Wednesday, April 11, 2018

ගණකම

සර්ට වඩා ගණකමනේ බං ජුනියර් ගේ ...
 

 මේ කතාව කීප විටක්ම මාගේ සවනට වැටුණු කාරණයකි ... එසේ වීම හොදම නැත ... මන්ද ලකුණු කැපෙන්නේ ජේෂ්ඨ නීතිඥවරයා හෙවත් සීනියර් ගේ පමණක් නොව කනිෂ්ඨ නීතිඥවරයා හෙවත් ජුනියර්ගේත් ය ...

කාලයත් සමග වෙනස් විය හැකි වුවද මුල් කාලයේ පමණක් නොව කලක් ගියත් බොහෝ විට කනිෂ්ඨ නීතිඥවරයකු ලගට එන්නේ ජේෂ්ඨ නීතිඥවරයා ගේ සේවාදායකයින් ය ... ඔවුන් එන්නේ ජේෂ්ඨ නීතිඥවරයා ගෙන් කරගන්නට අවැසි වැඩක් සදහා ය ...

එහිදී ජේෂ්ඨ නීතිඥවරයාගේ රැස් හෝ උෂ්ණය තමාට ආරුඪ කරගෙන තමා ලොක්කා යැයි සලකාගෙන / හිතාගෙන රැස් විහිදුවන්නට ගිය හොත් හොද හිත බිදී යනු ඇත්තේ ජේෂ්ඨ නීතිඥවරයාගේ සහ සේවාදායකයාගේ ය. එහි ප්‍රධාන පාඩුව වන්නේ ජේෂ්ඨ නීතිඥවරයා ය. එසේම අනෙක් අතින් නැගී එන්නට උත්සාහ කරනා කනිෂ්ඨ නීතිඥවරයාද ඔහුටම පහරක් එල්ල කරගැනීමකි ...

එබැවින් තමාගේ සීනියර් ගේ ලකුණුද කපා එයින් තමාගේත් අනාගත ලකුණු කපාගන්නවාද යන්න ජුනියර් කෙනෙක් කල්පනා කර බැලිය යුතු කාරණයකි ...

සරලව ගත් කල කල්පනා කිසිවෙක් නීතිඥවරයකු සොයා එන්නේ ප්‍රශ්නයක් හිසේ දරාගෙන ය ... ඒ අනුව හෙතෙම කෙරේ කාරුණික වන්නට සදාචාරාත්මක යුතුකමක් නීතිඥවරයා ජේෂ්ඨ වුවා නැතා පැහැදිලිවම ඇත්තේ ය ... ඒ අනුව පැමිණි කාරණය විමසා බැලීම, තමාට කල හැකි දෙයක් නම් එය ජේෂ්ඨ නීතිඥවරයා නොමැති වුවත් ඔහුගේ / ඇයගේ උපදෙස් මත කරදීම, ජේෂ්ඨ නීතිඥවරයා එනතුරු වාඩි වී සිටින්න යැයි පැවසීම, ඉතාම කාර්ය බහුල නම් සර් / මැඩම් නෑ දැන් මමත් වැඩක් පස්සේ කතා කරන්න යැයි හෝ සරලව පවසා නතර වීම/දුරකතනයකදී නම් එය විසන්ධි කිරීම වටි ...

එහෙත් එසේ නොවී සේවාදායකයකු බලාපොරොත්තු වන ඒ මුලික කාරණය හෙවත් මානුෂික මට්ටමේ පිළිගැනිම ඉටු නොවුණු කල ඔවුන් නැවත නො එන්නට ඉඩ ඇත ...

හපන්කම එවැන්නක් කිරීම නොව සැබෑ හපන්කම නම් ජේෂ්ඨ නීතිඥවරයකු සහ සේවාදායකයකු අතර බැදීම දුර්වල වන අවස්තාවක හැකි නම් නීතියේ සිමාවේ සිට එය ශක්තිමත් කිරීම ය ... මා නම් එවැන්නක් ද කර ඇත ...

No comments:

Post a Comment