Wednesday, April 11, 2018

වැඩි පරික්ෂාවේ ප්‍රයෝජනය!



මා සකස් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් කියවීමෙන් පසුව අන් කිසි වරදක් නැති නමුත් සිද්ධි ප්‍රකාශකගේ තත්වය ජේෂ්ඨ නීතිඥතුමා මදක් සිනා සෙමින් මා හට පැවසු පසුව හපොයි කියා සිතුනි ...

මන් ද යත් ඒ සිද්ධි ප්‍රකාශක ජිවතුන් අතර නැති නිසාවෙනි ... ඒ අනුව ඔහුගේ අත්සන ගැනීමට නම් හෙතෙම මිය යාමෙන් පසුව දැන් සිටිනා ලෝකය කොහිදැයි සොයාගෙන එහි යා යුතුය ... Signed before me at ....... යන්නට එම ලෝකයේ යම් ස්ථානයක් ඇතුලත් කල යුතුද වෙයි ...

මිය ගිය අය වෙනුවෙන් ආදේශිත මෙලොව තාම ජිවතුන් අතර සිටිනා අයගේ අත්සන් ගැනීම ඊට වඩා ලෙහෙසි නිසා එලෙස සකස් කළෙමි.

ජේෂ්ඨ නිතිඥතුමා එය මට වඩා විමසිල්ලෙන් බැලු නිසා හොද ය ...

මා එය කලබලයට සැදු ලේඛණයක් ද නොවේ. අනෙක් අතින් ඕවෑන්නක් ලෙහෙසියෙන් මා හට මගහැරෙන්නේ නැතත් මෙහිදී අවාසනාවට වාගේ එසේ සිදුව ඇත ...

මෙහිදී යම් හෙයකින් ජේෂ්ඨ නිතිඥතුමා ද එය එලේසින්ම අනුමත කොට උසාවියට එය ඉදිරිපත් කළා නම් සහ උසාවියෙන් හා හෝ විරුද්ධ පාර්ශවයෙන් විරෝධතා මතු කිරීම මත තාක්ෂණික දෝෂයක් යන්න මත ඇතැම්විට එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප වන්නටද තිබුණි ...

මා හට මා කොතරම් විශ්වාස වුවත් සාදන සරල ලේඛණයක් පවා "සර් ත් බලලම දාමු" ලෙසින් යෝජනා කිරීමේ පුරුද්දක් මා ඇති නිසා වෙන්, ලේඛණය කෙටුම්පත් කරන්නේද උපදෙස් මත නිසාවෙන් සහ අවසාන වශයෙන් පරික්ෂා කිරීමට යොමු කරවීම නිසා සහ වෘත්තීය පළපුරුද්ද අනුව අවසාන ප්‍රථිපලයේ දෝශයක් තිබුණහොත් එහි වැඩි වගකීම ජේෂ්ඨ නිතිඥතුමාට නිතැතින්ම ලැබෙනු ඇත.

වැඩි වගකීම හෝ අඩු වගකීම කෙසේ වෙතත් මෙහිදී වැදගත් කොට සැලකිය යුතු කාරණය නම් ඔවැනි දෑ ද සිදුවිය හැකි බවත් ඒ අනුව ලේඛණය උසාවියට ඉදිරිපත් කරන්නට පෙර වඩ වඩා කිහිප වරක්ම හැකි නම් වඩා විමසිල්ලෙන් බැලීම / බලවා ගැනීම වටි ...

No comments:

Post a Comment