය එලෙසින්ම ටික වෙලාවක් පැවත දෙදෙනාම ඇති වී දෝ නින්දට වැටුණු අතර නින්දෙන් අවදිව නැවත පෙර පරිදි නැතත් ඒ ආකාරයට ක්‍රියාත්මක වීමක් දක්නට ලැබුණි ...

ඔවුන් එක්ව කරනා ලද පුදුමාකාර කරුමයක් ගෙවන්නට සෙට් උනු ජෝඩුවක් විය යුතුය ...

* අපරාධ නඩු විධාන සංග්‍රහයේ 21 වගන්තිය අනුව සිදුවීමක් දැනුම් දීමට නෛතිකව නොබැදෙන තත්වයක් වූ නිසා,

* අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1 වන උපලේඛණයේ 3 වන තිරයේ දක්වා ඇති ලෙසින් වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමක් කල හැකි වරදක් කල බවක් නිරීක්ෂණය කරන්නට නොහැකි වූ නිසා

* නෛතික පිලියමක් යොදන්නට නෛතික අයිතියක් ඇති නොවූ නිසා නිහඩව ( එහෙත් අවස්තාවක් උදා වුවහොත් භාවිතා කිරීමට සාක්ෂි රැස් කරගෙන සුදානමින් ) පසුවුයෙමි ...

No comments:

Post a Comment