Wednesday, April 11, 2018

තොරතුරු දැන ගැනීමේ අයිතිය පමණක් ප්‍රමාණවත්ද ?



තොරතුරු දැන ගැනීමේ අයිතිය ව්‍යාවස්තානුකුලවම මේ වෙද්දී පිලිගෙන ඇත.

අපරාධ සිදුවීම් පිලිබදව තොරතුරු අනාවරණය කරගැනීම සදහා CCTV කැමරා දර්ශණ පොදුවේ ප්‍රයෝජනවත් වන බවට කිසිදු සැකයක් නැත. එය වෙනුවෙන් මා නම් හැම විටම පෙනී සිටිමි.

අවැසි නම් ඔබගේ / නිවසේ ආරක්ෂාවට ද එවන්නක් සවි කරගත හැකිය ...

එහෙත් එසේ සවි කිරීමකින් රජය / ඔබ විසින් මාගේ දත්ත සදහා අනවශ්‍ය ප්‍රවේශයක් කිරීමෙන් එම දත්ත ආරක්ෂා කරගත යුතුද වේ ...

එය හරියටම ඔබගේ අත එහා මෙහා කිරීමේ සීමාව මාගේ නාසය කෙලවරින් අවසන් වෙන ආකාරයටමය.

නමුත් ඒ සදහා තොරතුරු දැන ගැනීමේඅයිතිය බදු ප්‍රභල හරිහමන් නීතියක් ශ්‍රී ලංකාව තුල නම් තවම බලාත්මක නැත ...

~ අයිතියක් ඇති තැන පිලියමක් ඇත ~ භාවිතා කරන්නට ඒ නෛතික අයිතිය දැක්විය යුතුය / පිළිගත් නීති මුලාශ්‍රයකින් පැමිණිය යුතුය.

නො එසේ නම් වටේ ගොස් අනිකුත් නීති මුලධර්ම ඇසුරින් එවැන්නක් ඇති දැයි සොයා අර්ථ නිරුපණය රිතිද සලකමින් ඒ පිහිටෙන් කටයුතු කරන්නට සිදුවේ ... දැනට අප සිටින්නේ එතනය ...

ඒ අනුව මාගේ / ඔබගේ ලේඛණ සිමා රහිතව පරික්ෂා කිරීමට, පරිඝනකයක ඇති තොරතුරු පරික්ෂා කිරීමට, CCTV / දුරකථන හෝ එවන් උපක්‍රමයකින් තොරතුරු පටිගත කරගැනීමට, ඇදුම් මාරු කරනා ස්ථානයේ / වැසිකිළියක සිදු කරනා කාර්යයන් සම්බන්ධව වුව තොරතුරු දැනගැනීම යටතේ වෙනත් පාර්ශ්වයකට තොරතුරු ලබා ගැනීමේ නෛතික ඉඩ විවරව ඇත ...

අනවශ්‍ය ලෙස එම අයිතිය භාවිතා කිරීමේ දැනට ඇති ඉඩ සදාචාරයෙන් නොව නීතියෙන්ම වැසිය යුතු නොවේද ?

ඒ අනුව තොරතුරු දැනගැනීම ( Right to Information ) සහ දත්ත ආරක්ෂණය ( Right to Privacy ) කාසියේ දෙපැත්ත මෙන් තියෙද්දී තොරතුරු දැනගැනීම පමණක්ම බලාත්මක කොට හරියන්නේ නැත...

ඒ අනුව අනවශ්‍ය ප්‍රවේශයෙන් දත්ත ආරක්ෂා කරගැනීමට වටේ ගොස් සොයා බලා කටයුතු කරනවා වෙනුවට අයිතිය පැහැදිලිව දක්වනු පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බැරි නම් සරලව දණ්ඩ නීති සංග්‍රහයට හෝ වගන්තියක් ඇතුලත් කල යුතුව ඇත.

No comments:

Post a Comment