Wednesday, April 11, 2018

වෙලදාම් කිරීමේ කලාව දන්නේ නැති නම් ???



අහවල් ඇත්තන්ගේ කඩ වලට යන්න කියා කියූ නිසාම නොවුනත් සාමාන්‍යයෙන් පුරුද්දක් ලෙස යන නිසාම ඒ කඩවල ඇතැමක කතාව අපිට හුරුය ... ඒ වනාහි "එන්න මහත්තයා නෝනා මොනවද බැලුවේ" ස්වරයෙන් නම් නොව "ඇයි ඕයි මෙහෙ ආවේ ???" ඉස්ටයිල් එකෙන් ය ...

අපි පිනට ගන්න යනවා නොවේ ... එහෙත් උන්දලාගේ ලොකු ලයින්ද බලන්නට සිදුවේ ...

ඒ ඇත්තන්ගේ ලොකු ලයින් ඒ ඇත්තන්ටම තියා ගන්නට ඉඩ හැර එවැනි අහවල් තැන් දෙක තුනක් මා අත් හැරියෙමි ...

"ඕවා අතගහා කිළුටු කරන්න එපා, හොද බඩු, ගන්නවා නම් ගන්න නැත්නම් යන්න නෝනා, බලන්න දෙයක් නෑ" ...

යැයි පාර අයිනේ වෙළදාමේ නිරත කාන්තාවකගෙන් ( වට්ටි අම්මා කෙනෙක් කීම වඩා සුදුසුය ... ) තවත් කාන්තාවක් යමක් මිලදී ගැනීමට පෙර එය පිළිබද සොයා බැලීමේදී ඇයට අසන්නට ලැබුණු ඔය වදන් පේලිය ඒ අසලින් යමින් සිටි සිදුවීම දුටු මා හටද ඇසුණි ... එම කාන්තාව ගන්නට ගිය රෙද්ද එතන දමා නික්ම ගියේ ඒ මොහොතේදීමය ...

කල යුත්තේ අන්න එය යි / විය යුත්තේ එය යි. තමාගේ හැකර කට නිසා අතට ආ බිස්නස් එකද නැති කරගත් අහවල් වෙළෙන්දාට එය හොද පාඩමකි.

ඔය අහවල් ඇත්තන් සමහරක් වෙලදාම් කරනා හැටිය ...

අහවල් ඇත්තන්ගේ කඩ වලට යන්න කියනා, ලියනා පොටෝ හද හද දානා, එහෙව් කඩ වලට නොයන අය හට බුකියේ සිට වාග් පහර එල්ල කරනා අය පළමුව අහවල් ඇත්තන්ට පාරිභෝගිකයන් හා කටයුතු කරන්නට සාමාන්‍ය සිහිබුද්ධිය ඇති කරගන්නට ප්‍රයෝගිකව සහය වන්නේ නම් එය වඩා ප්‍රයෝජනවත් වනු ඇත ...

No comments:

Post a Comment