Wednesday, April 11, 2018

2018.03.02



2018.03.02 දිනය සමග 1815 වසර කල්පනාවට එද්දී එක් අදහස් දැක්විමක මා දුටු කාරණයක් නම්, තාම යන්නේ සුද්දා හැදු රේල් පාරේ බව දක්වා තිබුණි.

එයින් කියන්නට හදන්නේ පුර්ණ දේශීයත්වයක් අවැසි නම් සුද්දා විසින් නිපැයූ කිසිවක් අවැසි නැති තැනට යා යුතු බව නම් සුද්දාගේ සූට් එක, භාෂාව, නිතිය ආදියද හරහට හිටිනවා නියතය ...

සුද්දාගේ සූට් එක ඇද උන්දැලා හදා ගිය දුම්රිය මගේ ගමන් ගන්නා දුම්රියේ යාමට මා නම් අම්මපා මනාපය.

කවුරු කරලා දාලා ගියත් හොද දෙයක් නම් ඉතින් සිංහල රටේ අපිත් තියා ගත්තාට ගැටළුවක් නැත ...

අනෙක් කාරණය නම් අපගේ රට පැත්තෙන් හිතනවා නම් 1818 දී සහ 1848 දී සිංහලයන් විසින් ක්‍රියාත්මක කරනා ලද්දේ කැරලි නොව නිදහස් සටන් බවය ...
කැරැල්ලක් ඇති කරන්නේ නම් නිත්‍යානුකුල රජයකට එරෙහිවය. සුද්දාගේ පාලන කාලයේ අපි කලේ කැරලි නම් එයින්ම සුද්දාගේ ආණ්ඩුව නිත්‍යානුකුල යැයි පිළිගෙන අපි අපිවම අපරාධ වරදක සැකකරුවන් චුදිතයන් ලෙස නම් කරගන්නවා ඇත ...

No comments:

Post a Comment