Wednesday, April 11, 2018

ලැබුණු අවස්ථාවක් ...



මා හට පෙනී සිටින්නට අවස්ථාව ලැබුනොත් කියන්නට කිව යුත්ත සකස් කරගෙන සිටියෙමි ...

අවස්තාව ලැබුණි ... කියා දමන ලදී ...

අධිකරණයෙන් පිටතට පැමිණි පසුව ,,,

සර් මාව අහුවෙයි නේද ...? ( මාගේ පිළිතුර පසුවට ... )

කිව යුත්ත මා සරලව කියා දැමුවත් සේවාදායකයාට එය එතරම් සරල නොවුණු බව එයින් පෙනුණි ...

එහෙත් ,,,

~ නිතිය හැම විටම ප්‍රමාදයන් පිළිකුල් කරයි ~

ඒ අනුව තවත් දිනයක් ගැනීම නුසුදුසු වන තැනට පැමිණ තිබුණි ... එසේ වුවා නම් අවාසිය විත්තිකරුට ම නැඹුරු විය හැකි වන නිසාවෙනි ...

අනෙක් අතින් ,,,

ලැබෙන කාලයෙන් ප්‍රයෝජන නොගන්නේ නම් හෝ ගන්නට සැබෑවටම නොහැකිම නම් ,,,

කුමක් කරන්නද ...

~ කල නොහැකි දේ කිරීමට නිතිය බල නොකරයි ~

එසේම ,,,

ඔහුගේ අයිතිය භාවිතා කරන්නේ නැත්නම් එය අත හරින්නට සිදුවේ / ස්වාභාවිකවම අත හැරේ ...

මාගේ පිළිතුර :- අපි බලමු ඊළග දවසේ දේශනය නේ ...

වාචික දේශනය ඔයා කරන්න ... ජේෂ්ඨ නීතිඥතුමා එසේ කියූ කල්හි මා එක්වරම තිගැස්සී ගිය මුත් එය බාර ගතිමි ...

අපරාධ නිතිය මා කොහොමත් මනාප විෂයය ...

කියන්නට ඕනෑ දෙයක් වේ නම් මුල මැද අග ගලපා රිදෙන්නට අවශ්‍ය නම් එලෙසින් හෝ ඇඩෙන්නට අවැසි නම් එලෙස ලියන්නට නම් මාගේ අත දැන් ඕනෑවටත් වඩා හුරු ආකාරය කි ... එහෙත් කට තාම එතැනට ඒ තරමටම පැමිණ නැත ...

එයද එතනට හෝ හැකිනම් එතනින් ඔබ්බට වුව ගත යුතුය ...

මිට පෙරදී අවස්ථා ලැබුණු / ලබා ගන්නට තිබුණු මුත් මා සුදානම් ශරීරයක් ඇති වන තෙක් කලබලයක් නැතිව ඉවසා සිටියෙමි ... ඒ මාගේ හැටිය ... අදට සක්‍රිය 238 වන වෘත්තීය දිනය ගෙවී යද්දී ඒ අභියෝගය බාර ගන්නට ප්‍රමාණවත් සුදානම් ශරීරයක් ඇති වුව බවට විශ්වාස ය ...

එහිදී සේවාදායකයාගේ යහපත වෙනුවෙන් සහ අත්හල නොහැකි ලෙසින් පවතින යුක්තිය පසිදලීමට අධිකරණයට සහය දීමට ඇති බැදීම යන දෙකම සලකන්නට සිදුවේ ...

ඒ අනුව සුදානම් වීම අරඹමි ...

වරද සම්පුර්ණ වීම = සාවද්‍ය ක්‍රියාව + සාවද්‍ය මනස + කාරනාවත්දාමය + නිශ්චිත පුද්ගලයා + ව්ත්තිවාචක නොමැතිවීම ...

නීති විද්‍යාලයේදී පළමු වසර වන වීටද දැනගෙන සිට තහවුරු කර ගත්තා මතකය ...

එයට අමතරව දැනටම මා අවැසි නීති මුලධර්ම කීපයක් අවධානයට සටහන් කරගෙන අවසන්ය ...

ඒවා නම් මෙහි සටහන් නොකරමි ... මන්ද ඒ මාගේ අවි වන නිසාය.

අනෙක් අතින් අපට අපරාධ කාර්ය පටිපාටිය නිතිය රසවත් ලෙස කියා දුන් සරත් ජයමාන්න මහතා, නීතියේ දේශන වලදී කරුණු කියා දුන් යු ආර් ද සිල්වා මහතා, කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ආදී නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගණනාවක් කියූ කාරනා ගණනාවක්ද මතකයට එන මුත් ඒවාද නොලියමි ...

මන්ද ඒවාද මාගේ අවි වන නිසාවෙනි ...

නිතිය, සාධාරණත්ව මුලධර්ම මේ සියල්ල ගෙන උපරිම සටනක් දෙමි.

පුද්ගලයෙකු ජිවත් වනවාද නැද්ද යන්න තීරණය කිරීම ගැන මා බොහෝ කරුණු ලියා ඇතිමුත් මේ වනාහි එවැනි අවස්ථාවකට පළමුව ප්‍රායෝගිකව සහභාගී වීමයි ...

No comments:

Post a Comment