Wednesday, April 11, 2018

නීතිඥවරුන් බලා සිටින්නේ ???



නීතිඥවරුන් බලා සිටින්නේ මිනිසුන්ට ප්‍රශ්න ඇති වෙනකල්, යැයි සමහරක් කියති ...

එසේ නම් ඒ තියරියෙන්ම සැලකුවහොත් ...
- ගුරුවරු බලා සිටින්නේ ළමයින්ට වරදීන තුරුය.
- ඉංජිනේරුවන් බලා සිටින්නේ ගොඩනැගිලි ආදිය අබලන්ව කැඩී යන තෙක්ය.
- වෛද්‍යවරුන් බලා සිටින්නේ මිනිසුන් රෝගී වනතුරුය.
- අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් බලා සිටින්නේ මිනිසුන් මිය යන තෙක්ය.
- හාමුදුරුවරු බලා සිටින්නේ දායකයන් දානය රැගෙන එන තුරුය.
- බැංකු බලා සිටින්නේ මිනිසුන් ණය නොගෙවන තුරුය.

එහෙම සිතුවොත් හොදද ... නැත ...

එසේ නම් නීතිඥවරුන් / නීතිඥ වෘත්තීය ගැනද පෙර මෙන් සිතිය යුතු නොවේ ...

ධනාත්මක චින්තනය යන්න පට්ට ගසන මුත් එය ඇතැමුන් නම් ප්‍රායෝගිකව සිය චින්තනයට නම් සම්බන්ධ කරගන්නේ නැති ආකාරයකි.

ඒ අනුව ඉහත අවස්ථා කෙරේ ධනාත්මකව සහ රැකියාවකට වෘත්තියකට, තත්වයකට ගෞරවයක් දෙන ආකාරයෙන් සැලකු කල්හි ඉහත කාරණා මෙසේ වෙනස් විය යුතුය.

- නීතිඥවරුන් බලා සිටින්නේ මිනිසුන්ට ප්‍රශ්න ඇති වුවහොත් සිය දැනුම ඒ අයගේ යහපත පිණිස යොදවා ඒවා විසදා දීමටය ...
- ගුරුවරු බලා සිටින්නේ ළමයින්ට වැරදුන හොත් සිය දැනුම ඒ අයගේ යහපත පිණිස යොදවා ඒවා නිවැරදි කරන්නටය ...
- ඉංජිනේරුවන් බලා සිටින්නේ ගොඩනැගිලි ආදිය අබලන්ව කැඩී ගිය හොත් සිය දැනුම යොදවා ඒවා ශක්තිමත්ව ඉදිකිරීමටය ...
- වෛද්‍යවරුන් බලා සිටින්නේ රෝගී වන මිනිසුන් සිය දැනුම යොදවා සුවපත් කරන්නටය ...
- අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් බලා සිටින්නේ මියගිය මිනිසුන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට ජීවත්ව සිටිනා මිනිසුන්ට සිය සේවය සැපයීමටය.
- හාමුදුරුවරු බලා සිටින්නේ තමන්ට දානය දෙන දායකයන් ඇතුළු හැම දෙනා වෙත සිය දහම් දැනුමෙන් සංග්‍රහ කොට සුවපත් කරන්නටය.
- බැංකු බලා සිටින්නේ මිනිසුන් ගේ ආර්ථික අපහසුකම් වලදී නැගී සිටීමට ආර්ථිකව ශක්තියක් වන්නටය...

ඔය හැම අවස්තාවකදීම මුදල මැදට එනවා විය හැකිය. ඒම අවශ්‍යද විය හැකිය. ඒ කෙසේ වුවත් සමාජයට විවිධාකාරයෙන් හිත සුව පිණිස පවතින සේවාවන් / වෘත්තීන් / රැකියාවන් කෙරේ ධනාත්මක චින්තනයෙන් බැලීමට පුරුද්දක් නැත්නම් එය ඇතිකරගත යුතු වන තත්වයකි.

No comments:

Post a Comment