Wednesday, April 11, 2018

නරක නීතියක් යනු

නරක නීතියක් යනු :
සදාචාර විරෝධී ලෙසින් පැනවූ ස්වයං ප්‍රත්‍යක්ෂ ලෙසටම හානි දායක වන නිති.
උදා:
1. ජර්මනියේ නාසි පාලන සමයේ අහිංසක මිනිසුන් වද බන්ධනයට ලක් කර මරාදැමීම සදහා පනවන ලද නීති.
2. දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදී නීති ...

 * නීතියට අවනත වීමට පොදු යුතුකමක් ඇතත් නිතිය කෘර හා අසාධාරණ වෙමින් අන්තගාමි වී එය පිළිපැදීම හෘද සාක්ෂියට ඉදුරාම පටහැනි වන අවස්ථාවකදී යම් තැනැත්තෙකුට නීතියට අවනත නොවී සිටිය හැකිය. එසේ කල යුතුද වෙයි.
..................................................................................
ඉහත දක්වන ලද්දේ මාගේ අදහසක් නම් නොව නීති විද්යාලයට ඇතුළත්වීමට පැවති විභාගයට අදාල අත් පොතේ ( Course Book ) තිබුණු කාරණයක් ය. එය පොතට සිමා වන කාරණයක් නොවේ. එය සත්‍යයකි.
ඒ අනුව ඉහලින් ආ අණක් අනුව ක්‍රියාත්මක වුවා කියා චෝදනාවෙන් නිදහස් වන්නට විත්තිවාචකයක් ( දණ්ඩ නීති සංග්‍රහයේ 69 වගන්තියේ පිහිට ) ගැනීමේ හැකියාවක් හැම විටම නිතිය ක්‍රියාත්මක කරන්නෙකුට නැත ...
ඉහලින් ආ අණ පිළිපැදීමට ඇති බැදීම අභිබවා එය පිළිපැදීම නුසුදුසු වන අවස්ථාවකදී එසේ කල යුතුව ඇත...
ඉහත * සලකුණ යටතේ දැක්වූ කාරණය නියුරන්බර්ග් නඩු තීන්දුවේදී සේම ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුවේ දීද මතුව ඇතැයි අප ඉගෙන ගෙන ඇත්තෙමු.
එහෙත් එක් කාරණයකට මා හට කොහෙත්ම එකග වන්නට නොහැකිය. එනම් දී තිබුණු දණ්ඩනයට ය. අසත්‍ය චෝදනා එල්ලකොට ( චෝදනා සත්‍ය වුවා ඕවන්නක් කල යුතු නොවේ ) තරුණියක් නිරුවත් කොට පාරේ ඇවිද්දවා වෙඩි තබා කෘර ලෙස ඝාතනය කොට එතරම් මහ විපතක් වී තිබියදී කුමන පදනමක් මත වසර 16 ක සිරදඩුවම් එම විත්තිකරුවන් දෙදෙනාට දුන්නාද ...?

 ඒ අනුව ඔවුන් කල පාහර ක්‍රියාවට ඔවුන්ට මරණිය දණ්ඩනයද හොද වැඩිය ... එයද සැපය පිණිස පවතින ආකාරයකි. ඒ අනුව මාගේ මතය නම් එවැන්නවුන් නීතියට අනුව ටිකෙන් ටික හෙවත් නොමරා මැරිය යුතුය...
ඒ අනුව එවන්නවුන්ට සැලකිය යුත්තේ කෙසේ ද යත් ...
ඝාතනයේ කෘරත්වය නිසාම අවැසි වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 57 වගන්තිය සංශෝධනය කොට හෝ ඊට ව්‍යාතිරේකයක් හෝ එක් කොට ජීවිතාන්තය දක්වා සිරගත කොට තිබ්යදී වුවද ස්වභාවිකව මියෙන අවසාන මොහොත දක්වා ඕවැන්නෙකුට නම් දිනපතා සිර මැදිරියෙන් එලියට ගෙනවිත් අවම කස පහර 24 බැගින් හෝ දෙමින් ( අපරාධ නඩු විධාන සංග්‍රහයේ 285 (2) වගන්තියට අනුකුල විය යුතු නිසාවෙන්ම මිස ... ) දඩුවම් කලද මට නම් ඒත් මදි ය ... එහෙත් මාගේ පරලොව යහපතද සැලකිය යුතු නිසාවෙන් එතනින් නවතිමි ...

 ඊළගට කියවා බැලුවේ මෙතරම් හරියක් කල ඔවුන්ට තාමත් ජිවතුන් අතර සිටීන්නට සොබා දහම හෝ ඉඩ තබා ඇතිදැයි යන්නයි ...

එක් වරදකරුවෙකු සිර දඩුවම් නියමව වසරකට පසුව මැදිරියේදී ම හෘදයාබාධයකින් මිය ගිය බවත් අනෙකා සිරදඩුවම විද අවසානයේ එක්දාස් නවසිය අසු ගණන් අගදී එලියට පැමිණ සිටියදී ජ.වී.පෙ සාමාජිකයින් අතින් ඝාතනයට ලක්ව ඇති බව සදහන්ව තිබුණි ...

 ඝාතනය අනුමත කල නොහැකි මුත් යම් හේතුවක් නිසා නීතියෙන් නොලැබුණු ප්‍රමාණවත් දඩුවම ඊට පසුව එලෙස හෝ වගකිවයුත්තන්ට සොබාදහමින් ලැබිම සතුටකි!!!
( චායාරුපය - 2018 අප්‍රේල් 08 ඉරිදා දියත - 15 පිටුවෙනි ) ...

No comments:

Post a Comment