Wednesday, April 11, 2018

අපරාධ නීතියේදී විත්තිකරුවකු නිදොස් වීම / වරදකරු වීම:-

අපරාධ නීතියේදී විත්තිකරුවකු නිදොස් වීම / වරදකරු වීම:-

- පැමිණිල්ලේ නඩුව/ස්ථාවරය "සාධාරණ සැකයෙන්" ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වීම ( පැමිණිල්ලේ නඩුවම අසාර්ථක වීම ) - විත්තිකරු නිදොස් වේ ...
- පිළිගන්නේ පැමිණිල්ලේ නඩුවද විත්තියේ නඩුවද යන්න සැකයක් මතුවීම - විත්තිකරු නිදොස් වේ ...
- පැමිණිල්ලේ නඩුව/ස්ථාවරය පුර්ණ ලෙස ප්‍රතික්ෂේප කිරීම සහ විත්තියේ නඩුව/ස්ථාවරය නිවැරදි යැයි පිළිගනිම - විත්තිකරු නිදොස් වේ...


විත්තිකරුවකු අපරාධ නිතිය යටතේ වරදකරුවකු විය හැක්කේ එකම එක අවස්ථාවකදී පමණි.
එනම් ,,,
- පැමිණිල්ලේ නඩුව සම්පුර්ණයෙන්ම පිළිගැනීම සහ විත්තියේ නඩුව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම හිදී ය.

සාධාරණ සැකය ???

විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව/චෝදනා ඔප්පු කිරීමට අවැසි සාක්ෂි තිබේදැයි හේතු ඇතිව තර්කානුකුලව සහ සාමාන්‍ය සිහි බුද්ධිය යොදවා සොයා බැලීමේදී බැලු බැල්මට විත්තිකරු වරද කල පෙනී යාම ... ( Probable Guilty / Likely Guilty ) ...

එය ප්‍රමාණවත් නැත ... ( not sufficient ) තවම නිර්දොෂිභාවයේ සළුපිලි දරා සිටින්නට විත්තිකරුට අයිතිය ඇත ... එහෙත් විත්තිකරු සිටින්නේ සළු පිලිගැලවෙන්නට ඔන්න මෙන්න අවස්ථාවේ ය ...

ඒ අනුව තවත් මදක් ඉදිරියට යා හැකි නම් පමණක් ,,,

එනම් බැලු බැල්මට විත්තිකරු වරද කල පෙනී යාමෙන් ඔබ්බට ගොස් විත්තිකරු වරද කල බවට ඉදිරිපත්ව ඇති සාක්ෂි මත පැහැදිලිව / නියත තීරණයකට එළඹෙන්නට හැකි නම් පමණක් විත්තිකරු වරදකරු කල යුතු යැයි පිළිගැනිම වෙයි ...

එය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීම ය ... දැන් විත්තිකරු දරා සිටි නිර්දොෂිභාවයේ සළුපිලි ගැලවී වරදකරු වී අවසන් ය ...

අපරාධ නඩුවක කරුණු ඔප්පු කිරීමේ භාරය සාධාරණ සැකයෙන් ඔබ්බට විය යුතු බවට තීරණය කරනු ලැබ ඇත්තේ Woolmington v DPP [1935] හිදී ය ...

පුණ්‍යානුමෝදනා :-
( මා හට දේශන වලදී මේ දැනුම දුන් / ඉගැන්වූ ජේෂ්ඨ නීතිඥවරුන්ට සහ මේ කරුණු ඇතුලත් කොට පොත පත ලියු සහ දැනුම අන්තර්ජාලයට එක් කල සැමට සහ නන් අයුරින් සහය වූ සැමට පින් ... )

No comments:

Post a Comment