Wednesday, April 11, 2018

අවැසි විට භාවිතා කල යුතු ඔබ සතු අයිතිය



ubi jus ibi remedium හෙවත් "අයිතියක් ඇති තැන පිලියමක් ඇත"
( අයිතිය කඩ වුවහොත් )

මහජන අයිතීන් වෙනුවෙන් ( Public Interest ) / දුෂණයට එරෙහිව ( against the corruption ) හඩ නගමින් අධිකරණයේ පෙනී සිටිනා නීතිඥ මහතෙකු අප සමග කතා බහේදී කිව්වේ ඔහු කල කි හපන්කම් ගැනය ... පක්ෂ පාට පමණක් නොව තවත් ගැඹුරට ගොස් පෞද්ගලික බැදීම් නිසාවෙන් යුක්තිය ඉටු කිරීමට බාධා වන දෑ බැහැර කරන්නට තරම් ශක්තිමත් එතුමාගේ ක්‍රියාකාරීත්වය සැබවින්ම විශ්මය ජනක ය. එසේම ඒවා මවා පෑම් නොව සත්‍ය ලෙසටම වූ දේවල් බවද සාක්ෂි ද හෙතෙම සතු විය . . .

ඒ සියල්ල කාලයත් සමග වෘත්තීය දිවියේ ලැබූ අත්දැකීම් මත සිය දැනුමින් කල ඒවා ය ...

ඒ නීතිඥ මහතාට පමණක් නොව අපටද එවැනි හපන්කම් අවැසි නම් කල හැකි ය ...

එහෙත් එතනට යනවා නම් පළමුව කැමැත්ත සහ දෙවනුව යන්නට නිසි කල උදා විය යුතුය. ( ඇගිල්ලේ තරමට ඉදිමීම නම් එයයි ) ඒ තාක් කල් එවැනි අයහට සහ අපටද මට්ටු කල හැකි දේ නම් කල හැකිය / කල යුතුද වෙයි ...

එවැනි අවස්තාවක් උදා කරදීම මා හට නම් ප්‍රමාණවත් ය . . .

එහිදී මාගේ අත භාවිතා වනු නියත ය ...

ප්‍රයිවට් බස් එක ඉස්සරහා යද්දී සි.ටි.බි එක පස්සේන් ආවද කිසිම තරගයක් නොවිය ... එය අරුමයකි ... එසේ නොවුනා නම් රියදුරු තැනගේ කරුමය උදාවනු නියත ය ... මන්ද පුරුදු වෙන්නට කරනවා නොවෙන අයකු එම බස් රථයේ සිටි ද නිසාවෙනි ...

මා හට පමණක් නොව මෙය නීතිඥවරයකු වුවා නැතා ඔබටද කල හැකි වඩා නිවැරදිව කිවහොත් කල යුතු දෙයකි ... එනම් නොසැලකිලිමත්ව / අපරික්ෂකාරිව රිය පදවන්නේ නම් ඒ පිලිබදව දැනුම් දීමය ...

( නො එසේ නම් එසේ එම සිදුවීම ගණන් නොගෙන සිටිනා ඔබට චෝදනා එල්ල කරන්නට මට නම් හැකි තැන ඇත ... මා වැනි කනිෂ්ඨ නීතිඥවරයකුටද පුළුවන් යනු නිසි බලධාරියෙකුට අනිවාර්යෙන්ම එය පුළුවන් බවය ... )

ඒ කෙසේද යයි දැනගැනීමට හෝ සහයක් අවැසි නම් මා හට එයට සහය දැක්විය හැකිය ...

No comments:

Post a Comment