Wednesday, April 11, 2018

නිවැරදි වගන්තියේ වැදගත්කම ...



(1) ............................... අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වගන්තිය යටතේ අවවාද කොට මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා ස්වාමිනි ...

අධිකරණයෙන් : අවවාද කොට මුදා හරින්න ??? 303 වගන්තිය යටතේ ??? අවවාද කොට මුදා හැරීම ගැන තියෙන්නේ කොහෙද?

පිළිතුරු නැත ...

(2) ............................... සමථ කරන ලෙසට ඉල්ලා සිටිනවා ස්වාමිනි ...

අධිකරණයෙන් : සමථ කරන්න ?? සමථ කරන්න පුලුවන්ද ? සමථ කිරීම ගැන තියෙන්නේ කොහෙද ?

පිළිතුරු නැත ...

ඔය මා දුටු සිදුවීම් දෙකකි. හරියට නොදන්නා දෙයක් නම් සිය ඉල්ලීමේ ඇතුලත් නොකිරීමෙන් සහ මුලික කරුණු දැන උසාවියට යාමෙන් ඔවැනි තත්වයකට මුහුණ දෙන්නට වීමෙන් වළකින්නට හැකි වනු ඇත ... අඩුම තරමේ වගන්තිය නැතත් ඊට පදනම් වී ඇති නෛතික මුලධර්මය හෝ පවසා සිටිය හැකි නම් සතුටට හේතුවක් වනු ඇත ...

* අවවාද කොට මුදා හැරිම - අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306 වගන්තිය ( චෝදනා නගා ඒවා ඔප්පු වූ බව අධිකරණය කල්පනා කරද්දී )
* සමථ කිරීම - අපරාධ නඩු විධාන සංග්‍රහයේ 266 වගන්තිය ( සමථ කල හැකි වැරදි ලැයිස්තුවකි, හැම වරදක්ම සමථ කල නොහැකිය )

* අවවාද කොට මුදා හැරිම = නිතිය සුළු දේ නොතකයි ...
* සමථ කිරීම = එකගතාවය නිතිය යටපත් කරයි ...

No comments:

Post a Comment