Wednesday, April 11, 2018

බලෙන් ඉල්ලුවොත් වෙන දේ ...



උපන් දිනයක් උදා වෙන්න බෑ, වෙනත් උත්සව අවස්තාවක් උදා වෙන්න බෑ, විභාගයකින් පාස් වෙන්න බෑ, කේක් ද පුඩින් ද අරවද මේවද ඕනයි කියලා බල කරනවා ...

ඒම කරන එක හරිද ...?

1. සදාචාරය අනුවත් නෑ ...
2. නිතිය අනුවත් නෑ ...

1 වැනි එක දැනගත්තත් ගණන් ගන්නේ නැතිව ඇතිනේ, ඒ කොහොම උනත් බහුතරයක් අය දෙවෙනි කාරණේ ගැන දන්නේ නැති බවට විශ්වාසයි ...

නමුත්

ඒ ගැන දැනගන්න පුළුවන් එක්කෝ

01. ගිවිසුම් නිතිය අධ්‍යයනය කරලා ...
02. බලෙන් කේක් හෝ එවැනි දේ ඉල්ලලා ඉල්ලලා මම හෝ මම වගේ සිය අයිතීන් මත නිදාගෙන ඉන්නේ නැති කෙනෙක්ගෙන් ඉල්ලගෙන කෑම හරහා ...

ඒ නිසා බලෙන් කෙනෙක්ගෙන් මොකුත් ඉල්ලනවා නම් ඒ ගැන ආයෙම හිතන්න වෙයි ...

නැත්නම් උසාවි යන්න වෙයි ...

ඒ කොහොමද කියලා ගිවිසුම් නිතියේ ගිවිසුමක් හැදෙන වීදියේදී තියෙනවා ...

දැන් මේක සිහිබුද්ධියෙන් කියවපු සාමාන්‍ය සිහි බුද්ධිය ඇති කෙනෙක් නම් මගෙන් බලකරලා ඉල්ලන එකක් නෑ ...

කොහොමද ඒක ...

No comments:

Post a Comment