Wednesday, April 11, 2018

ඔබේ වාහනය ... ඔබේ පෙට්‍රල් ... වුවත් ???

වාහනේ මගේ නම්, පෙට්‍රල් ද මාගේ නම් කාටවත් ඇයි රුදා ??? ලෙසින් ඇසිය හැකිය ... එහෙත් එය 100% ක්ම වලංගු වන්නේ නම් වන්නේ තමන්ගේ ගෙවත්තේ ඒ වාහනය එලවන්නේ නම් පමණි ...
( ඒ එලෙව්වද නොසැලකිලිමත් / අපරික්ෂාකාරී ලෙසින් එලවන්නට වරම් නැත )

මහපාර නම් පැහැදිලිව පොදුවේ අයිති දේපළකි ... එහි කොහොමටත් යා යුත්තේ වාහනය තමන්ගේ වුවා නැතා පෙට්‍රල්ද තමන්ගේ වුවා නැතා නිසි සැලකිල්ලෙන් හා අවධානයෙනි ...

අවස්තානුකුලව එසේ බැරි නම්, දැනට බැරි නම් හෝ කොහොමටත් නොහැකිම නම් ඒ තාක් කල් සුක්කානම අතට ගැනීමෙන් වැළකිය යුතුය ...

ඇදුමද එසේම ය ... ඇදුම මගේ නම් අදින්නේ මම නම් කාටවත් ඇයි රුදා ? ලෙසින් අසන්නට හැකිය. එහෙත් පෙර උදාහරණයේදී මෙන් එය හැමතැනටම වලංගු නොවේ ...

විශයමුලිකව තැනකට ඇදුමක් සුදුසු නැත්නම් මයි කා මයි පෙට්‍රල් න්‍යාය තවදුරටත් වලංගු නොවෙනු ඇත !
උසාවි ශාලාවට ඇතුල් වෙමින් සිටි නෝනා කෙනෙක්ට ඇදුමේ නොගැලපීම දක්වමින් ගරු උගත්

මහේස්ත්රාත්තුමියක් විසින් අධිකරණ ශාලාවෙන් එලියට යන ලෙස නියම කරන ලැබීම නිරීක්ෂණය කරන්නට ලැබුණි. ඒ එක්කෝ නොදැනුවත්කම නිසා එසේ සැරසී පැමිණීමෙනි. නො එසේ නම් ඔය මයි කා මයි පෙට්‍රල් න්‍යායෙන් ආ නිසාවෙනි ...

හේතුව පලවෙනි කාරණය නම් සමාවක් දිය හැකි නම් දීමේ වරදක් නැත. එහෙත් හේතුව දෙවැනි කාරණය නම් සමාවක් දිය යුතුම නැත!

~ හැම තැනැත්තෙකුම විසින් දැනගෙන සිටිය යුතු දෑ නොදැන සිටීම සමාවට කරුණක් නොවේ ~
නොගැලපෙන වර්ණයකින් සැරසී පැමිණි නීතිඥවරියකටද ගරු උගත් මහාධිකරණ විනිසුරුතුමෙක් අවවාද කිරීමක් කල බව මට අසන්නට ලැබුණි ... එසේ නම් ඇයට සමාවක් දෙන්නට වටින්නෙම නැත ... මන්ද ඇය ගැලපෙන ඇදුම ගැන දැනගෙන සිටිය යුතුම වන නිසාවෙනි ... නො එසේ නම් නොදැන සිටින්නට සමාවක් දෙන්නට කිසිදු යුක්තිසහගත පදනමක් නොමැති නිසාවෙනි.

 මේ වෙද්දී වෙනදා කාර්යබහුල උසාවි නිවාඩුව නිසා නිහඩව ඇත ... නියම කරගත් කාර්ය සදහා එක උසාවියක් දෙකක් පමණක් විවෘතව තිබිය හැකිය. එහෙත් කාර්යාල ව්වෘතව ඇත ...

වෙනදා මෙන් උසාවි තුලට යන්නට අවශ්‍යතාවයක් මතු නොවෙන නිසාවෙන් දෝ වෙනදා අලංකාර සාරියෙන් දකිනා අලංකාර මුහුණු වෙනත් ඇදුම් වලින් දකින්නට ලැබුණි. එහි වරදක් නැත ... එහෙත් යන්නේ උසාවි පරිශ්‍රයට නිසා ඒ ගැනද යන්තම් හෝ සැලකීමට ලක් කිරීම වටි. මාද එහෙව් පොඩි වෙනසකට කළු කලිසම වෙනුවට අළු කලිසමක් ඇන්දෙමි ...

කාර්යාලයකින් කරගැනීමට ඇති වැඩ කීපයක් සදහා මිතුරෙකුද කැටුව මා ඊයේ කොළඹ උසාවි පරිශ්‍රයට පැමිණි අතර එම කාර්යන්හි නිරත වන අතරේ දුටුවේ උත්සවයකට / ඩ්‍රීම් ඉස්ටාර් තරගයකට යන ආකාරයේ ඇදුමකින් සැරසී සිටි කාන්තාවකි ...

ඇය නීතිඥවරියක්ද නැතිද කියන්නට අපි දන්නේ නැත. අපිට වැඩකුත් නැත. නමුත් මයි කා මයි පෙට්‍රල් න්‍යාය හැම තැනටම එකසේ අදාළ කරන්නට නොහැකි වනු ඇත යන්න තවම තේරුම් ගන්නට නොහැකි වී ඇති මට්ටමේ තැනැත්තියකි ...

ඕවා පෙන්නා දෙන්නට අවශ්‍ය අවම දැනුම හා යම් අවශ්‍යතාවයක් ඇතත් ඇතැමුන් බලාපොරොත්තු වන්නාවූ ක්ෂේත්‍රයේ අපේ වයස මදිය ... මෙසේ ලියා දැක්වුයේ එනිසා ය ...
නමුත් ,,,

දැනුම අවශ්‍යතාවය හා බලාපොරොත්තු වන්නාවූ ක්ෂේත්‍රයේ වයස ඕනෑවටත් වඩා ඇති, ඒ අනුව එවැන්නක් ඉතාම මැනවින් තේරුම් කරදීම පිණිස ඔය යන මග ඉදිරියට ඇයට මුණගැසෙන්නට ඕනෑ කවුද යත් අපගේ නීති ඉතිහාසය ඉගැන්වූ ආචාර්යතුමා ( ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මැතිතුමා ) බදු කෙනෙක්ම ය ...

No comments:

Post a Comment