Wednesday, April 11, 2018

කා එක්කත් තියා ගත යුතු හොද හිත



අලුතින් දිවුරුම් දුන් එක් මිතුරියක් මා සමග කිවේ එතෙක් ( එනම් දිවුරුම් දෙන තෙක් ) හොදින් කතා බහ කරමින් සිටි ඇතැම් අය දිවුරුම් දීමෙන් පසුව දැක්කත් නොදැක්කා සේ යන්නට පටන්ගෙන ඇති බවයි.

එක් එක් කෙනා හිතන්න ගත්ත විදියේ වෙච්ච වෙනසක් වෙන්නැති යැයි මා කීවෙමි.

ඇටෝනි ඇට් ලෝ සමග වෙනසක් සිදුවෙන මුත් එමගින් තමන්ගේ තත්වය හෙවත් ස්ටේටස් ලෝ කර නොගන්නට වගබලා ගැනීම හෝ නොගැනීම තම තමන්ට අයිති කාරණයකි.

එක පන්තියේ හිටි අය සමග හොද හිත කොහොමත් තියා ගත යුතු වන්නේ හේතු ඇතිවය.

ජේෂ්ඨ නීතිඥවරයා / වරුන් හැමදාම නඩු දුන්නත් වැඩ කරන්න වන්නේ ඔවුන් සමග පමණක්ම නොවේ ...

ජේෂ්ඨ නීතිඥවරයා / වරුන් පමණක්ම නොව සමකාලින වෘත්තිකයන් ද සැලකෙන්නේ එකම වෘත්තිකයක නිරත වෘත්තිකයන් ලෙසිනි.

ජේෂ්ඨ නීතිඥවරයා / වරුන් සම්බන්ධ කරගන්නට නොහැකි විට / හැමවිටම කරදර කරන්නට නොහැකි විට කරුණු කාරනා දැන ගන්නට උපකාරී වනු ඇත්තේ සහෝදර / සමකාලින වෘත්තිකයන්ය ...

එවන් අවස්ථාවකට පත්වූ අයියා කෙනෙක්ට මාගේ දැනුම අදද ලබා දුන්නෙමි.

ඒ අනුව අන් අය කෙරේ සැලකිය යුතු අවම මට්ටමක හෝ සදාචාර බාගේදා නෛතික රීති මාලාවකින් අප වේලි සිටින බව අමතක කල යුතු නැත ...

මේ වෘත්තියේ දී ඔබ අද නොසලකා හරිනා හෝ ගණන් නොගන්නා පුද්ගලයා ගේ සහය හෙට ඔබට අවැසි විය හැකිය. එහිදී ඒ තැනැත්තා ඔබව නොසලකා හරිය හොත් කුමක් වේද ...?



එනිසා "ඇටෝනි ඇට් ලෝ" පට්ටමින් පිම්බි උඩ නොයන්න ... නොදන්නා අය සමග කෙසේ වෙතත් දන්නා අය සමග නම් වචනයක් කතා කරන්නට වෙලාව නැත්නම් අඩුගානේ සිනාවක් දෙන්නට තරමට මනුස්සකම රදවා ගන්නට වග බලා ගන්න ... උදව්වක් අවැසි කල හැකි පමණින් හෝ කර දෙන්න ... හරියට දන්නා දෙයක් අන් අය සමග බෙදා ගන්න ... 

මන්ද එසේ නොවී උඩ ගිය අයකු යම් හෙයකින් බිම වැටුණු කල අත දෙන්නට සාමාන්‍ය සිහි බුද්ධිය ඇති අයකුට හිත නොදුන්නොත් එතැනදී අන්ත අසරණ වනු ඇත්තේද උඩ ගිය අයම ය ...

No comments:

Post a Comment