Wednesday, April 11, 2018

ඉක්මනින් නඩු කටයුතු අවසන් විය යුතුය. එහෙත් එහිදී ???



1997 නඩු කටයුතු ඇරඹු නඩුවක නඩු කටයුතු තවමත් අවසන්ව නැති බවක් දකින්නට ලැබුණි. එනම් නඩුවටම වයස දැනට අවුරුදු 21 කි. බරපතල නඩුවක් වුවා නැතා එලෙස නඩුවක් දිගටම ඇදීගෙන යාමෙන් වන්නේ කුමක්ද ???

නීතියෙන් සහනයක් ලබා ගැනීමේ හැකියාව පිළිබදව තිබිය හැකි මහජන විශ්වාසයට යම් ආකාරයකින් පහරක් එල්ලවීම නොවේද ???

වග කිව යුත්තේ කවුද ??? එතෙක් මෙතෙක් පැමිණිල්ලට හා විත්තියට පෙනී සිටි නීතිඥවරුන්ද ??? ගරු විනිසුරුතුමාලාද ??? නඩුවේ පාර්ශවකරුවන්ද ??? නඩුවේ පියවර වලදී සහය ලබා දුන් ආයතනද ???

ඔය සියලු දෙනාද ???

ඒවා හරියටම කියන්නට නම් නඩුව අධ්‍යයනය කල යුතුය ...

එහෙත් පිළිගත හැකි පැහැදිලි එක කාරණයක් තිබිය හැකිය ...

එනම් නඩු විසදීම ප්‍රමාදයට විවිධ හේතු තිබිය හැකි බවත් ඇතැම් ඒවා වලක්වා ගන්නට නොහැකි මට්ටමේ තිබෙන නිසා ඇති වන ප්‍රමාදයන් සහ ඇතැම් ඒවා එතරම් උනන්දු නොවීම නිසා ඇති විය හැකි ප්‍රමාදයන් යන්න ය ...

බරපතල මට්ටමේ අපරාධ නඩු පමණක් නොව සමස්තයක් ලෙසින් නඩු කටයුතු හැකිතාක් ඉක්මනින් අවසන් ව යුක්තිය ඉටු වීම අවශ්‍ය කාරණයකි ...

~ නිතිය සැමවිටම ප්‍රමාදයන් පිළිකුල් කරයි ~

~ කාලය ඉදිරියේ ප්‍රමුඛ වන්නා නිතිය ඉදිරියේද ප්‍රමුඛ වෙයි ~

~ යුක්තිය ඉටු වීම පමණක් නොව ඉටු වන බව පෙනෙන්නටද තිබිය යුතුවෙයි ~

~ නඩු කීමේ අවසානය දැකීම ජන බැදියාවේ පැවැත්ම වේ ~

~ මහජන සුභ සාධානය සැලසීම උසස්ම නීතියයි ~

ආදී නීති මුලධර්ම වලින් කියවෙන්නේද එයයි ...

ඒ අනුව ප්‍රශ්නය ඇරඹි වහාම නිතිය ඉදිරියට එන ලෙසත්, එලෙස ආ පුද්ගලයාගේ ආරවුල හැකිතාක් ඉක්මනින් විසදා ඉල්ලා ඇති සියලුම සහන හෝ ඔහුට/ඇයට නීතියට අනුව දිය හැකි සහන ප්‍රධානය කරන ලෙසට ය ...

තත්වය එසේ වුවත් ප්‍රයෝගිකව නොවැලක්විය හැකි මට්ටමේ හේතු නිසා මතු විය හැකි ප්‍රමාදයන් සහ උනන්දු වන්නේ නම් වලක්වා ගන්නට හැකි මට්ටමේ ප්‍රමාදයන්ද ඇතැම් විට අපේක්ෂා කරන්නට වී ඇත ...

ඒ ප්‍රමාදයන් දෙක වෙන් කර හදුනා ගැනීමද ප්‍රයෝගිකව අපහසු තැන ඇත ...

නඩු කටයුතු හැකිතාක් ඉක්මනින් අවසන් කරගැනීම සදහා දැනට පවත්නා ප්‍රතිපාදන හෝ නීතියට අලුතින් එක් කරනු ලැබිය හැකි වගන්ති අනුව සලකද්දී ...

"නඩු කටයුතු හැකිතාක් ඉක්මනින් අවසන් කරගැනීම" යන්න සමග

1. නීතිඥවරුන්ට ඇති කාර්ය බහුලත්වය සමග එම නඩුවටම සුදානම් වීම සේම ඇති වෙනත් නඩු කටයුතු කෙරේ අවධානය ප්‍රයෝගිකව යොමු කිරීමේ අවශ්‍යතාවයට කාලය අවශ්‍ය වීම, සිය මානසික හා කායික වශයෙන් ප්‍රමාණවත් විවේකය සදහා අවස්තාවක් තිබීම වැදගත්ය යන කාරණා සමග අනවශ්‍ය ලෙස නොගැටිය යුතුද වෙයි ...

එසේම ,,,

2. ගරු විනිසුරුතුමාලා සම්බන්ධවත් එවැනි තත්වයක් සැලකිය යුතුය.

3. පාර්ශවයන් එක ලග දින වලදී නඩු කටයුතු කෙරේ ඒමට තිබිය හැකි ප්‍රයෝගික අපහසුතා ආදියද සැලකීමට ලක් කල යුතුය. විශේෂයෙන්ම එදා වේල සොයා ගන්නට වෙර විරිය දරණ සාමාන්‍ය ජනතාවට නඩු කීමට ඇති හැකියාව ගැන සලකද්දී දුර බැහැර පෙදෙස් වල සිට දිනපතාම නඩුවකට එන්නට සිදුවුව හොත් එහිදී එවන් පාර්ශවයකට එහිදී මතුවිය හැකි ප්‍රයෝගික අපහසුතා සැලකීමට ලක් කල යුතු වෙයි ...

එසේම ,,,

4. විශේෂඥ සාක්ෂිකරුවන් වැනි යම් යම් රාජකාරි කටයුතු කරනා අතරේ නඩු කටයුතු වලටද සහභාගී වන අයහටද සිය වෘත්තීය කටයුතු සමග අනවශ්‍ය ගැටීමක් ඇති නොවන්නට වග බලා ගත යුතු කාරණයකි.

5. අධිකරණ වලට යුක්තිය පසිදලීමට සහය වන විවිධ ආයතන වලින් තොරතුරු ලබා ගැනීමේදී / ඒවා සමග ගනුදෙනු කිරීමේදී ඇතිවිය හැකි ප්‍රායෝගික දුෂ්කරතා සැලකිය යුතු වෙයි ...

ඒ අනුව ඔවැනි ප්‍රායෝගිකව මතු විය හැකි තත්වයන්ද සලකමින් දැනට වඩා නඩු කටයුතු කාර්යක්ෂම ආකාරයෙන් ඉදිරියට ගොස් හැකි ඉක්මනින් අවසන් කරගැනීමට හැකි වන තත්වයක් උදා කරගත හැකි නම් එය නිසැක වශයෙන්ම නීතියේ ආධිපත්‍යය / නිතිය ක්‍රියාත්මක වීම පිළිබද මහජන විශ්වාසය දැන් තිබෙනා තැනින් නිසැක ලෙසටම ඉහලට ඔසවන්නට සමත් වනු ඇති අතර සමාජයේ නිතිය සාමය අගයන කාගේත් සතුටට ද හේතුවනු නියතය ...

No comments:

Post a Comment