Wednesday, April 11, 2018

නිතිය සුළු දේ නොතකයි



"නිතිය සුළු දේ නොතකයි" (de minimis non curat lex) මුලධර්මය:

"සුළු දේ" යන්නෙන් කිසියම් සිද්ධියක් අදහස් වේ.

එහි විෂය පථය මේ තාක් යැයි එක එල්ලේ දක්වන්නට නොහැකි වුවත් ක්‍රියාත්මක වන සීමාව සැලකීමේදී සාමාන්‍ය සිහි බුද්ධිය ඇති තැනැත්තන් විසින් පැමිණිලි නොකරන තරමේ පිඩාවක් ඇති ක්‍රියාවකදී / ක්‍රියාවලදී අදාළ වේ යැයි සැලකිය හැකිය.

ඒ අනුව එය "අයිතියක් ඇති තැන පිලියමක් ඇත" මුලධර්මයට ප්‍රතිවිරුද්ධය.

එසේම ලේඛණයක ඇති නොසලකා හැරිය හැකි මට්ටමේ දෝෂ, අඩුපාඩු, යම් යම් පොරොන්දු ඉටු කිරීමේදී ඇති වන දෝෂ ආදිය නොසලකා හැරිය හැක්කේද මෙම මුලධර්මය මතය ...

දෝෂයක් නොසලකා හරිනවාද නැද්ද යන්න පුද්ගලයා මත රදන කාරණයක් වුවත් පොදුවේ ඉතා සුළු සිදුවීම් යැයි සලකන කාරනාවකදී නම් නඩු පැවරීමෙන් පුද්ගලයින් වලකයි.

එනම් මෙහි කියන්නේ සිද්ධිය පිළිබද කාරණයකි. ඒ අනුව සිද්ධිය ඉතාම කුඩා නම් එය නිතිය විසින්ම නොසලකා හරින තැන ඇත ... එසේම අවැසි නම් ඇතැම් සිදුවීම් වලදී නඩු පැවරීම අත හැර දැමිය හැකි වෙයි, එනම් සමථයකට එලබිමකි. එය මිට අයත් නැත්තේ එහිදී කරනුයේ තමාගේ අයිතියක් භාවිතා නොකොට අත හැරීමක් වන නිසාය.

වාණිජ නීතියේදී මම මුලධර්මය යොදා ගනු ලැබූ අවස්ථා ඇත.

කෙසේ නමුත් මෙම මුලධර්මයට අයුතු ලෙස මුවා වන්නට / එනම් අයුතු ලෙස එහි රැකවරණය ලබන්නට පුද්ගලයින්ට ඉඩ නොදිය යුතුද වෙයි.

No comments:

Post a Comment