Wednesday, April 11, 2018

ස්ත්‍රී දුෂණයට දඩුවම ???

ස්ත්‍රී දුෂණයට දඩුවමක් ලෙසින් ඇතැමුන් මරණිය දණ්ඩනය යෝජනා කරති, ඒ එක්කෝ හරියට නිතිය නොදන්නා නිසා හෝ දැනගෙන එය අභිබවා වින්දිතයා කෙරේ උපන් අනුකම්පාවෙන් හැගීමට ඉඩ දෙන නිසාවෙනි ... යෝජනා කලද එසේ ක්‍රියාත්මක කල නොහැකිය / නුසුදුසු ද වෙයි ...
දණ්ඩනය වරදට සමානුපාත විය යුතුය ... ( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව ) ...
නො එසේ නම් එය කෘර එකක් ලෙස අර්ථ දැක්විය හැකි වේ, එවිට එනයින්ම මානව හිමිකම්/අයිතිවාසිකම් උල්ලංඝනයකි ...

"ඕකට ඔහොම කරලා මදි" ලෙසින් වින්දිතයාගේ පැත්තෙන් සලකද්දී දඩුවම් සමග හැගීම් බද්ධව තිබිය හැකි වුවත් අදහස් දක්වද්දී සහ ඊටත් වඩා තීන්දු තීරණ ගනිද්දී හැකිතාක් එයින් බැහැර විය යුතු අතර බැහැර වන්නටම නොහැකි නම් නිතියේ පිළිගත් සිද්ධාන්ත අභිබවා නොයන තැනට හෝ හැගීම් පවත්වා ගැනීමට වග බලා ගත යුතුය ...

මන්ද නො එසේ නම් සීමාවෙන් බැහැරව දුන් තීන්දුවක් පවා බලරහිත වන නිසාවෙනි ... පරිපාලන නීතියේ බලාත්රික්‍රමණය ඔබට මතක ඇතුවාට සැක නැත ...

අනෙක් අතින් නීතියේ සිමා තුල හිදිමින් මෙලොව ආරක්ෂා වීම සේම බෞද්ධයන් ලෙසින් යන්නට නියමිතව ඇති පරලොව ආරක්ෂාව ගැනද කල්පනා කාරී විය යුතුව ඇත ...

අද වෙද්දි මානව හිමිකම් කඩවීමක් ලෙසින් කස පහර දීමද සැලකිය හැකි තැනට පැමිණ ඇති ආකාරයක් පෙනෙන්නට ඇති මුත් එසේ නොවන බවට නීතියෙන්ම අර්ථ දැක්විය හැකි නිසාවෙන්, හානි පුරණය කරන්නට අවැසි වුවහොත් අවස්තාව ඉතිරි වන නිසාවෙන් සහ අපරාධ පාලනයට දණ්ඩනයේ අත්යාවශ්‍යතාවය නිසාවෙන්ම ස්ත්‍රී දුෂණයට දඩුවමක් ලෙසින් කස පහර නිතිය තුල ලබා දිය හැකිය.
ඒ අනුව වරදේ බරපතල කම අනුව සමානුපාතව යමින් ප්‍රසිද්ධියේ කස පහර දිය යුතු යැයි මා යෝජනා කරමි...

No comments:

Post a Comment